A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

චූ කරන එක


අගමැති ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ රැසක් හෙළිකරයි !

ආසනික්, ග‍්‍රීස් යකා, බාල සිමෙන්ති, බාල පෙට‍්‍රල් හා රටේ අගමැතිවරයා වූ ඔහුගේ චූ කරන එක නැති වීම යන තත්වයන් රටේ ඇති වූයේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ නිසා බව ආග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා අවධාරණය කරයි. මහනුවරප‍්‍රදේශයේ පැවතිඋත්සවහක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කළේය.

සමිපූර්ණ ලිපිය මෙතනින් බලන්න

යකෝ මුං කෙළින කෙබර



ජවිපෙ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ පල් බූරුවෝ යනුවෙනි. එහෙම නැත්තම් ජවිපෙ පල් බූරු කමට අපි බයිට් විය යුත්තෝ වෙමු.

පහුගිය දා අනුර කුමාර දිසානයක් ඔහුගේ අහවල් පැත්තෙන් ද කොහෙද කතාකර තිබුනි. ඔහුගේ වචන වලින් ම පැවසුවහොත්...

“යුද්ධය අවසන් වූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීතිය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරයේ සිටියා. විශේෂයෙන්ම ඉන් පසුව හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැම අවස්ථාවකම ජවිපෙ මන්ත‍්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කර තිබෙනවා”

යුද්ධය අවසන් වී හෝ නොවී හදිසි නීතියට පක්ෂ වීමට තියෙන සදාචාරත්මක අහේනිය වෙනම ම ඛේදවාචයකි. ඒත් මේ ඇද බා තියෙන්නේ පට්ට කෙබරයකි. 

ඔය කියන යුද්ධය අවසන් වූයේ 2009 මැයි මාසයේ දීය. ජවිපෙ 2009 අගෝස්තු මාසයේ දීත් හදිසි නීතියට පක්ෂව චන්දය පාවිච්චි කළේය.


2009 සැප්තැම්බර් මාසයේ පටන් හදිසි නීතියට විරුද්ධ නොවී චන්දය පවත්වන මොහොතේ හෙමිහිට මාරු වූයේය. මෙම නපුංසක මඟහැරීම 2010 පෙබරවාරී මාසය දක්වා නොනවත්වාම සිදු කළේය. ඔන්න ඔහේ ඕකට විරුද්ධ වෙමු කියල හිතාගෙන මාර්තු මාසයේ පටන් හදිසි නීතියට විරුද්ධ වූයේය.


අවස්ථාවාදයේ කාළවකවානු දින - පැය වලට ලඝු වී, ජවිපෙට තියෙන්නේ දැං එදා වේල දේශපාලනයකි.

ප.ලි.
හදිසි නීතිය අවසන් වීමේ චූන් තීව්‍රකිරීම උදෙසා ආරක්ෂක ඇමති රටේ සෑම දිස්ත්‍රිකයකම එස්ටීඑෆ් කඳවුරු පිහිටුවන්න ට සති කීපයකට පෙර තීරණය කළ අතර ඊට අමතරව නාවුක හමුදා කඳවුරු පිහිටුවීමට මේ සතියේ තීරණය කර තිබුණි.

හදිසි නීතිය



හදිසි නීතිය අහෝසි කරන්නට මත්තෙන් ගෝඨාගේ බළලා එළියට පැන්නේය. ඔහුට අනුව ඒ හදිසි නීතිය “අපේ”‍ය “අපි” කරන්නේ අපිට ඕනෑ දේය. කවුරුවත් කිව්ව පළියට හදිසි නීතිය ඉවත් කරන්නේ නැත. හදිසි නීතිය ඉවත් කරන්නයැයි මොකෙක් හරි කියා තිබෙන බව හැමෝම දැනගත්තේ ඒ මොහොතේය. සහෝදර ජනාධිපතිවරයා පහුවදා හදිසි නීතිය ඉවත් කරන බව කීවේය. මේ “අපි” ලංකාවේ මහජනතාවනම් වෙන්නට බැරිය. තමන්ට නීතිපනවනවාට කැමති ජනතාවක් සිටී නම් ඒ මහජනතාවක් නොවේ. එහෙම නම් උන් වහල් භාවයට සුදුස්සෝ වෙති. මේ “අපි” කවුද යන්න විග්‍රහ කරන්න යෑමේ දී ඉල කකියෑවේය. “අපි” යනු

