A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

හෙටත් මේ තරමටම කළුවරය



අපේ රට වැසියෝ අමුතුම තාලයේ තේරුම් ගත නොහැකි වර්ගයකි. අද මේ මොහො‍‍තේ දිවි හිමියෙන් විරෝධය පාන දේවල් හෙට උදෑසන ඇස් පනා පිට සිද්දවෙන විට දන්නේ නැති ගානට සිටී. පරිසරවේදීන්, රාජ්‍ය‍ නොවන සංවිධාන, දේශමාමක බලවේග, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති, දේශපාලන ව්‍යාපාර, සමාජ ව්‍යාපාර හෝ ආගමික බලවේග ඉතා පහසුවෙන් මෙවැනි විරෝධතා සඳහා රට වැසියන් උසිගන්වා ගෙන පාරට බහින අතර අදාල ව්‍යාපෘති අවුරුද්දකින් දෙකකින් කල් දමා නැවත හෙමිහිට ආරම්භ කළහොත් වැඩේ ඉවර වෙනකම් කවුරුවත් දන්න පාටක්වත් නැත. අපි උපතින්ම ‘එදා වේල’ ජාතියකි. කන්ඩලම හෝටලය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, ඉරණවිල ගුවන් විදුලිය, දක්ෂිණ අධිවේගී මාර්ගය, රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය එවැනි ඉරණම් අත්වූ උදාහරණ කීපයක් පමණී. රෑට කළුවරේ ඉන්නවාට දවාලෙත් බනින නොරොච්චෝලේ තාප බලාගාරය ඒ අතර ප්‍රධාන එකකි. බොහෝ විරෝධයන් සඳහා අතිශය සාධාරණ හේතු සාධක තිබුණත් (ජයග්‍රහණයක් දක්වා සටන් නොකිරීමෙන් ලැබෙන ප්‍රථිඵල සාමාන්‍යකරණය වී ඇත)  සමහරක් විරෝධයන් සඳහා විරෝධතාවයම හැරෙන්නට වෙනත් තාර්කික පදනමක් නොවීය. වැරැදි හෝ නිවැරැදි සියළු විරෝධයන් කිසියම් ආකාරයකින් මඟහැර යම් නිශ්චිත මොහොතක අදාල පාර්ශවයන්, විශේෂයෙන්ම ජනතා විරෝධී රජයන් ජයගෙන ඇත.

මුහුණ දෙන්නට නියමිත අර්බුදකාරී යථාර්තය නොසළකා ගල් අඟුරු බලාගාර බිල්ලාට එරෙහිව එදා පැවති එම විරෝධය නොවෙන්නට අද මේ මොහොතේ නොරොච්චෝලේ තාප බලාගාරය වෙත මෙවැනි ඉරණමක් අත් නොවන්නට බොහෝ ඉඩකඩ තිබුණි. අවසානයේ ජයග්‍රහණයකින් තොරව නිමවූ එම විරෝධය සාධාරණ විය යුතුව තිබුණේ, ඒ ව්‍යාපෘතියේ ගුණාත්මක බව ඉහළදමා පාරිසරික හානිය අවම කරගැනීමට හා ව්‍යාපෘතියෙන් අවතැන් වූ ගම් වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම වෙනුවෙනි. කරන්නන් වාලේ කළ විරෝධය හේතුවෙන් සිදුවූයේ රාජපක්ෂලා විසින්, දුර්වල මූලික සැලසුම් සහිත, ප්‍රමිතියෙන් දුබල, ගුණාත්මක බවින් අඩු අමුද්‍රව්‍ය වලින් නිමැවූ  බාල අටමගලක් විදුලිය උපැද්දවීමට කියා පුත්තලම් දිස්ත්‍රික්කයේ මහපොළොව මත අතහැරීමයි. අධීක්ෂණය ලංකා විදුලිබල මණ්ඩලය හා ස්විට්සර්ලන්තයේ ඉංජිනේරු ආයතනයක් මඟින් දැරුවත් අවසාන ප්‍රථිඵලය සුදු අලියෙකි. යකඩ ගොඩකි. කිසි දෙයක් විමසා බැලීමකින් තොරව උසිගැන්වීම් වලින් කිති කැවෙන රට-ජාතිය ගැන ඇසිල්ලකින් උත්තේජනය වන ජාන වලට උරුමකම්පෑමෙන් අපි විසින් සංවර්ධනාත්මකව හා සදාචාරාත්මකව විනාශකර ගත් මෙවැනි දෑ නම් බොහොමයි.

