A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ආපසූ.....හැරේන්.... දේශපාලනය


තමන්ගේ ප්‍රතිවාදියාගේ එහෙමත් නැත්තම් පුද්ගලික තරහකාරයාගේ දේශපාලනය අනුව තමන්ගේ දේශපාලනයේ මතවාදය තීරණ තීන්දු කිරීම තරම් මන්ද මානසිකත්වයක් තවත් නැත. ඒත අවාසනාවකට ලංකාව පුරාමත් ලංකාවේ අකුරු ටයිප් කරන වෙබ් සයිට්, ‍බ්ලොග් පුරාත් වැඩි වශයෙන් සිටින්නේ එවැනි වාම යැයි කියාගන්නා වාමාංශිකයින්ය, දේශපාලන ක්‍රියාකාරීන්ය ඒ වගේම මාධ්‍යවේදීන්ය. ලඟ හිටිය එකා හෙට තරහා උනොත් හෙට ඉඳන් උගේ දේශපාලනය අනිත් පිට පෙරලේය. උදාහරණ නම් නම් ඕනෑ තරම්ය.

උණු උණුවේ මේ මොහොතේ එයට ගොදුරු වී තියෙන්නේ දීප්ති කුමාර ගුණරත්නය. මේ මොහොතේ දීප්තිගේ දේශපාලනය තීරණය වී තියෙන්නේ නිර්මාල් හා සුමිත් චාමින්ද සිටින දිශාව අනුවය. නිර්මාල් හා සුමිත් චාමින්ද ජවිපෙ කුමාර පාර්ශවය සමඟ ගනුදෙනු කරන විට දීප්ති කුමාර පාර්ශවයට නෙලන්න පටන් ගනී. මේ මොහාතේ න්‍යාය අඩු ජවිපෙ කුමාර පාර්ශවය ට සුමිත්ලා ඉන්ටනෙට් එකෙන් කියවපු න්‍යාය බෙදන විට එක්ස් එකෙන් කැඩී වේදිකාවක් නැතිව නන්නත්තාරව සිටි සුමිත්ලා  කුමාර පාර්ශවයේ වේදිකාවට නගිති. දීප්ති මේ කරුණ කුමාර පාර්ශවයට තේරුම් කරන්න හදපු හැටි ඔහුගේ මුල් ලිපි බැලූ විට පෙනේ. බැරි තැන දැන් නෙලීම ආරම්භකර ඇත. ඔහුගේ අලුත්ම ලිපියට අනුව,

//මේ මොහොතේ කෙතරම් වැරදි ලෙස පෙනී ගියත් (ආලෝක වර්ෂවලින් අප අතර පරතරය පැවතියත්) අප ද ටිල්වින් සහෝදරයා සමඟ එකට සිට ගනිමින් මෙසේ කියමු.
සහෝදරවරුනි, ඔබලා ලිබරල්වාදීන්//.



මෙතන කතන්දර දෙකකි. කොපමන හේතු පැහැදිලි කිරීම් තිබුනත් ටිල්වින් (සහෝදරයා--මාරයි) සමඟ එකට සිට ගන්න දීප්තිට පුළුවන් කමක් තිබේනම් කොයි මොහොතක හරි ඇල්ලේ ගුණවංශ සමඟත් එකට හිට ගන්න දවසක් එන බවට සැකයක් ලූප්හෝල්ස්ට නැතිවීමය. ටිල්වින්ලාගේ වැරැද්ද තිබුනේ මේ මොහොතේ නොවේ. ඔවුන්ගේ සදාකාලික අවස්ථාවාදී දේශපාලනයේය. අනෙක් කරුණ ජවිපෙ සෝමවංශ භාගය විජේවීරගේ හැරදමපු හැව අහුලගෙන ඒක මේ මොහොතේ කුමාර පාර්ශවය ඇඳගෙන අපි තමයි විජේවීරගේ කට්ටිය කියන කොට  ඔවුන් ලිබරල් වාදීන් නොවන්නේය. අර්බුදය තිබෙන්නේ හැව තුළය. මොවුන් පිරිසුදු ලිබරල් වාදීන් වන්නේ නම් එයත් රටේ වාසනාවකි. එහෙත් මෙතන ඇත්තේ රටේ සිටින අවංකම තරුණ කොට්ඨාශය කොල්ලකෑමේ දේශපාලන සූදුවකි.

දීප්ති මේ සියල්ලම නොදන්නේයැයි සිතිය නොහැක. එහෙත් සිදුවෙන්නේ සුමිත් චාමින්ද අඳුකොලය දීප්ති නයාගේ දෑස මානයට ආ විට දීප්තිගෙන් කැඩුණු කළ්‍යානන්ද පෙරේරාට පසුගිය නගර සභා චන්දයේදී ලැබුනේ චන්ද 44 බව දැනගත් විට එක දිගට ඇද්ද හිනාවත් වාෂ්ප වී පනින මළට උතුර දකුණ නැතිවීමය.  මුගෙ අම්මට..... කියා පෑන අතට ගැනීමය.



