A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දකුණේත් සිය ගණනක් අතුරුදහන්



1987 අග භාගයේ “දකුණේත් සිය ගනණක් අතුරුදහන්“ යනුවෙන්  හෙඩිමක් සහිත විවරණ සඟරාවක් මතකයේ ඇත. එහි වූයේ මාසයක් ඇතුළත සිය ගණනක් සිංහල තරුණ තරුණියන් දිවයිනේ දකුණු ප්‍රදේශයේ අතුරුදන් බැව් දැක් වූ විස්තරාත්මක ලියවිල්ලකි. ඉන්පසුව 1988 හා 1989 කෙළවර වන්නේ 60,000 අධික සිංහල තරුණ තරුණියන්  එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ම්ලේච්ඡ නිල හා නිල නොවන රජයේ ආරක්ෂක හමුදා අතින් කුරිරු වධ බන්ධනයට ලක්ව ඝාතනය වීමෙනුයි. තවත් විශාල පිරිසක් දරුණු වධ බන්ධන සහිතව බන්ධනාගාර සහ හමුදා කඳවුරු වල සිර ගත කොට තබන ලදි. පසුගිය කාලයේ ආරක්ෂක හමුදාවන් දකුණ විසින් රණවිරුවන් නමින් අබිසෙස් කර බෝධිපූජා පැවැත්වුවද මරා දැමූ වන් අතර 600 කට අධික තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටි අතර එම සංඛ්‍යාව සිංහල ජාතිවාදීන් බෙරිහන් දෙන පරිදි පසුගිය ඊලාම් අරගලය ඇතුලත මරණයට පත්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවටත් වඩා ඉතා වීශාල සංඛ්‍යාවකි.

මෙය මතක් වූයේ පසුගියදා මාධ්‍ය වල සඳහන් වූ “මාස හයක් ඇතුලත පැහැරගැනීම් 650 ක්“ පුවත දැකීමෙනි.  එය නැවතත් 1987 අග භාගය මෙනි. මාසයකට සිය ගණනක් එහෙමත් නැතිනම් දවසකට 4 දෙනෙක් අතුරුදහන් වීමට පටන් ගෙන ඇත. එයින් වැඩිහරියක් දකුණේය. මේ මොහොතේ දකුණේ දේශපාලනය ද අවතැන් නමුත්  සියල්ල වෙනස්වීමට ගත වෙන්නේ කෙටි කාලයකි. යුද්ධයේ විජයග්‍රහණයේ සතුට හීන වී බඩගින්න විරැකියාව හා සමාජ අසාධාරණය හා පීඩාව විසින් දකුණ රත් වෙමින් ඇත. ඉදිරි දෙවසර එතරම් සාහසික වේ යැයි කිසිවෙකුටත් 1987 දී සිතෙන්නට නැතිව ඇත. දකුණට එළඹිමට නියමිතව ඇත්තේ තවත් 1988 ක් හා 1989 ක් ද?

සිංහල මාක්ස්වාදී, සමාජ ප්‍රජාතාන්ත්‍රවාදී, ලිබරල්, ජාතිවාදී, ජාතිකවාදී  සියළුම දෙනාගේ ආශිර්වාදය සහිතව සිදු කරණ ලැබූ ලේ පිපාසිත යුද්ධයකින් අනතුරුව මේ දිනවල රජයේ ආරක්ෂක හමුදා පාරවල් තනමින්,  එලවළු කොටු වවමින් සිටී.

3 comments:

  1. "අපි ගමන් කරන්නෙ වෘත්තයක - එතකොට පහුවෙච්ච දේවල් ආයෙත් හම්බවෙනවා" (සින්තටික් සිහින)

    මේ 87-90 ගැන මගේ අත්දැකීම්.

    ReplyDelete
  2. ඇයි යුද්දේ නැති තැන කඩුවලින් කොස් කොටන්නද කියන්නේ?

    ReplyDelete