A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බාහුට නෝ කතා



වික්‍රමබාහු සහෝදරයාට චෙන්නායි සමුළුවේ දී කතාවක් ලබාදුන්නේ නැතැයි පසුගියදා මාධ්‍යවල ප්‍රචාරයක් ගිය ද ඇත්තවශයෙන්ම ඔහුට කතාවක් ලබා නුදුන්නේ පසුගිය ජූලි 15 දා  ජනරළ/පෙරටුගාමී (අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය) මූලිකත්වයෙන් සිදු කරණලද “නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළගැසෙමු“ යන තේමාව යටතේ පැවැත්වුණ රැලියේ දීය. පෙනෙන විදියට බාහු-පෙරටු දීගය දැං හමාරය.

මෙච්චර කල් ජාතික ගැටළුව සම්බන්ධව හොර ගල් ඇහුළූ ජනරළ/පෙරටුගාමී සෙට් එක පහුගිය දා ඔවුනගේ මතය වැදුවේය. පළමුව වරුණ දීප්ති බෙල්ජියමේදී ද දෙවනුව කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ දී ද මෙය ඉංග්‍රිසියෙන් ප්‍රකාශකර තිබුණි (සිංහලෙන් ලංකාවේ දී කියන්න පොඩ්ඩක් කිචි වගේ මං හිතන්නෙ - වටේ ඉන්න කට්ටිය දාල ගියොත් එහෙම). සරලව කිව්වොත් ඔවුන් කියන්නේ ‍දෙමළ ජනයා වෙත ස්වයං තීරණ අයිතිය ලබාදීමෙන් හෝ දෙමළ බහුතරයක් ජීවත් වෙන ප්‍ර‍දේශ වෙත  බලය බෙදා හැරීමෙන් ජාතික ගැටළුව විසඳාලිය හැකි බව පවතින තත්වය තුළ තමන් නොපිලිගන්නා බවයි. එමෙන්ම සමාජවාදී සමාජ ක්‍රමයක් තුළ ජාතික ගැටළුව විසඳන බවයි (ඒත් ක්‍රමය නම් කියන්නෙ නෑ...... පුතෝ.....ඕක නොකියම ඉඳතෑකි.. මොකද සමාජවාදය බිහිකරන එක අද හෙට කරන්න පුළුවන් එකක්කැයි).

මෙය සම්පූර්ණයෙන්ම බාහු සහෝදරයාගේ මතයට ප්‍රතිවිරුද්ද මතයයි. දැං ඉතිං බාහුට මුහුණ දෙන්න පුළුවන් කමක් නැති අතර බාහුව තියාගෙන ඉඳීමෙන්වවත් දැං සෙට් එකට වැඩක් නැත. අපිට තියෙන ප්‍රශ්නේ මොන එහෙකට ද කුමාර්ලා ජවිපෙන් කැඩුණෙ කියලයි. ජවිපෙ දෙමළ ජනයා පීඩාවට පත්ව සිටිනවා කියන එක පිළිගන්නේ නෑ යනුවෙන් කුමාර් ගුණරත්නම් අමූලික බොරුවක් පවසා තිබුනත් කුමාර් හිටිය කාලේ මෙන්ම දැනුත් ජවිපෙ කියන්නේ දෙමළ ජනයා පීඩාවට පත්ව ඇති බවයි.  වෙනස තියෙන්නේ ජවිපෙට දෙමළ ජනයාගේ ඇති පීඩාවෙන් වැඩක් නැති කමයි ඒකෙන් කැඩිච්ච ජනරළ/පෙරටුගාමී සෙට් එක දැං දැං දෙමළ මළගෙවල් වල යන එකයි විතරයි.

අපරාදේ ගෝඨා මඟ බලන් හිටිය අලුත් ‘සතුරා‘ .... අප්පේ ලාමක පූස් පැටියෙක් නෙ...නිකං බොරුවට දේශද්‍රෝහී ලේබල් ගැහුවේ.. කුමාර්ව රට පැටෙව්වෙ..

බලන් ඉන්න තියෙන්නේ කතා වලට සෙනඟ හොයං ස්ටේජ් වලට ආපු අනිත් වාමාංශික කට්ටිය දැං ජනරළ/පෙරටුගාමී සෙට් එක එක්ක තව දුරටත් දීග කන්නෙ කොහොමද කියලයි.

27 comments:

  1. සමාජවාදය හරියට හදාරලා තියෙනවනම් මෙහෙම ‍පොස්ට් එකක් වැටෙන්නේ නැතිවෙයි කියලා හිතෙනවා. ටිකක් හිතල බලන්න. ජාති, ආගම්, කුල බේද වලින් තොරව මිනිස්සුන්ට ජීවත් වීමේ ක්‍රියාමාර්ගයක් ඇති කරලා දුන්නම, හැමෝටම සාධාරණ අයිතීන් ලබා දුන්නම ජනවාර්ගික කියන ගැටලුව ඇතිවෙන්නේ නෑ.

    තවදුරටත් ගත්තම මේ සදහා විප්ලවයකින් ආණ්ඩුවක් ඇති කරනු විනා මේ ලිබරල් ක්‍රමය තුල විසදුම් සෙවීම මෝඩ පිලිවෙතක්.

    ReplyDelete
    Replies
    1. අමිල මහත්තයෝ ඔහෙලාගේ සමාජවාදය එනකම් අනිකුත් සටන් ටිකත් නවත්තමුද,
      මොකද මේ "ලිබරල්" ක්‍රමය ඇතුලේ ඒ සටන් මගින් අයිතීන් ඉල්ලන එකත් මෝඩකමක් නේ.
      ඔයාගේ තර්කය අනුව ලිබරල් කුමය ඇතුලේ පුද්ගලික වෛද්‍ය විද්‍යලවලට එරෙහිව සටන් කිරීම මෝඩකමකි.
      ලිබරල් ක්‍රමය ඇතුලේ ගොවී සහනාධාර ඉල්ලීම මෝඩකමකි.
      ලිබරල් ක්‍රමය තුළ වැඩි වැටුප් සහ කම්කරු අයිතීන් ඉල්ලීම මෝඩකමකි.
      ඒත් ඔහෙලගේ පෙරටුගාමී කෙකරගාමීද මොකක්ද පක්ෂය මේ සටන් මෝඩ පිළිවෙතක් කියලා පිළිගන්නේ නැහැනේ. ඔහෙලට මෝඩ පිලිවෙතක් ලෙස පේන්නේ දෙමළ මිනිසුන්ගේ දේශපාල න ඉල්ලීම් සහ අරගලය විතරයි. ඒ ඔහෙලා සිංහල කේන්ද්‍රීයව හිතන ජාතිවාදී සෙට් එකක් හින්දයි.

      අනිත් එක මෙහෙම කිවිවට තරහ වෙන්න එපා. ඔය කෙකරගාමීයොන්ට කොරන්නට පුළුව්න විප්ලවේ මො‍කක්ද කියලා කුමාර් ගුණරත්නම් අත්අඩංගුවෙන් එළියට ඇවිල්ලා දීපු පළමු කට උත්තරෙන්ම පැහැදිලියි.
      විප්ලවවාදී සංවිධානයක් කවදාවත් සතුරාගේ අත්අඩංගුවේ හිටපු කෙනෙකුට නිදහස්වෙලා පැය 24ක් යන්න ඉස්සෙල්ලා පක්ෂයේ නිල ස්ථාවර ප්‍රකාශකරන්න දෙන්නේ නැහැ. අඩු තරමින් ඔහු සමග සබදතා පවත්වන්නේත් පරිස්සමින්.ඒ අත් අඩංගුවේදී පුද්ගලයා පාවාදීම් සහ සතුරා සමග එකගතාවන්ට ආවාදැයි නිරවුල්ව තහවුරු කරගන්නාතෙක් ගනු ලබන ආරක්ෂත පියවරක් ලෙසයි. කුමාර් අත් අඩංගුවට පත්වීමට පෙර කෙකරගාමීන් කීවේ දෙමළ ජනයාගේ ස්වයංතීරණ අයිතිය පිළිබදව සංවිධාන අභ්‍යන්තර සාකච්ඡාවක් පවතින බවයි. එහෙත් එළියට පැමිණ දුන් පුවෘත්ති සාකච්ඡාවලින් ඔහු එය ප්‍රතික්සේප කළා. මෙය තම පක්ෂයට දේශපාලන කිරීමේ අවකාශය වෙනුවෙන් රාජ්‍ය මර්දන යන්ත්‍රය සමග පැමිණි එකගතාවක ප්‍රතිඵලයක්ද?

      Delete
    2. [අමිල මහත්තයෝ ඔහෙලාගේ සමාජවාදය එනකම් අනිකුත් සටන් ටිකත් නවත්තමුද,
      මොකද මේ "ලිබරල්" ක්‍රමය ඇතුලේ ඒ සටන් මගින් අයිතීන් ඉල්ලන එකත් මෝඩකමක් නේ.]

      අනේ ගොo වහන්සේ, මේ කියන්නේ සියලු සටන් නවත්තමු කියන ඵක නෙවෙයි හලෝ.
      වෙනවෙන අරමුණු වලට කරන හුදකලා සටන්වලින් මිදිලා සමාජවාදය වෙනුවෙන් වූ පොදු සටනට ඵක්වෙමු කියනඵකයි කියන්නේ.
      ඔකවත් තේරුම්ගන්නබෑරි ඔයානම් නියම අරාජිකවාදියෙක්.
      පුද්ගලිව විශ්වවිද්‍යාල වලට ඵරෙහි සටනත් ගොවි සටනුත් මේ අරගලයේම කොටසක් මිසක් වෙන යමක් නෙවෙයි.නමුත් ඊලාම් සටන කියන්නේ බෙදුම්වාදී සටනක්.ඵක ගොවිසටන් වලට හරි සිසු සටන්වලට හරි සමාන කරන්න බෑ.

      වෙනම රාජ්‍යක් සදහා කරන සටනක් කියන්නේ, අදිරාජ්‍යවාදී 'බෝල්කීයකරන උවමනාව'(රටවල් කඩාවෙන්කර දුබලකිරීම )වෙනුවෙන් කරන ජාතිවාදී ගෝත්‍රීක යුද්දයක් මිසක් ප්‍රගතිශීලී ඵකක්නම් නෙවෙයි.
      ඊලම ලෑබුනත්, තමිල්නාඩුවේ කරුණානිදිලා යටතේ ඉන්න වෑසිකිලි වත් නෑති කෝටි6 ක දෙමල ජනතාවට යනකල මිස වෙනදෙයක් මෙරට දෙමල ජනතාවට ඊලමක් යටතේ අත්වෙන්නේ නෑත.දනපති පන්තියට ලබාදෙන ජයග්‍රහන වලින් පොදුජනතාවට ලෑබෙන ලබ්බක් නෑත.උදාහරණ විදියට,,, දකුණේ ජනතාව යුද්දේ දිනුවා උනත් ඵක ප්‍රතිලාබ ගන්නේ කවුද?
      මෑතකදී කෑඩීවෙන්වීගිය රටවල් වන 'ඵරිත්‍රයාව' 'නෑගෙනහිර ටිමෝරය' වගේ රටවල් දිහා බලන්න.සම්පත් වලින් අනූන මේරටවල් දෑන් තවත් දුප්පත් වෙලා.නමුත් පාලක පන්තිය අදිරාජ්‍යවාදීන්ගේ තුරුල්ලේ,සම්පත් සියල්ල අදිරාජ්‍යවාදීන්ට.ඊලම යටතේ උනත් වෙන්නේ ඔක තමයි.