ඉඩම් හොරු


ලෝක ජනගහනය හෙට අනිද්දා වන විට බිලියන හතක සීමාවට සේන්දුවේ. 1968 දී බිලියන තුනහමාරක් වූ ජනගහනය දෙගුනයක් වන්නට ගත වී තිබෙන්නේ අවුරුදු 43 වැනි කාලයකි. මේ වන විට තනි රටවල් වශයෙන් සැලකූ විට වීනයේ මෙන්ම ඉන්දියාවේ ද බිලියනයක් ඉක්ම වූ ජනගහනයක් සිටී.

ලෝක ජනගහනය අනුව ඔබගේ ස්ථානය  බැලීමට බීබිසී වෙබ් සයිට් එකෙන් අපූරු ගැජට් එකක් ඉදිරිපත් කර තිබුණි.


ජනගහන ඝනත්වය සළකා බැලීමේදී ලංකාව සිටින්නේ විසිපස් වන ස්ථානයේය. වතිකාණුව වැනි කුඩාම රටවල් නොසලකා හැරියොත් ලංකාව දහවන ස්ථානයට වගේ පත්වේ. පැහැදිලි කළහොත්; වර්ග කිලෝමීටරයක සීමාවකට ලංකාවේ 311 දෙනෙක් හිඳී. තවදුරටත් කිවහොත් එක් පුද්ගලයෙකුට (එක් පවුලකට නොවේ) ඇත්තේ අක්කර තුන් කාලක් පමණි. වගා බිම්, ජලාශ, වගුරු බිම් හා වනාන්තර (%65) නොසලකා හැරියොත් එය එක් පුද්ගලයෙකුට අක්කර කාලකට සීමා වේ. මේ ටික කිව්වේ නිකමට.

යුද්දයෙන් පසුව සිංහලයන් හා සිංහල හමුදාව විසින් කොල්ලකන ඉඩකඩම් ද ඉහත ඉලක්කම් වලට අයත්ය. උතුරු නැගෙනහිර මේ සිංහලකරණය හා මිලිටරිකරණය ගැන සවිසිතර වාර්තාවක්  පාර්ලිමේන්තුවට පසුගිය ජූලි මාසයේ දී ඉදිරිපත් කර තිබූ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා එහි තව දිගුවක් පසුගියදා සභාගත කළේය.

ඌරු කොටුව



ජනතා විමුක්ති පෙරමුණේ ගොවිපොළක සිටි ඌරු රංචුවක් ජනතා විමුක්ති පෙරමුණේ කැරැළිකාර පාර්ශ්වය විසින් රැගෙන ගිය බවට ජවිපෙ සෝමවංශ පාර්ශ්වය විසින් ප්‍රකාශ කර තිබිණි. මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව වාර්තා කරනු සඳහා ලූප්හෝල්ස් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට දුරකතනයෙන් ආමන්ත්‍රණය කළේය.

ලූප්හෝල්ස් -  "හලෝ... ටිල්වින් සහෝදරයා! මේ ඌරන්ගේ ප්‍රශ්නය ගැන මොකුත් කියන්න පුළුවන්ද?"

ටිල්වින් - "අපේ පක්ෂය විනය ගරුක පක්ෂයක් සහෝදරයා අපි අපේ පක්ෂයේ රහස් ධනපති මාධ්‍ය වලට හෙළි  කරන්නේ නැහැ". 

ලූප්හෝල්ස් - "නැහැ....නැහැ... සහෝදරයා! මම ඇහුවේ අර ගම්පහ ඔබලාගේ පක්ෂයට අයත් ඌරන් පිරිසක්  කැරැලිකාර කන්ඩායමට විසින් අරගෙන ගියා කියන කතාව ගැන.?"

ටිල්වින් - "ඒ ප්‍රවෘත්තිය වැරැදියි. විතරක් නෙවි සියළුම දිස්ත්‍රික්ක වල ඌරන් සිටින්නේ සෝමවංශ සහෝදරයාගේ  නායකත්වයෙන් යුතු පක්ෂය යටතේයි."

ලූප්හෝල්ස් - "ඒ කියන්නේ කිසිම ඌරෙක් තමන්ගේ පිලට එකතුකරගැනීමට කැරැලිකාරි කණ්ඩායම සමත්වුනේ නැහැ  කියන එකද?"

ටිල්වින් - "මම එහෙමම කියන්නේ නැහැ සමහර ඌරෝ ඒ ගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා." 

ලූප්හෝල්ස්  - "ඒ කියන්නේ ඌරන්ගේ බහුතරය ඉන්නේ සෝමවංශ පාර්ශ්වය  සමගද?"