ආරක්ෂක හේතූන් මත ත්‍රිකුණාමලයෙන් ඉඩ නොලැබූණු  - දේශපාලන හේතුමත දකුණෙන් ඉඩනොලැබුණු මෙම තාප බලාගාරය අවසානයේ පුත්තලමේ නොරොච්චෝල ප්‍රදේශයේ පිහිටුවීමට තීරණය කළ ද පරිසරවේදීන්ගේ  සහ  හලාවත කතෝලික බිෂොප්වරයා  ප්‍රමුඛ ප්‍රදේශයේ ගම් වැසියන්ගේ විරෝධය නිසා චන්ද්‍රිකා ආණ්ඩුව විසින් විවිධ මැතිවරණ සඳහා චන්ද රැකගැනීම වෙනුවෙන්කිහිපවරක් කල් දමන ලදි. 1995 දී  ජපානය තාප බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය අදාල  මූලික අධ්‍යයනයන් එම පුදේශය ආශ්‍රිතව සිදු කරණු ලැබූ අතර ඔවුහු බලාපොරොත්තුව සිටියේ ඒ සඳහා රජයේ අනුමැතිය පමණි. වසර 1997 දී ජපානය විසින්ම එහි ඉදිකිරීම් ආරම්භකිරීමට නියමිතව තිබුණි. එහෙත් අවසානයේ සිදුවූයේ රුපියලේ අවප්‍රමාණය හා ඉහළගිය නිශ්පාදන වියදම සළකා බැලීමේදී වැඩි මිලට ලබා ගත් චීන මොඩලයේ බාල බලාගාරයක් ඇමති පාඨලීට කරගැහීමට සිදුවීමයි.

අද මේ මොහොතේ පැන නැඟී ඇති විදුලිබල අර්බුදයට එදා ඉංජිනේරුවන් විසින් පෙර දුටු - වඩාත් ලාබදායි ලංකාවට වඩාත් සුදුසුම ඉක්මනින්ම නිමකළහැකි ව්‍යාපෘතිය වූයේ ගල් අඟුරු තාප බලාගාරයයි. ජලවිදුලි බලය සීමා සහිත වී තිබුණි. ගෑස් සහ ඩීසල් බලාගාර වල විදුලිය මිල අධිකය. සුළං හා සූර්ය බලාගාර බලාපොරොත්තු වන පරිදි ප්‍රථිඵලදායක නොවේ. කුඩා ප්‍රමාණයේ න්‍යශ්ටික බලාගාර පිහිටුවීම ලෝකයේ ඒ වනවිට අත්හදා බලා නොතිබුණි. එසේ තිබුණත් ලංකාව වැනි දුර්වල කළමාණාකරණයක් සහිත දේශපාලනය හැමතැනකටම රිංගූ රටකට න්‍යශ්ටික බලාගාර පිහිටුවීම අතිශය මාරාණ්තිකය. අවම පරිසර හානියක් සහිත අඩු පිරිවැයක් සහිත එකම විසඳුම වූයේ ගල් අඟුරු තාප බලාගාරයයි. එය දේශපාලකයන් අත ගැසූ එහෙත් දේශපාලකයන්ගේ නොව වෘත්තීය දක්ෂතාවයෙන් පිරිපුන් විදුලි ඉංජිනේරුවන්ගේ අනුමැතිය ලැබූ ව්‍යාපෘතිය යි.

අවසානයේ සිදු වූයේ සුපුරුදු ‘මල්ලී’ තියරියෙන් දේශපාලනය කරන - මාධ්‍ය හුරතල් කරන රාජපක්ෂලා තාක්ෂණයෙන් පිරිපුන් එමෙන්ම නිවැරැදි ඉදිකිරීම් සඳහා පළපුරුදු ජපානය මඟහැර සංතෝසම් ඇති පදං බෙදන ලාබ ව්‍යාපෘති වලට කප් ගැසූ බලය සඳහා වෙනමම ‍ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරණ චීනය සමඟ 2005 දී එකඟතාවයකට පත්වීමයි. චීන බැංකුවකින්  ලබාගත් ඇ.ඩො. මිලියන 450ක ණය මුදලින් චීන ඉදිකිරීම් සමාගමක් මඟින් චීන ශ්‍රමය සහිතව බලාගාරය ඉදිකරණු ලැබූ අතර රාජපක්ෂලාට එයින් දිව්‍යාලෝකය පහලවුණ අතර ගිනිඑළිය වැටුණු රට වැසියාට කළුවර විය.

