A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ශිසිත හා ජානක



රුහුණු විශ්ව විද්‍යාලයේ ශිසිත හා කැළණිය විශ්ව විද්‍යාලයේ ජානක යන සහෝදරවරුන් අප අතරින් නික්ම ගොසිනි. පොලිසිය විසින් හදිසි අනතුරක් යැයි හැඳින්වුව ද එම අනතුර ගැන බරපතල සැකයක් ඇතිබැව් අන්තරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. ආණ්ඩුවේ ක්‍රියකලාපයන් සලකා බැලීමේ දී මෙවැනි සැකයක් ඇතිවීම හේතු සහගතය. ලංකාව තුළ වරින් වර අතුරුදහන් වෙන අය සිය ගණනකි. පැහැරගැනීම් හා ඝාතනය කිරීම් වල කිසිදු සාක්ෂියක් නැත. නිල ඇඳුම් රහිත ඝාතක කල්ලි රට තුළ බොහෝය. විරුද්ධවාදීන් මර්ධනය කිරීම මිනීමරු ආණ්ඩුවල ට පහසුවෙන් කල හැක්කකි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ඔලුව දේශපාලන පක්ෂ වල අතකොළුවක් වුවද එහි බඳ අවංක හැඟීම් වලින් පිරිපුන් තරුණ තරුණියන්ගෙන් සහිත වූවකි. අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම සමස්ත  ජනතාවගේම අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ට ඇත්තේ පිරිසුදු හැඟීමකි. අධ්‍යාපනයේ කප්පාදුවලට එරෙහිව මෙන්ම රටේ ජනතාවට සිදුවන අසාධාරණයන්ට එරෙහිව ද ඔවුන් සටන් කරන්නේ ආදරණිය හැඟීමකිනි. පිටකොටුවෙන් කඩදාසි රෝල් කරගහගෙන නිදිවරාගෙන පෝසටර් අඳිමින් තාප්පයක් ගානේ ඒවා අලවමින් තමන්ගේ පෞද්ගලික උවමනාවන් නොසලකා කට්ට කන්නේ එම අවංක හැඟීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්ලේන්ටිය දිව්‍ය පානයයි. බුලත් විට දිව්‍ය හපයයි. මෝටර් බයිසිකලය දිව්‍ය වාහනයයි. ශිසිත හා ජානක සහෝදර වරුන් මිය ගොස් ඇත්තේත් පසුවදා බෙදන්නට නියමිත පත්‍රිකා තොගයක් රැගෙන එමින් සිටියදීය. ඔවුන්ගේ ඡායාරූප දිහා බැලීමේ දී පෙනෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කට්ට කෑ බොහෝ ශිෂ්‍ය නායකයින්ට උරුම වූ කේඩෑරි සිරුරුයි. ඒ ජවයයි.

කවි ලියන සිරිමල්වත්තයිනි, කුමාර් ඇතුළු ජනරළ කාරයිනි, මේ සහෝදරවරුන්ගේ මරණයට අද නුඹලා චෝදනා කරන මේ මිනීමරු ආණ්ඩුව පසු ගියදා අභිෂේක ලද්දේ නුඹලා අතින්මයි. නුඹලා රණවිරුවන් ලෙසින් නම් කරණ ලද්දේ ත්‍රීමලාට පරාල ඇණ ගැසූ මිනීමරු හමුදාවටයි.

8 comments:

  1. අපි ජිවත්වෙන්නේ සංවර්ධිත බටහිර රටවල
    මෙහෙ ජුලම්පිටිය අමරෙලා , අන්තරේ හීනමාන චටර්කාරයෝ , දෙකයි පනහේ විශ්ව විද්‍යාල ආචාර්යවරු නැහැ
    අපි ඉගන ගන්න විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වගේ අඩු කොලිටි හිඟන ඒවා නෙවෙයි. මහපොළ කකා ඉන්න එවුන්ට ඒ ගැන හිතාගන්නවත් බැහැ.
    උද්ගෝෂණ , නවක වද , පා ගමන් නැහැ. අපි ඉගනගන්නවා ජිම් යනවා , අපේ ජිවිත අර්ථවත්.
    අපේ ඩිග්රි මුළු ලෝකෙම පිලිගන්නවා. අපි ඩිග්රි කරලා ලංකාවට අවාම අපිට ජොබ් දෙන්නේ වැඳලා
    . අපිත් එක්ක ලංකාවේ උපාධිධාරීන්ට හැරෙන්නවත් බැහැ
    ලංකාවේ හිඟන වාසිටිකාරයන් ගැන අපිට දුකයි. ඒත් මොනා කරන්නද , මේවා ඒ අයගේ කරුම

    ReplyDelete
    Replies
    1. තුන්වැනි පන්තියේ ජීවිත ගත කරන ගමන් දෙන පොර ටෝක්

      Delete
    2. තමුන් ගැන බොහොම අධිතක්සේරුවක ඉන්න හැඩයි. සංවර්ධිත රටවල ඉන්නේ ඔබ පමණක් නෙවෙයි. තමුන්ගේ රටට ඒ රටේ දරුවන්ට ඔහොම පහත් විදිහට ගරහන්න එපා. ලංකාවේ විශ්ව විද්‍යාල පහත් කරලා කතා කරන්නත් එපා. ඒවායේ ඉගෙන ගන්න දරුවන් සහ ආචාර්යවරු වැරදි නැහැ. දශක ගණනාවක් තිස්සේ දේශපාලනය විසින් රට තල්ලු කර ඇති අගාදය දිහා බැලුවම මේ තත්වයෙන් හරි අධ්‍යාපනය ඉතිරි වෙලා තියෙන එක ගැන පුදුමයි. මේ අහිංසක ජීවිතවලට හොද අනාගතයක් හදල දෙන්න උත්සාහ කරන සුළු පිරිසක් හරි ඉන්න එක ගැන අපිට ආඩම්බරයි. අපි ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන සංවර්ධිත රටවල විශ්ව විද්‍යාල වලත් ඉගෙන ගෙන තියෙනවා. ඒ හින්ද අපිට අපේ රටේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය ගැන තියෙන්නේ ගෞරවයක්. යම් දවසක රටේ රජ කරන වංචාකාරයින් රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කල විටෙක අපි රටට සේවය කරන්න එන්න ආසාවෙන් බලා ඉන්නවා. තවත් එකක්, මේ ෆුටා අරගලයේ බොහෝ කරුණුවලට අපි සහයෝගය දක්වනවා, හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යයි කියල අපි විශ්වාස කරනවා.

      Delete
  2. ලූප් හොල් නිකන් සිලුමින වගේනේ.මේ කොල්ලො මෑරුණ ඵකට හොද වෑඩේ කියලා නේද තොපි කියන්නේ.තු නොදකින් කාලකන්නියෝ.

    ReplyDelete
    Replies
    1. තොට අමු කැවිලද කොහෙද යකෝ එහෙම කියල තියෙන්නේ

      Delete
    2. ඵ්ක තමයි යකෝ උබලා කියන්නේ.උබලා හිතන්නේ මිනිස්සු බබ්බු කියලද?

      Delete
    3. ලංකාවේ ජඩ මාධ්‍ය කිසිවක් මේ අහිංසකයෝ දෙන්න ගැන කතා කරන්නේ නැති වෙලාවේ මෙවැනි වෙබ් මාධ්‍ය සත්‍යය ලෝකෙට ප්‍රකාශ කිරීමෙන් කරන්නේ විශාල සේවයක්. ඔබට කියන්නේ ඒකත් නවත්වන්න කියලද?

      Delete