      =ජනතා ඈනෝ

      Delete
    3. කෙකරගාමියෝ සෙට් එක ආයිමත් විජේවීරගේ පොත රිපීට් කරන්නවාගේ ලැහැස්තිය. අනේ යකෝ බොලැයි සමාජවාදේ. චන්ද්‍රිකා එක්ක පරිවාසේට ගියේ ධනපති ආණ්ඩුවල යුද්ධමය විසදුමට සහාය දෙන්න නෙවෙයිද? මේ පරිවාස ආණ්ඩුවට ගිය එක ගැන කෙකරගාමීන්ගේ බොරු සෙවල ස්වයංවිවේචනයේ එක වචනයක්වත් තියෙනවද? බොලාට ඕන ඕන වෙලාවට ධනපති පංතිය එක්ක සංධාන ගහලා දෙමල මිනිස්සුන්ව මරවන්න හොදයි. බොලා ඒ ඔක්කොම හොරිකඩකම් කරාටත් පස්සේ බොලාගේ සමාජවාදේ එනකම් දෙමළ මිනිසසු බලාගෙන ඉන්න ඕනේ.කාලයක් චන්ද්‍රිකාගේ ජංගි හේදුවා.පස්සේ මහින්දයාගේ සාටකේ එල්ලිලා හිටියා කාලයක්. ඊළගට සරත් ෆොන්සේකා බූට් ලෙව්වා. දැන් එනවා සමාජවාදයක් ගැන කතා කරන්න. ෆල ෆල යන්ඩ. මහින්දයා ලව්වා දෙමළ්ලු මරවලා යුද්දෙ දිනුවට පස්සේ තොපේ "කොටහා" හම්බ වුනා නම් බොලා තාමත් සෝමවංශය එක්ක සාටකෙන් අමුඩ ගහගෙන ඉන්න අපූරුව බලන්න තිබ්බා. බොලාට සමාජවාදේ මතක් උනේ මහින්දයා පුකට පයින් ඇනලා එලෙව්වට පස්සෙයි. තොපි ධනපති ආණුඩුව පැත්තෙ හිටගෙනයි දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීම්වලට උත්තර දුන්නේ. ඒක නිසා බොලාට දකුණේ සිංහලයන්ගේ සටන් සමාජවාදය වෙනුවෙන් බවත් දෙමලුන්ගේ සටන් බෙදුම්වාදී සටන් බවත් පේන එක මහජාතිවාදී ජානවලින් එන ලෙඩක්.ඕවාට බෙහෙත් නැහැ.

      Delete
    4. උබලවගේ මාර සමාජවාදයක් අදහන පණ්ඩිතයන්ට හොද අoගොඩ තමයි.
      මහජන චිනයේ සබාපති 'මාවෝ' පවා ඵක්තරා අවස්තාවක තමුන්ගේ හතුරා වෙච්ච ඵවකට චීන කුමිතවෝ නායක 'චියන්කයි ශෙක්' ඵක්ක ඵකගතාවයකට යනවා.ඵ් වෙන මොනවටවත් නෙවෙයි තමුන්ගේ මවුබිම චීනය ජපන් ආක්‍රමනිකයාගෙන් බේරගෑනීම සදහායි.
      ඔනෑම සමාජවාදි ව්‍යාපාරයකට තමන්ගේ මවුබිම රෑකගෑනීම කියන්නේ අoක ඵකට තියෙන්න ඔන දේ.තමුන්ගේ රට බෙදීවෙන්වී යද්දී මාක්ස්වාදී පාඨ පුණුරුච්චාරනය කරමින් සිටියානම් තමා ජවිපෙ වෑරදි වෙන්නේ.
      2005කාලයේ රටේ ඵ්කීය බාවය ආරක්ශාකිරීම උදෙසා ජවිපෙ තමුන්ට පාඩුදායක උනත් ඵ් ගත්ත තීන්දුවෙ වරදක් කියන්න බෑ කියලයි හිතෙන්නේ.ඵ්ක චන්ද්‍රිකගේ ජoගි හේදීමකට සමාන කරනවානම් තමුන් ලිoගික අසහනයෙන් පෙලෙන මෝඩයෙක් වෙන්න ඔනේ.
      අනික මේ කාලෙදි 17වන ආණඩුක්‍රම ව්‍යවස්තා සශෝදනය ගෙනල්ලා විදායක ජනාදිපති කමේ අසීමාන්තික බලය ඵක්තරාදුරකට සීමකරන්නත් ජවිපෙ හොද පියවරක් තිබ්බා.ඵ්කෙන් අදිකරණයේ හා රාජ්‍යසේවයේ ලොකු ස්වාදීනතාවක් පවා ඈති උනා.
      ප්‍රදානම දේ බෙදුම්වාදී යුද්දය අවසන්වීම.ඵදා 2005කාලයේ ෆෑසිස්ට්වදී කොටින්ට ඵරෙහිව වඩාත්ම ඉදිරියෙන් පෙනීසිටියේ ජවිපෙ.
      පීඩිත පන්තියට වෙනවෙනම ගෝත්‍රික රාජ්‍ය දෙකකට වෙන්වෙලා පීඩාවට පත්විම හොදයි කියලා කියන කෙනා මාක්ස්වාදියෙක් නම් වෙන්න බෑ.
      අනික ප්‍රබාකරන් අරන්ගිය සටන තුල වෑඩිවෑඩියෙන්ම පීඩාවට පත් උනේ ද්‍රවිඩ ජනතාව.ප්‍රබාකරන් දින්නත් ඵක ඵරිත්‍රියාව පන්නයේ ෆෑසිස්ට්වාදී ගෝත්‍රක රාජ්‍යක් වෙනවා මිසක් වෙන මගුලක් ලෑබෙන්නෑ.අන්තිමේදී අපිට රටත් නෑ දෙමළාට තියෙන නිදහසත් නෑ.....ඔච්චරයි.

      ඉතින් බෙදුම්වාදයට ඵරෙහිව පෙනීසිටීම සාටකෙ ඵල්ලීමක් කියලා කියනවනම්ඵහෙම කියන කෙනා අවස්තාවාදියෙක් මිස මාක්ස්වාදියෙක් නම් නෙවෙයි.

      Delete
    5. "ප්‍රදානම දේ බෙදුම්වාදී යුද්දය අවසන්වීම.ඵදා 2005කාලයේ ෆෑසිස්ට්වදී කොටින්ට ඵරෙහිව වඩාත්ම ඉදිරියෙන් පෙනීසිටියේ ජවිපෙ."
      ඒ කියන්නේ 40,000කට වඩා දෙමළ මිනිස්සු මරන්න මහින්දයාට වැඩියෙන්ම බකප් එක දුන්නේ ජවිපෙ. එතකොට මේ වැඩේදී දැන් ඔය කෙකරගාමියෝ හිටියේ පරණ ජෙප්පන්ට පිටුපස්සෙන්ද ඉස්සරහින්ද, හැබැයි ගෝටයි මහින්දයි ඔය හැමෝටම පිටිපස්සෙන් හිටි බව ප්‍රසිද්ධ දෙයක්.(බලාගෙන වැව්වල නාන්න යන්නේ)

      "2005කාලයේ රටේ ඵ්කීය බාවය ආරක්ශාකිරීම උදෙසා ජවිපෙ තමුන්ට පාඩුදායක උනත් ඵ් ගත්ත තීන්දුවෙ වරදක් කියන්න බෑ කියලයි හිතෙන්නේ.ඵ්ක චන්ද්‍රිකගේ ජoගි හේදීමකට සමාන කරනවානම් තමුන් ලිoගික අසහනයෙන් පෙලෙන මෝඩයෙක් වෙන්න ඔනේ."

      වරදවා තේරුම් ගන්න එපා මම කියපු දේ. බොලා චන්ද්‍රිකාගේ ජංගි හේදුවේ 2005 දී නෙවෙයි, 2001 දීයි. 2005දී බොලා ඇපිල්ලුවේ සත්‍යපාලවන්නිගම, විජේදාස ලිනාරච්චිලාගේ ලේයි සුනාමි වංචාවේ ගූයි වලින් නෑවිලා තිබ්බ මහින්දයාගේ අමුඩෙයි. තොපිට මේ ජංගියි අමුඩයි ඔළුවේ පටලගෙන මහපාරේ හෙළුවෙන් නටන්න හොදයි, අපි ඒවා මතක් කරලා දුන්නම තමයි තද වෙන්නේ.

      "....අනික මේ කාලෙදි 17වන ආණඩුක්‍රම ව්‍යවස්තා සශෝදනය ගෙනල්ලා විදායක ජනාදිපති කමේ අසීමාන්තික බලය ඵක්තරාදුරකට සීමකරන්නත් ජවිපෙ හොද පියවරක් තිබ්බා.ඵ්කෙන් අදිකරණයේ හා රාජ්‍යසේවයේ ලොකු ස්වාදීනතාවක් පවා ඈති උනා...."

      දැන් ඔය පියවරවලින් ඔව්වා සීමා කොරලද උන්නැහේ..අදිකරනයෙයි රාජ්ජ සේ‍වෙයි ස්වාදීනත්වයක් ඇතිවුනාලු. උඹල මේවා ලියන්නේ අනිත් එවුනුත් උඹල වාගේ බත් ගිලින බූරුවො කියලා හිතාගෙනද? උඹලාගේ චූන් , උඹලටම චූන් නේද

      "ප්‍රබාකරන් දින්නත් ඵක ඵරිත්‍රියාව පන්නයේ ෆෑසිස්ට්වාදී ගෝත්‍රක රාජ්‍යක් වෙනවා මිසක් වෙන මගුලක් ලෑබෙන්නෑ.අන්තිමේදී අපිට රටත් නෑ දෙමළාට තියෙන නිදහසත් නෑ.....ඔච්චරයි."

