A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අපිටත් මතක නෑ


දුමින්ද සිල්වාට සිදුවෙලා තියෙන අපූරු අමතකවීමක් පසුගිය දවස්වල මාධ්‍යවල තිබුණා. ඒ වගේ මතකය හීන කට්ටිය තවත් ඉන්නවා. එක් සෙට් එකක් තමයි පහුගියදා ජවිපෙන් කැඩුණ කුමාර් ගුණරත්නම් ගෙ ජන-අර-ගල සෙට් එක. මේ තියෙන්නෙ ඒ ගොල්ලන්‍ ගෙ පාපොච්චාරණය:

“2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවන්න සහයෝගය දුන්නා මතකයි. ඉන්පසු මතකයේ තියෙන්නේ අපි ජාතිවාදී ජේවීපී එකෙන් කැඩිල වෙන්වෙලා ව-ම හදනවා,  උතරු නැගෙනහිර ගිහින් ක්‍රිකට් ගහනවා, දෙමළ මළ ගෙවල් වල යනවා වගේ දේවල් විතරයි. බලන කොට යුද්දෙ ඉවරවෙලා, එල්ටීටීය විනාශ කරල, දෙමළ ජනතාව ලක්ෂ ගානක් මරළ දාල, ස්ත්‍රී දූෂණ යුද අපරාද කරලා, සිවිල් වැසියන්ව කඳවුරු වල කූඩු කරලා, තරුණයෝ හිරේ දාල සොහොන් කඩලා ඉඩකඩම් කොල්ලකාල. අපිට මතක නැති කාලෙ ඔක්කොම වෙලා. සරත් ෆොන්සේකා කියල කෙනෙකුත් හමුදාපති වෙලා ඊට පස්සෙ එයා ජනාධිපති වෙන්න ඉල්ලලා පැරදිලා අන්තිමේදි හිරේත් ගිහිල්ල. අපි දන්නෙත් නෑ”

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා භාරත ඝාතන සිදුවීම සම්බන්ධව සිය මතකය නොමැති බවට කරන ප්‍රකාශය පිළිගත හැකි මට්ටමක නොපවතින බැව් රහස් පොලීසියේ අපක්ෂපාතී  නිලධාරීහු පෙන්වා දෙනවලු. වෙඩි වැදීමකින් පසුව සම්පූර්ණයෙන් මතකය අහිමි වී යාමක් සිදුවීම, වෙඩි වැදීමට පෙර සම්පූර්ණ මතකයම ගිලිහී යාම යන දෙකම සිදු විය හැකි වුවත් අතර මැද තත්වයක් තිබිය නොහැකි අතර දුමින්ද සිල්වා ප්‍රකාශ කරන දේ කිසි සේත් සිදු විය නොහැකිලු. දුමින්ද සිල්වා කියල තිබුණේ මේ වගේ ප්‍රකාශයක්.

‘‘සිද්ධිය වූ දින මුල්ලේරියාවට ගියා මතකයි. ඉන්පසු නැවත මගේ  මතකයේ ඇත්තේ මා ජයවර්ධනපුර රෝහලේ ඇඳක් මත සිටි බවයි. ඇඳක් මත සිටින්නේ ඇයි දැයි ඇසූ විට මගේ අම්මා කීවේ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන බවයි. ඊට පසු ජයවර්ධනපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙඩි තැබීමක් පිළිබදව මගෙන් විමසුමක් කළා. ඒ හැර මුල්ලේරියාවට ගිය මොහොතේ සිට නැවත ජයවර්ධනපුර රෝහලේ ඇඳ මත සිටින තෙක් කාලයේ කිසිවක් මගේ මතකයේ නෑ ’’

2 comments:

  1. අනිත් අතට දුමින්ද සිල්වා භාරතට වෙඩි තැබුවේ පියවි සිහියෙන් නේ.නීතිය ක්‍රියාත්මක කරන්න ඒ තර්කයම ඇති නේද?මිනිහා අදාල අපරාධ ස්ථානයට ගිලන් ඇඳක ගියේ නැහැනේ.අධිකරණය මේ ගැන නොසිතීම විමතියට කාරණයක්.

    ReplyDelete