A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කල්‍යා - ලෝකයේ පැරණිම වෘත්තිය - දීප්ති


මේ දිනවල අන්තර්ජාලයේ සතපතල පුවත වන්නේ එක්ස් එකේ හිටපු  “වමේ කල්‍යා” මසාජ් ක්ලිනික් එකක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන යෑමේ වරදට දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවයි. මේ දවස් වල පරණ එක්ස් එකේ කට්ටියගෙ කටවල් වම් කනේ සිට දකුණු කණ දක්වා ම දික්ව ඇති අතර ප්‍රචාරක කටයුතු නොමිලේම බාරගෙන ඇත. ගහට බයිසිකලය හේත්තු කළා සේ ඹ්නෑම මාතෘකාවට කල්‍යාව අලවා ලිපියෙහි බ‍ඳෙන් ඔහු ට නෙලනු ලැබේ. දීපතිගේ ‘පෙරටුගාමී’ නම හොරෙන් ගත්ත ජනරළ සෙට් එක කල්‍යාව ලඟින් ආශ්‍රය කළ කරුමයට මේ දවස්වල ඒ පවු ගෙවනු පෙනේ.

ආරංචියේ හැටියට කල්‍යාගේ හිතවතියකට අයත් ‘අදාල සේවය’ සැපයූ මසාජ් ක්ලිනික් එකක් එම නමින්ම කල්‍යා මිලදී ගෙන අදාල සේවය දිගටම කරගෙන යාමේදී කාගේදෝ බල්ලෙකු‍ගේ ඔත්තුවකට වැඩේ පොලීසියට මාට්ටු වී ඇත (මෙය වැරදි නම් නිවරැදි කළ හැක. ඇවැසි නම් තවත් විස්තර සැපයිය හැක). වමේ කල්‍යා මොන එහෙකට මේ වැඩේට බැස්සාදැයි දැන ගන්න නිර්මාල්වත් වංගීසවත් සුමිත් චාමින්දවත් එක පෙරටුගාමී (අළුත්) එකෙක් වත් අල්ලාගන්න බැරි විය. සමහර විට සෝමවංශ අමරසිංහගේ අක්කට හොඳනම් මට ‍බැරි මොකද කියල හිතෙන්නට ඇතිය. උන්මාද වූ නළු කමලයත් කරන එකේ මං කලාම මොකදැයි හිතුනාද දන්නෙත් නැත. ආර්ථික අහේනිය වැඩිකමට ආදයමක් උපයනවානම් ලංකාවෙ මේ වෙලාවෙ රස්සාවක් නැති කල්‍යාට තිබුණ එකම බිස්නස් එකත් මේකම වෙන්නත් පුළුවන්ය. එහෙමත් නැත්තම් පහුගිය මැතිවරණයකින් චන්දය ඉල්ලූ කල්‍යා මේ වැඩේ ඒකට සුදුසුකමක් ලෙස දකින්නටත් ඉඩ තිබෙන්නටත් පුළුවන්ය.


ගණිකා වෘත්තිය හා ගබ්සාව නීතිගත නොවෙන්නේ ලංකාවේ සිංහල බෞද්ධ පසුගාමී සමාජය තුළ ඒ සඳහා ඉඩක් නොමැති බැවින් මිස ඒවායේ ඇති වැරැද්දකින් නොවේ. දියුණු යැයි සම්මත හැම රටකම ඒවා නීතිගත කර ඇති අතර ඒ ආශ්‍රිතව ඇති අපරාධ-අනතුරු-ලෙඩ රෝග සැළකියයුතු මට්ටමකින් පාලනය කර තිබේ. ඒ අතින් කල්‍යා කර ඇත්තේ රාජ්‍යවිරෝධී කටයුත්තක් පමණකි. රාජ්‍යවිරෝධී කටයුතු වාමාංශිකයින්ට අළුත් දෙයක් නොවේ. ගැටළුව ඇත්තේ ‘බිස්නස් කල්‍යා ‘ අතින් අදාල සේවය සැපයීමේදී අදාල කාන්තාවන්ගේ ලිංගික ශ්‍රමය සූරා කෑමකට ලක්ව ඇද්ද යන්නයි. කවුද දන්නේ නියමිත වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකරල, ශාරීරික හා මානසික ආරක්ෂාව සපයල, ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවලා, වෘත්තීය අයිතිවාසිකම් දීලා පැය අටේ වැඩේ අරගත්ත නම්.....කිව්වා කියල හිතාගන්න....දීප්තිලට කට උත්තරත් නැහැ. මොකද දීප්තිගේ දේශපාලනය තුළ ගණිකා වෘත්තිය හා ගබ්සාව ට විරුද්දවීමට ඉඩක් තියෙනවැයි.