      එරිත්‍රියාවේ කොහෙද යකෝ පැසිස්ට් ගෝත්‍රික රාජ්‍යයක් තියෙන්නේ.
      උඹලට දෙමළ මිනිස්සුන්ගේ අරගලයට විරුද්ධ වෙන්න ඕනේ නිසා අනෙක් හැම නිදහස් අරගලයකටමත් විරුද්ධ වෙන්න සිද්ධ වෙලා වාගේ. හැබැයි උඹලගේ නායකයෝ උඹලට ගිල්ලවන බොරු බේගල් තැන් තැන් වල වමාරන්න කලින් ඒවා ඇත්තද නැත්ත ද ටිකක් හොයපල්ල මී හරකුනේ!
      එරිත්‍රියාව ඉතියොපියාවෙන් වෙන්වුණේ 1991 දී. ඒ එරිත්‍රියන් ජනතා විමුක්ති පෙරමුණ 1965 සිට ගෙන ගිය විමුක්ති අරගලයක ප්‍රතිපලයක් ලෙසයි. මේ සංවිධානය සමාජවාදී තරුණ බුද්ධිමතුන් පිරිසක් විසින් ගොඩ නැගූ ව්‍යාපාරයක්.
      එරිත්‍රියාව ඉතියොපියාවෙන් නිදහස ලැබූ දා පටන් එය සමාජ සාධාරණත්වය, සුබසාධනය,වෙනුවෙන් කළ වැඩ කොටස සහ ලද ජයග්‍රහණ උඹලා වාගේ ලිංමැඩියො දන්නේ නැතිවට හුගක් උං දන්නවා.

      එරිත්‍රියානු රජය දළ ජාතික ආදායමෙන් 5.7%ක් වැය කරන්නේ සෞඛ්‍ය සේවයට. මෙයින් වැඩිපුරම ප්‍රතිලාභ අත්වී ඇත්තේ ස්ත්‍රීන්ට සහ දරුවන්ට.
      1995 සිට 2008 වනවිට මාතෘ සහ ළදරු උපත් මරණ අනුපාතිකය හරි අඩකින් පහත දැමීමට ඔවුන් සමත් වී තිබෙනවා. එනම් ලක්ෂයකට 998 සිට 459 දක්වා.මේ රට දීර්ඝ යුද්ධයකින් ලද විනාශය හා සසදන විට මෙය විශාල ජයගුහණයක්. සාමාන්‍ය ආයුකාලය වසර 39 සිට 63 දක්වා වැඩී වී තියෙනවා. ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් ආවරණ ප්‍රතිශතය 1993 දී 34% සිට 2008 දී 95% දක්වා වැඩිවෙලා තියෙනවාග වෛද්‍ය වෘත්තිකයන්ගේ අනුපාතිකය 10000ට 2 සිට 5 දක්වා වැඩිකර තිබෙනවා.රජයේ සෞඛ්‍ය මධ්‍යස්ධාන 1991දී 4ක් වූ අතර 2008 දී 56ක් දක්වා වැඩි වී තියෙනවා. රෝහල් ගාණ 16 සිට 25ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. ප්‍රධාන සෞඛය මධ්‍යස්ථාන 106 සිට 180 දක්වා වැඩි වී තියෙනවා.මිට අමතරව විශේෂ සායන 113ක් අළුතින් ඉදිකර තියෙනවා.
      අධ්‍යපන සහ වෙනත් සමාජ සුබසාධනකටයුතුවලදීද ඔවුන් සුවිශේෂ වර්ධනයන් පෙන්නුම් කර තියෙනවා‍.
      එරිත්‍රියාව 50 ගණන්වලදී ඉතියොපියාවට ඈදාගන්නා විට එය ඉතියෝපියාවට වඩා බෙහෙවින් දියුණු කම්හල් සහ යටි ව්‍යුහයන් පැවතුණා. නමුත් ඉතියොපියානු පාලකයන් මේවා ඉතියෝපියා‍වට ගෙන ගොස් එරිත්‍රියාවේ සංවර්ධනය විනාශකළා.
      එරිත්‍රියාවේ පාලනය මේ වනවිට ඇමෙරිකාව විසින් ත්‍රස්ත රාජ්‍යයක් ලෙස නම්කර හමාරයි. ඒ රතු මුහුද කලාපය තුළ සිය උපායික අවශ්‍යතාවන්ට අනුවයි. එරිත්‍රියානු වත්මන් පාලකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ වෙනත් එවැනි මුල්‍යධාර දෙනු ලබන ණය ආධාර ප්‍රතික්සේප කර ස්ව ශක්තිය මත පදනම්ව සිය සංවර්ධන සැලසුම් දියත් කර තියෙනවා.
      ඉතින් මේවා නොදන්න මේ මෝඩ වාහෙලා ඔහේ දොඩවනවා. කවුරු හරි එකෙක් කියපු දෙයක් අහගෙන.
      මාඕ චියාංකායි ෂෙක් එක්ක සන්ධාන ගහලා කෙළවගෙන ඊට පස්සෙ ලියපු ඒවාත් කියවහං අනුන්ට බණ දෙසන්න කලින්.

      Delete
    6. /ඒ කියන්නේ 40,000කට වඩා දෙමළ මිනිස්සු මරන්න මහින්දයාට වැඩියෙන්ම බකප් එක දුන්නේ ජවිපෙ. /

      කොටි සoව්දානෙ කියන්නේ කාලෙකට රෝ සoවිදානෙත් කාලෙකට ඈමරිකාවේ CIAඵකේත් බලල් අතක් විඩියට වෑඩකරපු ෆෑසිස්ට් කල්ලියක්.උන් නිසා දෙමල සමාජය අවුරුදු50කින් ආපස්සට ගියා කියලා දෙමල දේශපාලකයකු වන ආනන්ද සoගරී මහත්මයාම කියනවා.
      ඔයා යුද්දෙදි දෙමල ජනතව40000ක් මෑරුණා කියන්නේ මොන මූලාශ්‍රයක් මතද?නිකම්ම කොටි ඩයස්පෝරාව කියන ගල්පෑලෙන බොරු මෙතන දොඩවනවා ඈරෙන්න පිලිගතහෑකි මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?අනික ඵහෙම දෙමල ජනතාව 40000ක් මෑරුනත් ඵ්ක තමුන්නෑහේලාගේ මහාලොකු විමුක්ති කොටි සවිදානේ වෑරෑද්ද නිසා උන දෙයක් මිසක් ඵ්කට JVPවත් හමුදාව වත් වගකියන්න ඔන නෑනේ.මොකද වන්නියේ හිටපු දෙමල මිනිස්සුන්ව පුදුමාතලන් වලට දක්කන්ගිහින් මිනිස් පලිහක් විදියට තියාගෙන උන් අස්සේ හෑන්ගිලා යුද්දකලේ ඔහේලාගේ විමුක්ති කොටි මිසක් හමුදාව නෙවෙයිනේ.
      ආයුද අතේ තියගෙන මිනීමරන හෑම සක්කිලියටම විමුක්තිකාමීන් කියන උබලා වගේ පිස්සො තමයි.

      2005 ජවිපේ කරපු හෑමදේම හරිකියන්න අපිට බෑ.නමුත් රට වෙනුවෙන් ඵ් වෙලාවේ කරන්න ඔනදේ උන්කරා.කොටි රට කද්දි උබලා මොනවද කලේ???????.මාක්ස් ව පට්ටගගහා මහජන පුස්තකාලේ සීයලා තුන්හතර දෙනෙකුට සම්මන්ත්‍රණ තියනවා ඈරෙන්න රටේ ඵ්කීයබාවය වෙනුවෙන් උබලගේ ක්‍රියාකාරීත්වය මොකක්ද?උබලා වගේ අරාජකවාදී පණ්ඩිතයො පොත් පෙරලපෙරල ඉද්දි පාරට බෑහෑලා මිනිස්සු සoවිදානය කලේ ජවිපෙ යි.
      නමුත් ජවිපෙ ආණ්ඩුවක් ඵනකම් කොටි ඊලම් යුද්දය පටන් නොගෙන ඉන්නෙ නෑ නේ බන්.ඵ් නිසා හදන්න ඔන සන්දානෙ හෑදුවා.යුද්දෙට පෙළබවෙවුවා.කොහොමහරි අපේ කොල්ලො යුද්දෙත් දිනුවා.අමුතුවෙන් මහින්දව හොයාගෙන ගිහින් ඔටුන්න දෑම්මේ නෑ නේ බන්.ඵතනින් ඵහාට යුද ජයග්‍රහනය පාලකයො විසින් තමුන්ගේ පෑවෑත්ම තහවුරු කරන්න යොදාගත්තා තමා.
      ඊටපස්සේ රටේ මිනිස්සු යුද්දෙට උපරිම පෙළබවීම කරපු ජවිපෙ අමතකකරලා පිස්සො වගේ ගිහින් බුලත්කොලෙන් ආපු හෑම කුඩ්ඩටම කතිරෙ ගෑහුවා තමා.ඵ්ක රටේ මිනිස්සුන්ගෙ ගොන්කම මිසක් ජවිපෙ වරදක් නෙවෙයි නේ.

      අනික යුද්දෙන් පස්සෙ උනත් ජවිපෙ යෝජනා 14ක් තියන යෝජනාවලියක් බාරදුන්නා.ඵ්කේ අවතෑන් උන මිනිස්සුන්ව යලි පදිoචි කිරීමේ පටන් උතුරු නෑගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනය පිහිටුවන ඵක දක්වා හොද යෝජනා පෙළක් තිබ්බා.උද්දච්ච පාලකයෝ ඵක කෑලේට විසීකලා.ඵ්කෙන් ජනතාව තේරුම්ගන්න ඔනෙ 2005න් නතර නොවී ජනතාවාදී පාලනයක් වෙනුවෙන් තව ඉස්සරහට යන්න ඔන කියන ඵකයි!!!!!!!!!!!!!!!!.
      කරුමෙට උබලා වගේ පොතේ ගුරු පණඩිතයන්ට ඔවා තේරෙන්නෑ.අනික උබලා වගේ හාන්සි පුටුවට වෙලා අනුන්ට බෑනබෑන ඉන්න ඔන ඵකෙකුට පුලුවන්.අoගොඩ ඉන්න උන් කරන්නෙත් ඔක.පුලුවන්නම් උබලා මහපාරට බෑහෑලා ජවිපෙට හරි පෙරටුගාමීන්ට හරි වඩා ජනතාවාදී දේසපාලනයක් පෙන්නපන්.අපිටත් ඔන ඵච්චරයි.
      ඵරිත්‍රියාව ගෑන(ජීවිතේටම ඵකම ඵක චන්දයක් විතරක් පවත්වලා තියන උබගෙ මහාලොකු ප්‍රජාතන්ත්‍රවාදී රට ) පස්සෙ ලියන්නම්.

      Delete
    7. සිරි අයියට බල්ලො බුරපි කිව්වලු!
      පොඩ්ඩක් කෙනිත්තුවාම "පෙරටුගාමී සමාජවාදීයාගේ" අස්සේ ඉන්න පසුගාමී ජාතිවාදියා නිකම්ම එළියට එනවා. මුංව ගොඩ දාන්න පුබුදු ජාගොඩලාට මේ කපේදී නම් හම්බ වෙන්නේ නෑ.

