රාජ්‍ය අධ්‍යාපනය විනාශකර දැමීමේ උච්චතම අවස්ථාවට පැමිණ ඇත්තේ වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේය. එය විනාශකර දැමීමෙහි මූලික අඩිතාලම් ජයවර්ධනගේ එජාප ආණ්ඩුව දැමූ අතර පැවති සියළුම ධනපති ආණ්ඩු විසින් ම උත්සහ දැරුවේ එහි මළගම සනිටුහන් කිරීමටයි. විරුද්ධ පක්ෂවලට එය බලයට ඒම සඳහා වූ චන්ද සටන් පාඨයක් විතරකි. බලයට පත් වූ පසු ඔවුන් සිදු කලේ ද සිදු කිරීමට බල කරන ලද්දේද එයමයි. එවකට එය ලෝක බැංකුවේ උවමනාවක් වූ අතර අද මෙම විනාශය ලෝක ධනවාදයේ ගඩාෆි පන්නයෙ රූකඩයක් වූ මහින්ද රාජපක්ෂව සුද්දවන්තයා කර බන්දුල-එස් බී දෙබෑයන් කරන තකිතීරු වැඩකි.
පාසැල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විභාග ක්‍රමය
මේ වන විට විනාශකර දමා ඇති අතර අධ්‍යාපනය පෞද්ගලිකරණය හා දේශපාලනීකරණය උපරිමයට
ලඟාවී ඇත. වරෙක ලංකාවේ ප්රගතිශීලි දේශපාලනයේ දැවැන්තම ආයතනය වූ ශිෂ්‍ය ව්‍යාපාරය ජවිපෙ
හා හෙළ උරුමය විසින් කඩා භේද බින්න කර දැමූ පසු මේවන විට කෑලි කෑලි පෙරටුගාමීන් විසින් අහුලමින්
සිටී. ශිෂ්‍ය ව්‍යාපාරයට ජාතික බලවේගයක් වීමේ හැකියාවක් පෙනෙන තෙක් මානයේ නැත. එබැවින්
මේ මොහොතේ අධ්‍යාපනය රැක ගැනීමේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ගේ සටනට ඇත්තේ ඉතා
විශාල වැදගත්කමකි.
ලංකාවේ අරගලවලට අයිතිකංකාරයෝ සිටිති. බොහොවිට
ඔවුන් වෙනවෙනම සිතන්නේ ඔවුන්ගෙන් තොරව
සටන් ජයගතයුතු නැති බවයි. හරියට ලංකාවේ විප්ලවය කළයුත්තේ සිංහලයා විසින් විතරක්
යැයි සිතන ජවිපෙ-පෙරටු සටන්කාමීන් මෙනි. එමෙන්ම
සටන් සඳහා සහය දැක්වීමේදී සිද්ධවන්නේද
පංගුපේරුවට වැඩකිරීමේ කුහක පිළිවෙතකි. එය හොඳින්ම පහුගියදා එකම අරමුණ වෙනුවෙන් වෙනවෙනම
පැවැත්වූ රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීමේ උද්ඝෝෂණ රැළි වලින් පෙනුණි. මේ අරගලය ජවිපෙ
මළකුණට පණ ගැස්සවීමට දඹර අමිලගේ උනන්දුවට හෝ නිර්මාල්ගේ තිබෙන හිතවත්කමට මැරෙන්නට
නියමිත පෙරටුගාමී නොමේරු ළදරුවාගේ අහුලාගත් අන්තරේට වටිනාකමක් ලබාදීමට හෝ
යොදාගන්නේ නම් සිදුවන්නේ අවාසනාවකි. මේ වනවිට විශ්ව විද්‍යාල මාස දෙකක් වසා ඇත. උසස්
පෙළ ප්‍රථිඵල මෙන්ම විභාග ද විහිලුවක් වී ඇත. රාජ්‍ය අධ්‍යාපනය ක්‍රමය ප්‍රතික්ෂේප
ව පෞද්ගලික අධ්‍යාපනය වෙත නැඹුරු වීමේ ධනපති ආණ්ඩුවල උවමනාව උච්චස්ථානයටම පැමිණ ඇත.