2004 එක්ස් එකෙන් කඩාගෙන ගිය ගොඩෙන් නිර්මාල්-බුද්ධික-ප්‍රභා-සුමිත් නොවෙයි දීප්තිට ලොකුම අවුල තිබුනේ කල්‍යාත් එක්ක. මොකද එක්ස් එක හදන්න පණහට පණහ දායක උනේ කල්‍යා බවත් කල්‍යා සතුව පවතින බර ඇදීමේ හැකියාවනුත් දීප්ති දන්නවා. ඒ වගේම කල්‍යා කරන දේවල් වලට කල්‍යාගේ ජීවිතයට උත්තේජනයක් ලැබුණානම් ඒක ලැබුනේ සිංහල බෞද්ධයාගේ කුහක සදාචාරයට එරෙහිව නිරුවත හා ලිංගිකත්වය දෙස සාධනීය දැක්මක් තිබුණු එක්ස් එකෙන් - දීප්තිගෙන්. පෞද්ගලික ජීවිතවල ලිංගිකත්වය සම්බන්ධ විවධාකාර කුණු අවුස්ස අවුස්සා දීප්ති විසින් පහර දෙන තර්ජනය කරන නිර්මාල් ලා වංගීසලා  කල්‍යාලා සුමිත්ලා ඔක්කොම දීප්තිත් එක්ක කරට අත දාගෙන හිටිය කට්ටිය. කල්‍යා වටේ ඉන්න අයගෙ ලිස්ට් අළුතින් දීප්ති හදන විට දීප්තිට මතක නැහැ කල්ප කාලයක් දීප්ති හිටියෙ කල්‍යාගේ කර උඩ කියලා. මේ වගේ සිද්ධි දීප්තිට ස්වීප් විදිහට ඇදුන නිසා බඳින ගහ දීප්තියි මේ මොහොතෙ තීරණය කරන්නෙ. ඒත් මේ වගේ සිද්ධීන් වල දි කුමාර් ගූණරත්නම් ට දිමුතු ආටිගල ට තිබුණ අනුකම්පාවවත් දීප්තිලාගේ දේශපාලනය තුළ කල්‍යා වගේ මිනිස්සු වෙත තිබුණා නම් හොඳයි. දීප්ති කවදාවත් තේරුම් නොගන්නනේ එකස් එකෙන් කඩා‍ගෙන ගිය කට්ටියට නොනවතින ලෙස ගගහා (2004 සුනාමිය වගේ) කටු අත්තවගේ එල්ලි එල්ලී යන්නේ නැතුව තමන්ගේ අදාල දේශපාලන කර්තව්‍ය කිරිම කාට කාටත් වැඩදායක බව සහ අදාල චරිත අවශ්‍ය නම් ස්වභාවිකවම  දේශපාලණිකව මිය යන්නට ඉඩහැරීම සමාජයට හොඳ බවයි.

කවුද දන්නේ කල්‍යා එළියට ඇවිත් ‘අපිට ඒදවස්වල එක්ස් එකේ කියාදුන්නේ මේව තමයි’  කියයි ද දන්නෙත් නෑ !!

පිළිවෙලින් දීප්ති-කල්‍යා-නිර්මාල් සිටින ඉහත ඡායාරූපය දීප්තිගේ ත්‍රිමාණ වෙබ් අඩවියෙන්.

7 comments:

  1. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ අය ස්වභාවිකව මිය යන්න පුබුදුලා ඉඩ නොදෙන එකනේ. මට නම් හිතෙන්නෙ දීප්තිල ඉස්සරහට වැඩක් කරන්න හිතන් ඉන්නව වම් මේ 'වෙන්ඩ වීරවංශලා' ග්‍රවුන්ඩ් එකෙන් ක්ලියර් කරන එකමයි හොඳ.මොකද දීප්තිලා ඉස්සරහට යන්න යන්න මේ අයත් නිකම්ම ඉස්සරහට යනව. මේක දන්න නිසා තමයි පුබුදුලා මේ අයව තමන්ගෙ වටේ තියාගෙන ඉන්නෙ. මේක දේශපාලනිකව කිසිසේත්ම අහිංසක වැඩක් නෙවෙයි. ඒ නිසා දෙගෝල්ලන්ටම එකට තියල ගහන එක හරි කියලයි මට නම් හිතෙන‍්නෙ

    ReplyDelete
  2. http://gameofthrones.wikia.com/wiki/Littlefinger

    ReplyDelete
  3. http://www.facebook.com/gode.baiya.7

    ReplyDelete
  4. http://centrelk.blogspot.com/2012_09_01_archive.html

    ReplyDelete
  5. http://www.facebook.com/photo.php?fbid=4060711073707&set=o.212955798777923&type=1&theater