      රෝ සංවිධානේත් එක්ක තිබ්බ සම්බන්ධකම් ගැන කියනවා නම් ජේවීපී එකේ " සිරි අයියා " හෙවත් "පිරිවෙන් අමරෙ" හෙවත් සෝමවංශ අමරසිංහ තමා අංක එකේ රෝ කාරයා. මොකද ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව පෝස්ටර් ගස්සන්න ගිහින්, පෙලපාලි ගිහින් උඹ ඔය කියන " අපේ කොල්ලො" ඉන්න ලංකා හමුදාවෙන් ටයර් සෑයේ දාස් ගණනක් සිංහල තරුණයෝ ජීවිත දෙද්දි සෝමවංශයා ඉන්දියාවට පැනලා ගියේ රෝ එකේ උදව්වෙන් බව ඌම ප්‍රසිද්ධ රැස්වීමක පිළිගත්ත විතරක් නෙවි ඒ ගැන ඒ කාලේ හිටපු ඉන්දීය අගමැති වීපී සිංට ස්තූතිත් කළා.
      සෝමවංශයාගේ මේ රෝ කනෙක්ෂන් ගැන පෙරටුගාමී කුමාර් ගුණරත්නම් හෙළිදරවු කරලා තියෙනවා. ඒ කුමාර්ලා ට්‍රින්කො වල ඉන්දියන් හමුදාවට කරපු ප්‍රහාර නවත්වන්න ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සමග සබදතා පැවැත් වූ ජවිපෙ ඉහළ පෙළේ නායකයෙක් සහ ඉන්දිය මහ කොමසාරිස් අතර එකගතාවක් ඇති වුණ බවත් ඒ අනුව ප්‍රහාර නැවැත්වීමට සිදු වූ බවත්. සෝමයා එදා ඉදලම රෝ ඉත්තෙක් බව මෙයින් පැහැදිලියි.උගේ සී අයි ඒ සම්බන්ධකම් ගැන දැනගන්න ඕනෙනම් කොලඹ ඇමෙරිකන් එම්බසි එකේ කොක්ටේල් පාර්ටිවලදී ඌත් එක්ක ගනුදෙනු කරපු ඇමෙරිකන් කාරයෝ කවුද කියලා අහපං.

      එතකොට කුමාර් ගැන සෝමවංශයි ලාල්කාන්තයි කියන්නේ ඌ රෝ කාරයෙක් කියලා.
      "Loyalists of JVP leader Somawansa Amerasinghe allege that their rival faction was being backed, most probably, by the Indian intelligence agency ‘Research and Analysis Wing’ (RAW).

      JVP trade union wing leader K. D. Lal Kantha, in a brief interview with The Island yesterday, said that the party had launched a probe to ascertain whether ‘RAW’ or any other foreign intelligence outfit was behind the JVP dissidents."
      http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=35704

      දැන් උඹ මේ දෙගොල්ලන්ගෙන් කවුරු ඇත්ත කියනවා කියලද කියන්නේ. සෝමවංශලා කියන්නේ ඇත්ත නම් පෙරටුගාමී කුමාර් ගුණරත්නම් රෝ කාරයෙක්. කුමාර් කියන්නේ ඇත්ත නම් සෝමවංශ රෝ කාරයෙක්. උන් දෙගොල්ලම ඇත්ත කියනවානම් දොගොල්ලම රෝ කාරයෝ. දෙගොල්ලම රෝ කාරයෝ නෙවෙයි නම් උන් දෙගොල්ලම බොරු කාරයෝ කියන එකවත් උඹට පිළිගන්න වෙනවා.

      කොහොම හරි උඹේ වචනවලින් උඹ පිලි අරං තියෙනවාගේ චන්ද්‍රිකාගේ සහ මහින්දයාගේ අමුඩ උඹලා ඇපිල්ලුවා කියලා. ඒ ගැන මම ආයි මොකුත් කියන්න යන්නේ නෑ.
      "ඊටපස්සේ රටේ මිනිස්සු යුද්දෙට උපරිම පෙළබවීම කරපු ජවිපෙ අමතකකරලා පිස්සො වගේ ගිහින් බුලත්කොලෙන් ආපු හෑම කුඩ්ඩටම කතිරෙ ගෑහුවා තමා.ඵ්ක රටේ මිනිස්සුන්ගෙ ගොන්කම මිසක් ජවිපෙ වරදක් නෙවෙයි නේ."

      නැහැ බං ඒක උඹලගේ ගොන් කම! රටේ මිනිස්සු හිතන්න ඇති මේ රතු කමිස දාගත්තු කුඩ්ඩො කළේ යුද්දයට පොලඹවපු එක විතරයි. ඉතිං ඇත්තටම යුද්ද කරපු එකාටයි උගේ කුඩ්ඩෝ රැලටයි නොදී මේ පැත්තක ඉදන් කැහැපු කැහැට්ටන්ට දෙන්නේ මො‍කටද කියලා. අවුරුදු 40ක ජවිපෙ ‍ජනතාවාදී දේශපාලනය විසින් මේ රටේ ජනතාව ගෙනාපු මට්ටම තමා ඔය. දැන් උන්ට බැනලා වැඩක් නෑ පුක හපාගෙන මැරියල්ලා.

      "ඵ්කෙන් ජනතාව තේරුම්ගන්න ඔනෙ 2005න් නතර නොවී ජනතාවාදී පාලනයක් වෙනුවෙන් තව ඉස්සරහට යන්න ඔන කියන ඵකයි!!!!!!!!!!!!!!!!".

      ජනතාව ඉස්සරහට යයිද පස්සට යයිද කියන එක පැත්තක තියමුකෝ.
      දැන් බලාපං 2005 දී මහරජාට කඩේ ගිය උඹල මහපාරේ කරපු ජනතාවාදී දේශපාලනයේ අවසාන ප්‍රතිඵලය.
      අර කාණු කටා විමල් වීරවංශ ආණඩුවට ගියා.
      උඹලගේ සෙට් එකක් කඩාගෙන පෙරටුගාමී වෙලා ඕස්ට්‍රෙලියාවට ගියා.
      මහරජාගේ පුත්කුමාරයා ගගනගාමී වෙලා හදට යන්න ලෑස්ති.

      Delete
    8. උබ මාරා කෙප්පයෙක්නේ.මට ජවිපෙ ගෑන වත් පෙරටුගාමියෝ ගෑනවත් අමුතු ඈල්මක් නෑත.ඵ් වෙනුවෙන් වචනයකින් හරි කෙලෙහිගුණ දෑක්වීම අපගේ යුතුකමයි.
      මහපොලවේ දේසපාලනයේදී උන් උබලාට වඩා සියගුනයක් අවoකයි.උබලගේ හීන ලෝක බයිල විතරයි.
      උබලා ඉතින් බ්ලොග්ඵකක් ලියාගෙන තුන් හතරදෙනෙකුට මහා සම්මන්ත්‍රනයක් කරගෙන මාක්ස්ව විකුනන කද්දී ජවිපේ හා පෙරටුගාමීන් ඈත්ත මහපොලවේ යහපත් සමාජයක් නිර්මාණයකරන්න අවoක දුශ්කර අරගලයක් කරනව.ඵ්කෙදි අඩුපාඩු වෑරදි වෙන්නපුලුවන්.නමුත්
      අඩුපාඩු උනු පලියට ජවිපෙ සමාජයට දීපු ජයග්‍රහන අහෝසි වෙන්නේ නෑ.
      අනික උබ ගේ කතාව කියෙව්වහාම උබ මාක්ස්ටත් වෑඩිය මාක්ස්වාදියෙක් කියලා හිතෙනවා.ඵ් නිසා තමයි අපි උබලාට කියන්නේ පුලුවන්නම් මහපොලවට බෑහෑලා ජවිපෙට හෝ පෙරටුගාමීන්ට ප්‍රගතිශීලී දෙයක් කරපන්.නමුත් වෑඩේ කියන්නෙ උබලට ඵහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ.කයිවාරුව විතරයි.

      උබ ඵක තෑනක කියනවා සෝමවශ රෝ කාරයෙක්ලු.
      ආයෙ තෑනක කියනවා ජවිපෙ ඉන්දියන් හමුදාවට බෝම්බ ගෑහුවලු.අපි දන්න ලොජික්ඵක අනුවනම් සෝමවoස රෝ කාරයෙක් නම් ඉන්දියන් හමුදාවට ජවිපේ බෝම්බ ගහන්න ඔවමනාවක් නෑ නේ බන්.
      උබ ආය තෑනක කියනවා ප්‍රේමකුමාර ගුණරත්නම් යටතේ ජවිපේ කෑරලිකරුවන් ඉන්දියන් හමුදාවට ගෑහුවලු.පස්සේ රෝ ඵකත් ඵක්ක ආපු ඵකගතාවය මත ප්‍රහාර නෑවෑත්තුවලු.උබ මාර කෙප්පයෙක්.ත්‍රීකුණාමලයේ ඉන්දියන් හමුදාවට ඵරෙහි ප්‍රහාර නෑවතුනේ ප්‍රේමකුමාර ගුණරතනම් ඈතුලු කණඩායම ඵවකට කර්නල් සරත් ෆෝන්සේකාට කොටු උනාට පස්සෙයි.සෑකනම් බලපන් යු ටියුබ් ඵකේ ඈති සරත් ෆෝන්සේකා මහත්තය ඔය ගෑන කියන කතාව.ඵතකොට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයෙක් වෙච්ච නාව්ක සෙබලෙක් රජිව් ගාන්දිට වෙපන්ඵකෙන් ගහුවා නේද?
      උබ කියන්නේ ඵ්කත් ජවිපෙයි රෝ ඵකෙයි ඵකගතාවය මත උන ඵකක් කියලද?අනේ පල යන්න.
      ඔබලා ගල් පෑලෙන බොරු කියලා ඉතිහාසය විකුර්ති කරන්න යන්නේ උබලගේ මතවාදී හෙලුව වහගන්න කියලා අපි දන්නවා.උබ මහින්ද අබේසුන්දරගෙ විපරම වගේ ඵහෙන්මෙහෙන් බොරු දෙකතුනක් ජොයින්ට් කරලා ගො0 කතා කිව්වට උබලගේ මතාවාදී බන්කොලොත්කම ඵකෙන් වහන්න බෑ.රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙලා තිබ්බ ජාතික ගෑටලුව ඉදිරියේ උබලගේ ක්‍රියාකාරීත්වය බින්දුවයි.කෙලින් වචනයක් කියාගන්න බෑ.ඉතින් කොහෙද බන් උබලා මේ රටේ සමාජවාදයක් ගොඩනගන්නේ.

