A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පන්සල් අවකෙළි

ලංකාව තුළ ළමා ලිංගික  අපයෝජනයන් හා බලහත්කාරකම් පිළිබඳව පූර්ණ හා නිවරැදි සමීක්ෂණයක් සිදුකළහොත් එවැනි අපරාධයන් වඩාත් සිදුවන්නේ පන්සල හා පල්ලිය ආශ්‍රිතව බව පහසුවෙන් ඔප්පුකර ගත හැක. එහෙත් ආගම සඳහා ලංකාව තුළ ඇති බලය නිසාවෙන් හා ලබ්දිකයින්ගේ ලැජ්ජාවේ දුබලතාවය හේතුකොට ගෙන ඒ ‍බොහෝ දේවල් සමාජය තුළ මතු නොවී පවතී.  පැවිද්දන් සඳහා ආගම තුළින් පනවන ලද ලිංගික සීමා නිසාවෙන්  මේ මොහොත වන විටත් පන්සල් හා පල්ලි තුළ නිරන්තරයෙන් ඒ සඳහා අහිංසක දරුවන් ගොදුරු වේ.

සති කිහිපයක් ඇතුළත එවන් අපචාරයක් සිදුකළ ප්‍රසිද්ධ හාමුදුරුවරු කිහිපනමක් සම්බන්ධව මාධ්‍ය තුළින් වාර්තා වුණ අතර ඒ සඳහා නීති මඟින් කටයුතු සිදුවන බවත් සඳහන් විය. අළුත්ම ප්‍රවෘතිය වූයේ මීට වසර ගණනාවකට (තිහකට පමණ) ‍පෙර සිදුකරණ ලද ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන  හාමුදුරුවන් ය. මේ වන විට මේ කාරනාව උසාවිය තුළ දී ඹප්පු කර නැතත් මෙවැන්නක් සිදුනොවී ඇතැයි සිතනවාට වඩා එසේ වන්නට ඇතැයි සිතන්නට පොළඹවන හේතුව වන්නේ පන්සල් ඇතුලත මේ අපයෝජනයන් සඳහාඉහත දැක්වූ ඇති වැඩි ඉඩකඩයි. ඔය කියන කාළයේ දී සෝමරතන හාමුදුරුවෝත් හොඳ ඉලන්දාරී වයසේය.

ආරංචියේ හැටියට ලන්ඩන් පන්සලේ හාමුදුරුවන් එලවීම සම්බන්ධවත් ආධාර මුදල් ගසා කෑම සමිබන්ධවත් දේශපාලකයන් සමඟ දැඩි සම්බන්ධාවක් ඇති මේ  බුද්ධ පුත්‍රයාට ඇති බරපතළ චෝදනා ගැන දායකයෝ ම තැන තැන කතා කරති. ආධාර මුදල් වලින් ගම්පහ තනවා ඇති ගෙස්ට් හවුස් ගැන ද මාධ්‍ය වාර්තා පළ විය.

මෙම ආධාර මුදල් ගසා කන ‘පහලගම ශ්‍රී සෝමරතන නායක හිමි පදනම’ පෞද්ගලික පනතක් මඟින් සංස්ථාගත‍ කිරීමට පාර්ලිමේනතුවට ඉදිරිපත් කරණු ලැබුවේ ජවිපෙ මන්ත්‍රී විජීත හේරත් මඟිනි (මරු හොරු).


(ඉහත ඡායාරූපය සංස්කරණය කර ඇත්තේ අවට සිටි දායකයින් ඉවත් කිරීම සඳහා යි)

ඇමෙරිකන් රොබටා සහ ඇමෙරිකන් ගෝඨා



උතුරු හා නැගෙනහිර රාජකාරි කටයුතු සඳහා දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් බඳවාගෙන හමුදා පරිපාලනය ටිකෙන් ටික ඉවත් කිරීමට ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකමි රොබට් බ්ලේක් ඉදිරිපත් කරපු ප්‍රකාශයට ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ කුපිත වී දෙස් දොවොල් තියන්නට පටන් ගත්තේය. හේතුවක් හොයාගන්නට දත කෑවත් බැරි වුනේය. අනුමානයන් මෙසේය.

1. ගෝඨාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගැසීමට වඩා දෙයක් ඇමෙරිකාවේදී නොලැබීම

2. සුදු හමක් දැක්කාම බුරන සන්ධානයේ සිටින වාචාල බල්ලා බිරුවා මදි වීම

3. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල ආධාරයෙන් කොටි සංවිධානය ඉවර කර ඇති බැවින් පාවිච්චි කර ඉවත දැමීමේ කොන්ඩමි තියරිය දැමීම

4. සුද්දට සිංහල නොතේරීම

5. මහින්ද අයියාගේ ඇමෙරිකන් ගමන කල්තියා දැනගෙන සිටීම

6. තුවක්කුවක් තියා දෙමලෙකුට බැටන් පොල්ලක්වත් දෙන්න බය විම

7. උඹත් ඇමෙරිකන් මාත් ඇමෙරිකන් ඇඟිලි නොගහා ඉඳපන්. මළ පැනීම

ජවිපෙ ලොකු බාගෙ සහ හරි බාගෙ


ජවිපෙ කැඩෙන්න ඔන්න මෙන්න. හැම තැනින්ම ආරංචි එන්නෙ ඒ වගේ. දේශපාලන ප්‍රතිබිම්බ අඩමානයට කියවූ ඉතිහාසය නිමාකරන්න ඕන වගක් ලංකා පත්තරෙත් තිබුණා.

දන්න අතීතයේ ජවිපෙ සෙලවීම් කීපයක්ම තිබුණා. ලයනල් බෝපගේ සහෝදරයාගේ ඉවත්වීම, භාෂණ සහෝදරයා ඇතුළු හිරු කණ්ඩායමේ වෙන් වීම, කළුතර සෙනෙවි (කමල් දේශප්‍රිය) කල්ලියේ ඉවත් වීම (මොවුන් සමඟ විමල් වීරවංශ ද ඉවත් වීමට සැලසුම් කළ බව පෙන්වුව මුත් අවසානයේ දී ජුදාස් සේ පාවා දුන් බව සියල්ල දත් රහසකි) සහ විමල් වීරවංශ ඇතුළු ජාතිවාදී හැතිකරයේ නෙරපීම/වෙන් වීම (ජවිපෙ ජාතිවාදී නොවන බවක් ඉන් නොහැ‍ඟේ).

මින‍් මතවාදීමය ගැටුම් (වාර්ගික අර්බුදය සම්බන්ධව විජේවීර සහොදරයාගේ  ජාතිකවාදය සහ වෙනත් හේතු) හේතුවෙන් ඉවත්වූයේ ලයනල් බෝපගේ සහෝදරයා (නමුත් පසුගිය ජනාධිපතිවරනයේ දි දෙමළ ජන සංහාරය සඳහා වගකිවයුතු සරත් ෆොන්සේකා බලයට ගෙන ඒම සඳහා ඔහු සහාය පළ කලේය) හා දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින හිරු කණ්ඩායම පමණි. සෙනෙවිලා සහ විමල් ලා ඉවත්වූයේ බලය සම්බන්ධ කරුණු වෙනුවෙනි. ඇත්තටම විමල් ඉවත් වීමෙන් ජවිපෙට සිදු වූයේ වාසියකි. සෙනෙවිලාගේ හා විමල්ලාගේ මතවාදීමය පෑහීම එළි බැස්සේ ජවිපෙන් ඉවත් වීමේ පෙර කී පාවාදීමක් කළ විමල් සමඟ සෙනෙවි ජානිපෙ ගොඩනැංවීමයි. එයට හේතු වශයෙන් ඔහු මිතුරන්ට පවසා තිබුණේ ජවිපෙ කියන කළු ගල කුඩු කිරීමට විමල් සමඟ එකතු වන බවයි (මොකට උනත් විමලයා සමඟ එකතු වෙන එකා මොකා).