ඔන්න අපි මේක ජනතාවට බාර කළා යැයි ඉන්නේ නැතුව සිදුවිය යුතුව ඇත්තේ නින්දේ සිටින සිවිල්
සමාජය ඇහැරවා (ජාතිය බේරාගැනීමට ඇහැරුණු මේ කට්ටිය ආයෙත් නිදි) අනෙකුත් ප්‍රබල
වෘත්තීය සමිතීන් (වෛද්‍ය, සුවසේවා, ගුරු, වරාය ඇතුළුව) කැඳවා පුළුල් ජනතා ව්‍යාපාරයක් සඳහා යොමුවීමයි.
රාජ්‍ය
අධ්‍යාපනය පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මේ මොහොතේ මේ අරගලය ජයගත යුතුව ම ඇත.

රාජ්‍ය අධ්‍යාපනය රජයෙන් රැක ගමු!
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteComment has been deleted due to inappropriate content.
Deleteshishya wyapare dawasak hari indala thiyanawada meka liyapu kena?tharahata nemei ahanne,me liyala thiyana eka gon part ekak nisa...
ReplyDeletesahodarawaru radical wenna uthsaha karana eka hondai.eth meka nam gon part ekak.mama shishya kriyakarikayek..
නජිත්, ඔබ ශිෂ්‍ය ක්‍රියාකාරීකයෙක් යැයි දැනගැනීම සතුටුයි. මෙම සටහන තැබූ තැනැත්තා හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරීකයෙක් වගේම කඩා දැමූ ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනංවා ගැනීමට උපරිමව දායක වූ කෙනෙක්. වර්තමානයේ එම ව්‍යාපාරයට අත්ව ඇති ඇති ඉරණම ගැන කනගාටුවෙන ගමන් නිවැරදිව ගොඩ නංවා ගත යුතු මේ ශිෂ්‍ය ව්‍යාපාරයට හැමදාමත් ආදරය කරන කෙනෙක්.
Deleteවැරැද්ද තිබෙන්නේ ඔබේ නොවෙයි ඔබලාව දැනුවත් කරන අයගෙයි. රැඩිකල් වීමට අමුතුවෙන් බ්ලොග් ලිවීමට අවශ්‍ය නැත. බ්ලොග් ලියන්න සිදුව තිබෙන්නේ ඔබලා වැන්නවුන්ගෙන් එක් අයෙක් වත්, හදිසියේ රැඩිකල් කරවීමට උත්සහ දරණ අයගෙන් බේරාගැනීමට පමණි.
අසා සිටිනවාට වඩා ප්‍රශ්න කරන්න,කුමන හෝ පිළිතුරක් නොව නිවැරදි පිළිතුර ලැබෙන තෙක්.
ඔයා කියන්නේ ඔයාගේ මූලිකත්වයෙන් ශිශ්ය ව්‍යාපාරයක් ගොඩනගනකන් ශිශ්යන්ට බකන්නිලාගෙන ඉන්නකියලාද?
Deleteහොදයි අවුලක් නෑ ඉතින් ගන්නකො ස්ටාර්ට් ඵක........
ඔයාලගේ මූලිකත්වයෙන් පරමාදර්ශී ශිශ්ය ව්‍යාපාරයක් ගොඩනගන්න උත්සහයක් වත් දරල තියනවද?
නෑත්නම් බ්ලොග් ඵකක ඔයාගේ හුදෙකලා මනෝවිකාර ලියලිය ස්ව්යවින්දනයේ යෙදෙනවද?
-තාරක
පැරට්ලා හිතං ඉන්නේ ශිෂ්‍ය ව්‍යාපාරෙ උංගෙ කියල. යකෝ අපිත් ඉන්නෙ කැම්පස් තමා. අපි ඉන්නවද උඹලගෙ ගොඩේ. උඹල මොනවද යකෝ දිනුවෙ. බොරුවට බෝඩ් එල්ලං කෑගහනවා. පැරට්ලා කොන්ට්‍රොල් කරන්නේ ඔස්ට්‍රේලියවෙන්. උන්ගෙ කුමාරයගෙයි ගෝඨාබයගෙයි තියෙන ලින්ක් උන් දන්නේ නෑ. ගෝඨාබය ඌව නිකං රට යවයි. අන්තරේට කෙලවන වැඩේ ඌ බාර අරං.
ReplyDelete