A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පබා මෝඩයි...එතකොට වමා.....


නිර්මාල් හෙවත් කවුරුත් දන්න වමාට කිසිවෙක් දේශද්‍රෝහියා යැයි කියන්නේ නැත. මිත්‍යාදෘෂ්ඨිකයා යැයි කියන්නේත් නැත. මේ වචන දෙකටම ප්‍රගතිශීලී ස්ථරයේ වටිනාකමක් තිබෙන බව දන්නා ඔහු ලක්බිමෙහි ‘දේශද්‍රෝහියකුගේ මිත්‍යාදෘෂ්ඨික සිතිවිලි’ යනුවෙන් තීරු ලිපියක් පටන් ගත්තේය.

නිර්මාල්ගේ හා වංගීසගේ ‘මධ්‍යස්ථානය’ බොලොග් එකට අනුව නිර්මාල් නොම්බර එකේ බඩුකාරයෙකි. වරකට එකක් නොවේ දෙක තුන බැගින් යොදවාගෙන ලිංගික පහස ලබන්නෙකි (අදාල ලිපිය මේ වන විට එම බොලොග් එකෙන් ගලවා ඉවත්කර ඇත). ඒත් කිසිවෙක් නිර්මාල්ට බඩුකාරයා කියන්නේ නැත. නිර්මාල් මේ වන විට විශ්‍වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරයාය. තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන හිටිය විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් පෙළපාලියන්නට, බෝඩ් උස්සං පිකට් කරවන්නට තරම් ඔහු සමත් වූයේය. එහෙත් කිසිවෙක් ඔහුට යූනියන්කාරයා කියන්නේත් නැත. ඔය තියෙන්නෙ තව කොළමකට හෙඩිමක්......?

මේ වගත් එසේම... දෙරණේ දිල්කා යනු ඔලුව ඉදිමුණු ගැහැණියකි. වෘත්තීය වශයෙන් කරන්නේ කැමරාවක් ඉදිරිපිට කාව හරි ඉන්දවා ප්‍රශ්ණ කිරීමයි. වරෙක උපේක්ෂා ස්වර්ණමාලීව (පබා) ව ගෙන්වා එයාට ඇති තරම් අන්නවා ඇති තරම් චූන් වූවාය. පබාගේ මෝඩකමට වඩා දිල්කාගේ ඔලුවේ ඉදිමුම පෙනුනේය. 

මෙවර දිල්කාට හමුවූයේ නිර්මාල් වයි. නිර්මාල් මෝඩද නැද්ද යන්න කෙසේ වෙතත් ඔහුට දැනුම ඇති බව කවුරුත් දන්නා කාරණයකි. වැඩේ උනේ කියාගන්න බැරි වීමයි. ඔන්න මෙන්න කියන්න වගේම ආවත් කිව්වේ නැත. හැමෝටම උගන්වන්න හදන නිර්මාල් දිල්කාට හොඳවායින් දෙකක් ඉගැන්වූවේත් නැත. නිර්මාල් ඉදිරිපිටත් ආයෙමත් දිල්කාගේ ඔලුවේ ඉදිමුම පෙනුනේය.

1 comment:

  1. dilka wade ana gaththe Dr.paikiasothy saravanamuttu ekka thibba meeting eke

    ReplyDelete