ජවිපෙ කැඩිම ලංකාවේ සුළු ධනේශ්වර හබන් කුකුලන්ට කවදත් මඟුල්ය. ජවිපෙ ගැන කලකිරී ඉන් ඉවත්ව පසෙකට වී සිටින ප්‍රගතිශිලි කැරලිකරුවන්ට ද ඉන් සියුම් ආස්වාදයක් ගෙන එනු නොඅනුමානයි. කවුරු කෙසේ කිවත් අරගලයකට අවැසි ජවයද අවංක බවද කැපවීම ද අධිශ්ඨානය ද ඇත්තේ ජවිපෙ සාමාජිකයා තුළය (මොකද ඕක විකොසෙ තිහෙනවා කියලැයි).  කුණු වී ඇති ජවිපෙ මතවාදයේ මොන යමි හෝ සෙලවීමක් ප්‍රගතිශිලි කඳවුරට වාසියක් ගෙන එන්නේය.


මෙවර ජවිපෙ බිඳීම සම්බන්ධව විවධ ආකාරයේ අදහස් තිබේ. සෝමවංශගේ විශ්‍රාමික වයස තුළ එය බලය පිළිබඳ ගැටළුවක් බවටත් සැකයක් නැත. එමෙන්ම එය එජාපයත් සමඟ සන්ධාන ගත වීමට ටිල්වින් සෝමවංශ පාර්ශවයේ ඇති උවමනාවට එරෙහිවීමක් බවත් දැන ගන්නට ලැබේ. ඊට අමතරව ආරංචියේ හැටියට කුමාර් පාර්ශවයේ දෙමළාට සානුකම්පිත වීමෙ උවමනාව හා සෝමවංශ ජාතිවාදී කණ්ඩායම අතර ගැටළුවක් ද වේ. මතවාදී සුද්ද වීමක් හැරෙන්න බලය සම්බන්ධ ගැටුමක් මත මෙම කැඩීම සිදුවෙන්නේ නම් මොකෙකුටවත් ඉන් සෙතක් නොමැත. පසුගිය දෙමළ ජනඝාතක යුද්දයේ දී ජවිපෙ පෙන් වූ හිරිකිත ජාතිවාදයට මෙන්ම විජේවීර සහෝදරයාගේ ජාතිකවාදයටත් එරෙහිව නිවරැදිව මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙසින් ස්ථාන ගත වෙන්නේ නමි පමණක් එය ලාංකීය පීඩිතයාට වාසියක් ගෙනදෙනු ඇත. අවශ්‍ය නම් නොකළ ස්වයං විවේචන ලැයිස්තුවට එය ද ඇතුලත් කළ හැක.

ජවිපෙ දෙදරීම පිළිබඳව සංවේදී අය කිහිප දෙනෙක් සිටී. විමල් වීරවංශ ඉන් ප්‍රධානය. ඔහු තුළ “මට ‍කෙලවපු එවුන්ට කෙලවේවා !” යන කාළකණ්ණි සතුටකි. ඉන් ඇතිවන හිඩැසට රිංගීමේ මෝඩ බලාපොරොත්තුවක් ඔහුට ඇත. අර්බුදයේ වැඩි විස්තර ඔහුගේ වෙබ් අඩවියේ පළවේ.