ටිල්වින් - "ඔව්...ඒක ඇත්ත. ඒ විතරක් නෙවෙයි සෝමවංශ අමරසිංහ, අනුරකුමාර, ලාල්කාන්ත, බිමල්,  හඳුන්නෙත්ති වාගේ යන සියලුම අය ඉන්නේ අපිත් සමග."



මේ ගැන කැරැලිකාරී පිලේ පුබුදු ජයගොඩ සහෝදරයාගෙන් විමසුවේය.

ලූප්හෝල්ස්  - "සහෝදරයා... ගම්පහ දිස්ත්‍රික්කයේ සිටි ඌරන් දැන් සිටින්නේ ඔබලා සමගද?"

පුබුදු - "ඔව්! ගම්පහ සිටි සියළුම අය අපත් සමගයි. නමුත් මූලස්ථානයේ සිටි  ඌරන් පක්ෂයේ නිලධාරිවාදී  කල්ලිය සමග තමා ඉන්නේ."

ලූප්හෝල්ස් - "එතකොට පුබුදු  සහෝදරයා, මේ අර්බුදයට හේතුව කුමක් කියල ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?"

පුබුදු - "ඇත්තටම මේකට මූලික හේතුව පක්ෂයේ සෝමවංශ ටිල්වින් ඇතුළු නිලධාරිවාදී කල්ලිය පක්ෂයේ මාක්ස්වාදී රාමුව බිඳ දැමීමයි."

ලූප්හෝල්ස් - "අපගේ පාඨකයන්ගේ පහසුව පිණිස පුබුදු සහෝදරයාට ඒක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?"

පුබුදු - "ඔව්! අපි මෙහෙම කියමුකෝ. ඇත්තටම මේ ගැටුම මතවාදී සහ න්‍යායික ඉදිරි දැක්ම පිලිබඳ ගැටුමක්. දැනට වසර කිහිපයක සිට අපි නිරීක්ෂණය කළා පක්ෂයේ නායකත්වය  යටතේ මාක්ස්වාදී රාමුවට හානි සිදුවෙමින් පවතින බව. ඒ කිව්වේ අපේ පක්ෂ මූලස්ථානයේ තිබූ කාල් මාක්ස් සහෝදරයාගේ පින්තූරයේ රාමුවට හානි වෙමින් තිබුනා. කඩා වැටෙන්න ඔන්න මෙන්න... අපි මේ ගැන පක්ෂ නායකත්වයට විවේචනයක් එල්ල කළා. අපේ පක්ෂයේ මාක්ස්වාදී රාමුව මේ විදියට කඩාවැටෙන්න දෙන්න යන එක වැරදියි කියලා. එතකොට සෝමවංශ සහෝදරයා එකගවුණා මාක්ස්වාදී රාමුව ප්‍රතිසංස්කරණය කරන්න. එයා ඒක අපිට හොරෙන්ම පින්තූර රාමු කරන කඩයකට බාර දී තිබුනා.මේ පිළිබදව දිගටම පක්ෂයේ අභ්‍යන්තර සංවාදයක් පැවතුනා. මාක්ස්වාදී රාමුව ප්‍රතිසංස්කරණය කරනවාට අපේ පක්ෂයේ ප්‍රතිසංස්කරණවාදයට විරුද්ධ බොල්ෂේවික්වාදී අය කැමැති වුණේ නැහැ. ඒක අවසාන ප්‍රතිඵලය වුණේ සභාගවාදයටත් ප්‍රතිසංස්කරණවාදයටත් එරෙහිව පිරිසක් මාක්ස්වාදී රාමුව නැවත අර පින්තූර කඩෙන් අත්පත් ගෙන නිවැරදි ලෙස ස්ථානගත කිරීමයි."

ලූප්හෝල්ස් -"බොහෝම ස්තූතියි පුබුදු සහෝදරයා."



මෙම ගැටුමට සම්බන්ධ එක් පාර්ශ්වයක් වූ ඌරන්ගේ අදහස් දැනගැනීමට යමෙකු සම්බන්ධ කර ගැනීමට තැත් කළ නමුත් එය අසාර්ථක විය.

ගඩාෆි - ඡායාරූප කතාව


අවසානයේ නේටෝවේ මෙහෙයුම ගඩාෆිව මරා දැම්මේය.

අවුරුදු හතළිස් දෙකක් බල තන්හාවෙන් හා පොළොවේ  තෙල් වලින් උනන ධන තන්හාවෙන් වැජඹුනු ගඩාෆි බටහිර දේශපාලන බලවතුන්ගේ ගොදුරක්ව කාණු පල්ලේ මියැදුණි. ධන කුවේර ගඩාෆි (තක්සේරු වත්කම ඇමෙරිකාණු ඩොලර් බිලියන එකසිය විසි අටකට වඩා වැඩිය) සිතුවේ බටහිර බලවතුන් ඔහුගේ අල්ලේ නැටවෙන බවමුත් ඇත්ත වශයෙන් සිදුවූයේ බටහිර බලවතුන්ගේ සියළුම ලණු ගඩාෆි විසින් අනුභව කිරීමයි. අවසාන කාලය ලං වන විට චීනය රුසියාව වෙනිසියුලාව වැනි වඩාත් හිතවත් රටවල් පවා ගඩාෆිගේ පැත්ත පලාතවත් බැලුවේ නැත.

