A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ස්‍ත්‍රී දූෂණ වලට එරෙහිව ස්‍ත්‍රී දූෂකයාගේ උද්ඝෝෂණය


අකුරැස්ස ප්‍රාදේශිය සභා මන්ත්‍රී සාරුවා ලියනගේ සුනිල්, දිනෙන් දින ඉහළ යන ළමා අපචාරවලට හා ස්ත්‍රී දූෂණ වලට එරෙහිව ප්‍රාදේශිය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර ඇත. පුදුමයට පත් වන් කාරණය නම් පසුගිය දා අවුරුදු 14 ක දැරිවියක් අපචාරයේ යෙදවූ බැවින් මෙම සාරුවා ලියනගේ සුනිල් අත් අඩංගුවට ගත් අතර තවත් ස්ත්‍රී දූෂණ චෝදනා විශාල සංඛ්‍යාවක ඔහු වෙත එල්ලව තිබීමයි. දූෂණ, ළමා අපචාර ඇතුළුව විවිධ ස්ත්‍රීන් 400 සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සැමරීමට සන්ධානයේ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් යුතුව විශාල සුහද සම්භාෂණයක් මීට මාස කිහිපයකට පෙර ඔහු පැවැත්වූ බවද මාධ්‍යවල සඳහන් විය.
--------

බැලූ බැල්මට මේ ප්‍රවෘත්තියේ මොකක්දෝ අවුලක් ඇත. සාරුවා ලියනගේ සුනිල් මේ කරන්න හදන්න හදන්නනේ මොකක් හෝ යටිකූට්ටු ගේමකට ඕනෑම අයෙකුට සැක සිතේ. මූ නම් පුදුම අවස්ථාවාදියෙකි. නොම්මර එකේ කපටියෙකි. මූ කොහොමද ළමා අපචාරවලට හා ස්ත්‍රී දූෂණ වලට විරුදධ වෙලා කෑ ගහන්නෙ. එතකොට මේ පාහරයා හින්ද අනාථ වෙච්ච ළමයි ගෑණු ගැන මූ මොකද කියන්නේ?...නා නා ප්‍රකාර ප්‍රශ්න ඔබගේ හිතට නැඟෙන බව නො අනුමාණයි.

ඒත් දේශපාලන කාරණාවල දී මේක මෙච්චර සරලව පැහැදිලි නැහැ. සරලව තේරෙන්නෙත් නැහැ. ඔය වගේ සැක සහිත දේවල් එක පාරටම ඔලුවට එන්නේ නැහැ. මොකද ඒක ක්‍රියාවලියක්. යම් දේවල් තවත් දේවල් වලින් යට යනවා. අතීතය අමතක කරවනවා.

ඉහත සඳහන් කතාව සඳහන් කිරීමට උවමනා වුණේ කුමාර් ගුණරත්නම් ගෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය “ජාතිවාදය” ට එරෙහිව උද්ඝෝෂණය කිරීමට යන බැව් ආරංචි වීමෙනුයි. කූමාර් වගේම ඒකෙන් කැඩුණු ඔක්කොම නායකයෝ පහුගිය කාලේ නොම්මර එකේ ජාතිවාදීන් කියල දැං පොඩ්ඩ පොඩ්ඩ අපිට අමතක වෙනවා. අමතක කරවනවා.

දැං ඔක්කකොම පරණ පවු ජවිපෙට දමා අතහෝදගන්න ලෑස්ති උනත් ජවිපෙ ගන්නා තීන්දු තීරණ සම්බන්ධව 90% විතර බලයක් තිබුණෙ කුමාර්ට බැව් ජවිපෙ ගැන දන්න ඕන කෙනෙක් දන්නවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීමයි,  රාජපක්ෂ බලය අස්ථාවර නොකිරීමයි, ඔහු හරහා උතුරු නැගෙනහිර සමූල ඝාතක යුද්ධයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමයි, බලය බෙදීමකට එකඟ වෙලා සිටි දකුණේ සිංහල බෞද්ධ මණස ලේ පිපාසිත යුද්ධයකට ලෑස්ති කිරීමයි යන සියල්ල ජවිපෙ ඇතුලෙ සිද්ධ කෙරුනෙ කුමාර් ගුණරත්නම් ගෙ නායකත්වයෙන් ඕපාත-පුබුදු-චමීර-වරුණ-කුලරත්න-දිමුතු ගෙ සම්පූර්ණ ආශිර්වාදය ඇතුව. එයින් සිද්ධ වුනේ අහිංසක දෙමළ මිනිසුන් ද ඇතුළුව ලක්ෂයකට අධික  පිරිසක් සමූළ ඝාතනය වී උතුරු නැගෙනහිර ලෙයින් තෙත් වීම, දෙමළ තරුණ තරුණියන් කෘර වධ හිංසාවන්ට පත්වීම හා හිර කඳවුරු වලට ගාල් වීම. තාමත් මේ ඉතිරිවුණ දෙමළ ප්‍රජාව රාජපක්ෂ ආණඩුවේ ම්ලේච්ච හමුදාවන්ගේ සියළුම පීඩාවන්ට පත්වෙනවා.