අනෙක් තැනැත්තා දීප්ති කුමාරය. ඔහුගේ ත්‍රිමාණ වෙබ් අඩවියත් සැලකිය යුතු තොරතරු ප්‍රමාණයක් සන්ඩේ ටයිම්ස් එකෙන් පරිවර්තනය කොට හෝ ඔහුගේ ඔත්තුනරැවන් මාර්ගයෙන් සොයාගත් දෑ පළ කරයි. ඔහුට ජවිපෙ කැඩීමටත් වඩා ගැටළුවක්ව ඇත්තේ ඔහුගෙන් කැඩීගිය සුමිත් චාමින්ද, කුමාර් පාර්ශවයේ බලය සහිත ලංකා පත්තරයේ ලිපි ලිවීමය (දීප්ති මහත්තයෝ නිර්මාල්ලව, සුමිත්ලව, කල්‍යාලව දැං ඔය කබායෙන් ගලෝල දාන්න).


අනෙක් අපූරු තැනැත්තා අනගාරික ධර්මපාල වන් තනි-වාදී සිංහල තරු ලකුණ හොයන ඒ. පී. ජයසිංහය. ඔහුට අනුව ජවිපෙ කැඩීම ඒවයේ හැටිය. මාතවාදයක් සහිතව කැඩීම නිකං නවතිනවාට වඩා හොඳය. සැබෑය. කවදාවත් මතවාදයක් නොතිබුනු එකාට නොහොමත් මතවාද මංඤ්ඤංය. අද පළ කරණ දෑ ඊයේ පළ කල දෑ සමඟවත් සමපාත නොවන කළ ඌට මොන මතවාදද. ජයසිංහත් ජවිපෙ රස්තියාදුවට අසුවූ විශ්‍රාමිකයෙකි.


ජවිපෙ ලොකු බාගය නොව සොයා ගත යුත්තේ හරි බාගයයි. කඩාගත යුත්තේ නිවරැදි දැක්මක් සඳහායි.  මං බලං ඉන්නේ අන්න ඒ කෑල්ලටයි.

අහෝ ත්‍රීමා


ත්‍රීමා, උඹ හඬනවා දැයි සිනාසෙනවා දැයි නො දනිමි.


වාචාල උසස් අධ්‍යාපන ඇමති බුරයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධිකාරීත්වය හොබවන අහේතුවාදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා හේතුවක් නැතිවම දොඩවයි.  අන්තරේට කලාන්තයි. එහෙම නැත්තම් ජවිපෙ ඇතුලෙ ලොකු බාගෙ සොයයි. ත්‍රීමා උඹේ බොඳ වෙච්ච රූපය අතරින් ටිකෙන් ටික මට එස්බියාගේ වෙද කඩේ පෙනේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම යලිත් කරළියට ඇවිත් තිබේ. එයට එරෙහි විය යුත්තේ මන්දැයි යන්න එදා මෙදා තුර පුවත්පත් වල පිටු ගනන් පුරවා තිබෙන බැවින් එය නැවතත් මතක් කිරීමට අවශ්‍ය නැතත් ලඟදී විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු කළ අපූරු ප්‍රකාශයක් සිහිපත් වේ. ඔහු පවසා තිබුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිට වුවහොත් රජයේ වෛද්‍ය පීඨ වලට සිදුවන්නේ ලංගම‍ට සිදු වූ දෙය ම බවයි ( ඉල කකියන කතාවක්!).

පොඩ්ඩක් අතීතය හාරා අවුස්සන් සිදු වුණේ උඹට මෙන්ම මටද සිදුව ඇත්තේ හඬන්න දැයි සිනාසෙන්න දැයි මමවත් නොදන්නා නිසාවෙනි.

මහින්ද රාජපක්ෂ

එදා: විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී මරා දැමූ ත්‍රීමාගේ මෙන්ම තවත් හැට දහසකගේ මළ මිනී විකුණා මව්වරුන්ගේ කඳුළු විකුණා පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත්කිරීමට දායක වූයේය.

අද: රටේ ජනාධිපතිවරයාය. ලෝක බැංකුවේ නියෝග අපූරුවට ක්‍රියාත්මක කරයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නම් කොස් ඇට එස්.බී බළලා ලවා බාවයි.