ඉතාලිය, ප්‍රංශය, චීනය හා ජර්මනිය යන රටවල් පිළිවෙලින් ලිබියාවේ තෙල් වලින් වැඩියෙන්ම යැපෙන්නෝ වෙති. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාවද ඒ තෙලෙන් යැපෙති. වරෙක එම රටවල රාජ්‍ය නායකයො ගඩාෆිව උනුසුමි ව වැළදගෙන ලෙන්ගතු පෑවේත් මේ තෙල් වලට ගිජු කමිනි. ඒකාධිපතීන්ට එරෙහිව ආරාබි ජන රැල්ල නැග‍ එන විට ඒ රැල්ල තමන්ගේ අතට ගෙන ගඩාෆිව මරා දැමීමට බටහිර බලවතුන් එක පයින් තීරණය කලේත් මේ තෙල් වලට ගිජු කමිනි.

ගඩාෆිගේ මරණය ආපස්සට කියවීම අත්‍යාවශ්‍ය දෙයකි. ඉතාමත්ව සරලව පහතින් ඇති මේ ඡායාරූප මතුකරන්නනේ එයට පූර්විකාවකි. එදා වැළඳගත් දෑත් වල අද තැවරී ඇත්තේ වද දී මරා දැමූ තමන්ගේ ධනපති පංතියේ මිත්‍රයාගේ රුධිරයයි.


ඇමෙරිකාණු ජනාධිපති ඔබාමා සමඟ


බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සමඟ


ප්‍රංශ අගමැති සාකෝසි සමඟ


ඉතාලි අගමැති බර්ලුස්කෝනි සමඟ


වෙනිසියුලාවේ ජනාධිපති චාවේස් සමඟ


රාජ්‍ය නායකයින් සමඟ


ඔවුන්ගේ අනුමැතියෙන් කාණුපල්ලේ මරා දැමූ ඔවුන්ගේම සගයා


පොරකෑම හෙවත් කතිවාම



“දීපං යකෝ මාක්ස්ගෙ පින්තූරෙ.....”

“තියා ගනිං... දෙන්නෑ එංගල්ස්වයි ලෙනින්වයි..”

“අන්න අරූ ලංකා පත්තරේ අරං පැන්නා...”

“අපි ගහනවා ජනරළ...දානවා ලංකා පත්තරේ වෙබ් සයිට් එකේ...”

“කෝ යකෝ මෙතන හිටිය වැස්සියි.. ඌරො පට්ටිය යි....”

“හරක් හොරෝ.......”

මේ පහුගිය දවස්වල ජවිපෙ කිට්ටුවෙන් ඇහිච්ච දේවල්. මතවාදීමය ඉදිරිපත් කිරීමක් නැතිව භෞතික දේවල් වලට හා ශරීර වලට පොරකකා ගොඩ තර කර ගැනීමේ දේශපාලනය දැං නම් අප්‍රසන්නයි. වචන ටිකක් එළියට විසිකළ පළියට දේශපාලණ ව්‍යාපාරයක් හදන්න බැහැ. වම හැදීම කෙසේ වෙතත් වමක් ගැන මිනිස්සුන්ට තියෙන බලාපොරොත්තුවත් කාල දාන “කතිවාම” තමයි දැං ඉතුරු වෙන්නේ.

අන්තිමට අපිට තමයි පෝස්ටර් ගහන්න වෙන්නෙ “උනුත් එකයි මුනුත් එකයි” කියලා.

යටින් තියෙන පින්තූරෙ උඩින් ක්ලික් කළොත් බලන්න පුළුවන් කුලක ඇසුරෙන් කළ කුමාර-සෝමවංශ පාර්ශව වල පොරකෑමේ සරළ සාරාංශය





ඔයාට ‍මෙච්චරයි මට ‍මෙච්චරයි


අපි සං‍තෝසෙන් ඉන්නේ
අයියා මල්ලී වාගේ
අයියා මල්ලී වාගේ

2012 අය වැය ට කලියෙන් ආපු විසර්ජන පනත් කෙටුම් පත මරුය.

‍‍ගෝඪාභය රාජපක්ෂට රුපියල් බිලියන ‍දෙසිය තිහකි (රු. 230, 000,000,000.00).

බැසිල් රාජපක්ෂට රුපියල් බිලියන එකසිය හතරකි (රු. 104, 000,000,000.00).

මහින්ද රාජපක්ෂට රුපියල් බිලියන එකසිය විසිහතරකි (රු. 124, 000,000,000.00).

