A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අනේ කාලෝ මාමේ



අනේ කාලෝ මාමේ තත්පර තිහක් නෙමෙයි විනාඩියක්ම ගින්දර උඩ පිච්චි පිච්චී ඉන්නම් ආණ්ඩුවට කඩේ නොගිහින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන එක නවත්වලා දාන්නකෝ......

පහුගිය දවස්වල මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා හේතුවාදී සංගමය එකතුව ගුප්ත හා මිත්‍යා බලයන් අභියෝගයට ලක් කළේය. තෑග්ග වශයෙන් ලැබෙන්නේ රුපියල් ලක්ෂ දහයකි. ලක්ෂ දහයක් උවමනා නැත, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන එකට විරුද්ධවන්නේ නම් ගින්දර උඩ පිච්චි පිච්චී ඉන්නට වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ම සූදානම් බවට සැකයක් නැත. සමසමාජයේ ඉන්න කාලයේ  රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ට එරෙහිව ඒ කාලයේ දැඩි ලෙස ක්‍රියාකාරී වූ කාලෝ ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ ආණඩුවේ ගැත්තෙකු වී අංශක එකසිය අසූවකින් ආපසු හැරී අලුතින් පිහිටුවීමට යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා පූර්ණ සහයෝගය පළකරන්නේය (දැන් ඉතිං සමයං සමාජ). එමෙන්ම එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යක්ෂධූරය පිළිගැනීම වෙනුවෙන් සඳහා ඒ මහතාගේ අනුමැතිය ලැබුණු බව පුවත්පත්වල පලවිය. එමෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා බාධාවක් පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධානියා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලයේ කාලෝ ෆොන්සේකාව පත් කරණ ලදි.

මෙතන බලන්න

මේ වගත් එසේම...... කොච්චර අභියෝග කළත් ගුප්ත බලයක් තියෙනවා කියා හිතාගෙන නායක තුමාගේ අතේ තියන් ඉන්න රත්තරන් ගුලිය..... අනේ මාමේ ඒකටත් පුළුවන්නම් අභියෝග කරන්නකෝ....

3 comments:

  1. අනේ පිස්සු කියවන්නැතුව හිටපන් බන්. බලපන් ල0කාවේ විස්ස විද්යාල වල රේටින් කොහෙද තියෙන්නෙ කියල. අපේ රටේ ඇති ලබ්බකුත් නෑ. දේසපාලුවෝ එකෙක් වැඩකට ඇති දෙයක් කරන්නෙත් නෑ. වැඩකට ඇති දෙයක් වැරදිලා හරි කෙරෙන්න ගියාම කවුරු හරි මූසලයෝ ටිකක් ඒක කරන්න දෙන්නෙත් නෑ. මේ රටට කවදාවත් ගොඩ එන්න බෑ උබලා වගේ ආත්මාර්ථකාමි හැත්ත ඉන්නකන්.

    ReplyDelete
  2. පට්ට පට පට..

    අපූරූ අභියෝගය..

    ReplyDelete
  3. Good challenge. But we support private universities. And state universities should also be upgraded and should compete with private universities. Time to change the backward mentality.

    ReplyDelete