1.      ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය “මම” වෙනුවට භාවිතා කරණ ව්‍යවහාරික වචනයයි.
2.      ශ්‍රී ලංකා පුරවැසි ගෝඨාභය “මම” වෙනුවට භාවිතා කරණ ව්‍යවහාරික වචනයයි.
3.      ‍මහින්ද යට කර උඩ නඟින ගෝඨාභය හා ආරක්ෂක හමුදාව
4.      ගෝඨාභය හා සහෝදර ජනාධිපති මහින්ද
5.      එකී මෙකී නොකී රාජපක්ෂවරුන් හැටහුටාමාර
6.      එක්සත්  ජනතා නිදහස් පක්ෂයේ ආණ්ඩුව
7.      ආණ්ඩුව, හදිසි නීතියට චන්දෙ නොදී හැංගිලා ගිය එජාපය හා චන්දෙ දිදී හිටිය ජවිපෙ


පළමු පියවර

අසාර්ථක, අසමත් ආණ්ඩුව පරාජය කර, ජනතාව දිනවිය හැකි ආණ්ඩුවකට පළමු පියවර තබමු - ටිල්වින් සිල්වා


දෙමළ ජනාධිපති


පොඩි එවුන් මරු. උන් සුපර් මූන් ගෙ වික්‍රම දැක්කහම උන් කියන්නෙ ලොකු උනාම මම සුපර් මෑන් වෙනවා කියල. ස්පයිඩර් මෑන් ගෙ වැඩ කිඩ කන්දරාව දැක්කාම කියන්නෙ ‘මම නං අම්මෙ ලොකු උනාම ස්පයිඩර් මෑන් කෙනක් වෙනවාං කියලයි. ලංකාවෙ විධායක ජනාධිපතිගෙ අනුහස් දැක්කහම ජනාධිපති කෙනෙක් වෙන්න හිතෙනවානම්, එහෙම හිතෙන එකත් පුදුමයක් නෙමේ. ලොකු උනාම මාත් ජනාධිපති කෙනෙක් වෙනවා කියා ලඟදී පොඩි එකෙක් කිය තිබුනේය. විශේෂත්වය තියෙන්නේ පොඩි එකා දෙමළ වීමය. හරියටම කිව්වොත් පොඩ්ඩා පවසා තිබුනේ ලංකාවේ ප්‍රථම දෙමළ ජනාධිපති වෙන්නට උවමනා බවය.

ප්‍රවෘත්තිය තිබුනේ අගෝස්තු 14 වෙනිදා ලක්බිම නිවුස් ඉංග්‍රිසි පුවත්පතේ හැංගිලාය. මතක් හැටියට ඩලස් අලහප්පෙරුම ආරාධිතයෙක් වශයෙන් සහභාගී වුණු  බිෂොප් විද්‍යාලයේ තිබුණු උත්සවයක දී වේදීකාව මතදී පොඩි එකා මේ බව නොපැකිලව පවසා තිබුණු අතර ප්‍රකාශයෙන් අනතුරුව සියල්ලෝම නැගී සිටිය බවත් සඳහන් විය. ලිපිය අවසන්ව තිබුනේ ඩලස් ද පොඩි එකාගේ කනට කර සුභ පැතූ බව ද සඳහන් කරමිනි.

ප්‍රශ්නය තියෙන්නේ පොඩ්ඩාගේ නොදැනුවත්කම මත් නොවේමය. පුටුවෙන් නැගිට්ටුන එවුන් ගැනය. නැගිට්ටේ මොන එහෙකටදැයි කවුරුවත් දන්නේ නැතුව ඇතිය.

සිංහල දේශපාලනයේ දෙමළා ට යාහැකි වැඩිම දුර කොස් ඇට බාන්න බළලාට බාර දුන්නාට වඩා ඈතක් නොවන බව දෙමළා මෙන්ම සිංහලයාද හොඳින් දනී. එය තම සනුහරේට ම කෙළවීමට කදිරගාමර් ට දුන් විදේශ ඇමතිකමට හා තමාරා කුනනායගම් ට මේ ලඟදී ලබා දුන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කමට වඩා එහායින් දෙයක් නොමැත. ඒත් ඒ සල්ලි දේපල යහමට තියෙන ධනපති දෙමළ පැලන්තියටය. ඒ පන්තියෙ දී නම් කෙරෙන ගනුදෙනු වලදී දෙමළ සිංහල වෙනසක් නැත. ඒත් ජනාධිපති කම කෙසේ වෙතත් බුද්ධ සාසන ඇමති කම දෙන්න විදියක් නොමැති කමින් පඹ අගමැති කමවත් දෙමළෙකුට නම් දෙන්නට විදියක් නැත.