      අනික උබ සෝමවශගෙයි රෝ ඵකෙයි මගුලක් ඈදලා අරන් වහගන්න යන්නේ උබ මහාලොකු විමුක්තිකාමී සවිදානයක් කියලා උබලා කියන ෆෑසිස්ට් කොටි අදිරාජ්‍යවදී ඵජන්ත රෝ ඵකෙත් CIAඵකෙත් පක්කලි වෑඩ කරපු කතන්දරේ නේද?
      උතුරේ නියම මාක්ස්වාදී සටන්කාමීන් වන උමා මහේශ්වරන්,සබාරත්නම් ලා මරා දාලා දෙමල ජාතිවාදී මෑට්ටො ටිකක් වෙන කොටි උඩට ආවේ රෝ ඵකෙයි CIAඵකෙයි උවමනාවට නෙවෙයිද?කෙලින් උත්තරයක් ඔන.
      උබලගේ මහලොකු විමුක්ති කොටි CIAඵකේ පු_ හෝදපු හෑටි ගෑන වෙනම ලිපියක් ලියන්න පුලුවන්.

      Delete
    9. "..උබ මාරා කෙප්පයෙක්නේ.මට ජවිපෙ ගෑන වත් පෙරටුගාමියෝ ගෑනවත් අමුතු ඈල්මක් නෑත.ඵ් වෙනුවෙන් වචනයකින් හරි කෙලෙහිගුණ දෑක්වීම අපගේ යුතුකමයි.මහපොලවේ දේසපාලනයේදී උන් උබලාට වඩා සියගුනයක් අවoකයි.උබලගේ හීන ලෝක බයිල විතරයි."

      උඹ කෙකරගාමියොන්ට කඩේ යන එකෙක් කියන එක හංගන්න පුළුවන් දෙයක් නෙවි.
      උඹ නම් හරිම මැට්ටෙක් තමයි.උඹට අනුව ජෙප්පොයි ‍කෙකරගාමියොයි දෙගොල්ලම අවංකයි. මම අහන ප්‍රශනය මේකයි. පෙරටුගාමියෝ සෙට් එක ජේවීපී එකෙන් කැඩිලා ගියේ උන් අවස්ථාවාදීයි, නිලධාරිවාදියි, ජාතිවාදියි කියලා. එතකොට සෝමෙලා, ටිල්වින්ලා ඇතුළු ජේවීපී සෙට් එක කිව්වේ මේ කැඩිලා ගිය පෙරටුගාමී සෙට් එක හොරු, කොටින්ට කඩේ යන, රෝ එකත් එක්ක සම්බන්ධකම් තියෙන එවුන් ටිකක් කියලා.
      උඹ ජේවීපී අවංකයි කියලා පිළිගන්නවා නම් පිළිගනින් උන් පෙරටුගාමියෝ ගැන කියන කතා ඇත්තයි කියලා. අවංක එවුන් බොරු කියන්නේ නැහැනේ.
      උඹ පෙරටුගාමියෝ අවංකයි කියලා කියනවා නම් පිළිගනින් උන් ජේවීපී එක වංකයි කියලා කියන කතාව ඇත්තයි කියලා. උඹ කොහොමද එක සැරේම උන් දෙගොල්ලම අවංකයි කියන්නේ, උන් දෙගොල්ලම එක එකා හොරු කියලා බැන ගනිද්දි. උඹත් මාර ජෝකර් කෙනෙක් තමයි.
      "මහපොලොවේ දේශපාලනය, මහපාරේ දේශපාලනය" මේවා නිකම් මිනිස්සු උඹලගේ අවස්ථාවාදය ප්‍රශ්නකොරන කොට ඒවා යට කොරන්න දාන බොරු බයිලා විතරයි. පහුගිය කාලේ ඔය මහපොලොවේ දේශපාලනය කියලා කරපු ඒවා ගැන උඹලම ස්වයංවිවේචනය කරල තියෙනවානේ. කාලයක් ඔය මහපොලොවේ දේශපාලනයට අදාල තීන්දු තීරණ ගත්තේ සෝමේ විමල් සහ බැසිල්රාජපක්ෂ එකතු වෙලා. එතකොට ඔය මහ පොලොවේ සහ මහ පාරේ දේශපාලනය කරන සහෝදරවරුන්ට කරන්න වුනේ මහපොලව උඩ සහ මහපාරේ දෙපැත්තේ තියෙන තාප්පවල සුනාමි හොරා මහින්දයාගේ පොස්ටර් අලවන්න.ඊලගට සරත් ෆොන්සේකා ගේ පොස්ටර් ඇලෙව්වා. අවුරුදු 40ක මහපොලොවේ සහ මහපාරේ දේශපාලනය කොරලා... කොරලා.... කොරලා.... අන්තිමට තාමත් කරන්නේ එක එකාට කඩේ යන එක තමයි.
      "අඩුපාඩු උනු පලියට ජවිපෙ සමාජයට දීපු ජයග්‍රහන අහෝසි වෙන්නේ නෑ."
      මැද මුලනේ අසික්කිත මැර පාතාල කල්ලිය බලයට ගෙනල්ලා උඹලා සමාජයට දීපු ජයග්‍රහන හොදටම ඇති.
      ‍සෝමවංශ රෝ කාරයා හින්ද තමයි යකෝ ජවිපෙ දේශපාලන මණ්ඩලේ හිටපු අනිත් එවුන් ඔක්කොම මරලා දාද්දි ඌට විතරක් පැනලා යන්න චාන්ස් හම්බවුනේ.

      "....රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙලා තිබ්බ ජාතික ගෑටලුව ඉදිරියේ උබලගේ ක්‍රියාකාරීත්වය බින්දුවයි.කෙලින් වචනයක් කියාගන්න බෑ.ඉතින් කොහෙද බන් උබලා මේ රටේ සමාජවාදයක් ගොඩනගන්නේ..."
      උඹලා දැන් ඔය සමාජවාදේ ගොඩනගල වෙන්නැති පොරටොක් දෙන්නේ.

      උඹලගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලය තමයි,දෙමල මලමිනි 40,000යක්. ඉලක්කම් අනුව බැලුවත් ලොකු ක්‍රියාකාරිත්වයක් තියෙන බව ‍පේනවා.

      "උතුරේ නියම මාක්ස්වාදී සටන්කාමීන් වන උමා මහේශ්වරන්,සබාරත්නම් ලා මරා දාලා දෙමල ජාතිවාදී මෑට්ටො ටිකක් වෙන කොටි උඩට ආවේ රෝ ඵකෙයි CIAඵකෙයි උවමනාවට නෙවෙයිද?කෙලින් උත්තරයක් ඔන."

      මාර සිරා ප්‍රශ්න තමයි අහන්නේ. නිකං මොඩකම ප්‍රදර්ශනය නොකර හිටහං බුරුවො.
      රෝ එකට හසුරුවාගන්න බැරි වෙච්ච එකම දෙමළ සංවිධානේ තමයි කොටි. රෝ එක සභාරත්නම්ලා , උමාලා එකතු කරලා කොටින්ට ගේම දෙන්න යනකොට තමයි
      උන් ඉස්සරවෙලා වැඩේ දුන්නේ. උඹලා වාගේ මැට්ටෝ නොදැන හිටියට මේවා ගැන සැබෑ මුලාශ්‍ර මත ලියැවෙච්ච ස්වාධීන පොතපත් ඕනතරම් තියෙනාව . නිකං පොරටෝක් නොදී ඒවා හොයාගෙන කියවහං.
      "උබලගේ මහලොකු විමුක්ති කොටි CIAඵකේ පු_ හෝදපු හෑටි ගෑන වෙනම ලිපියක් ලියන්න පුලුවන්"

      ලියහංකො ඉතින්..
      එරිත්‍රියාවේ "ගොත්‍රික පාලනය" ගැනත් ලියපං වෙලාවක් තිබුනොත්.





      Delete
    10. උබගේ කතන්දරය කියෙව්වම අපිට උබ කියන අදහස්වලින් මෙන්න මේ කියන නිගමන ටිකට බහින්න පුලුවන්.

      1.කොටි සoවිදානය ස්වාදීන මාක්ස්වාදී විමුක්තිකාමී සවිදානයකි.
      (රෝ එකට හසුරුවාගන්න බැරි වෙච්ච එකම දෙමළ සංවිධානේ තමයි කොටි. රෝ එක සභාරත්නම්ලා , උමාලා එකතු කරලා කොටින්ට ගේම දෙන්න යනකොට තමයි උන් ඉස්සරවෙලා වැඩේ දුන්නේ. )
      2.ජවිපෙ කොටි විනාශකිරීම සදහා සන්දානගතවීම වෑරදිය.ඵමෙන්ම ජවිපේ ජාතිවාදී හා සදානවාදී වේ.

      3.පෙරටුගාමීන් ජවිපෙන් වෙනස් නොවේ.

      මුලින්ම, ෆෑසිස්ට්වාදී කොටි කල්ලියට විමුක්තිකාමීන් කීමෙන්ම උබගේ තරම අපිට තේරෙනවා.
      මොකද අපි දන්න විමුක්ති සoවිදාන ගම් වලට පෑනලා මිනිස්සු කඩු ගාන වර්ගසහාරක ඵ්වා නොවෙයි.උබ දන්නවද වර්ග සහාරය කරන්නේ හිට්ලර්ගේ SSහමුදාව වගේ ෆෑසිස්ට් මිනීමරුවෝ.කොටි කලේත් වර්ග සහාරය(රෝ,CIA උවමනාවට) මිසක් විමුක්ති සටන් නෙවෙයි.ඉතින් කොටි අයිතිවෙන්නෙත් හිට්ලර්ගේ හමුදාව අයිතිවෙන ෆෑසිස්ට් කුලයටමයි.උන්ට විමුක්තිකාමීන් කියන්නේ මන්දබුද්දිකයෝ.