දැන් ඒ පෙරටුගාමී කට්ටිය අය ජවිපෙන් කැඩිල වෙන් වෙලා “ ඒ අපි නෙමේ අපි අළුත්” කියලා ජාතිවාදයට එරෙහිව උද්ඝෝෂණ කරන්න හදනවා.

එතකොට අපි මතක් කර ගන්න ඕනෙ නැද්ද අර සාරුවා ලියනගේ සුනිල් ගැන හිතිච්ච දේවල් ටික. මෙක යටිකූට්ටු ගේමක් ද? මේක දේශපාලණ අවස්ථාවාදය නේද? නොම්මර එකේ කපටිකම ද? එතකොට මේ ගොල්ලොන්ගේ දායකත්වයෙන් මරල දැම්ම ලක්ෂයක් දෙමළ මිනිස්සු ගැන මුං මොකද කියන්නෙ? අනාථ වෙච්ච දෙමළ මිනිසුන්ට මොකද වෙන්නෙ?.......  

මේක සැරින් සැරේ වදයක් වෙන තරමටම මතක් කරල දෙන්න වෙන්නෙ මේ ජවිපෙ-පෙරටු දේශපාලන අවස්ථාවාදය හා කපටි කම් නිසාවෙන් පසුගිය කාලෙ මැරිල ගිය උතුරු-නැගෙනහිර-දකුණෙහි  සිංහල දෙමළ මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ ගානක් නිසාවෙන් (එළුවො නෙමෙයි මිනිසුන්). ඒ වගේම ලංකාව ඇතුලත මේ වන විට විනාශ වෙලා ගිහින් තියෙන සංස්කෘතිය හා සදාචාරය රැක ගැනීමට සිටි තරුණ බලවේගයන්, සුළු ධනේශ්වරයේ සූරා කෑමට එරෙහිව නැගී සිටිමට තරුණ බලවේගයන් ජවිපෙ-පෙරටු දේශපාලන අවස්ථාවාදය නිසා පටු ජාතිවාදය වෙත කොටු කරපු නිසාවෙන් හා තවත් ජාතියක තරුණ පරම්පරාවක් ම්ලේච්ච පාලකයන්ගේ ගොදුරුබවට පත්කරවීම නිසාවෙන්.

ලංකාවේ තරුණ ජවය විනාශ වීමට හෝ විනාශ කරවීමට නැවත වතාවක් මොනම ආකාරයකින් වත්දේශපාලන අවස්ථාවදයට ඉඩ දිය යුතුද? වැඩපිළිවෙලක් නැති නිවරැදි මාක්ස්වාදී දේශපාලන මතවාදයක් නැති; පහල මට්ටමේ සහොදරයින්ට කැරට් අලයක් වූ ‘සමාජවාදය‘ පිහිටු වී විට ප්‍රශ්ණ සියල්ල විසඳීමට බලා සිටින සිහින දේශපාලනයට අප ඉඩ දිය යුතුද? ඕනෑම විකාර සහගත සහ ප්‍රතිගාමී දේශපාලණ තීන්දු තීරණයන් ‘උපාය මාර්ග‘  වශයෙන් පවසා පහල කේඩරය රවටනු ලබන රැවටිලිකාරී දේශපාලණ ව්‍යාපෘතීන් වලට අප ඉඩ දිය යුතුද?

ජවිපෙ-පෙරටු කණ්ඩායම ජාතිවාදී මඩ ගොහොරුවෙන් ගැලවී එන්නේ නම් අපි මේ කඳවුරට සාදරයෙන් පිළිගනිමු. හැබැයි ඔබලා විසින් කරණ ලද පාප කන්දරාව වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් ඇත. ඔබලා කෙරෙහි වූ විශ්වාසය දේශපාලන අවස්ථාවාදයට එහායින් දෙමළ මිනිසුන් හා සිංහල ප්‍රගතිශීලීන් මත පතිත විය යුතුව ඇත. පහතින් සඳහන් කර ඇති දෑ නොකරන තාක් කල් ජවිපෙ-පෙරටු නායකත්වයන් තුළ ඇත්තේ බලය පිණිස වූ පට්ට අවස්ථාවදය පමණි.