එස්. බී දිසානායක

එදා: විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී මරා දැමූ ත්‍රීමාගේ මෙන්ම තවත් හැට දහසකගේ මළ මිනී විකුණා මව්වරුන්ගේ කඳුළු විකුණා පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත්කිරීමට දායක වූයේය.

අද: උසස් අධ්‍යාපන ඇමතිවරයාය. මහින්ද ට කඩේ යයි. ලැබෙන කුට්ටිය ගැන සිතයි. මෝඩයාට බාරදුන් වැඩේ ඉවරකරන කම් නින්ද යන්නේ නැත.

චමිපික රණවක

එදා: වෙනුර, නිශ්මි, නිමල් පරපුරේ විප්ලවීය සහෝදරයාය (අම්මපා ඉතිහාසයටත් වෙන වැරදි). ත්‍රීමාගේ මරණය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ටද ශිෂ්‍ය අරගලය ටද ජවයක් බවට පත් කිරීමට දායක වූයෙකි.

අද: මහින්දගේ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමතිය.  මං හිතන්නේ නිදිය. නැත්තම් මහින්ද නිදි කරවලාය.

විමල් වීරවංශ

එදා: ත්‍රීමාගේ පරපුරේ සහෝදරයෙකි (සමාවන්න විප්ලවය‍ වෙනුවෙන් කැපවෙච්ච නිසාවෙන් ඔහුට ත්‍රීමාට මෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවිය නොහැකි විය). ත්‍රීමාලගේ ජවය අහිමිවීමෙන් පසුව ජවිපෙ දෙවන වර නැගිට්ටුවීම සඳහා ඔහුගේ කට පක්ෂයට එල මෙහෙයක් කළේය.

අද:  මහින්දගේ ආණ්ඩුවේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමතිය. එක පයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කැමතිය (මහින්ද අයියා තරහා උනොත් එහෙම). හේතුව වශයෙන් දක්වන්නේ, දුෂ්කර පළාත් වලින් අඩු ලකුණු ලබාගෙන රජයේ වෛද්‍ය පීඨයට ළමයින් ඇතුළු වෙනවානම් ඊට වඩා වැඩි ලකුණු ගන්නා එහෙත් වෛද්‍ය පීඨයට ඇතුළුවීමට නොහැකි කොළඹ ළමයින්ට යෑමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැත්තම් ඒක අසාධාරණයක් බවයි (මුගේ අම්......).

සුසන්ත පුංචි නිලමේ

එදා: ත්‍රිමාට පරාළ ඇණ ගසා මරා දැමීමට වගකිව යුතු එවකට යූඑන්පී ආණ්ඩුවේ ඝාතකයාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව පොඩි බබාව නිදොස් කොට නිදහස් කළේය.

අද: මහින්දගේ ආණ්ඩුවේ ධිවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමතිවරයාය. අවැසි නම් එස් බීට පරාල ඇන රැගෙන ඒමට කඩේ යැවිය හැක (කාට ගහන්න ද ඕයි....)


මහින්ද-එස්.බී.-වම්පික-වීරවංශ-පුංචිනිළමේ මුං ඔක්කොම දැං එකම ආණඩුවේය. ත්‍රීමා, උඹ හඬනවා දැයි සිනාසෙනවා දැයි නො දනිමි.


අනුන්ගේ ආගම නොතකන එකා....


දළදා මාළිගාවට ඇතුල්වෙන එවුන්ගේ හෙළුව මැන රෙද්ද ඇන්දවීමට හා සෙරෙප්පු ගලවා දෙ පතුල් නිරුවත් කිරීමට ආණ්ඩුව සිංහල‍ බෞද්ධ පොලීසිය යොදවා ඇත. නොදන්නා කමට මිසක් උවමනාවෙන් නිගරුවක් කිරීමට සදාචාරයක් ඇති කිසිවෙක් පැමිණෙතැයි සිතිය නොහැකි වුවත් සිංහල ‍බෞද්ධ ආණ්ඩුව සහ එම ආණ්ඩුවේ හමුදා උතුරු හා නැගෙනහිර අනෙක් ආගමික ස්ථානයන් සම්බන්ධව ක්‍රියාකරන්නේ නොදන්නා කමට නම් නොවේ.