      ඉතිහාසය පුරාම කොටි සoවිදානය සේවය කලේ ප්‍රතිගාමීත්වයට.මුලින්ම කියපන් කොටි පෝශනය උනේ කොහෙන්ද?සම්පූරණයෙන්ම රෝ ඵකෙන් කොටි සවිදානය කියන වෑල ලoකාව කියන ගහ වටේ ඵතිලා තිබුනට මුල් සම්පූර්ණයෙන්ම තිබුනේ ඉන්දියවේ රෝ ඵකේයි.
      අපි ලකාව ගෑන කොච්චර අඩුවට හිතන් හිටියට ඉන්දියාව කියන රාජ්‍යට උපායමාර්ගිකව ඉතාම වෑදගත් තෑනක් ලoකාව.ඉන්දියාවේ රාජ්‍යත්‍රාන්ත්‍රික නිලදාරීන් අතුරින් ඉතාම ජේශ්ඨම තුන්දෙනා පත්කරන්නේ චීනය පාකිස්තානය ඈරුනම ලකාවට.ඵ්කෙන්ම තේරෙනවා ඉන්හියාවට ලoකාවත් ඵක්ක තියන ගනුදෙනුව කොච්චර වෑදගත්ද කියන ඵක.
      1980ගනන්වල ඉන්දියාව සෝවියට් කදවුරේ හිටපු නිසා ඈමරිකානු කදවුර විසින් ඉන්දියාව කඩා වෙන්කර දුබල කිරීමේ සෑලසුමක් ක්‍රියාත්මක කලා(සෝවියට් දේශයට කලා වගේම ).නාගලන්ත බෙදුම්වාදීන් සීක් බෙදුම්වාදීන් කාශ්මීර බෙදුම්වාදීන් වශයෙන් බේදුම්වාදී ව්‍යාපාර ගනනක් රටතුල පෝශනය කරලා ඉන්දියා දුබලකිරීමේ සෑලසුම් රට ඈතුලින් ක්‍රියාත්මක කලා.ඵ් අතරේ පකිස්තානය චීනය කියන ඉන්දීයවිරෝදී රටවල් සමග හවුලට යමින් ඉන්දියාව උපක්‍රමිකව වටකලා.මේ හවුලට අපේ යෑන්කි ඩිකී පප්පා රියල් CIAකාරයෙක් විදියට උපරිම සහයෝගය දෙමින් 'ඉරනවිල' ඈමරිකන් හඩ ගුවන්විදුලිය මුවාවෙන් අදිතාක්ශනික තිත්පොලක් පිහිටුවන්නටත් උපක්‍රමිකව ඉතාම වෑදගත් ත්‍රීකුණාමල වරාය ඈමරිකාවට ලියල දෙන්නටත් කටයුතු කලා.මේ ආකරයෙන් ඈමරිකන් හිතවාදී පිල ඉන්දියාවට විරුද්දව සටනට බහින අතරේ ඉන්දියාව තමන්ගේ සතුරු රටවලට ඵරෙහිව සටන පටන්ගත්තා.
      ඵ්කේ වෑදගත් පියවරක් තමා නෑගෙනහිර පකිස්තානය කඩා බගලිදේශය බිහිකිරීමට ඉන්දියාව ආදාර කිරීම.
      ඔය මෙහෙයුම් පෙලේ කොටසක් විදියට ඉන්දියාව ශ්‍රීලoකාව අස්තාවර කිරීමට ගත්ත උපකරනය තම උතුරේ දෙමල බෙදුම්වාදී උවමනාව.
      1910 විතර ඉදන්ම ලoකාවේ සිoහල හා දෙමල ප්‍රබූ දේශපාලන පක්ශවල උවමනාවන් මත උතුරේ සහ දකුනේ කාලෙන් කාලෙට ජාතිවාදය ඈවිලුවා.1970 මුල විතර වෙනකොටත් උතුරේ තරුණ පරපුර තුල බෙදුම්වාදය අරමුණු කරගත් සන්නද්ද කල්ලි ඈතිවෙලා තිබුනා.මේ තත්වය ඉන්දීය ඔටුවට කූඩාරමට ඔලුව දාගන්න හොද අවස්තාවක් උනා.
      1980 වෙනවිටත් ඉන්දියාවේ රෝ සවිදානය ටෙලෝ ඵල්ටීටීරී ඊරෝස් ඈතුලු සියලු බේදුම්වාදී කල්ලිවලට පුහුනු කදවුරු සකසා ඵවාවල පුහුණුවත් ආයුදත් මුදලුත් ලබා දුන්නා.රෝ සවිදානය නොහිටින්න කොටි ඈතුලු බේදුම්වාදී සන්නද්ද කල්ලි ස්වාබාවිකවම මියයන්න තිබුනා නමුත් රෝ ඵකේ මුදල් පුහුණුව හා අවිආයුද සවිය මත කොටි ඈතුලු බෙදුම්වාදි කල්ලි උපරිම ලෙස වෑඩුනා.
      ඵ් විතරක් නෙවෙයි ඵයා ලoකා බෝම්බය ඈතුලු කඩාකප්පල්කාරී ප්‍රහාර මාලාව පිටුපස තිබුනේ රෝ උවමනාව.කොටින්ම රෝ ඵකේ පක්කලි රෑල තමා ඵල්ටීටීඊය.
      ඉතින් තමුන්නෑහේ කොහොමද කියන්නේ කොටි කියන්නේ රෝ ඵකට නොනෑමුනු ඵකම විමුක්ති සoවිදානය කියලා.අපි දන්න විදියට රෝ ඵක නෑත්නම් කොටින්ට කෙලින් හිටගෙන චූ කරන්න වත් හම්බුවෙන්නේ නෑ.කොටින්ම රෝ ඵකක් නොතිබෙන්න කොටිත් නෑ.

      Delete
    11. (එරිත්‍රියානු වත්මන් පාලකයන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ වෙනත් එවැනි මුල්‍යධාර දෙනු ලබන ණය ආධාර ප්‍රතික්සේප කර ස්ව ශක්තිය මත පදනම්ව සිය සංවර්ධන සැලසුම් දියත් කර තියෙනවා. )

      යකෝ ඵරිත්‍රියාව කියන්නේ අමුම අමු වෑදි රටක්.
      ජීවිතේටම ඵකම ඵක චන්දයයි පවත්වලා තියෙන්නේ.
      අද්‍යාපනේට වෙන්කරන්නේ ජාතික ආදායමෙන් 1.6යි(කොටින්ම ලකාවටත් වඩා අඩුයි )රටේ තෙල් තියනවා.ඔක්කොම තෙල් ගන්නේ බහුජතික සමාගම්.මාර සමාජවාදී රටක්නෙ බන්.ඵරිත්‍රියා වෑද්දො ගෑන කියන්න ගොඩක් දේවල් තියනවා බන් ලියන්න ඉඩ මදි.
      යකෝ ඵරිත්‍රියාව වගේ ගල් වෑද්දන්ට සමාජවාදීන් කියලා මාක්ස් ලට චේ ලට නින්දා කරන්න ඵපා.

      Delete
  2. සමාජවාදය තියෙන තැනක මොකටද හලෝ ජාතිවාදීව බලේ බෙදන්නේ ?

    ReplyDelete
    Replies
    1. කොහෙද යකෝ සමාජවාදය තියෙන්නේ....ලංකාවේද එහෙම නැත්නම් ඕස්ට්‍රෙලියාවේද?

      Delete
    2. යකෝ ''ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී'' කියන රටේ වෙන සමහර දේවල් වලට වෑඩිය පර සුද්දගේ රටවල්වල වෙන ගොඩක් දේවල් 'ප්‍රාජාතාන්ත්‍රිකයි' 'සමාජවාදීයි' ඔයි.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. අමිල සමාජවාදය කියල දෙයක් හදාරන්න නැහැ හැදෑරිය යුත්තේ මාක්ස් ලෙනින් වාදයයි. වැඩකලයුත්තේ මාක්ස් ලෙනින් වාදය අනුවයි. සමාජවාදය බිහිවෙන තෙක් තව ජාතියක් පීඩාවටපත් විය යුතු නැත. සිංහල ජාතිය සැනසීමට පමණක් දේශපාලනය කළ යුතු නැත.පෙසපෙ සහ ජවිපෙ අනුගමනය කරණ විජේවීරගේ ජාතිකවාදය කෙලවර වෙන්නේ නියමිත මොහොතේ දී ජාතිවාදී වීමෙන්. ජවිපෙට පහුගිය කාලයේ උනා වගේ.

    රංජිත්

    ReplyDelete
    Replies
    1. ඵතකොට රoජිත් කියන්නේ සමාජවාදය ඵනතෙක් ද්‍රවිඩ ජනතාව ඊලමක ගාල්වී සිටිය යුතු බවද?ඵහෙම ලoකාවෙ සිහල දකුණකුයි ද්‍රවිඩ ඊලමකුයි හෑදුවහම අපි කගෙත් ප්‍රශ්න ව්සදෙයිද?
      ඔය කියන ඊනියා දෙමල ඊලම් රාජ්‍ය බිහි වුනොතින් ඔක පාලනයකරන්නෙ ෆෑසිස්ට්වාදී කොට් ඵහෙමනෑත්නම් වෑඩවසම් වාදී කුලපීඩක දෙමළ සන්දානය නේද?
      ඵ්හෙම උනත් සාමන්‍ය දෙමළ ජනතාවට නෑවත වටයකින් කුළවාදය හෝ ෆෑසිස්ට්වාදය ඉදිරියේ පීඩාවට ලක්වෙන්න වෙනවා නේද......හරියට යුද්දෙ දිනලත් ලoකාවේ සාමාන්‍ය මිනිස්සුන් කන පරිප්පුව වගේ ඵකක් කන්නවෙනවාමයි.
      සිරාවටම ලoකාවෙ සිoහල දකුණකුයි ද්‍රවිඩ ඊලමකුයි හෑදුවහම අපි කගෙත් ප්‍රශ්න ව්සදෙයි කියලා කියන්න පුලුවන්ද?

      =ජනතා ඈනෝ

      Delete
  4. ලූප්හෝල්ස් උඹල හරි. ගුණ්ඩා හිතාගෙන ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ කඩේකින් අරං සමාජවාදය ලංකාවට තැපෑලෙන් එවන්න වගේ.

    ReplyDelete
  5. බාහුත් එකයි පෙරටුගාමිත් එකයි

    දෙකම වැඩක් නෑ..

    ඒත් ඉතින් කොච්චර කෑම ජාති තිබුනත් කුණු කරවල කෑල්ලලු නේ රහ

    ReplyDelete
  6. ලූප්හෝල් එකේ හෝල් එක - ගුණරත්නම්ගේ සාකච්ඡාව උපුටන ලූප්හෝල්ස් එම සාකච්ඡාවෙන් තමන්ට කැමති කොටස උපුටා තමා සාධනය කරන්න උත්සාහ කරන මතයට සහය නොදෙන කොටස් නොතකා හරින්නේ ඇයි?මේ තවත් ආකාරයක තක්කඩිකමකි.

    දැන් ලූප්හෝල්ස් ලියුම්කරු සාධනය කරන්න හදන මතය කුමක්ද?

    // අපිට තියෙන ප්‍රශ්නේ මොන එහෙකට ද කුමාර්ලා ජවිපෙන් කැඩුණෙ කියලයි. ජවිපෙ දෙමළ ජනයා පීඩාවට පත්ව සිටිනවා කියන එක පිළිගන්නේ නෑ යනුවෙන් කුමාර් ගුණරත්නම් අමූලික බොරුවක් පවසා තිබුනත් කුමාර් හිටිය කාලේ මෙන්ම දැනුත් ජවිපෙ කියන්නේ දෙමළ ජනයා පීඩාවට පත්ව ඇති බවයි.//

    ජවිපෙ ස්ථාවරය සහ පෙසප ස්ථාවරය අතර කිසිදු වෙනසක් නැහැ පෙසපත් ජවිපෙ වගේම ජාතිවාදීයි කියන එකයි මේ කියන්න වෑයම් කරන්නේ.