මේ සිංහල ආණ්ඩුව දෙමළ සමාජයට මේ මොහොතේ සිදු කරණ දේවල් සලකා බැලීමේ දී නැවත නැගිටීමක් නොමැති වුවහොත් දෙමළුන්ට ඉතිරිවන්නට දෙයක් ඇත්දැයි සැක සහිතයි. ඝාතන, ඉඩම් කොල්ලකෑම්, දේපල හා ස්ත්‍රී ශරීර පැහැර ගැනීම්, සංකෘතික විනාශ කිරීම්, මානසිකව කුඩුපට්ටම් කිරීම් අධ්‍යාපනික සීමා කීරීම් දැං ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දේවල්. යහමින් ඇති පන්තියේ කොළඹ දෙමළාට පමණක් ජනාධිපති කෙනෙක් වීමේ සිහිනයක් විතරක් දැකීමට පුංචි ඉඩක් ඉතිරි කර අනෙක් සියල්ලම විනාශ කිරීමට සූදානම්ය.

ඩලස් පොඩි එකාගේ කණට කර කියා තිබුණ දේ ගැන පසුව ආරංචි වුනේය.

‘අඩේ මටත් කොල්ලො ම දෙන්නෙක් ඉන්නවා අමතක කරන්න එපා හරි ද පුතා. ඔයාගෙ ආණුඩුවේ උන් දෙන්නට ඇමති කමක් හරි දෙන්ටෝන’

වට දෙකේ කපටි ඩලස් ට එකපාරට හිතී තිබුනේ මූ කතා කරන්නේ ලංකාව අල්ලගෙන ඊට පස්සෙ ඒ රටේ දෙමළ ජනාධිපති වෙන ගැන ද දන්නේ නෑ යැයි මතක් උන නිසාය.

ක්ෂනික ප්‍රතිචාර


චැනල් 4 ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ් වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව දැක්වූ ප්‍රතිචාර කිහිපයක් ‍මෙ‍සේ සඳහන් කරමු.

ෆොන්සේකා: එතකොට ගෝඨයි ශවේන්ද්‍රයි විතරයි ඔක්කොම ක‍ලේ. මම පොල් ගාලා

මහින්ද: ............. (සද්දයක් නැත...වැසිකිලියට යයි)........එලියට්.......

ගෝඨා: ‍(තමිල්වානී ව දැකී‍මෙන්) මේක මාර කෑල්ලනේ. ‍‍අපේ උන්ට ‍කොහොම මිස් උනාද මන්ද

චන්ද්‍රිකා: අඬන්න එපා ම‍ගෙ විමුක්‍ති පුතේ. එංගලන්තේ කෙල්ලො උඹගෙ මූණට කෙළ ගහනවද

මර්වින්: අප්පට හුඩු ය‍කෝ මුං මාර ආතල් අරන්නෙ. මට බහින්න බැරි උනානෙ ග්‍රවුන්ඩ් එකට

වීරවංශ: ‍‍ඇමෙරිකාණු අධිරාජ්‍යවාදය කුමන්ත්‍රණයක් කරල උන්නැහැලගෙ ඒජන්තයෝ ලංකාවට එවල අපේ රණවිරුවො අතරට රිංගවලා ඒ අයව මේ වගේ වැඩ වලට යොමුකරවල ඊට පස්සෙ ඒව වීඩියෝ කරල තමයි ඒ අධිරාජ්‍යවාදින්ගෙ ග්‍රහණයට ශ්‍රී ලංකාව නතු කරවන්න හදන්නෙ

උරුම කාරයා: බොරු...බොරු... බොරු...බොරු... බොරු...බොරු... බොරු...බොරු... බොරු...බොරු...

ජේවීපී කාරයා: (නිශ්ශබ්දයි......)...................................................(එක් වරම මහා හඬක් ඇ‍සේ) .........දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරව්!!

විකොස කාරයා: ධනපති පන්ති ජාතික වාදියෙක් වන ප්‍රභාකරන්ගෙ කල්ලියේ බංකොලොත් වැඩපිලිවෙල නිසා එම  පසුගාමී කම්කරු පන්තිය වෙත ලැබුණ ඉරණම ‍ලෙස මෙය විග්‍රහ කරන්න පුළුවන්. අධිරාජ්‍යවාදී බලවේග වලට නතු වූ මෙවැනි ෆැසිස්ට් වාදී ව්‍යාපාර විනාශකරල දැමිය යුතු බව අපි අවධාරනයෙන් කියනවා. ඒ ව‍ගේම එවැනි කල්ලි විනාශ කරන රජයේ හමුදාත් අපි ප්‍රතික්ශේප කරනවා. මෙවැනි කල්ලි අප පතා‍ගෙන ඉන්න අමා මහ ලෝක විප්ලවයට බාධාවක්. ධනපති ‍‍හෝ සුළු ධනපති මාධ්‍ය ව්‍යාපාර ඉදිරිපත් කරන මෙවැනි වීඩියෝත් අපි ප්‍රතික්ශේප කරනවා. වැඩි විස්තර අපි අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්කරල ති‍‍යෙනවා.........උතුරින් හා නැගෙනහිරින් රාජ්‍ය හමුදා ඉවත් කරනු!

