A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

විමලයා වගේ



‘මහත්තයෝ ධනපති දේශපාලඥයෝ කලාන්තයක් හැදුනත් ඉස්පිරිතාලෙට අරං යන්නෙ හෙලිකොප්ටරෙන්. ඔහෙලගෙ තාත්ත වගේ ගමේ දුප්පත් මිනිහෙකුට මරණාසන්න වෙන පපුවෙ අමාරුවක් හැදුනත් අරං යන්න ඇම්බියුලන්ස් එකක්වත් පළාතක හොයාගන්න නැහැ‘ මේ විමල් අවුරුදු විස්සකට විතර කලින් කොකු ගහන කාලෙ කිව්ව කතාවක්. මතක් වුනේ ඊයේ විමල් වීරවංශට ක්ලාන්තයක් හැදිලා හෙලිකොප්ටරෙන් කොළඹ ඇවිල්ලා.

මේක වෙනම ම පරණ කතාවක්.

පහුගිය දා හිරේ හිටිය සරත් ෆොන්සේකාව ‘නිදහස්’ කිරීම හොදම පන්නයේ විහිළුවක් බව හැමෝම දන්න දෙයක්. ඕකට විමල් වීරවංශ උපමාවක් හදලා ජනාධිපති සහ අනිත් ඇමැත්තොත් එක්ක කියව කියවා පණයනකම් හිනා උනා කියල පත්තරේක තිබුණා. උපමාව උනේ ‘හරියට  ෆොන්සේකාව නිදහස් කළා වගේ’ කියලයි. ඒ දැකලා අපිට මතක් උනේ ගමේ නගරයේ බාල වැඩිමහල් උගත් නූගත් හැමෝම ‘හරියට විමලය වගේ’ කියන උපමාව. ඉඳල හිටල එක එකාට අහු උනාට සාමාන්‍ය සමාජය හරිම ඥාණවන්තයි... නැද්ද මං අහන්නෙ?  ඒ අය හරියට විමලය වගේ කියල කියන්නෙ මෙන්න මේ වගේ අයට.

  • වාචාල කටක් තියෙන වෙනත් කිසිම ගතයුත්තක් නැති අයට
  • දිය යටින් ගින්දර ගෙනියන ආත්මාර්ථකාමී ඇම්ඩන්ට
  • ලොක්කට පන්දම් අල්ලලා, කේළාම් කියලාල පක්කිලි වැඩ කරල ඉහල නගින අයට
  • අදාල තැනට අදාල මොහොතට ගැලපෙන්නෙ නැතිව ජාතික ඇඳුම-සන්ග්ලාස්-මාල-මුදුකරාබු-සෙල්ෆෝන්-හෙයාර් ජෙල් වලින් ජැන්ඩියට හැඩවෙච්ච සොබ්බන්ට
  • නොදන්න දැනුම, නොදන්න දේවල්, නොදන්න ඉංග්‍රිසි කියවන්න ගිහින්  මෝඩකම් ප්‍රදර්ශනය කරන ‍අයට
  • හැමෝම දන්නවා උනත් ඇඟට නොදැනෙන්න ඇත්ත වගේ බොරු කියන ඇ‍ඬෙන්න තරමට රඟපා විහිළු සපයන කෝලමුන්ට
  • අතීතය අමතක කර තමන්ගේ පෞද්ගලික වර්තමානය සල්ලිවලට අළුතින් මවාගන්න දඟලන අයට
  • රට-ජාතිය-ආගම-මාක්ස්වාදය-විප්ලවය-මනුස්සකම-ගෑනු-දරුවන්-මිත්‍රයින්-බල්ලන් යන ඕනෑම දෙයක් තමන්ගේ යහපත පිණිස විකුණන්න පුළුවන් අයට


ඔක්කොමත් හරි රුපියල් එකසිය පණහෙ රතු කැකුළු බත් එකක් ගන්න නන්දාවතී අක්කගෙ බත් කඩේට ගියාම නන්දක්කා මෙන්න මෙහෙම කෑ ගහනවා පිළිකන්න පැත්තෙන් ඇහුනා.