    එතකොට ලියුම්කරුට ගුණරත්නම්ගේ සාකච්ඡාවේ මේ කොටස මග ඇරෙනව.සාකචඡාකරු අහනව එල්ටීටීඊය විනාශ කිරීම ජාතික ජයක් ලෙස ඔබ පිලිගන්නවාද කියල.ඒකට නිශ්චිත පිලිතුරක් ගුණරත්නම් දීල තියෙනව.මේ ප්‍රශ්නය සෝමවංශගෙන් හෝ ටිල්වින්ගෙන් ඇහුවම දෙන උත්තරය මොකක්ද කියල හිතාගන්න අමාරු නැහැ.යුද ජය ජාතික ජයක් නෙමෙයි කියල කියන එක දකුණේ දේශපාලනය තුල මේ වෙලාවෙ අසීරු දුශ්කර ප්‍රකාශයක්.ගුණරත්නම් එය නොපැකිල පැවසීම මේ ලියුම්කරුට මග ඇරෙන්නෙ ඇයි?ඒ වෙනස දැක දැක පෙසප හා ජවිපෙ අතර වෙනසක් නැතැයි පැවසීම කුහකකමක් මිස අන් කුමක්ද?ලූප්හෝල්කරු වගේ හාන්සි පුටු වාමාංශිකයො බ්ලොග් ලියද්ද පෙසප පොලොවෙ ෆයිට් එකක් කරනව.ලලිත් කුගන් ල අතුරුදහන් උනේ සනීපෙට බ්ලොග් ලියල නෙමෙයි පොලොවෙ දේශපාලනය කරල.උඹල ලියන බ්ලොග් දහසකට වඩා ලලිත්ල පොලොවෙ දෙමල මිනිස්සු එක්ක කරපු එක දේශපාලන වැඩක් අතිශය දේශපාලනිකයි.

    කරන විවේචනය අවංකව කරන්න.ගුණරත්නම්ගේ සාකච්ඡාවේ සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තක් තියෙනව.සාධනීය පැත්ත දැක්කෙ නැහැ වගේ ජවිපෙයි පෙසපයි අතර වෙනසක්නැහැ යැයි කීම වංකකමක්

    - සමීර

    ReplyDelete
    Replies

    1. 1 කොටස
      ලූප් හෝල්ස් එකේ හිල් හොයන සමීර මහතා දෙමළ ජනයාට පීඩනයක් ඇත යන්න ජවිපෙ විසින්ද පිලිගෙන ඇතැයි යනුවෙන් ලූප් හොල්ස් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර නැත. එසේවුවද ඔහු කුපිත වී ඇත්තේ දැන් දෙමළ ජනතා‍වගේ ස්වයංතීරණ අයිති ප්‍රතික්ෂේප කරන පෙස‍ප සහ ජවිපෙ ස්ථාවරය අතර වෙනසක් නැතැයි යනුවෙන් කර ඇති ප්‍රකාශය ගැනය. මේ කුපිතවීම තේරුම් ගත හැකි දෙයකි. මක් නිසාද යත් මතවාදිව ජවිපෙ සහ තමන් අතර වෙනසක් ඇතැයි පෙන්වීම යම් ක්ෂේත්‍රයන් තුළ තම බල ව්‍යාපෘතිය පෙරට ගෙනයාමට එය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බැවිනි. එනිසාම ඔවුන්ට ජවිපෙ සහ දමන් අතර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති ස්ථාවරයන්ගේ මූලධාර්මික සමානකම් වසන්කරලනු පිණිස ව්‍යාජ වෙනස් කම් පරිකල්පනය කර ඒවා අතිශයෝක්තියට නැංවීමට සිදුව තිබේ. තමන් විසින් මෙලෙස අතිශයොක්තියට නැංවීමට කැමැති මේ ව්‍යාජ වෙනස් කම් නොසලකා හැරීම පිළිබදව ඔහු ලූප්හොල්ස් සමග උරණ වී තිබේ. ඔහු (සමීර), ලූප්හොල්ස් විසින් පාඨකයා නොමග යන පරිදි කුමාර් ගුණරත්නම්ගේ ප්‍රකාශයේ අදහස් විකෘතිවන පරිදි තමන් කැමැති තැන්වලින් උපුටා දක්වතැයි චෝදනා කරන්නේ එනිසාය.
      ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ, (කලින් ජන අරගල කණ්ඩායමේ)ස්ථාවරයේ ඇති "ව්‍යාකූලත්වය" පැන නගිනුයේ ඔවුන්ගේ අවස්ථාවාදය හේතුවෙනි. මේ ව්‍යාකූලත්වය ඔවුන් දැනුවත්ව විවිධ තලයන් තුල මනා ශ්‍රම විභජනයක් සහිතව නඩත්තු කරයි.
      සමීර මේ යුද ජය යනුවෙන් සදහන් කරන්නේ විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට රජයේ හමුදාවන් ලැබූ ජයග්‍රහණය ගැන බව නිසැකය. මේ යුද ජය ජාතික ජයක් නොවේ යැයි කුමාර් පවසන බව සමීර එම ප්‍රශ්නය ටිල්වින්ගෙන් ඇසුවහොත් දෙනු ලබතැයි තමන් පරිකල්පනය කරන උත්තරය හා සසදා එකී උත්තර අතර සමීර මවාගනු ලබන මනහ්කල්පිත වෙනස් කම් අවධානයට ‍නොගැනීම හේතුවෙන්, ලූප්හොල්ස් තක්කඩි සහ කුහක වැඩක් කර ඇතැයි විලාප දෙයි. ලූප්හොල්ස් කර ඇත්තේ ජාතික ප්‍රශ්නය සම්බන්ධව මූලදාර්මික ස්ථාවරයන් ප්‍රකාශ කෙරෙන ස්වයංතීරණ අයිතිය ගැන කුමාර් නිශ්චිතව පවසන දෙය ගැන තම අදහස් දැක්වීමයි. එසේ නොමැතිව සමීර හෝ වෙනත් පෙරටුගාමියෙකු විසින් "මෙන්න මෙතැන වෙනස්, මෙතන බලන්න" යනුවෙන් ප්‍රධාන මූලධාර්මික කාරණා අමතක කරලනු වස් කෙරෙන ව්‍යාජ මතුකිරීම් පසුපස දිවීමට ලූප්හොල්ස්ට අවශ්‍ය තාවක් තිබුණා යැයි සිතිය නොහැකිය.

      .

      Delete
  7. 2 කොටස
    පෙරටුගාමී නායකයෙකු වන උදුල ප්‍රෙමරත්න අයිලන්ඩ් පුවත්පතට මෙසේ ප්‍රකාශකර ඇත.
    "..There is massive repression in the north today. If such repression intensifies, the people of the north are going to fight back at some stage. The LTTE is still active at the international level and is not finished as the government thinks. All that we are doing is to insist on normalization and democratization in the north and we are trying to fight for that together with the people of the north. We can’t just push them aside even if they had links with the LTTE. Even Kugan (one of the two disappeared activists) had worked with the LTTE earlier. We wholeheartedly welcome the destruction of the LTTE because they were promoting Tamil chauvinism. But to think that the only solution to the problem in Sri Lanka is to kill Prabhakaran, is also wrong. Our activities in the north are aimed at blocking the LTTE ideology from taking hold of the north again.."

    The Island 07 January 2012

    මෙයට අනුව මෙම යුද ජය හෙවත් විමුක්ති කොටි සංවිධානයේ විනාශය ඔහු මුළු හදින්ම පිලිගනි. මෙය පෙසපෙ සෙසු අයවළුන්ගේද පක්ෂයේ නිල ස්ථාවරයද බව පැහැදිලිය. ඒ ඔවුන් මේ දක්වා මෙම ස්ථාවරය තම නිල ස්ථාවරය නොවේ යැයි ප්‍රතික්ෂේප කර නැති බැවිනි.

    උදුල් මෙම ප්‍රකාශයෙන් රජයට මිතුරු අනතුරු ඇගවීම් ගණනාවක් කර තිබේ. ඒවා නම් පීඩාවට පත්ව සිටින දෙමළ ජනයා යළි නැගී සිටිනු ඇත. කොටින්ගේ ජාත්‍යන්තර ජාලයද තවමත් ශක්තිමත්ය. දෙමළ ජනයාට කොටි සමග සම්බන්ධකම්ද තිබේ. මේ අනුව කොටි සංවිධානය යළි නැගිසිටීම වැලැක්වීමට රජය ගෙන යන විනාශකාරි මර්දනය උදුල විසින් වක්‍රව යුක්ති සහගත කර තිබේ. ඒ කොටින්ගේ විනාශය මුලු හදින්ම පිලිගැනීම මගිනි. එමගින් ඔහු හිටපු කොටි සාමාජිකයෙකු වූ තම ක්‍රියාකාරිකයා පැහැරගෙන යනු ලැබීමද ඔහු වක්‍රව යුක්ති සහගත කරයි. ඔහුට අනුව ඔවුන් දෙමළ ජනයා සමග කරන දේශපාලනයේ ඉලක්කය යළි කොටි සංවිධානයේ නැගී සිටීම අවහිර කිරීමයි. රජය මෙය මිලිටරි මර්දනය මගින් ඝාතන පැහැරගැනීම් ආදිය මගින් සිදු කරන අතර පෙරටුගාමීන් මෙම ක්‍රියාවලියට රජයට සහායවනුයේ දෙමළ සමාජයේ දේශපාලන ඉල්ලීම් යටපත් කර, අතුරුදන් වූවන් හා මානව හිමිකම් සම්බන්ධව පැන නැගි ඇති අරගලය "හයිජැක්" කර දෙමළ සමාජයේ පොදු දේශපාලන අරගලයෙන් එය වෙන්කිරීමට වෑයම් කරමිනි.
    "පොලොවේ දේශපාලනය" ගැන ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ පොරටෝක් අප ඕනවටත් වඩා අසා ඇත. මේ පොලොවේ දේශපාලන තියරිය අනුව ඔවුහු වරෙක චන්ද්‍රිකා සමගත් වරෙක මහින්ද සමගත් සන්ධානගත වූහ. කූගන් සහ ලලිත් මෙන්ම සෙසු දෙමල ජනයාද දුක්විදිනුයේ ඔවුන්ගේ "පොලොවේ දේශපාලනයේ" සහාය ලැබූ ධනපති ජාතිවාදී පාලකයන් දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය සංහාරක ක්‍රියාදාමය නිසාය. අද එම විපතට පත්වූවන්ට තම ඥාතීන් ලබා දීමට අරගල කරන්නේ යැයි බොරු පොරොන්දු දෙමින් ඔවුන් තම ප්‍රචාරක කටයුතුවලට ගෙන්වමින් " පොරටෝක් " දෙති. දෙමළ සමාජයේ දේශපාලනිකව සංවේදි කොටස් මෙම හිටපු ජවිපෙ පෙරටුගාමින් ගේ ගේම් ගැන හොදින් දැනුවත් අතර " පොලොවේ දේශපාලනය" ගැන දෙන පොරටොක් අප ගණන් නොගන්නේ එහෙයිනි.