‍‍ගෝඪාභය රාජපක්ෂගේ ආරක්ෂක ආමාත්‍යංශයට රු. බිලියන් 230 ක් ලැබුනේ පසුගිය වසරේ ලැබුණු රු. බිලියන් 215 මදි වූ නිසාවෙනි (7% ක වැඩිවීමකි). බැසිල් රාජපක්ෂගේ ආර්ථික සංවර්ධන මාත්‍යාංශයට ලැබුණු රු. බිලියන 75  ‍මෙවර රු. බිලියන් 104 වී තිබුණි (%38 ක වැඩිවීමකි). මහින්ද රාජපක්ෂ ගේ මුදල් හා ක්‍රමසමිපාදන අමාත්‍යාංශයට ගියවසරේ  ලැබුණේ රු. බිලියන් 72.5 කි (%71 ක වැඩිවීමකි).

‍ලංකාවේ සෞඛ්‍ය හා අධයාපන ය ඉතා ඉහල මට්ටමක පවතින බැවින් අමාත්‍යංශ සඳහා පිළිවෙළින් රු. බිලියන් 73 හා 33කි වෙන් කර තිබුණු අතර එය පසුගිය වසරට වඩා සොච්චමි වැඩි වීමකි. 

මරුම කැපිල්ල තිබුනේ නැවත පදිංචි කිරී‍මේ අමාත්‍යාංශයටය පසුගිය වසරේ රු. බිලියන් 2.4 මෙවර මිලියන් 481 දක්වා අඩුකර තිබුණි.

යුද්‍දෙ ඉවරලු ත්‍රස්තවාදය තුරන් කරලලු. ලක්ෂ දෙකක් ඉන්න ආරක්ෂක හමුදාව‍, පාතාලය ඇරුණාම ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙන බිලියන් ගාණ අහවල් කෙං ගෙඩියකට දැයි ඉස්පිරිතාලයේ ඉන්න වෙඩි වැදිචිච අධික්ෂක මන්ත්‍රීවර‍යාවත් දන්නවාදැයි සැකයකි. සමහරවිට දිස්ත්‍රික්කයක් ගා‍නේ හදන්න යන හමුදා කඳවුරු සඳහා සල්ලි ටිකක් වැඩියෙන් අවශ්‍ය වෙන්නැති.

‍මෙ ටිකත් මදි වි ගෝඪාභය උන්නැහේ ඔහු‍ගේ රක්නා ලංකා ‍සෙකියුරිටි ‍කොම්පැනියෙන් උසස් අධ්‍යාපන අමාංත්‍යංශයට ‍වෙන් කරපු සල්ලි ටිකෙනුත් ගානක් ගහන්නට යනවලු. විශ්ව විද්‍යාල වල ආරක්ෂාව මේ වන විටත් රක්නා ලංකා එකට කැබිනට් අනුමැතියකින් බාර දී ඇත්තේ කිසිම ටෙන්ඩර් කැඳවීමක් නොමැතිවයි.  ඒ සඳහා රක්නා ලංකා එකට රු. මිලියන 700 ‍ගෙවන්න වෙනවා උසස් අධ්‍යාපනයට වෙන් කරපු සල්ලි වලින්. ටෙන්ඩර් කැඳවීම් කරපු වෙනදා විශ්ව විද්‍යාල වල ආරක්ෂාවට ගෙව්වෙ  රු. මිලියන 200 කි (%250 ක වැඩිවීමකි).

පවුලේ එවුන් ව‍ටේ බිලියන ගණන් ‍ගොඩ ගහ ගහා අවුරුදු 42 ක් බලයේ හිටපු ගඩාපිට කාණුවක ‍ඉන්දැද්දි වෙඩි තියල තිබුණේ අද උදේ.


පහතින් තියෙන්නේ ඉල්ක්කම් වලින් ‍නො‍තේ‍රෙන සල්ලි වල ප්‍රමාණ විෂුවලයිස් කරන්න කවුරු හරි කරපු ග්‍රැෆික්ස් වගයක් සී‍යෙ ‍කොළ වලින් (‍ඩොලර් වලින් කරල තිබු‍නෙ ඒත් රුපියල් වලටත් අදාල කර ගත්තෑකි). ‍


රුපියල් මිලියනය



රුපියල් මිලියන සියය



රුපියල් බිලියනය 

මිනිසුන් <<<< සංවේදනා ඉවත් කර ඇත

මේ ලෝකය  තුළින් මිනිස්කම් වඳවී යමින් පවතී. සියල්ලෝම ධනවාදයේ සැහැසි බවට ගොදුරු වී ඇත. තම තමන්ගේ පටු ආත්මාර්තයන් උදෙසා ක්‍රියා කරනවා හැර ඉන් එහා ඇති සියළුම සදාචාරයන් මනුස්සකම් නොසළකා හැර ඇති මිනිස්සු වචනාර්තයෙන්ම තිරිසනුන්ටත් වඩා පිරිහී ඇත. ඊයේ අනතර්ජාලයේ මෙන්ම විදෙස් රූපවාහිනී පුවත් වලද වඩාත් කතා බහට ලක් වූ මෙපුවත වාර්තා වෙන්නේ චීනයෙනි (අප්පට සිරි අපේ ගජ මිත්‍රයා).