සීලවතී උපාකසම්මා: රට ජාතිය ‍වෙනුවෙන් ‍සේවෙ ‍කොල අපේ කොල්ලන්ට රත්නත්තරයේ පිහිටයි

සැම්සන්: ගමේ හිටිය කෙල්ලො ටික අනාථ කෙරුව ජිල්බුවා නිකන් ඉඳියි හමුදාවට ගිහිල්ලා. ඕක‍ගෙ රණවිරුකම......මුගෙ කොයි අ‍තේ ද දන්නෙ නැහැ මානව හිමිකං ප්‍රඥප්තිය තිබුනෙ

ජගත් (ජිල්බුවාට ‍සෙල්ෆෝන් එකෙන්): අඩෝ ජිල්බුවා අන්න බඩු මාට්ටු උඹත් ඉන්නවා එංගලන්තේ ටීවී එකේ. කාගෙ බඩුද මේවා.....‍කෝ බං මං හිටිය ඒවා මිසින්නෙ

චාන්දනී (ජගත්ට): හුම්.........ඔය පෙන්නනනෙ කරපුව. එන්නෑ පැත්ත පළාතක මගෙ ළඟට

නෙවිත් පුතා (සමිත් පුතාට): දැක්කද මූවි එක කොටි මැරිල තැං තැං වල. ‍කෙඳිරිගානවා. ආමි අංකල්ල උන‍්ගෙ ‍බොඩි ට්‍රැක්ටරේට උස්සලා වීසිකරනවා..ඩෝං සද්ද එනවා.......උං බයේ දුවනවා.... ලැජ්ජාවෙ බෑ ගෑනුත් හෙළු කොට්ටෙන්..........හූ.....හූ..... 



දිට්ඨ ධම්ම වේදනීය කර්මය



අප්‍රිකාවේ අඟ නමින් හැඳින්වෙන නැගෙනහිර අප්‍රිකවට අයත් ඉතියෝපියාව, සෝමාලියාව, එරිත්‍රියාව, ජිබෝටිය හා ඊට යාබදව පිහිටි කෙන්යාවේ මේ වන විට දරුණු දුර්භික්ෂයක් හට ගෙන තිබේ. වසර හැටකට ඇතුලත මෙම කලාපයේ සිදුවූ දරුණුතම නිය‍ඟයට පසුව  මෙම තත්වය උද්ගතවී ඇත. පසුගිය අගෝස්තු මාසයේ මුල දී වාර්තා වූ අන්දමට මාස තුනක් ඇතුලත වයස අවුරුදු පහට වඩා  අඩු වයස් දරුවන් 29,000 ක් සෝමාලියාවේ පමණක් මියගොස් තිබේ. දරුවන් 10,000 ගතහොත් එය දිනකට දරුවන් 13 දෙනෙකුගේ මරණ අනුපාතයකි. මේ වන විටත් මෙම දුර්භික්ෂය මෙම කලාපයේ මිලියන 12.4 ක්වූ ජනගහනයකට අති දරුණු ලෙසින් බලපා ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය බොහෝ දෙනෙකුගේ දෑසින් මඟ හැරී ගොස් ඇත්තේ ස්වභාවික විපතක් වුව සුනාමියක් මෙන් ක්ෂණිකව නෑවිත් සෙමන් සැරේ ජීවිත බිලිගන්නා බැවිනි.

ආරක්ෂක නවකතා ලියන දුර්වර්ණකුලසූරියට අනුව ලෝකයේ විපත් සිදුවන්නේ ලංකාවට හතුරුකමක් කිරීමෙන් ඇතිවන දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් ලෙසය. ඔහු ට නෝර්වේ සිදුවූ සමූල ඝාතනය ද එංගලන්තයේ කඩාකප්පල්කාරී ක්‍රියාද එවැනිය. මං මේ පස්ස දිවයින පත්තරයක් උඩ තියාගෙන් කල්පනා කරන්නේ, අප්‍රිකාවේ අඟට මේ වින්නැහිය උනේ ලංකාවට මොන කෙහුරක් කොළාට ද අම්මපා කියලා ය.