    ReplyDelete
  8. /මේ යුද ජය ජාතික ජයක් නොවේ යැයි කුමාර් පවසන බව සමීර එම ප්‍රශ්නය ටිල්වින්ගෙන් ඇසුවහොත් දෙනු ලබතැයි තමන් පරිකල්පනය කරන උත්තරය හා සසදා එකී උත්තර අතර සමීර මවාගනු ලබන මනහ්කල්පිත වෙනස් කම් අවධානයට ‍නොගැනීම හේතුවෙන්, //

    පරිකල්පනය කිරීමට දෙයක් නැත.අද මා මේ පැමිණෙන්නේ ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ රැලිය නැරඹීමෙන් අනතුරුවය.යුද්ධය හා නන්දිකඩාල් කලපුව ගැන දඹර අමිල හිමි කල කථාවෙන් පමණක් වුව මා කියන දේ පරිකල්පනයක්ද යථාර්තයක්ද යන්න තේරුම් ගැනීමේ හැකියාව තිබේ.

    දැන් ලුප්හෝල්ස් එල්ටීටීඊ පරාජය සම්බන්ධ පෙසප මතය ගැන සිය ස්ථාවරය තහවුරු කිරීමට ගන්නා උපුටනයන් ද යලිත් සනාථ කරන්නේ මා කලින් කියූ කරුණයි.එනම් තමා රිසි දේ පමණක් උපුටා සිය මතය අනාථ වන දේ නොදැක්කා සේ සිටීමයි."පෙසප" නිල ස්ථාවරය ලෙස උදුල් 2012 ජනවාරියේදී කල ප්‍රකාශයක් උපුටන ලූප්හෝල් එය නිල ස්ථාවරයම බව කියයි.නමුත් පක්ශයේ නායකයා ලෙස සැලකිය හැකි ගුණරත්නම් 2012 අගෝස්තු වලදී කල ප්‍රකාශය ඔහුට "නිල ස්ථාවරය" නොවේ.උදුල්ගේ ප්‍රකාශය නිල ස්ථාවරය වී ගුනරත්නම්ගේ ප්‍රකාශය නිල ස්ථාවරය නොවන්නේ කවර තර්කය අනුවද?ලූප්හෝල්ට මිස් වෙන අනිත් දේ නම් පෙරටුගාමී සමාජවාදී පක්ශය නිර්මානය වනුයේ 2012 අප්‍රේල්වලදී යන්නයි.උදුල් අදාල ප්‍රකාශය කරන විට එම පක්ශය නිර්මානය වී හෝ නොමැත.එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලු සියල්ල නිර්ණය කෙරෙන සම්මේලනය පවත්වන්නේත් අප්‍රෙල්වලදීය.පෙසප බිහි වී නැති තත්වයක් තුල එය බිහිවන්නටත් පෙර කර තිබෙන ප්‍රකාශයක් එම පක්ශයේ නිල ස්ථාවරය බවට පත්වීමටත් එය බිහිවූවාට පසු එහි ජ්‍යෙෂ්ඨ නායකයෙක් කරන ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිල නොවන ස්ථාවරය වීමටත් හේතුව කුමක්ද?ලූප්හෝල් මේ ප්‍රකට කරන්නේ සාධක ඇසුරින් නිගමන වලට ඒමේ විද්‍යාත්මක ක්‍රමය නොව නිගමනයකට බැස ඒ උඩ සාධක තෝරා බේරා තමන්ට කැමති සාධක පමණක් සාධක ලෙස හුවා දැක්වීමේ අවිද්‍යාත්මක ප්‍රවේශයකි

    ReplyDelete
  9. දැන් ප්‍රශ්නයේ හරයට යමු.පෙසප ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිලිගෙන නැත.එය ඇත්තකි.නමුත් එසේ වූවා යැයි කියා එම පක්ශය ජාතිවාදී යැයි එනම් ජවිපෙ සමග කිසිදු වෙනසක් නැතැයි කිව හැකිද?ජාතිනීගේ සමානත්මතාවය වෙනුවෙන් සටන් කල එහි කීර්තිමත් ඉතිහාසයේ ( 40 50 දශකවල ) ලංකා සමසමාජ පක්ශයේ ස්ථාවරය කුමක් වීද?එම පක්ශය ස්වයං නිර්නය පිලිගනු ලැබුවාද?එසේ නොපිලිගැනීම මත එය ජාතිවාදී සංවිධානයක් යැයි කිව හැකිද?කිසිසේත් ජාතිවාදී යැයි කිව නොහැකි සමාජවාදී සමානතා පක්ශය වැන්නක ස්ථාවරය කුමක්ද?එය ජාතීන්ගේ ස්ව තිරන අයිතිය පිලිගන්නවාද?එසේ පිලිනොගන්නා පමණින් එය ජාතිවාදී සංවිධානයක් බවට පත්වේද?සසප කේඩරය ‍හෝ නායකත්වය වර්ගවාදීන් යැයි සිහිබුද්ධිය තිබෙන කිසිවෙක්ට කිව හැකිද?

    ස්වයං තීරනය පිලිගන්නවාද නැද්ද යන කරුන මත සංවිධානයක් ජාතිවාදීද නැද්ද යන්න තීන්දු කල නොහැක.ජාතිවාදය යනු ජාතිය මූලික කරගෙන දේශපාලනය කිරීමයි.පෙසප එවැනි පක්ශයක් නොවන බව වචනයෙන් නොව භාවිතයෙන් මේ වනවිට සනාථ කර තිබේ.සිය සාමාජිකයන් අතුරුදහන් වෙද්දි දෙමල ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම ලූප්හෝල්ට ගේමක් නම් ලූප්හෝල් පැහැදිලි කල යුත්තේ එම ගේමෙන් පෙසපට ලැබෙන දේශපාලන වාසිය කවරක්ද යන්නයි.සිංහල චන්ද වැඩිවෙනවාද?දෙමල ජනයා දෙමල ජාතික සන්ධානය අත්හැර පෙසප සමග ලක්ෂ ගනනින් එකතු වෙනවාද?මේ දෙකම සිදුනොවේ.වෙනවා නම් වෙන්නේ සිංහල ජනයා අතර දේශපාලනය කිරීම සම්බන්ධ යම් දුෂ්කරතාවයක් ඇතිවීම පමණි.එසේ තිබියදීත් පෙසප මෙම ප්‍රවේශය ගැනීම ලූප්හෝල් පහදන්නේ කෙසේද?දෙමල ජනයාගේ අයිතිවාසිකම් පිලිබද ප්‍රශ්නය දකුනේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් සමග සම්බන්ධ වනවාට ලූප්හෝල් මේ තරම් අප්සෙට් ඇයි?එය සාධනීය දෙයක් නොවේද?මෙය සිංහල හා දෙමල පීඩිතයන්ගේ දේශපාලනය එකට මුන ගැහෙන අවස්ථාවක් නොවේද?ඒ දෙස වෛරීව ලූප්හෝල් බලන්නේ ඇයි?දෙමල ජනයාගේ අරගලය හුදෙකලා කිරීමෙන් තිබෙන වාසිය කාටද?එම වාසිය කුමක්ද?

    පෙසප සම්බන්ධයෙන් කිව යුත්තේ එය පරිණාමය වෙමින් තිබෙන ක්‍රියාදාමයක් බවයි.සිංහල පීඩිත ගැමි ජනයා අතර පදනම තිබෙන පක්ශයක් වන ජවිපෙන් බිහිවන පෙසප එම සමාජ පංතිමය පසුබිම විසින් මතුකරන දෘෂ්ටිවාදාත්මක බාධක සමග පොරබදිමින් ඉදිරියට පැමිණ තිබේ.මේ ලියන මාගේ පුද්ගලික අදහස පෙසප ස්වයංනිර්ණය පිලිගත යුතු බවයි.නමුත් එසේ පිලිනොගත්තා කියා එය ජාතිවාදී සංවිධානයක් ජවිපෙයි උන්ගෙයි වෙනසක් නැහැ කියා හංවඩු ගැසීම මහත් කුහකකමකි.එය වෛරී හා ද්වේශසහගත හංවඩුවකි.පෙසප විසින් පෙන්වා තිබෙන වර්ධනයන් අගය කල යුතුය.එහි ස්ථාවරය පිලිබද විවේචනය තොපියි ජවිපෙයි වෙනසක් නැහැ වගේ ද්වේශසහගත විවේචනයක් නොව සංවර්ධනතාත්මක අවංක විවේචනයක් විය යුතුය.තමාට කැමති තැන උපුටා ප්‍රකාශ විකෘති කොට අර්ථනිරූපණයන්ට ලක්කිරීම අවංක විවේචනයක් නොව පාදඩ විවේචනයකි.ලූප්හෝල් කැමති වුනත් නැතත් මේ රටේ දකුනේ පීඩිත ජනයාගේ අපේක්ෂාවන් නියෝජනය කරන දේශපාලනය පෙසපයි.ඔවුන් ජාතිවාදී තත්වයෙන් මිදී තිබීම සතුටට කරුණකි.එය මෙතෙක් ආ දුර අගය කල යුතුය.එය පිලිනොගෙන ඒ සමග තමන්ට තිබෙන පරණ ඇරියස් කවර් කරගන්න බ්ලොග් ලියමින් හිදීමෙන් ස්වයංවින්දනයක් මිස වන ප්‍රතිලාභයක් නැත.

    - සමීර

    ReplyDelete
  10. සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලීයැයි කියන දෙමළ නාසිවාදයේ අපරාධ අගය කරන උඹලා කියන විදියට කොටි මිනීමරුවන්ට මේ රටෙන් කොටසක් ඉල්ලන්න කිසිම අයිතියක් නෑ.ඔය කියන ඊනියා දෙමළ නිජබිම දකුණු ඉන්දියාවෙ තිබෙනවා කියනවනම් ඒක ටිකක් හරි තාර්කිකයි.කොටි අපරාධකරුවන් ට හුරේ දාන්නෙ නැති ඔක්කොම ජාතිවාදියොද? එදා ජවිපෙ කළේ යුගයේ කාර්යභාරය .ඒ කියන්නෙ ජනතාව ඉල්ලා සිටි දෙය.දෙමළු ප්‍රභාකරන්ගෙ හැම බලුකමම ඉවසුව දෙමළ ජාතිවාදයේ නාමයෙන්.දැනගනිවු දකුනෙ අපිටත් ඒ දේම කළ හැකියි

    ReplyDelete