චැනල් 4 වෙතින් තවත් වීඩියෝවක් නිකුත් වී තිබේ. මේ වීඩියෝවත් සමඟම මෙම චැනලය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදා නිලධාරියකුගේ මරණයකට (සිදු වුවහොත්) ටෙලිවිෂන් චැනලයක් වග කිවයුතුව ඇත. මෙය පළව තිබුනේ ජූලි 30 සෙනසුරාදා ලක්බිමෙහිය. වඩාත්ම ඉල කකියන්න හිනා යන්නේ මේ නිලධාරියා වෙත දස දහස් හෝ ලක්ෂ ගනනකගේ මරණයන්ට වගකිව යුතු ව යුධ අපරාද වෝදනා එල්ලව තිබීමයි.
එවන් අභීත නිලධාරියෙකුගේ මරණයට වගකියන්න ටෙලිවිෂන් චැනලයක්........... චැනල් 4 එකට තාමත් හිනාව නවත්තගන්න බැහැ (සියළු වැඩසටහන් තාවකාලිකව නවත්වා ඇත).
මෙම වීඩියෝවට ආණ්ඩුවේ ප්‍රතිචාර (වරකට එක බැගින් හෝ කිහිපවරකට හෝ සියල්ල එකවර)
1. මෙම සුදු කොඩි දවසේ ශවේන්ද්‍ර සිල්වා රාජකාරියේ නියතුව නැත. අවශ්‍ය නම් දොස්තර එලියට් ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ හැක.
2. මේ විඩියෝවේ සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා නොවේ. ඔහු කිසි දිනෙක මෙවන් තැතිගැන්මකින් හෝ ව්‍යාකූල බවකින් සිටිනු දැක නැත. මෙය පටිගතකර ඇත්තේ ශවේන්ද්‍ර සිල්වා හා සමාන නළුවෙකු යොදා ගැනීමෙනි.
3. මෙහි මුල් දෙමළ හඩ පටය රජය සතුව ඇත. මෙය එහි සිංහල හඩ කැවූවකි.
4. මෙය ශවේන්ද්‍ර සිල්වා ගේ සම්පූර්ණ ප්‍රකාශය නොවේ. සම්පූර්ණ ප්‍රකාශය තුළ මාධ්‍යවේදීයා කුඩුපට්ටම් කර ඇත. උවමනාවෙන් සංස්කරණය කර පෙන්වා ඇත්තේ ඔහු තැතිගැන්මකින් හෝ ව්‍යාකූල බවකින් සිටින අවස්ථා පමණි.
5. ශවේන්ද්‍ර සිල්වා යුධ බිමේදී සෙලියුලර් දුරකථන භාවිතා නොකරන බැවින් ගෝඨාභයගෙන් මෙවැනි පණිවුඩයක් ලැබුණි යැයි පැවසීම අමූලික බොරුවකි.
6. මෙම වීඩියෝවේ සිටින ප්‍රනාන්දු හා සස්රුත විදේශයට පැනගිය දේශද්‍රෝහි මාධ්‍යවෙදීන් දෙදෙනෙකි. දෙමළ ඩයස්පෝරාව ඔවුන්ට ඩොලර් බිලියනයක් ලබා දී ඇත.