“ජරාව... ගන්දස්සාරෙ බෑ බං... හරියට විමලයගෙ කට වගේ.. ඔන්න ඔය ටොයිලට් එක හෝදල දාපං කුසුමෝ..”

අපි බත් ගත්තෙ නෑ.

18 comments:

  1. විමල් එක්ක ඔයාගේ තියෙන කේන්තිය මේකෙන් පේනවා..මිනිහා ප්‍රතිපත්ති වෙනස්කරපු එක ගැන කටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්.. ඔබ බ්ලොග් ලිපියක් ලියන්නේ නැතුව ගිහින් මුනටම බැනල අවනම් ඔයාගේ ප්‍රශ්නේ විසදෙනවා.. බ්ලොග් වලට හරි NGO project වලට බැනේ ජනවහර හදන්න ... මිනිස්සුන්ට ඇත්තටම හිතුනොත් ඒගොල්ලෝ ඔඉට වැඩි තීරණයක් හරි විමල් ගැන ගනී. මොකද දයාන් ජයතිලකගේ කලිසම ගල්ලෙඋවේ ඔය වගෙ project පලන් එකකින් නෙවේ .. මේ ලිපියේ හා Victor Ivon පොත අතර මට වෙනසක් පෙන්නේ නැනේ ..

    ReplyDelete
  2. විමලයා හීනමානයා

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව් මිනිහගේ තම JVP ගති තියෙනවා..

      Delete
  3. තමුන්ගේ පෞද්ගලික සුඛ විහරණය නොතකන උන් කොහේද නැත්තේ? විමල් කියන්නේත් එහෙම සමාන්‍ය මනුස්සයෙක්. හැබැයි ඔය විමල් හින්දයි එක්තරා අවස්ථාවකදී ජවිපෙට යුද්ධයේ අන්තිම මොහොතෙදී අය වැය පරද්දලා ආණ්ඩුව වට්ටන්න තිබුන තැන වැලකුනේ. එහෙම උනානං අපි තාමත් ඉන්නේ අර යුද්ධේ තිබුන සතියට බෝම්බ තුන හතරක් රටේ ප්‍රධාන නගරයේ පුපුරන..සිය දහස් ගානක් සාමාන්‍ය මිනිස්සු ඒ බෝම්බ වලට අහු වෙලා මිය යන... රටේම තමා... ඒ අතින් බලනකොට අද එහෙම නොවෙන රටක ඉන්න අපි ඉන්නේ විමල්ගේ දායකත්වයත් ඇතිව.

    අනිත් පැත්තෙන් මේ තමා ජවිපේ සැබෑ තත්වය... විමල් කියන්නේ ඔවුන්ගේ හිටපු ප්‍රචාරක ලේකම්... මේ පෙන්වන්නේ හරියට මාකට් උනොත් ජේවීපී කාරයා නවතින්නේ කොතනද කියන එකට හොඳම උදාහරණය...

    ලෝකේ සුදුවත් කලුවත් මිනිස්සු නැහැ.. ඉන්නේ ඒ දෙකම කලවං වෙච්ච උන්... මේ ලියන මාත්... ලිපිය ලිව්ව ඔබත් අපි හැමෝමත් ඒ ගොඩේ තමා... ඒත් අපි හරි කැමතියි අනිත් අය සුදු වෙනවට... නේද..?

    ReplyDelete
    Replies
    1. ඔක අමු බොරුවක් මාරයෝ.
      අයවෑය පෑරදුනාහම ආණ්ඩුවක් විසිරෙනවා කියලා හිතන්නේ වෑස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑති අමු මෑට්ටො.
      අයවෑයක් පෑරදුනහම වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරෙන ඵක විතරයි.ආණ්ඩුවට දෙවන වතාවේ වඩා හොද අයවෑයක් ගෙනල්ලා ඵ්ක දිනාගන්න අවස්තාව තියනවා.