    ReplyDelete
  6. පසුගිය දිනක Kalyananda Perera නැමැති ගණිකා නිවාසයක පාලකයෙකු විසින් ජනරළ පුවත්පතෙහි ලිපියක් ලියූ අතර ලොකුම විහිළුව වී ති‍බුනේ ඔහු ලියා තිබුනේ පීඩිතයින්ගේ ව්‍යවහාරය ගැන වීමයි. ජවිපෙන් ඉවත් වූ දා පටන්ම කොල්ලයි බල්ලයි හැම එකා සමඟම දේශපාලනය කරමින් සිටි නිසාත්, දීප්ති කුමාර ගුණරත්නගේ සියළුම දේශපාලන සතුරන්ට තම පුවත්පත තුළ ලියන්නට ඉඩ දෙන්න යැයි පුබුදු ජාගොඩගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති නිසාත්, ජනරළ කතෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා ට මේ ගැන ලජ්ජාවක් නැත. දීප්තිලාගේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් මේ ගැන පුබුදුලාගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ට දැඩි විවේචනයක් එල්ල කර තිබූ අතර උත්තර දීමට බැරිකම නිසාම අන් සියළු විවේචන සම්බන්ධයෙන් මෙන්ම මේ විවේචනය සම්බන්ධයෙන්ද මුනිවත රැකීම හැර අන් යමක් කිරීමට චන්දනලාට නොහැකි වී ඇත. Ethiics යනුවෙන් යමක් ලොව ඇති බව චන්දනපා නොදන්නා බව ඔප්පු වුන ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
    මේ දිනවල ඉතා ජනප්‍රිය අඩවියක් වන Loopholes හි ලේඛකයා පසුගිය දිනක හම් සිදුවීම ගැන ලිපියක් ලියූ අතර ඔහුට අනව දීප්තිලා විසින් Kalyananda නොහොත් පැණියාට අනුකම්පා විරහිතව පහරදීම වැරදිය. ‍මන්ද මේ ලේඛකයාට අනුව කාලයක් දීප්ති හිඳ ඇත්තේ Kalya ගේ කරමත ය. මට තේරුම් ගත් නොහැක්කේ වාමාංශික දේශපාලන සංවිදාන තුනක Influence එක ඇති Loopholes හි ලේඛකයා මෙතරම් බොළඳ කථාවක් කියන්නේ කෙසේද යන්නයි. වාමාංශික දේශපාලන සංවිධානයක් තුළ කවුරුන් හෝ තව කෙනෙක්ගේ කරමත සිටිනවා යන්නක් නොමැත. මන්ද යමෙක් විප්ලවවාදී සංවිධානයකට යන්නේ එම සංවිධානය පෙනී සිටින සමාජ අරමුණු වෙනුවෙන් වැඩ කිරීමටයි. එය යහළුවෙකුගේ වහළයට උළු සෙවිලි කර ගැනීමට උදව් කරනවා වැන්නක් නොවේ. උදාහරණයකට මම ටිල්වින් සහෝදරයා සමඟ වැඩ කරන්නේ ඔහුගේත් මගේ අරමුණු සමා බැවිනි. පක්ෂයේ වැඩ නිසා සමහර විට මට සීගිරිය බලන්නට වෙලාවක් නොලැබිය හැක. නමුත් එයට ටිල්වින් පළිද? කැප කිරීම යනු එයයි.
    Kalyananda තවමත් තේරුම් ගෙන නැත්තේ පුබුදු ජාගොඩ ලා තමන්ව ඔවුන් ලඟට ගෙන ඇත්තේ දීප්ති නිසා තමන්ට ලැබුණු සුවිශේෂතාව නිසා මිස තමන් තුල ඇති දෙයක් නිසා නොවන බවයි.

    http://www.facebook.com/photo.php?fbid=4060711073707&set=o.212955798777923&type=1&theater

    මේකට නියම උත්තරයක් අද හවසට දෙන්නම්

    ReplyDelete
  7. දේවල් තමන්ට උවමනා විදියට මකන්න සහා විදාරනය කරන්න යන්නෙ නැතුව අඩුම තරමින් නිවුස් එකවත් හරියට ගන්න,දිමුතුට වඩා නල්ය ස්තිවාදි සුනිලව දන්නව දිප්ති මෙි වැඩෙිට සුනිලව පටලවගන්න නැත්තේ දිප්ති ගේ පක්සෙ සුදර්සනගෙ n'g'o'එකට සල්ලි ලැබෙන්නෙ සුනිල හරහා නිසයි.

    ReplyDelete