පහතින් ඇති වීඩියෝවේ දැක්වෙන්නේ කුඩා දැරිවියක් යට කරගෙන පැන යන වාහනයක් හා අනතුරින් ලේ ගලමින් බිම වැටී සිටින ඇය නොතකා එතනින් එදිනෙදා ගමන් කරන මිනිසුන් හා ගැහැණුන්ගේ හැසිරීමයි. මුල් වාර්තාවේ සඳහන් වන අන්දමට බරපතළ අනතුරකට මුහුණ දී ලේ ගලමින් සිටින ඇයව නොතකා හළ චින ජාතිකයින් සංඛ්‍යාව 18 දෙනෙකි.  තවතු වරක් ඇයව වෙනත් වාහනයකින් යට කර ගෙන අයුරු ද එහි දැක්වේ. මේ වන විට කෝමා තත්වයට පත්ව ඇති ඇය තවමත් රෝහලක දැඩි සත්කාර ඒකකයේ පසුවෙති. මෙම සිදුවීම සිදුවූයේ චීනයේ වුවත් අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ තැන් වල සිදුවේ. මේ වැනිම සිදුවීම් නොවුනත් 2004 සුනාමියේ දී අපේ රටේ දී ද ඇති තරම් කාළකන්නි සිද්ධීන් වාර්තා විය.



පසුගිය අවසාන වුනැයි කියන යුද්ධයේදී ලක්ෂයකට අධික සංබ්‍යාවක් ඝාතනය වෙන්කම් බලං සිටියේ ත් අපේ මිනිස්සුය. කිරි බත් කකා ත්‍රස්තවාදය අවසන් කිරීමේ සංහාරයක් එන්ජෝයි කලේත් අපේ මිනිස්සුය. මේ යුද්ධයේදී ෂෙල් වෙඩි වලින් කෑලි කෑලි වලට කැඩී ගිය ළමුන්ගේ සිරුරු අන්තර්ජාලය තුළ ඕනෑටවත් වඩා දකින්නට තිබුණි. ලේ විල් මැද වේදනාවෙන් බෙරිහන් දෙන ළමුන් ගේ හඬවල් පිරී ගිය වීඩියෝ ඇති තරම් හුවමාරු වුණි.

ඔච්චර ගානක් මරල යුද්දෙ දිනල මට චන්දෙ දිනන්න ඕනෙ නෑ කියා හිටපු හමුදාපති වරයෙකුගේ යුද්දය සඳහා වූ ඉලිලීම  විජේතුංග හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කළ කතාව මම අසා තිබුණි. ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් රටවලින් ලැබුණ අතිවිශාල මිලිටරි සහනය ඇරුණාම රාජපක්ෂලා යුද්ධය දිනුවේ ඔවුන්ගේ දක්ෂතාවයක් නිසා නොවේ. බලයට ඇති කෑදර කම හමුවේ ඔලුව පුරා තිබුණු ම්ලේඡ්චත්වය නිසාවෙනි. මරපල්ලා.......මරපල්ලා..... වියරු වැටී සිටි ලේ පිපාසාව හා වනචාරී බව නිසාවෙනි.

මේක මරු රට ඕයි!!


එක

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි ප්‍රධාන සැකකරු පී. ජේසුදාසන් තරුණ මහතා අවුරුදු  තිස් හයක් ආයු වළඳා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හතළිස් හතර වාට්ටුවේදී අභාවප්‍රාප්ත විය. ජේසුදාසන් මහතා හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි බව මාධ්‍යවල පළවී තිබුණි.


රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු වූ ලසන්තගේ ඝාතනය ආරක්ෂක ලේකමි වරයා හා හිටපු හමුදාපති එකිනෙකා මත පැටවීමට පොර බදිමින් සිටි බව ප්‍රසිද්ධ කාරණයකි.

මේක මරු රට ඕයි !! සැක කාරයෝ අඩු වයසින් සිය දිවි හානි කර ගනිති. එහෙම නැත්තමි අඩු වයසින් ස්වභාවික මරණ වලට ගොදුරු වෙති.

දෙක

ඇසින් දුටු සාක්ෂි නොඇසුණු ගානට ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ලක්ෂමන් හුළුගල්ල පවසන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ‍ගේ ඝානනයට දුමින්ද සිල්වා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ඒ අහිංසක තරුණයා දැං බරපතළ තුවාල සහිතව රෝහලේ සිටින රෝගියෙකු බවයි.


