A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ම‍ගේ රට ම‍ගේ පුතා


එකදාස් නවසිය අනු හත‍රේ දී සිය පියාණන් වූ කිම් ඉල් සුන් ‍ගේ ඇවෑ‍මෙන් බලයට පත් උතුරු කොරියා‍‍වේ පාලක කිම් ජොන් ඉල් අවුරුදු හැට නවයක් ආයුවළඳා හදිසි‍යේ අභාවප්‍රාප්ත වූ‍යෙන් ඔහු බලාපො‍රෙත්තු වූ පරිදිම ඔහුගේ ස්ථානය සිය පුතු කිම් ‍ජොන් උන් හට හිමිවීමට නියමිතය.

විසි හත් වියැති කිම් ‍ජොන් උන් තරුණ නීතිඥයෙකු ‍නො‍වේ.

දමනය වීම



ජෙනරාල් සරත් ‍ෆොන්සේකා තම ප්‍රතිවාදියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ‍ගේ ‘වරදට සමාව’ පිළිගැනීමට කැමති වූ බව වැලිකඩ සිරගෙදරින් වාර්තා වේ. ඒ අනුව ගල‍බොඩ පොඩි හාමුදුරුවෝ දෙපාර්ශවයේම තත්වෙ රැ‍කෙන ආකාරයේ ගනුදෙනුවකට ලෑස්ති වෙන අතර ‍‍‍ෆොන්සේකාව වෙන වැඩක් ‍නොකර එක්සත් ජාතික පක්ෂයට ‍හේත්තු කිරීමට එකඟ කර ‍ගෙන ඇත.

‍ෆොන්සේකා මෙම දැඩි හික්මීමට පහත සඳහන්  ‍හේතු එකක් ‍හෝ කිහිපයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂක‍යෝ පවසති.

1. එල්ටීටීය ‍වෙනුවෙන් ‍පෙනී සිටින බැවින් වික්‍රමබාහු කරුණාරත්න වැන්නවුන් කොටි‍න් බව තමන් විසින් පැවැසුවත් වික්‍රමබාහු පසුගියදා තමා ගැන පැවසූ වර්ණනාව තවදුරටත් ඉවසා‍ගෙන සිටිය ‍නොහැකි වීම

2. හිතන් හිටිය විදියට උගත් පාඩම් හා ප‍්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසම ඔක්කොම පව් තමන්ගේ කර පිටින් යැවිවේ නැති වීම

3. මැති ඇමති ක්‍රිකට් මැච් එක මිස් වීම

‍4. ’මේ යකා එපා කිව්වාට අහන්නෙ නෑනෙ’ ලංකාඊනිවුස් හි ‍‍ෆොන්සේකා බේරාගැනීමේ සටන නවත්වා ගැනීම

‍දෙ‍මෙල්ලුන්ට ‍මොකට ද ය‍කෝ ඉස්පිරිතාල


ලෙඩකට දුකකට බේතක් හේතක් ගන්න ඉස්පිරිතාලයක් ‍ගොඩනංවනාවාට විරුද්ධ විය හැක්කේ නරුමයෙකුට පමණි. එහි දී ප්‍රතිකාර ගන්‍නේ ‍දෙමළා ද මුස්ලිමයා ද සිංහලයා ද යන්න වැදගත් නොවේ. ඉස්පිරිතාලය හදන්‍‍නේ චීනා ද ඇමෙරිකාණුවා ද යන්න ද වැදගත් ‍නොවේ. ඉස්පිරිතාල හදන්නේ ‍ලෙඩ්ඩුන්ට ‍බෙ‍හෙත් ගන්න‍ය.  කිළිනොච්චිය ඇතුළු උතු‍රේ ‍රෝහල් හතරක් ඇ‍මෙරිකාණු  ආසියා ශාන්තිකර හමුදා මූලස්ථානය විසින් ඉදිකිරීමට එරෙහි වීම තුළින් විමල් වීරවංශ හා චම්පික රණවක පෙන්වා දෙන්‍‍නේ මේ නරුම ස්වභාවයයි. මෙහි දී පීඩිතයා බවට පත්ව ඇත්තේ දෙමළායි. එහෙත් දෙමළාට යහපතක් ‍වෙන කිසි‍දේකට ‍මොවුන් එකඟවන්‍‍නේ නැත.  කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඒ සඳහා වි‍රෝධය පායි. දෙමළා සුන්නත් දූලි වන ‍තෙක් මොවුනට නින්ද යන්‍නේ නැත.