මේ වනවිට දොළොස්වතාවකට වඩා ඇනහිට ඇති මෙම බලගාරය පූර්ණ ක්‍රියාකාරීත්වයක් සදහා නැවත ගොඩනැංවිය නෙහැකි බව විදුලි බල මණ්ඩලයේ හා ඉන් පිටත විදුලි ඉංජිනේරුවන්ගේ මතය වන අතර ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය බරපතළ ලෙස ඉහල ගොස් ඇති වර්තමානයේ ජල වදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක වූවද නොවූවද පෞද්ගලික ඩීසල් විදුලිබලාගාර වලින් විදුලි ඒකකයක් සදහා හතර ගුණයක මුදලක් ගෙවා විදුලිය සැපයීමට සිදූවීමෙන් හෙට විදුලි බිල දකින රට වැසියා ‘කළුවරේ ඉන්නවා හොඳයි’ කියනු ඇත. ඉන්දියාවට විදුලිය දෙන්න සිටි අපි ඉන්දියාවෙන් විදුලිය නොගෙනාවොත්, ඕනෑම එකකට පත්කරණ  - දැනට පත්කර ඇති කෝකටත් කමිටුව දේශප්‍රේමී පාඨලී ඉදිරිපිටට මහා ප්‍රාතිහාර්යයක් නොගෙනාවොත්, තාවකාලික විසඳුමක් නැති මේ සඳහා නැවතත් අලුතින් තාප බලාගාරයක් ඉදිකරණ තෙක් වරින් වර පායන කළුවරේ ඉවසා සිටිය යුතුව ඇත. 

4 comments:

  1. ලංකාවට කෙළ වෙලා තියෙන්නේ ඊනියා උගත්තු නිසා. මුන්ට පුකට පයින් ගහලා එළවන්න ඕන. විදුලි ඉන්ජිනේරුවෝ දන්න පුක.

    ReplyDelete
  2. ඉතිං බං මේ පාර කෙලවිලා තියෙන්නෙ උන්ට ඇහුන්කං දුන්නෙ නැති හින්දනේ බං ජප්පො ගියා චීන්නු ආවා :)

    ReplyDelete
    Replies
    1. මරුවා වගේ උන්නැහේලා කියන්නැහේ මේ ලංකාවට කෙළ වෙලා තියෙන්නේ ඊනියා උගත්තු නිසා. මුන්ට පුකට පයින් ගහලා එළවන්න ඕන.

      දැන් බලන්න මේ විදුලි අර්බුදය. දේශපාලකයන් සැමවිටම අරගෙන තියෙන්නේ නිවැරිදි තීරණ. අවුරුදු 30ක් ගත වෙනවා කියල ඊනියා උගත්තු සැළසුම් කරපු මහවැලි යෝජනා ක්‍රමය ගාමිණි දිසානයක මහත්තයා අවුරුදු හයෙන් හැදුවා. දැන් බලන්න ඇදි ඇදි ගියපු නොරොච්චොලේ තාප බලාගරේ අපේ ජානධිපතිතුමා මුල් වෙලා චීනෙන්, ඊනියා විදුලි ඉන්ජිනේරුවෝ එපයි කියද්දි [උන් දන්න පුක] රී සයිකල් කරපු [බලන්න කෙතරම් දූරදර්ශීද කියලා] බලාගරයක් එහෙම් පිටින්ම මෙහෙ හයිකලා. කෙතරම් පරිසර හිතකාමි චින්තනයක්ද..?

      අනිත් අතට බලන්න හම්බන්තොට වරාය ඊනියා ඉන්ජිනේරුවෝ පුන පුනා කිව්වනේ ඕකේ පතුළේ ගල්, හරියන්නේ නෑ කියලා. අපේ ජනාධිපතිතුමා කිව්ව "ගල කපන් හැටි මම දනිමි" කියලා හැදුවා වරාය. දැන් බලන්න ලෝකෙන්ම එකම අභ්‍යන්තර වරාය තියෙන්නේ අපිට.

      ඒ වගේම හදන්න යන මත්තල ගුවන් තොටුපොළ. මේ ෆීසිබිලිටි ස්ටඩි එක කරපු ඊනියා උගත්තු කිව්වා මේක කුරුළු පාරාදීසයක්. කුරුල්ලෙක් ප්ලේන් එකක අස්සේ ගියොත් බඩුම තමයි කියලා. ජානධිපතිතුමා කිව්වා "යකෝ මම මැරුවේ කොටි, කුරුල්ලෝ මට කජ්ජක්ද..?" කියලා හදපිය කිව්වා ගුවන් තොටුපොළ.

      තව උදාහරණනම් එමටයි අප්පා.

      Delete