භාරතගේ රියැදුරා උසාවියට පවසා තිබුණේ භාරතට මුලින් ම වෙඩි තැබුවේ දුමින්ද සිල්වා බව තමන් හොඳින් දුටු බවයි.

මේක මරු රට ඕයි !! මිනී මරා ආණඩුවේ පොන්න නිලධාරීන් ගෙන් සහතික ගැනීමට ආරක්ෂාව සළසාගැනීමට ආණඩුවට සම්බන්ධ ඕනෑම පාතාල නායකයෙකුට පුළුවන.

අනතුරු හැඟවීමයි: සාක්කි කාරයෝ ද අඩු වයසින් සිය දිවි හානි කර ගැනීමට ඉඩ ඇත. එහෙම නැත්තමි අඩු වයසින් ස්වභාවික මරණ වලට ගොදුරු වීමට ඉඩ ඇත. වෙලාව හොඳනම් කෝටි ගානක් අතට ලැබෙන්නටද ඉඩ ඇත.

සුබ අනාගතයක් !!

වඳ විය යුතු සත්තු


ඩලස් අලහප්පෙරුම වැනි ‍දේශපාලන සත්ව‍යෝ දුමින්ද ‍සිල්වා, මර්වින් සිල්වා වැන්නවුන්ටත් වඩා භයානකය. තමන්‍‍ගේ ආත්මාර්ථය වෙනු‍වෙන් ඕනෑම ජඩ වැඩක් ප්‍රකාශයක් කිරීමට කිසිම ලැජ්ජාවක් නැත. එකවර හඳුනාගත නොහැක්කේ මොහු ‍පෙනී සිටින විවිධ ස්වරූපයන්ය. එ‍හෙත් එය එලියට පනින අවස්ථා නැත්තේද නො‍වේ. මේ මොහො‍තේ දී දුමින්ද සිල්වා වැන්‍‍නෙක් ආරක්ෂා කිරීම එවැන්නකි.

මොහු අනූව දශකය මුල් කාලයේදී කතා කලේ මල් වැනි දරුවන්ට යහපත් අනාගතයක් හදන්නය. යහපත් ‍හෙට දවසක් සඳහා වූ යහපත් බලාපොරොත්තු ගැනය. එවැනි රටක් සඳහා දිවි පිදූ යෞව්වනය ගැනය. ඒත් අද ‍‍මේ ආරක්ෂා කරන්නේ මල් වැනි දරුවන් දූෂනය කරන, උන්‍‍ගේ සමාජය ගිනි අවි වලින් පුරවන පාතාල කල්ලි මෙහෙයවන, උන‍්ගේ අනාගතය මත් ද්‍රව්‍ය වලින් ස්වයං‍පෝෂිත කරන දුමින්ද සිල්වාගේ තරුණකම හා ජවය ගැනය. ඔහු‍ගේ ජීවිතයට ඇති අනතුර ගැනය.


මොහුගේ කොට සද්ධන්ත දේහය තුළින් ‍විනිවිද පේන්නේ වාසු‍දේව‍-ජැක්සන් ඇන්තනි- වික්ටර් අයිවන්‍ ත්‍රිත්ව‍යේ  ජඩ බව හා කුහක කමය. එලියට දමන මුහුනේ ද ස්වරයේ ද ඇත්තේ ආත්මාරථයට ද බල ‍ලෝභයට ද උඩින් ඇති මහින්ද රාජපක්ෂ‍ගේ වංචනික මොර්තෙ දේශපාලනයය.

මත්ද්‍රව්‍ය ව්‍යපාරය හා බෙදාහැරීම් ජාලය මහාපරිමානණයෙන් මහද්වීපික සිසාරා අනතර්ජාතිකව සිදු‍කෙ‍රෙන්නකි. පාතාලය හා ගිනි අවි එහි අත්‍යාවශ්‍ය සාධකයන්ය. එහි දී මුදල් හා  ද්‍රව්‍ය හුවමාරු‍‍වෙන්නේ ඩොලර් වලිනි. මිලියන් ගණනිනි.  

දුමින්දව ආරක්ෂා කරන ගෝඪාභය රාජපක්ෂ හා ඩලස් අලහප්‍පෙරුම දෙ‍දෙනාම ඇමෙරිකානු පුරවැසි‍යෝය.

යසට හිටිය නාඹර වස්සා

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු (එක පාරට ඒක අතුරුදහන් වෙලා) අධීක්ෂණ මන්ත්‍රී, ස්ත්‍රී දූෂක, කුඩු ව්‍යාපාරික, පාතාල කල්ලි නායක, ආරක්ෂක ලේකම්ගේ රෝස පාටට කැමති එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වා සුදු පුතා හදිසි අනතුරකින් රෝගාතුර වී අසාධ්‍ය තත්වයේ පසුවේ.