උතුරු පළාතේ යළිත් සිංහලයන් පදිංචි කිරීමට පියවර ගත යුතු බවත් සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් නොවන බව සිංහලයන්ට විරුද්ධ සියළු බලවේග තේරුම්ගත යුතු බවත්  චම්පික රණවක මහතා පවසමින් උපාසක චම්පික රණවක පෙන්වා දුන්‍‍නේත් ඔවුන් විසින් ‍ගෞරව‍යෙන් රකිනා කාලකණ්ණි දේශපාලනයේ ස්වභාවයයි. ‍කො‍හොම නමුත් මොවුන්ගේ වි‍රෝධය ‍නොතකා මෙම ‍රෝහල් කැබිනට් මණ්ඩලය තුළ අනුමතව ඇත්තේ ‍ඉස්පිරිතාල කො‍හේ ‍හැදුවත් ‍ඩොලර් කුට්ටි අතපතගාන හැටි රාජපක්ෂ කට්ටිය දන්නා බැවිනි.

එ‍හෙත් බලුගැත්තර කම වන්නේ ආණ්ඩුව ඇ‍මෙරිකාව සමඟ මැදියත්ව ‍ගෙනියන්නා වූ යටිකූට්ටු වැඩ මහින්ද රාජපක්ෂගේ ‍මේ ජාතිවාදීන් කුක්කෝ ‍දෙන්නම කූං කූං ගගා ඉවසා සිටීමයි. ‍‍‍ලෝක බැංකුවට අවනතව ඔය කියන අධිරාජ්‍යවාදීන්‍ ගේ උවමනාවට ලංකා‍වේ සමාගම්, කර්මාන්තශාලා, ඉඩකඩම් පිට රටවලට විකිනීමත් අධ්‍යාපනය ‍සෞඛ්‍ය වැනි ‍පොදු ‍සේවා ‍පෞද්ගලීකරණය කිරීමත් නොදැක්කා ගානට සිටී.

මෑතකම උදාහරණය නම් ඉසිපිරිතාල හදන්න ‍නො‍වේ ඇ‍මෙරිකාණු මිලිටරි‍ය ශ්‍රී ලංකාවට පූර්ණ‍ ලෙස මැදිහත් වූ ඇ‍මෙරිකාණු  ශාන්තිකර ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් පසුගිය අ‍ගෝස්තු මාස‍යේදී ලංකාවේදී පැවැත්වූ වැඩමුළු‍ව ‍තිබුණා ද නැද්ද යන්න බවවත් ‍නොදන්නා ගානට සිටී‍මේ නපුංසක බව ‍‍මේ ‍දෙ‍දෙනාම ‍පෙන්වීමයි.



දීප්ති සහ බූන්දි

දීප්ති කුමාර ගුණරත්නගේ අලුත්ම අවුල තියෙන්නේ බූන්දිය සමඟයි. දීප්ති කියන හැටියට දීප්තිගේ ඇ‍ඟේ එල්ලීමට වඩා වැඩක් බූන්දියට දැන් නැති බවකි. ජනප්‍රිය භාවය හීන වේගෙන යන් බූන්දිය සිය ජනප්‍රිය භාවය රැක ගැනීම සඳහා දීප්ති සමඟ එල්ලෙන බවකි. අනුන් ගේ එල්ලෙන තැන් ගැන කියන දීප්ති අම්මා මුත්තා නැතිව දැං එල්ලෙන්නේ සුමිත් චාමින්ද සමඟ බව දන්නෝ දනිති. වේදිකාවක් නැතිව සිටි සුමිත් චාමින්දට ජවිපෙ විකල්ප සෙට් එක් නව ලිබරල් කන්‍යාභාවය බිඳින්න සුදු රෙදි දාළ දෙන කොට දීප්තිට මළ පනින්නේය. දීප්ති කාලයක් රාවයේ විමල් වීරරත්නට නෙළපු නිසාවෙන් දැං විමල් සුමිත් චාමින්දව නග්ගන විට දීප්තිගේ මළ .....තව දුරටත්.....තව දුරටත්.... අනේ මන්දා.

ඔන්න ඔහොමයි ලංකාවෙ විකල්ප දේසපාලොනේ...