ග්‍රීස් යකා












(‍පත්තර ටික බලා අවසන මෙම සටහන උවමනා‍වෙන්ම හිස් ව තබන ලදි)










කඩේ යන මූන්


ඇමෙරිකාණු ජනාධිපති  රූස්වෙල්ට් සහ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් කැනඩාවේ නිව් ෆවුන්ලන්ඩ් හි අත්ලාන්තික් ප්‍රඥප්තිය පිළිබඳ සමුළුවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කිරීම ට අදාල පළමු පියවර තැබුවේ මින් වසර හැත්තෑවකට උඩ දී  මෙවන් අගෝස්තුවකදී ය. එහෙත් මේ වන විට එම සංවිධානය ලෝක සාමය හා මානුෂික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් දක්වන නොසැළකිල්ල හුවා දක්වමින් ‘එක්සත් ජාතීන්: දුර්වල නායකයින් ඕනෑ කරනු ලැබේ’ යන හෙඩිම යටතේ ගාර්ඩියන් පුවත් පතේ අපූරු ලිපියක් ඊයේ පළ වී තිබුණි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධූරය සඳහා බෑන් කි මූන් ගේ දෙවන වර පත් වීම ඉස්මතු කරවමින් ලිපිය ලියා ඇත්තේ දුර්වල් නායකයින් මුල් පුටුවලට පත් කිරීමේ බටහිර රටවල උවමනාවයි. ව්‍යසනයන් පෙරාතුව නොවලක්වා මහා සංහාරයන් පිලීබඳව ඉන් පසුව විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීමට පමණක් කටයුතු කරන මෙම ආයතනයේ මහ ලේකමු ධූරයේ බෑන් කි මූන් භූමිකාව හියුමන් රයිට් වොච් ආයතනයේ වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් ලේඛකයා මෙසේ පවසයි.

‘මර්ධනයන් යන්තම්න් වත් හෙළා නොදැක බෑන් (කි මූන්) සමහර වෙලාවට ඔහුට උවමනා පරිදි පීඩක හිංසක රජයන් ගේ හොඳ පැති පමණක් පෙන්වා දීමට කටයුතු කර ඇත’ ඔහුගේ එම නොසැළකිල්ලෙන් වාසි ලත් රජයන් ලෙසින් දක්වා ඇති රටවල් අතරට චීනය, බුරුමය හා ලංකාව ද සඳහන් කර ඇත.

මැණික් ෆාම් කඳවුර බැලීමට යැවීමේ දී බෑන් කි මූන් ව මහින්ද රාජපක්ෂ අන්දවපු ආකාරය හැම ලාංකිකයෙකුටම මතකය. ඉන් පසු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා පැවසුවේ ‍එවැනි කතාවන් ය. සංහාරය පෙනි පෙනීත් පසුගිය දෙමළ ජන ඝාතක යුද්ධයේ දී බටහිර බලවතුනගේ උවමනාවන්ට  ගොළුවත රැකි එක්සත් ජාතීන්ගේ සංවිධානය ට චැනල් 4 සහ ඩයස්පෝරාවල බලපෑම නොවන්නට දරුස්මාන් වාර්තාවත් බෑන් කි මූන් ගේ නිද්‍රා හීනයක් වෙන්නට තිබුණි. 

ණය කාරයෝ


ඇමෙරිකාව තුළ ආර්ථික අර්බුදය නැවත වතාවක් තීරණාත්මක ලෙසින් උත්සන්න වී ඇත. ඔබාමා ආශ්වාදය නිමා වී දැන් බොහෝ තැන්වල ඔබාමා වෙත පහර දෙන්න ට පටන් ගෙන තිබේ. ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් වසර දහයක් ඇතුලත ඩොලර් බිලියන සියයක් ඉතුරු කර ගත හැකි අයුරු අන්දම හා ඔබාමාගේ මඟ හැරීම නිව්යෝර්ක් ටයිම්ස් පහුගිය ඉරිදා කතුවැකියෙන් පෙන්වා දී තිබුණි.

අධිරාජ්‍යවාදය නියමාකාරව ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකාණු දේශපාලනය තුළ නොව ලොව පාලනය කරන ධනවතුන් කිහිප දෙනෙකුගේ උවමනාවන්ටය. ඉන් ප්‍රධාන වන්නේ එක්සන් මොබයිල්, බීපී, කොනකො-පිලිප්ස්, චෙව්රොන් හා ෂෙල් යන තෙල් සමාගම්ය. කතුවරයා පවසන්නේ තෙල් සමාගම් වෙත දෙනු ලබන දැවැන්ත බදු සහන නැවතීමෙන් හා එම සමාගම් වෙතම එතනෝල් සඳහා දෙනු ලබන රජයේ සහනාධාර කපා දැමීමෙන් මධ්‍යමපාන්තික හා දුප්පත් ඇමෙරිකාණු වැසියන්ට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් ආර්ථිකය හැඩ ගන්වා ගැනීම පිළිබඳවයි. මෙම බදු සහන නවතා දැමීමට ඇමෙරිකාණු සෙනෙට් සභාව ඡන්ද 48/52 වශයෙන් අනුමත කළද ක්‍රියාත්මක නොවන්නේ මෙම සමාගම් විසින් විශාල මුදල් ගෙවා නඩත්තු කෙරෙන දේශපාලකයන්, නීති විශාරදයින් හා මාධ්‍යය ආයතන නිසාවෙන් ය. එතන දී ඔබාමා ද නිහඬ ය.