  • වැරදි දේශපාලන තීන්දු පිළිබඳ පාපොච්චාරණයක් සහිතව දෙමළ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ ඓතිහාසික නිවේදනය නිකුත්කිරීම ((((ස්වයං විවේචන හිස් පුස් කොළ ගොන්නවත් චන්දන සිරිමල්වත්තගේ කවි වත් නොවෙයි.)

  • යුද අපරාධ ගැන පරීක්ෂණ කර අදාල පාර්ශවයන් සඳහා දඬුවම් පැමිණවීම සඳහා ජාතිකව හා ජාත්‍යන්තරයව බලපෑම් කිරීම (ඊලඟට පාලකයින්ගේ ම්ලේච්ච හමුදාවන්ගෙන් මියෙන්නට නියමිතව ඇත්තේ දකුණේ සිංහල තරුණ පරම්පරාවයි)

  • උතුරු නැගෙනහිරෙන් හමුදා පාලනය පමණක් නොව සියළුම හමුදා ඉවත් කීරීමට බල කිරීම (දැං ඉතිං ‘ත්‍රස්තවාදියා‘ ඉවරයි නොවැ)

  • හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ද ඇතුළුව අත් අඩංගුවේ සිටින සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බල කිරීම

  • උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා සිංහල ශ්‍රමය දකුණෙන් ආනයනය කිරීම නවතා ශ්‍රමය හා කළමණාකරනය දෙමළ ජනයා වෙත පැවරීමට බල කිරී
  • උතුර නැගෙනහිර ඉඩම් කොල්ලකෑම, සිංහලකරණය හා බෞද්ධකරණය නවතාදැමීමට බල කිරීම

  • ජීවත්ව සිටින දෙමළ කාන්තාවන් ගැබ්ගැන්වීමේ  යුද්ධය අවසානයේ හමුදා විසින් සිදුකරණ  යුගෝස්ලෝවියානු පන්නයේ ස්ත්‍රී දූෂණ නවතා දැමීමට බල කිරීම

  • වෙනම රාජ්‍යය සංකල්පය කෙසේ වෙතත් දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීමෙන් හෝ බලය බෙදීමෙන් ඔවුන්ගේ ජනජීවිතය හා සංස්කෘතිය යථා තත්වයට පත් කිරීමට කටයුතු කිරීම සඳහා සටන් වැදීම. නිර්ධන පංතියේ විප්ලවයක් සිදුවෙනකම් දෙමල ජනයා පීඩාවටපත් වියයුතු නැත. සිංහල පාලනයකින් ඔවුනට අත්වන සුගතියක් නැතිබව ඔබලාම දන්නා කාරණාවකි (If you ruin it. You fix it!!).


තවදුරටත් දකුණේ හෝ උතුරේ තාරුණ්‍යය ‘සමාජවාදය‘ යන වචනය තිබූ පමණින් සීනි-අරගල-බෝල දේශපාලනයට ඔබලාගේ පෝලිම ඉදිරියේ නැවී සිටීමට සූදානම් නැත.

(සාරුවා ලියනගේ සුනිල්ගේ උද්ඝෝෂණ ප්‍රවෘත්තිය උපකල්පනයක් පමණක් වන අතර සඳහන් කර ඇත්තේ ලිපියට උපකාරයක් වශයෙනි)

4 comments:

  1. උපකල්පනයක් නෙමෙයි වෙන්නත් පුළුවන්. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනි ඉන්න කුප්‍රසිද්ද නීතීඥයා ඊයේ කිව්වේ දුමින්ද මේ නඩුවේ වින්දිතයා කියලා..

    ReplyDelete
  2. ඔච්චර දේවල් ලියන්න ඔනෙ නෑ. ජනතා විමුක්ති පෙරමුණයි පෙරටුගාමී සමාජවාදී පෙරමුණයි දෙකම එකයි

    ReplyDelete
  3. "වැරදි දේශපාලන තීන්දු පිළිබඳ පාපොච්චාරණයක් සහිතව දෙමළ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ ඓතිහාසික නිවේදනය නිකුත්කිරීම "

    එල එල ... මේ සංකල්පය ඇත්තටම කැඩී විසිරී ගිය කණ්ඩායම් එකතු කරන්නත් යොදා ගත හැකිනේ

    ReplyDelete
  4. "වැරදි දේශපාලන තීන්දු පිළිබඳ පාපොච්චාරණයක් සහිතව දෙමළ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ ඓතිහාසික නිවේදනය නිකුත්කිරීම "

    එල එල ... මේ සංකල්පය ඇත්තටම කැඩී විසිරී ගිය LTTE කණ්ඩායම් එකතු කරන්නත් යොදා ගත හැකිනේ

    ReplyDelete