සියළුම හින්දු භක්තිකයින් නිරුවත් දෙපයින් ඇතුල් වෙන ඔවුන්ගේ පුද බිමක හමුදා සෙබළුන් පාවහන් පළඳා මුර කටයුතු සිදුකරණ අන්දම පසුගිය දා අල් ජසීරා රූපවාහිනී ප්‍රවෘත්තියක් තිබුණි. පසුගිය දිනෙක කිළිනොච්චියේ කෝවිලක පැවති ආගමික උත්සවයකට කඩා වැදුණ රජයේ හමුදාව ඔවුන්ගේ ආගමික සංකේතය වූ නන්දි කොඩිය ගලවා ගෙන ගොස් තිබීමත් දෙමළ ජනතාවගේ උරුමයක් වූ ඉරණමඩු වැවේ බාරකාර කනකාඅම්බි අම්මන් දෙවියන් වෙනුවට රජයේ හමුදාව එහි බුදු පිළිමයක් ගෙන ගොස් තබා ඇති බවත් සඳහන්ව තිබුනේ බූන්දි වෙබ් අඩවියේ පළවූ අනූපමා ගනේගොඩ ගේ කවියක නිමිත්තකය.



උතුරු නැගනහිර සිදුවන සිංහල බෞද්ධකරණය පිළිබඳව බොහෝ ලියැවිලි පහුගිය කාලයේ අන්තර්ජාලයේ පළවුණි. පහුගිය යුද සමයේ හින්දු පූජනීය ස්ථාන හෝ සංකේත 2500 ක් හා කතෝලික පූජනීය ස්ථාන හෝ සංකේත 400 කට වඩා උතුරු නැගෙනහිර විනාශ වී ඇති අතර ඒවා නැවත ගොඩ නැංවීමට අවසර ලබාදෙනු වෙනුවට රජයේ අනුදැනුම ඇතිව බෞද්ධ පූජනීය ස්ථාන හෝ සංකේත 2500 කට වඩා දෙමළ ජනාවාසයන්ගේ පිහිටුවා ඇත. සිංහල ජනාවාස පිහිටුවමින් ග්‍රාම නාම හා මාර්ග නාම සිංහල බවට හරවමින් උතුරු නැගෙනහිර සිංහලකරණය කිරීම වෙනමම කතා කළ යුතු ඛේදවාචකයකි.

ගෑනුන්ගේ යට ඇඳුමේ හෝ සපත්තු අඩියේ හෝ සටහන්ව තිබෙන බුදුරුව ගැන උඩ පැන පැන නටන සිංහල බෞද්ධයෝ, පත්තර කාරයෝ හා හාමුදුරුවරු මේ සම්බන්ධව ගොළු වී සිටිති.

අනුන්ගේ ආගම නොතකන එකා තමන්ගේ ආගම කොතරම් තැකුවත් වැඩක් නැත. පෙන්නුම් කරන්නේ උන්ගේ නොහැදියාවයි. නොසණ්ඩාලභාවයයි.





‍මේදිස් ‍ගේ දර්ශනය


‍මෙය අපූරු නාඩගමකි. සම්මාන උළෙලවල් සාහිත්‍ය උ‍ළෙලවල් වර්ජනය කළ ගොන්නට දැං මේදිස් සහෝදරයාද ඇතුල් වී තිබේ. හහ් හා මං දැං පොරකි.