ඇමෙරිකාව මේ දවස්වල දඟලන්නේ මොකක් හෝ ආකාරයකින් ආර්ථික අහේනියෙන් ගොඩ එන්නය. ඒත් එකම තැන දඟලනවා ඇරෙන්න වෙනත් වර්ධනයක් පේන මානයකවත් දකින්නට නොමැත. මොකක් හෝ මගඩියක් කර ලංකාවෙන් කීයක් හරි කොටා ගන්න ඇමෙරිකාණු ගුවන් යානා දහයක් හොරෙන් එව්ව එකත් අපේ ගුවන් හමුදාවට මාට්ටු වූයේය.

පසු සටහන

අපේ ලොකු තැන හැරෙන තැපෑලෙන් චීනෙට ගියේය.  ගුවන් හමුදාව මේ කතාව පොළවෙ හැපි හැපි කීවේය. සිවිල් ගුවන් සේවා ඇමතිට යන්නට කලින් වැඩේ කියන්නට අමතක වීමෙන් මිනිහා ආඩම්බරයෙන් කට ඇර තිබුනේය.

“ලංකාවේ ස්වෛරී ගුවන් අවකාශයට කිසිම විදේශීය ගුවන් යානවක් ඇතුළු වී නැහැ”

ගං බයි ටෝක්ස්


දැං ඉතිං පත්තර වලට තියෙන්නේ ‘ගෝඨා දුන්නා හෙඩ්ලයින් ටුඩේ එකට නිල් වෙන්න - හෙඩ්ලයින් ටුඩේ කුඩුපට්ටමි’ වගේ දේවල් පළකරන්න විතරය. 

ගෝඨාගේ සම්මුඛ සාකච්චාව ශවේන්ද්‍ර සිල්වගේ චැනල් 4 ඇන ගැනීමට නොදෙවෙනි ය. ලංකාව කුලප්පු කරන්නට පුළුවන් උනත් පිස්සුවෙන් කියවාගෙන විදිහට සිද්ධීන් දන්නෝ සියල්ලන්ට ම එය අප්‍රසන්නය. කියැ වූ වාක්‍යයක් පාසා යුද අපරාධ චෝදනා තහවුරු කර ගත්තා මිස කිසිවෙක් දිනා ගන්නට සමත් වූයේ නැත.  චැනල් 4 සඳහා ඉදිරිපත් වූ තමිල්වානි ව දූෂණය නොකිරීම හමුදාවේ විනයගරුක භාවය පෙන්නුම් කරන්නේත් ‘ලිංගික ආතල්’ හිත තුළ නලියවා ගනිමිනි. හාමුදුරුවරුන් ඝාතනය කළා යැයි කර්නල් රමේෂ් ව ඝාතනය සාධාරණීකරනය කරන්නේ අරන්තලා භික්ෂු ඝාතනයට  වග කිවයුතු කරුණා අම්මාන් ව සුරතල් කරන ගමන් බව නොදන්නේ කවරහුද?


‘අපි ස්වෛරී රාජ්‍යයක් ඇයි  - අපි කියන දේවල් පිළිගන්න බැරි - ඇයි අපිට ඕන දෙයක් කරන්න බැරි’ යනුවෙන් පුන පුනා කියන්නේ මෙකේ බිහිව ඇති සියළුම ඒකාධිපතීන්ගේ තේමා පාඨය උච්චාරණය කරමිනි. රට, රටේ දේ‍පල සහ සිංහල හා  දෙමළ ජනයාද රාජපක්ෂ පවුලේ බූදලයක් යැයි ඔහු සිතයි. මරණය ද ජීවත් කිරීම ද තීරණය කරන්නේ රාජපක්ෂවරුන් ය. රාජපක්ෂවරුන්ගේ අත ඇති සිංහලයාගේ සිංහල කම නමැති නාස් ලණුවෙන් ගැලනොවෙන තාක්කල් අද දෙමළාට අත් වූ ඉරණම හෙට දවසේ සිංහලයාට ත් වැඩි ඈතක නොවේ.

වචන කෙරුවාව - 2


‘ඕකා කවදාවත්ම වෙලාවට වැඩක් කරන්නෙ නැහැ’ යැයි කිසි දිනෙක වෙලාවට වැඩක් කරන්නැති එකෙක් පවසන විට නොදන්නා අයට ඒත්තු ගැන්වෙන්නේ මේ කියවන්නා නම් වෙලාවට වැඩ කරණ බවකි.