මරණාසන්න විපතකදී සතුටුවීමේ කාලකණ්ණි හැඟීමක් ඇතිවාදෝ මන්දා අහන වැඩි දෙනෙක් පැවසුවේ

 “අපරාදෙ ඕක මළේ නැහැනෙ” යනුවෙනි.

ඒත් “ඔය ගානටවත් බේරුන එක ලොකු දෙයක්’ 

පැවසූ කිහිප දෙනෙක්ම සිටිමුත් වැඩිදුරටත් විමසා බැලීමේදී ඔවුන් මෙසේ ද පැවසූහ.

“එක පාරට මැරිල කොහොමද ඕකා විඳවන්න ඕනා”. මළ සේක කිව්වලු.

කතාව ඒක නෙමෙයි. සසිරිබර මෙසිරි ලක හෙට සිදුවියහැකි අධි සම්භාවිතාවක් සහිත අනුමාන කිහිපයක් පහත දැක්වේ.

ධනාත්මක උපකල්පනය (අනේ මන්දා): පියවි සිහිය විත් සිල්වා තරුණ මන්ත්‍රීවරයා සුපුරුදු ගේමට බැසීම

1. භාරත ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩිතබා තමනුත් සියදිවි හානිකරගත් බවට ඇසින් දුටු සාක්ෂි තිබීම

2. භාරත ප්‍රේමචන්ද්‍ර  හා දුමින්ද සිල්වා යන දෙදෙනාටම වෙඩිතැබූවේ තමා විසින්  බව බවසන ඉන්දියාවෙන් ආනයනය කරපු පුද්ගලයෙකු  පොලීසියට බාරවීම

3. සාක්කි කරුවන් සියදිවි හානි කරගැනීම හෝ අතුරුදහන් වීම

4. ප්‍රතිකාර සඳහා විදෙස් ගත කරන දුමින්ද සිල්වා එහිදී අතුරුදහන් වීම

5. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කමට ඊලඟ සුදුසුකම් සහිත එකම පුද්ගලයා තමා බවට කැළණියේ ටෝක් දුන් අනිත් සිල්වා සුපුරුදු ලෙස හරක් සහ එළුවො පස්සෙන් යෑම

6. “අඩෝ රැවුලා තොට ගෑනු සප්ලයි කලෙත් අපේ මහත්තයා යකෝ. තෝ කොහමද යකෝ අපේ මහත්තයට අධීක්සනද මොකද්ද එක නැහැයි කියන්නේ. තෝව බාවනවා” වෙඩි සද්ද දෙකට කෙහළිය ඇඳ යට රිංගීම

7. චන්දන කත්‍රීආරච්චි ඉසතිරික්කය පොළොවෙ ගසා සරම කැහැපට ගැසීම (හිස් වෙන මන්ත්‍රී අසුනට යන්න ජාතික ඇඳුම අයන් කරමින් හිටියෙ)

පත්තරයකට නමක්


දිගු කාලීන එහෙම නැත්තම් පියවර කිහිපයක් සහිත උද්‍‍ඝෝෂණ හා දේශපාලන ක්‍රියාකාරකම් සඳහා එම ‍දේශපාලන පක්ෂ ‍හෝ ව්‍යාපාරයන් විසින් විසින් විවිධ නම් ‍යොදවාගනු ලබනවා. එජාප පාලනයට එරෙහිව මහින්ද රාජපක්ෂ මූලිකව ‍ගොඩනැංවුණු “පාද යාත්‍රා” සහ “මව් ‍පෙරමුණ” එවැනි ව්‍යාපාරයන්.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ සහෝදර ආණ්ඩුවට එරෙහිව එජාපය මෙන්ම එයට සම්බන්ධ වුණු මංගල‍ගේ ශ්‍රිලනිප මහජන පාර්ශවය විවිධ දේශපාලන ක්‍රියාකාරකම් ඉදිරිපත් කළා. 2007 දී ඔවුන් ඉදිරිපත් කළ “ජනරළ” ජනතා රැළි මාලාවද ඉන් එකක්. ඉහතින් දැක්වෙන්නේ එයින් උපුටා ගත් ඡායාරූපයක්.


ඔවුන්ගේ එම වැඩසටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.

"සිල් සුවඳ" ශීල ව්‍යාපාරය
"ජනරළ" රැළිය
“ග්‍රාම චාරිකා” වැඩසටහන
 "නිදහසේ විලාපය" උද්ඝෝෂණය

කවුරුහරි අළුතින් පත්තරයක් ගහනවිට අතිවාම, ඇතිවාම නොවෙයි නියමම වාමාංශික ව්‍යාපාරයක් සඳහා වුනත් ඉහතින් සඳහන් කළ දක්ෂිණාංශික දේශපාලන ක්‍රියාකාරකම් වලින් එක නමක් අරගත්තට රනිල් වික්‍රමසිංහ මහත්තය විරුද්ධ වෙන එකක් නැහැ.