      ජේවීපී ඵක අයවෑයට විරුද්දවෙන්න ප්‍රතිපත්තිමය තීරනයක් අරන් තිබුනු බවත් ඵවකට හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජවිපේ නයාකයන් අමතා යුද්දය කෙරීගෙයන ඵ් අවස්තාවේ අයවෑය පෑරදවීමෙන් හමුදාවේ ඉදිරිගමනට යම් හෝ බලපෑමක් වන නිසා මේ ඵ් අවස්තාවේ අයවෑයට විරුද්ද නොවන ලෙස යෝජනා කල බවත් ඵතුමාගේ වචනය පිට ජවිපෙ අයවෑයට විරුද්ද නූවුනු බවත් ජෙනරාල් තුමා විසින්ම ප්‍රකාශ කරලා තිබුනා.
      ඵ් අනුව අයවෑය පෑරදෙන ඵක වලක්වාගෑනීමේ ප්‍රනාමය යන්න ඔනේ ජෙනරාල් තුමාටයි.

      පස්සේ පච විමලායා ඵ්කත් තමුන්ගේ වෑඩක් කියලා කහිවාරු ගෑහුවා.අනික ආණ්ඩුවට පනින්න හදාගත්ත බොරු හේතුවක් විදියට අයවෑය සිද්දිය පාවිච්චි කලා.
      ලෑජ්ජයි විමලයෝ ලෑජ්ජයි !!!!!!!!!!!!!!!!!!

      -තාරක

      Delete
    2. අනේ මාරයෝ, තෝ වගේ කලිසම ගලවලා, නැවිලා "අනේ විමල් සර්, අරිනවා නම් තෙල් ටිකක් ගාලා අරින්න" කියන බැලයො කියලද හිතාන ඉන්නේ රටේ ඉන්න හැමෝම එවුන්?

      Delete
    3. මචන් විමලයලගේ දේශප්‍රේමය කියන්නේ බඩගෝස්තරවාදය අනික යුද්දය ගැන ඔච්චර පටු ආකල්පෙක ඉන්න එපා යුද්දයෙන් තොර රටක ආතල් එක විඳින්න පුළුවන් උතුරු නැගෙනහිර තුවක්කුවෙන් යට කර ගෙන ඉන්න තුරු විතරයි.යුද්දය ඇති වෙන්න හේතු සාදක උන දේවල් තාම කිසිම පිලියමක් නැතුව ඒ විදිහටම තියෙනව.ආයෙත් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න ඕන කරන පරිසරය ඒ විදිහටම තියනවා.ඉතින් මේක ජස්ට් අ මැටර් ඔෆ් ටයිම් තමයි!

      Delete
  4. විමල් යනු වත්මන් දේශපාළණයේ රියැලටි කියවීමකී. විමල් පමණක් නොව අනෙක් හැම එකාමද එසේය. ඔහුගේ දේශපාලන දැක්ම කුමක් වූවද. ඔහුත් තවත් එක්තරා පෘතග්ජන මිනිසෙකු පමනි. සතුරකු වුව අසනීප වූ විට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනු මිස. ජනතාවට ආතල් ගැනීමට හෝ රතිඥ්ඥා දැමීමට හෝ කිරිබත් කෑමට පුරුදු කළහොත්, එසේ කරනා අයට අත්වන්නේ ඒ ඉරනමය. (ලිපියේ අඩංගු සියළු කාරනා හා එකඟවෙමී)
    විමල් මට ඔබ දිරවන්නේ නැත. එහෙත්
    ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි...!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ qulification එකක් නැතුව කරන්න පුළුවන් රැකියා දෙකක් ඇත. එකක් දේශපාලනය කිරීම. අනික ජන මාධ්‍ය කිරීම. උඹ හරි. මේ වත්මන් දේශපාලනේ රියැලටි කියවීම. ඒ වගේම මේ අර්ටිච්ලේ එක වත්මන් ජන මාධ්‍ය වල රියැලටි කියවීම. දේශපාලනය ජරා වෙන්න වෙන්න..ගොඩක් මීඩියා පොඩි කුහක අතල් එකක් ගන්නවා. මමත් විමල් ගේ දේවල් අනුමත කරන්නේ නැ. එත් මේ ලිපිය වගේ ඒවා වලින් වැඩක් වෙන්නේ නේ.