විමල් වීරවංශ නම් දූෂිත ඇමතිවරයාද එවැනි කතාවක් පැවසූ බවක් දැන ගන්නට ලැබුනේ  'මන්ත්‍රීවරු හත්මුතු පරම්පරාවම ගොඩදාගන්න හදනවා' යන හෙඩිම යටතේ ශ්‍රී ලංකා මිරර් හි පළවූ ලිපියකිනි. මෙතන වෙනස තියෙන්නේ මේ බව නොදන්නා කිසිවෙක් නොවීමයි. 


ලංකාවේ ස්වෝත්සාහයෙන් නැගී එන දූෂීත ඇමතිවරයාට හිමි සම්මානය සඳහා විමල් වීරවංශට තරඟයක් ඇත්තේම නැත. පහතින් ඇති ලිපි වල ඇත්තේ සන්ඩේ ලීඩර් හි පළවුනු එවන් තොරතුරු කිහිපයකි.

Sunday Leader 1
Sunday Leader 2

වචන කෙරුවාව - 1



කිසිවෙක් යම් මතවාදයක් දරණ බව හෝ නොදරණ බව කෙතරම් උදේ සවස මතුර මතුරා කීවත් වැඩක් වෙන්නේ නැත. පුද්ගලයින්ගේ ගුණයන් විමසා බැලෙන්නේ වචන වලින් නොව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙනි. භාවිතාවෙනි. 
එහෙම නොවුනොත් ලංකාවේ සිටින ඇකඩමික් මාක්ස්වාදීන් සියල්ලෝම මාක්ස්වාදීන්ය.

සෝමවංශ ප්‍රමුඛ ජවිපෙ මෑතක සිට ‘අපි ජාතිවාදී නෑ.........නෑ... නෑ...නෑමයි’ මන්තරය මතුරන්නට පටන්ගෙන තිබේ. ජවිපෙට අදාල වෙන්නේත් ඉහතින් සඳහන් කළ දේමය. 


කොච්චර මැතිරුවත් ගොඩ ඒමක් නැත. දෙමළ සංහාරක ආණ්ඩුවේ යුද්ධයේ දී අන්ත ජාතිවාදී පක්ෂ සමඟ ජවිපෙ හරි හරියට පෝලිමි ගැසුනේය. කොච්චර ද යත් උනන්දුව වැඩිකමට පෝලිම් පවා පැන්නේය. රණවිරුවන්ව යුද්ධාධිකරණයට ගෙනියන්න වෙන්නේ තමන්ගේ මළකඳ උඩින් බැව් සෝමවංශ පැවසුවේ එවැනි පෝලිම් පැන්න දවසකය.

‍‍‍‍ඩෝල් ‍කෙ‍හෙල්


ඩෝල් ෆුඩ් කම්පැනි නම් වූ ඇමෙරිකානු වෙළඳ සමාගම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හා එම සමාගමේ පැටකිරිය ඇවිස්සීමේ වැදගත් ලිපියක් සජීව චාමිකර නමින් ලංකා ඊ නිවුස් හී පළවී තිබුණි (මෙය පුවත්පතක පළ වූ ලිපියක් දැයි නොදනිමි).


අන්තර්ජාලය ඇසුරෙන් හා තමන් විසින් ‍සොයා ගවේෂණාත්මක ‍තොරතුරු ඇතුලත් එම ලිපිය සිංහ‍ලෙන් ලියා පළකිරීම වැදගත් නමුදු ලිපිය කේන්ද්‍ර වී ඇත්තේ මුරලිදරන් මෙම ව්‍යාපාරයට හවුල්වීම ඛේදවාචයක් ලෙස දැකීමත් ලංකාවේ ස්වභාවික වන සම්පත විනාශ වීමත් කරුණුය. වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ වන ඩෝල් සමාගම වැනි ඇමෙරිකානු බහුජාතික සමාගම් ලංකාවේ භූමිය හා ශ්‍රමය සූරා කෑම ලිපියෙන් ගිලිහී ඇතිවා පමණක් ‍නොව එම මැදිහත් වීම සංවර්ධනය ලෙසින් ලේඛකයා හඳුනාගන්නා බවක් ලිපිය තුළින් පෙනේ.