බූන්දියේ ජනප්‍රිය භාවය නැතිවෙන්නේ මොකක්වත් හින්දා නොවෙයි දීප්තිගේ මළ පන්නන්න දීප්තිට එරෙහි එවුන් හැම එකාගෙම ලියුම් කරදහි බූන්දියේ දැං කොපි ඇන්ඩ් ‍පේස්ට් කරණ නිසාවෙනි. ඒවා කියවන්න නෙමේ.... මට කුණුහරප මතක් වෙනවා ඕයි.......! දීප්ති ට එරෙහිව බූන්දිය නැගිටින විට බැබලෙන්නේ දීප්ති බව බූන්දිය අඳුනා නොගනී. නන්නත්තාරවෙලා සිටින හාල්පාරුවන් ගෙන් දීප්තිට දමා ගැසීමෙන් වැඩත් නැති බවත් බූන්දිය නොදනී.

තමන්ගේ වැඩේ හරියට තමන් කිරීමේ සංවරය බූන්දිය ඉගෙන ගත යුතුයි.

අජීත් පැරකුම් කෙනෙක් ගැන බූන්දියෙත් තිබුණා. දීප්තිත් දාළ තිබුණා. දහ අතේ කල්පනා කොළා අම්මපා.. දැං මතක් උනේ.. කොල්ලා අරං ආව රටකජු ගොට්ට ඔතපු කොලේක ඔය නම තිබුණා. කොලේ අනිත් පැත්තේ තිබුනේ සාස්තර ද සාස්තරුද ඔන්න ඔය වගේ නමක්..

ත්‍රස්තවාදිය එන්න මෙතනින් වාඩිවී දමනය වන්න


උපැවිදි වී යුද්ධ කළෙමි - රට දිනවා පැවිදි වුණෙමි.

මොහු නම් අමුතුම ආකාරයේ පුද්ගලයෙකි. එක්කෝ මේ කාරණාව තුළදී මන්ද මානසිකත්වයකින් පෙළෙන්නෙකි. නැත්තම් පළාතම අන්දවා ගෙන මාරම ගේමක් දෙන්නෙකි. සිවුරේ ඉඳගෙනම යුද්ධයට ආවඩන රතන පන්නයේ සිවුරුලත්තෝ ඇතිතරම් සිටියත් මොහුගේ සුවිශේෂ බව වන්නේ සිවුර ගලවා යුද්දෙට ගොස් (මාර ෆ්‍රීඩම් එක) ලේ සෝදා නැවතත් සිවුරු ලෑමයි (වැඩක් නෑ බං). පව් සිද්දවෙනවා බැවින් ගහක් කොළයක් කඩන්න එපැයි කියන බුද්ධාගමෙයි ඉමක් කොණක් නැතිව මිනිසුන් මරා දාන යුද්දෙයි ඇති සංවාසයේ අළුත්ම ජාතක කතාව තමා ඒක. සැදැහැවත්තු තාම සාදු කාර දෙනවලු. මාරම වැඩේ කියන්නේ පෙර කළ පින් මහිමයකින් කිසිදු ඝාතනයක් කිරීමට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට මේ රණවිරුවට ඉඩක් ලැබීල නැහෙනෙ. ඉතිං හාංදුරනේ රට බේරා ගත්තෙ අහවල් කෙංගෙඩියක් කොරළැයි?

ආරක්ෂක ලේකම් තමා හමුදාවෙන් පැන්න උන්ව අල්ලන එකට ඔය සිවුර ආරස්සාවක් උනොත් හොඳයි. 

උන්ගෙ ලක්ෂෙ අපේ දෙක




දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීමක් ගැන හදිසියේ අවදී වූ ජන අරගළ පා.ම. අජිත් කුමාර ලක්ෂයක් දෙමළ ජනතාවකගේ ඝාතණයන්ට දස දහස් ගණනකගේ අතුරුදහන් වීමට වග කිවයුතු ආරක්ෂක ලේකම්වරයෙකුගෙන් උදව් ඉල්ලා ලිපියක් යවා තිබේ. පහතින් ඇති ලිපිය බලන්න.

ආරක්ෂක ලේකම්තුමා,
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
කොළඹ

ආදරයෙණි,

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගන්සන් අතුරුදහන්වීම පිළිබඳව 

ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා සහ යාපනයේ අවරන්ගාලි හි පදිංචිව සිටි කුගන් මුරුගන්සන් සහෝදරයා ඊයේ සවස සිට අතුරුදහන්ව ඇත. මේ මොහොතේ අපිට සහයෝගය දක්වන විශේෂයෙන්ම ලංකාවට වමක් හඳුන්වාදෙන්න විළිරුදවෙන් පෙළෙන මේ මොහොතේ එය බරපතළ කාරණාවකි.

