A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මහජනතාව කෝ කෝ


ඊජිප්තුවේ තිස් අවුරුදු මුබාරක් රෙජිමය පරදවා 2011 පෙබරවාරි 11 දින ජනතා බලය ජය ගෙන ඇත. ඊජිප්තුවේ හෙට දවස කුමක් වේදැයි අනුමාන කළ නොහැකි මුත් කිසිම ආකාරයේ ප්‍රබල දේශපාලන හෝ සිවිල් නායකත්වයක් නොමැතිව මහජනතාවගේ ශක්තියෙන් සිදු කරණ ලද මෙම අභිමානවත් අරගලයේ ජයග්‍රහණය කාගේතු ඇස් ඇරවන සියවසේ සළකුණක් වී ඇත.

බලයේ සිටින පාලකයින්ගේ දූෂණ, වංචා, අසාධාරණකම්, නීති යුක්තීන් කඩකිරීම්, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීම් හා රට තුළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සළකා බැලීමේ දී ලංකාව සිටිනු ඇත්තේ ඊජිප්තුවට වඩා ඉදිරියෙනි. සියල්ලන්ම නිහඬව බලා සිටිද්දී වාර තුනකදී විසිදාහක් (71), හැටදාහක් (88/89) හා හතළිස්දාහක් (2009/2010) බලයේ සිටි/සිටින ආණ්ඩු හා රජයේ හමුදා හා පොලිස් බල ඇණි වලින් මරා දැමුණේ ඒ අසිරිමත් රටේය. ර‍ටේ දෑසට දිස්වෙන සංවර්ධණයක් ඇති මුත් ඒවායේ ප්‍රතිලාබ කිසිදාක දුප්පතුන් හට නොලැබි වරප්‍රසාද ලත් එක් පංතියකට පමණක් හිමිව ඇත. පීඩිතයා දැනට වසර හතිළිහකට කළින් සිටියාට වඩා පීඩිතය. වෙනස ඇත්තේ වසර කිහිපයකට වරක් මැතිවරණයක් පවත්වා එක එක වර්ගයේ එවුන් බලයට පත් කරමින් ජනතාවගේ හිත්වල ඇති ආතතිය සුවපත් කරගැනීමය. කුරුඳුවත්තේ සෝබන ජේආර් ගේ සිට කෙහෙල්වත්තේ මුඩුක්කු ප්‍රේමදාස හරහා මැදමුලන රාජපක්ෂ ගැමියා දක්වා අපි දැන් අත්හදා බලා ඇත. හමුදා නායකත්වයකට ද බලය දෙන්නට ගොස් එක පාරක් යාන්තම් බේරුණේය

මුබාරක් විපක්ෂ දේශපාලන පක්ෂ, මාධ්‍ය හෝ සිවිල් නායකත්වයක් බිහි වීම වලක්වද්දී අපේ රටේ පාලකයෝ හීලෑ කරගත හැකි මාධ්‍ය, විපක්ෂ දේශපාලන පක්ෂ හා සිවිල් නායකත්ව හැමදාමත් අපූරුවට ඇති දැඩි කර ගත්තෝය. ලංකාවේ ජනතාවගේ ඉරණම තීන්දු කරන්නේ ඒ රූකඩයින් විසිනි. ඊජිප්තුවේ එවැන්නවුන් නොසිටිනා බැවින් ජනතාවගේ ජයග්‍රහණය පහසු වී තිබුණි. වරක් ඊජිප්තු තරුණියක් කියූ පරිදි “අපිට නායකයෙක් හිටිය නම් මේ වන විටත් ඔහුව මුබාරක් හීලෑ කරගෙන එහෙම නැත්තම් මරා දාල”. එමෙන්ම ඊජිප්තුවේ හමුදා, නිල ඇඳුමක් හැඳ ගත් පමණින් ගිනි අවියක් අත දැරූ පමණින් තමන්ගේ මව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් මරා නොදැමූ බැවින් එම ජනතාවගේ ජයග්‍රහණය තවත් පහසු වී තිබුණි.

පාලකයින් මෙන්ම ඔවුන් විනාශ කිරීමට යන මාර්ගයේ සිටින මේ රූකඩයින් ද විනාශකර ගෙන නැගිටිය හැකි මහජනතාවක් අපිට සිටීද?

දේශහිතෛශී ‍දේශමාමක මිස්ටර් ‍මොහාන් සමරනායක


රූපවාහිනී මාධ්‍ය‍යේ භාවිතා‍වේ ඉඳල ඒවාගේ අඩංගු දෑ මෙන්ම පරිහරනය කරන හැමදෙනාවම ද සදාචාරය ද සංස්කෘතිය ද ජරාජීරණ වෙලා වැනසිලා ති‍‍යෙන ‍කොට ඉංග්‍රිසි‍යෙන් ලියපු නමක් අල්ලගෙන දඟලන්නෙ ‍මොකටද ‍දේශහිතෛශී ‍දේශමාමක මිස්ටර් සමරනායක.  ප්‍රවෘත්ති වල ඉඳල ‍ටෙලිනාට්‍ය ‍වෙනකම්ම අප්‍රසන්නයි. නම ‍නෙමේ පුළුවන්නම් ඇතුල හදන විදි‍යෙ ‍ටෝක් එකක් ‍දෙන්න. ඒත් හැබැයි ‍‍දේශහිතෛශී ළිං ‍ගෙම්බන් ට ඕ‍නෙ විදියට ‍නෙ‍මේ. ‍මේ සියවසට ගැලපෙන දියුණු සංස්කෘතියක් එක්ක.