මුදල් හමිබ කිරී‍මේ පරමාර්ථයෙන් මුරලිදරන් වැන්නෝ මෙවැනි සූරාකෑම් සඳහා අතරමැද්දෝ වන අතර ඔහු නොමැති නම් ඒ සඳහා තවත් ඕනෑ තරම් ‍වෙ‍ළෙන්දෝ සිටිති. එමෙන්ම ‍මෙවැනි සමාගම් පමණක් නොව දේශපාලකයෝ ප්‍රමුඛව ඔවුන්ගේ නෑදෑ‍යෝ, හවුල්කරුවෝ ලංකවේ ස්වභාවික සම්පත් ඇතිතරම් හූරා ගෙන කති. කොටි පාලන ප්‍රදේශවල ‍මෙ‍තෙක් සුරක්ෂිතව තිබූ වන සම්පත ඔවුනට අලුතින් පහල වූ නිධානයකි. ‍මෙවැනි ලිපියකින් මෙලෙස බහුජාතික සමාගම් ලංකාවේ භූමිය හා ශ්‍රමය සූරා කෑම ඉස්මතු වීම වැදගත් වන්නේ එය ලංකාව මුහුණපා සිටින අලුත්ම අර්බුදය බැවිනි. ‍ර‍ටෙන් සැලකිය යුතු ඉඩකඩමි ප්‍රමාණයක් මේ වන විටත් විදේශ සමාගම් සඳහා සින්නකරව හෝ බද්දට රාජපක්ෂ රෙජීමය යටතේ පවරා අවසන්ය.

දැනට වසර ගණනාවක සිට ‍මෙම සමාගම ‍ඩෝල් ලංකා ඉන්ටර්නැෂනල් නමින් බුත්තල පිහිටුවා ඇති කෙසෙල් ගොවිපල ද සීඅයිසී ඇග්‍රි බිස්නස් ආයතනය හා සමිබන්ධව හිඟුරක්ගොඩ හා දඹුල්‍ල ප්‍රදේශයේ  ‍කෙසෙල් ගොවිපලවල් පිළිබඳව සඳහන් නොවීම ද ලිපිය සම්පූර්ණ ‍නොවීමට හේතුවකි.

ලිපියෙහි සඳහන්ව ඇති  පො‍ළොවට හා මිනිස් සිරුරට අහිතකර කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය පිළිබඳව හා ශ්‍රමය සූරාකෑම සම්බන්ධව ඩෝල් සමාග‍මේ නරක ඉතිහාසය ගැන ආසනික් විද්වතුන්ගේ සහ අධිරාජ්‍යවිරෝධීන්‍ ගේ නොදැක්කා වගේ සිටීමේ න්‍යාය නාථ දෙවියන් හා සම්බන්ධ කොමියුනිකේෂන් ගැටළුවක් විය හැක.



බොරළුගොඩ පච


ආණ්ඩුවේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සදහන් කරන ආකාරයට ඇමෙරිකාව ලංකාව සදහා ආධාර නවත්වා ඇත්තේ ඇමෙරිකාව බංකොලොත් ව ඇති නිසාය. ඇමෙරිකාවේ ආර්ථික අහේනිය හා කඩා වැටීම සත්‍යමුත් එය ලංකාවේ ආධාර නැවැත්වීමේ හේතුව වශයෙන් දැක්වීම අමූලික බොරුවකි. යූඑස්ඒඩ් මෙවර 2012 පිස්කල් වර්ෂය සඳහා සියළුම රටවල් වෙනුවෙන් අනුමත කරගැනීමට ඉල්ලා ඇති මුදල ඩොලර් බිලියන 47 ක් වන අතර එය 2010 වසර සඳහා වූ ආඳාර වලට වඩා 1% වැඩි වීමකි. ආර්ථික අහේනිය කෙතරම් වුවද ඇමෙරිකාව මුදල් යොදවා සිදුකරණ මෙම අන්තර්ජාතික මැදිහත් වීම් නැවැත්වීමට තවමත් සිතා නොමැත.


මානව අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් ඇමෙරිකාවෙන් බලාපොරොත්තු විය හැක්කක් නොමැති වුවත් ඒඑෆ්පී වාර්තා අනුව ‍ලංකාව සදහා වූ මෙම ආධාර / ණය නැවැත්වීමට මූලික හේතු වශයෙන් දක්වා ඇත්තේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා හතරවන ඊළාම් යුද්ධයේ අවසාන කාලයේ සිදුවූවා යැයි පවසන යුද අපරාධයන් ය.


ඇමතිවරයා මෙම අමූලික බොරුව ප්‍රකාශ කර ඇත්තේ කියුබානු මොන්කාඩෝ ප්‍රහාරයේ 58 වන සංවත්සරයට සමගාමීව, කියුබානු ජාත්‍යන්තර සැමරුම් දිනය ශ්‍රී ලංකා - කියුබානු මිත්‍රත්ව සංගමය මගින් පසුගිය ජූලි 27 වනදා පැවැත්වූ උත්සවයක දීය.

මෙම උත්සවය සඳහා ඩිව් ගුණසේකර, මහචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ සහභාගී වූ අතර ඒ සඳහා ඒ පුද්ගලයින් සඳහා වූ එකම සුදුසුකම වශයෙන් සැලකිය හැක්කේ ඉස්සර ඒ අය පුරුද්දට වගේ රතු ෂර්ට් ඇඳීමයි.