දෙමළා සංහාරය කිරීම සඳහා ඔබ වෙත මින් පෙර දී අපගේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදුන් බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු දෙයක් නොවේ. එදා අපි දෙමළා විනාශ කිරීම සඳහා උඩින් යටින් මුහුදෙන් පාසැල් රෝහල් අවතැන් කඳවුරු හැම එකටම අමානුෂික ලෙස කරන සියළු පහරදීම් සඳහා ඔබ සමඟව එකට සිට ගත්තෙමු. පොඩි ළමයින්, ගැබිනි මව් වරුන්, මහල්ලන් ගේ මළ කඳන් නොදැක්කා ගානට සිටියෙමු.  තරුණ තරුණියන් දූෂණය කර මරා දැමූ අයුරු යුද්ධයකදී නොවැළක්විය හැකි දේවල් යැයි සාධාරණිකරණය කළෙමු. යුද අපරාද ගැන කතා කරන උන්ගේ හොම්බට තැළුවෙමු. ඇමෙරිකාව, චීනය, රුසියාව ට ලංකාව උකසට තබා බිලියන් ගණන් වලින් මිලිටරි ආධාර ලබා ගන්නා විට අපි ප්‍රශ්න නොකළෙමු. කොටින්ම පවසතොත් ලක්ෂයකට ආසන්න දෙමළුන් මරා දමා මුල්ලිවයික්කාල්වලින් කෙළවර වුණු මාණුෂික මෙහෙයුමේ මාණුෂික මුහුණ ගමක් ගමක් ගානේ ගෙන යන්නට අපේ නායකතුමා ඇතුළු හැටදහසක් මරාදැමූ රණ විරුවන්ට බෝධි පූජා තියන්නට අපි ඇප කැප වුණෙමු. එවන් සංහාරයක් සඳහා දායක වුණු අපට මේ දෙමළුන් දෙදෙනා අහවල් කජ්ජක්දැයි ඔබට සිතෙනු ඇත. ඒත් මේ මොහෙතේ වමේ විළිරුදාවට දෙමළ නියෝජනයක් අවශ්‍යව ඇති බැවින් මේ ගැන කාරුණිකව සළකා බලන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

තවදුරටත් මතක් කරන්නේ නම් පාර්ලිමේන්තුව තුළදී ඔබට හදිසි නීතිය සම්මත කරගැනීම අවශ්‍ය හැම විටකදීම මගේ අත නොපැකිළව එස වූ බව පාර්ලිමෙන්තුවේ සිටින ඕනෑම මන්ත්‍රී වරයෙකුගෙන් විමසා දැනගත හැක. දේශපාලන උපක්‍රමයක් වශයෙන් දැනට සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා ව බලයට ගෙන ඒමට උත්සහා දැරුවත් මේ මොහොතේ අප ඔහුගේ පැත්ත පළාතවත් නොබැලීම සහ බලන එවුන්ගේ පැත්ත පලාත වත් නොබැලීම ඔබගේ සතුටට කරුණක් වන මේ මොහොතේ අමාරුවෙන් අන්දවා ගත් මේ දෙමළ තරුණයන් දෙදෙනා දෙස සාණුකම්පිතව සළකා බලන මෙන් නැවතත් ඉල්ලා සිටිමි. සරත් ෆොන්සේකාගේ නිවසේ නිළ මාධ්‍ය කාර්යාලය තුළ පැලපදියම් වී සිටි පුබුදු ජයගොඩ වැන්නෙක් පවා සරත් ෆොන්සේකාට උදව් කිරීමේ නව ලිබරල් වාදයෙන් ගලවාගෙන මේ මොහෙතේ සිටින්නේ අප සමඟය. මේ දෙමළ තරුණයන් දෙදෙනාද වැටෙන්නේ සරත් ෆොන්සේකාට එරෙහි ඒ ගොඩට‍ බව වටහා ගැනීමට ඔබට මහා දැණුමක් අවශ්‍ය නොවේ. ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ඒ කාරණාවම ප්‍රමාණවත් බව ඔබට වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එම නිසා, මෙම තත්වය පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කොට අතුරුදහන් වී ඇති එම සහෝදරවරුන් සොයා දීමට මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට,
විශ්වාසී,
සදාදාර,
අජිත් කුමාර