------------
live@8, news1st මේ මොන දීනකමක්ද? - මොහාන් සමරනායක 
සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක ඉංග‍්‍රිසියෙන් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ live@8, news1st ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දැක්වීය. ඒ මහතා මේ අදහස් පල කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මාසික ප‍්‍රකාශණය වන මුරගල සඟරාවේ ප‍්‍රධාන ආරාධිත දෙසුම කොළඹ සව්සිරිපායේදී පවත්වමිනි.

ලංකා සී නිව්ස්

සෙක්ස් ඉන් ද ස‍රොන්



ගාලු ලිට‍රොසි ‍ෆෙසිටි‍වොල් එ‍කේ සරමත් එක්ක ති‍යෙන ‍සෙක්ස් බලන්න ෂුකාරුත් ගියා මදැයි තැප්‍රො‍බේන් අයිලන්ඩුවට. ‍තෙමුනා ‍තෙමිල්ලක් අහවල් එක් ගාවට එනකම්ම. කවුද දන්‍‍නේ පයින් ගාටන්න ති‍යෙනවා කියල පල්‍ලෙහා තෙමා ‍ගෙන. පස්සෙයි වැ‍ඩේ තේරුනේ........ ඩෙෆ්රි ‍ඩොබා සරොං මුදලාලි, ස‍රොං විකුණනවා ‍හෝට‍ලේ ඇතු‍ලෙ. මරු බිස්නස් එක. ෂුකාරය නම් අහු උනේ නැහැ තෙමා‍ගෙනම හිටිය. ඒත් වැඩිහරියක් උන්දැල සරොං ගත්ත. අන්තිමට සෙක්ස් ඉන් ද ස‍රොන් තමයි ඩොබාට.

ඩෙෆ්රි ‍ඩොබා  තමයි ගාලු ලිට‍රොසි ‍ෆෙසිටි‍වොල් එ‍කේ ලොක්කා, තැප්‍රො‍බේන් අයිලන්ඩුව සහ ඒ ‍සුපිරි හොටල් ජාලයේ අයිතිකාරය. උන්නැහෙ‍ගේ සුනාමි කෙරුවාවල් බලන්න ‍මෙතන ඔබන්න. ‍


පින්තූර සන්ඩේ ටයිම්ස් එකෙන්.

කනෝ කනෝ කනවෝ


මේ දෙන්නගේ සහ මේ දෙන්නා නියෝජනය කරන ආයතන දෙකේ තව සමාන කමක් තියෙනවා. කසුරි-සුගාර-මහි අබේ ට නොදෙවෙනි වෙන්න අතිජාත රණවිරුවො කියාගෙන තෙල් මල් පහන් බෝධි පූජා තියාගෙන වන්නිය සමූල ඝාතනය කරන්න ආණ්ඩුවත් එක්ක බඩ බදාගෙන හිටියෙත් මේ ගොල්ලොමනෙ.

දැං ඉතිං කනෝ කනෝ කනවෝ

-------------- 

ප්‍රවෘත්තිය සයිබර් අහසේ සිංහල තරු ලකුණ හොයන ඩබ්ලිව් තුන ලංකා මඟිනි.

ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගනු ලැබූ පසුගියදා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එල්ල කරන ලද ප්‍රහාරයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ප්‍රදීප් දිල්රුක්ෂණ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය අප පළ කරන්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසා ය.

මෙහි ඉදිරියෙන් සිටින්නේ නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දෙන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රමුඛ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියයි. පසුබිමින් සිටින්නේ පසුගිය සමයේ දැඩි මර්දනයකට මුහුණ දුන් තවත් මාධ්‍යවේදියකු වන ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තයි.

හහ් හා හි හී හූ


“දුන්නා කියන්නෙ දෙන්න වගේම ආවා. අන්තිමට මූ දුන්නේ නැහැනේ. නැත්තම් මගෙන් බේරෙයි”

--------------

ඇමෙරිකන් ස්පයිඩර් මෑන්, බ්‍රිටිෂ් නයිට් විමල් වීරවංශගේ වෙබ් එකේම පුවතක්.

කිරිපිටි සමාගමක් විමල්ට පගාව දෙන්න හදලා

ජාත්‍යන්තර සමාගම්වලට එරෙහිව ප‍්‍රබල මතවාදී ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටින  ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට මෙරට ක‍්‍රියාත්මක බහුජාතික කිරිපිටි සමාගමක ඉහල පෙලේ නිළධාරියෙකු විසින් සංතෝසම් ලබාදීමට උත්සාහ කල බව ඔහු පවසයි