      Delete
  5. අනික සොමවන්සගේ අක්කට වගේ ..විමල්ගේ අක්කට ගොන් pot එකක් තිබ්බනම් ..මේ බ්ලොග් එකේම කොච්චර රචනා පල වෙඉද ? විමල්ගේ බිරිද drama එකක් හදපු එක Media වලට news. මොකක්ද එකේ වරද?

    ReplyDelete
  6. විමල් එක්ක ජෙප්පෝ මෙච්චර කේන්ති එක පුදුම වෙන්න දෙයක් නෙවි. විමලයා ගිහින් මහින්දට සපෝර්ට් කරේ නැත්නම් අදත් මෙහෙ යුද්දේ නේ..එහෙම උනානම් ජෙප්පන්ට බොර දියේ මලු බාන්න තිබ්බනේ.

    ReplyDelete
  7. vimalla haduwe jvp aken oya wage aya thama ada wenakota jvp aka hadala thiyenne vimallata wada narumayo jvp aka ada wenakota bihi karala hiyena vimal ohoma una aka gana ochchara pudumen balanna deyak naha

    ReplyDelete
  8. JVP එක බිහි කරපු උන් පුදුම තලේ මිනිස්සු..මහින්ද විජේසේකර, ලොකු අතුල වගේ පස්සේ දේශපාලනේට ඇවිත් ලොකුම හොරු වෙච්චි උන්.. දේව බණ්ඩාර සේනානායක සහ නන්දන මාරසිංහ වගේ ශ්‍රේෂ්ට මිනිස්සු.. පුදුමේ කියන්නේ ඒ හොඳ මිනිස්සුන්ව JVP එකෙන්න මාරුව.. හොරුන්ව ඉතුරු කරා රට කන්න.. විමල් වැටෙන්නේ මොන පැත්තටද කියල තම කියන්න බැහැ. ඊළඟ කැරැල්ලේදී මැරුවොත් උ හොඳ එකෙක් ... ඉතුරු කලොත් හොරෙක් ද?

    ReplyDelete
    Replies
    1. ඵහෙමමත් කියන්න බෑනේ බන්.විමලයලා මහින්ද විජේසේකරලා වගේ ජේවීපී ඵකෙන් පෑනපු 100ක් විතර ඔනනම් ආණ්ඩුවට සෙට්වෙලා පිස්සු කෙලිනව ඈති.
      ඵහෙම බෑලුවහම යූඈන්පී ඵකෙයි නිදහස් පක්සෙයි ඉන්නෙ අමුම අමු කුපාඩියොනෙ බන්.
      හොරකමේ ඉදන් ස්ත්‍රි දූශන දක්වාම කප් ගහපු උන්නේ ඔය දේකේ ඉන්නේ.
      කොටින්ම කිව්වොත් මහ පක්ශවල පෝස්ටර් ගහන අර ගම්මට්ටමේ බිම් මට්ටමේ ඵකා පවා රෑට පෝස්ටර් පාරක් ගහන්න ගියොත් අහින්සකයෙකුගේ තෑබිලි ගහකට හරි කෙහෙල්කෑනකට හරි වෑඩේ දීලමයි ඵන්නේ.

      Delete
  9. විමල් වීරවංශට තිබුනේ වෙනත් ගැටලුවකි.ජානිපෙ තනිවම තරඟ කරන ත්‍රීකුණාමලයට ගොස් රජය විවේචනය කිරීමට සිදුවුවොත් තමන්ට සිදුවන හානිය නිසා බොරු ලෙඩක් දමා ගත්තා විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කාරණේට මම එකඟයි...

      Delete
  10. විමලව පොර කලේ මහින්ද නොව JVP එකය. ඉතින් JVP එකට ඔහුව කන්න හිතෙනවනම් දෙකට නැමිලා අදොමුකය විකා ගැනීම මැනවි...

    ReplyDelete
  11. "හරියට විමලය වගේ"

    ReplyDelete