නාඩගමක් වී ඇත්තේ ආරධිත දේශනය උඩ පැන ‍ගෙන භාරගෙන එය වෙනත් සාහිත්‍ය කර්තව්‍යයක් සේ සළකා ‍තොල්ස්තෝයි ගැන පුනර්කතිකාවකට ද ලෑස්ති ‍වෙන්නට ‍පොත් පෙරලමින් සිටින විට හදිසියේම පරල වී මං වර්ජනය කරනවා මං වර්ජනය කරනවා කෑ ගැසීමයි. ‍‍පියසීලි ලා මිය ගිය කළ ගම්ලත් ලා වයසට ගිය කළ ඇකඩමික් මාක්ස්වාදී මේදිස් ලා දැන් සිටින්නේ දේශන ඇම්මේය. ආරධනාව ලැබුණ ගමන් අවංකව ප්‍රතික්ශේප නොකර නිශ්ශබ්දව සිටින්නේත්, ප්‍රතික්ශේප කර වංකව සද්ද දමන්නේත් එබැවිනි. සියළුම මාරාන්තික උපවාස සඳහා වීරවංශ තිත තිබ්බා සේ උළෙලවල් වර්ජනය කිරීම මේදිස් තුළින් ජොක් වී ඇති සෙයකි.


හේතුව ව‍ශයෙන් දක්වා ඇත්තේ රජ‍යේ නිල අනුග්‍රහය ලැබෙතැයි හදිසියේ දැනගත් බවක් සඳහන් කරමින් තවත් ‍පොර ටෝක් ගනනනාවක් දීමයි. ගොඩගේ ද ඇතුළු ‍ලංකාවෙ වෙනත් සියලුම සම්මාන හා සාහිත්‍ය උළෙලවල් වල කැරට්ටුව හඳුනාගන්නට මාක්ස්වාදය කියවන්නට උවමනා නැත. ‍මේ රටේ  ඇහැ කන් ඇර ජීවත් වුනා නම් හොඳටම ඇතිය.

ද. ‍මේදිස් ස‍හෝදර බබා නොදැන උන්නාට 2010 ගොඩගේ සම්මාන උළෙ‍ලේ ප්‍රධාන ආරාධිතයා වූයේ  කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍ර අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිත‍යේ ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චිය. ආරාධිත දේශනාව ක‍ළේ සිංහල ජාතිවාදයේ අංක 1 කැටගරියට අයත් මාලින්ද ‍සෙ‍නෙවිරත්නය. 2009 වස‍‍රේ ප්‍රධාන ආරාධිතයා වූයේ  ඔහු කියන එම සංස්ථාපිත‍යේම ඇමති සරත් අමුණුගමය. ආරාධිත දේශනාව ක‍ළේ සිංහල ජාතිවාදයේ තවත් අංක 1 කැටගරියට අයත් ‍කේ. එන්. ඕ ධර්මදාස ය.

ධර්මදාස )) මාලින්ද )) ‍ඊ ලඟට මේදිස් .........හරිම අපූරුය. 

මේදිස් ට සම්ප්‍රදායික ජාතිවාදී ලේබලය ඇලවීමට නොහැකි වුවත් ‍මේ තුන් දෙනා සතු ‍පොදු ගුණාකාරකයක් ‍වේ. එනම් ‍සන්නද්ධ හා සන්නද්ධ නොවන දෙමළ ජාතික අරගලය කොන්දේසි විරහිතව විනාශ කිරීමට එකඟ වීමයි. කොන්දේසි විරහිත භාවය ‍මේදිස් ට අදාළ ‍වෙන්නේ ලක්ෂයකට අධික පුරවැසියන් සංහාරයේදී ත් ඉන් පසුවත් හැඟවූ සහ හඟවන නිද්‍රාවයි. ‍

බලන් ඉන්න....‍ගොඩගේ නැතුවාට මේ පොදු ගුණාකාරකය තුළ මේදිස් ලාට සිංහල භුමියේ කරණම් ගසන්නට පහසුවෙන් ඕනෑ තරම් ඉඩ සොයා ගත හැක.