ලෙඩකට දුකකට බේතක් හේතක් ගන්න ඉස්පිරිතාලයක් ගොඩනංවනාවාට විරුද්ධ විය හැක්කේ නරුමයෙකුට පමණි. එහි දී ප්‍රතිකාර ගන්නේ දෙමළා ද මුස්ලිමයා ද සිංහලයා ද යන්න වැදගත් නොවේ. ඉස්පිරිතාලය හදන්නේ චීනා ද ඇමෙරිකාණුවා ද යන්න ද වැදගත් නොවේ. ඉස්පිරිතාල හදන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්නය. කිළිනොච්චිය ඇතුළු උතුරේ රෝහල් හතරක් ඇමෙරිකාණු ආසියා ශාන්තිකර හමුදා මූලස්ථානය විසින් ඉදිකිරීමට එරෙහි වීම තුළින් විමල් වීරවංශ හා චම්පික රණවක පෙන්වා දෙන්නේ මේ නරුම ස්වභාවයයි. මෙහි දී පීඩිතයා බවට පත්ව ඇත්තේ දෙමළායි. එහෙත් දෙමළාට යහපතක් වෙන කිසිදේකට මොවුන් එකඟවන්නේ නැත. කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඒ සඳහා විරෝධය පායි. දෙමළා සුන්නත් දූලි වන තෙක් මොවුනට නින්ද යන්නේ නැත.
උතුරු පළාතේ යළිත් සිංහලයන් පදිංචි කිරීමට පියවර ගත යුතු බවත් සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් නොවන බව සිංහලයන්ට විරුද්ධ සියළු බලවේග තේරුම්ගත යුතු බවත් චම්පික රණවක මහතා පවසමින් උපාසක චම්පික රණවක පෙන්වා දුන්නේත් ඔවුන් විසින් ගෞරවයෙන් රකිනා කාලකණ්ණි දේශපාලනයේ ස්වභාවයයි. කොහොම නමුත් මොවුන්ගේ විරෝධය නොතකා මෙම රෝහල් කැබිනට් මණ්ඩලය තුළ අනුමතව ඇත්තේ ඉස්පිරිතාල කොහේ හැදුවත් ඩොලර් කුට්ටි අතපතගාන හැටි රාජපක්ෂ කට්ටිය දන්නා බැවිනි.
එහෙත් බලුගැත්තර කම වන්නේ ආණ්ඩුව ඇමෙරිකාව සමඟ මැදියත්ව ගෙනියන්නා වූ යටිකූට්ටු වැඩ මහින්ද රාජපක්ෂගේ මේ ජාතිවාදීන් කුක්කෝ දෙන්නම කූං කූං ගගා ඉවසා සිටීමයි. ලෝක බැංකුවට අවනතව ඔය කියන අධිරාජ්‍යවාදීන් ගේ උවමනාවට ලංකාවේ සමාගම්, කර්මාන්තශාලා, ඉඩකඩම් පිට රටවලට විකිනීමත් අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු සේවා පෞද්ගලීකරණය කිරීමත් නොදැක්කා ගානට සිටී.
මෑතකම උදාහරණය නම් ඉසිපිරිතාල හදන්න නොවේ ඇමෙරිකාණු මිලිටරිය ශ්‍රී ලංකාවට පූර්ණ ලෙස මැදිහත් වූ ඇමෙරිකාණු ශාන්තිකර ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් පසුගිය අගෝස්තු මාසයේදී ලංකාවේදී පැවැත්වූ වැඩමුළුව තිබුණා ද නැද්ද යන්න බවවත් නොදන්නා ගානට සිටීමේ නපුංසක බව මේ දෙදෙනාම පෙන්වීමයි.

meka labana athmaye demalek wela updeewa
ReplyDelete