උපැවිදි වී යුද්ධ කළෙමි - රට දිනවා පැවිදි වුණෙමි.
මොහු නම් අමුතුම ආකාරයේ පුද්ගලයෙකි. එක්කෝ මේ කාරණාව තුළදී මන්ද මානසිකත්වයකින් පෙළෙන්නෙකි. නැත්තම් පළාතම අන්දවා ගෙන මාරම ගේමක් දෙන්නෙකි. සිවුරේ ඉඳගෙනම යුද්ධයට ආවඩන රතන පන්නයේ සිවුරුලත්තෝ ඇතිතරම් සිටියත් මොහුගේ සුවිශේෂ බව වන්නේ සිවුර ගලවා යුද්දෙට ගොස් (මාර ෆ්‍රීඩම් එක) ලේ සෝදා නැවතත් සිවුරු ලෑමයි (වැඩක් නෑ බං). පව් සිද්දවෙනවා බැවින් ගහක් කොළයක් කඩන්න එපැයි කියන බුද්ධාගමෙයි ඉමක් කොණක් නැතිව මිනිසුන් මරා දාන යුද්දෙයි ඇති සංවාසයේ අළුත්ම ජාතක කතාව තමා ඒක. සැදැහැවත්තු තාම සාදු කාර දෙනවලු. මාරම වැඩේ කියන්නේ පෙර කළ පින් මහිමයකින් කිසිදු ඝාතනයක් කිරීමට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට මේ රණවිරුවට ඉඩක් ලැබීල නැහෙනෙ. ඉතිං හාංදුරනේ රට බේරා ගත්තෙ අහවල් කෙංගෙඩියක් කොරළැයි?
ආරක්ෂක ලේකම් තමා හමුදාවෙන් පැන්න උන්ව අල්ලන එකට ඔය සිවුර ආරස්සාවක් උනොත් හොඳයි.

//එය වස්සාන සමයක් නොවීය. අහස නිතර වැහි කඳුළු වගුරුවන්නට සැරසෙන සෙයක් හෝ හඬා වැටෙන්නට අරඅඳින සැටියක්ද පළ නොකළේය. උදාවූ දවස හෙමි හෙමින් බඩගා යද්දී හෝරාවක් දෙකක් ගියේය. ඉක්බිතිව එළැඹුණු ගිනි මද්දහනයට වැදුණු මිනිසුන්ගේ මුහුණු තැවී දහදිය ගලා හැලෙනු පෙනිණි. //
ReplyDeleteමරු නේ?
අප හෙළදිව කවදත් දේශ ප්‍රේමි ලක් දරු දැරියන්ගෙන්
ReplyDeleteනොසිස් වූ වගයි.....!
me athal wena kohenwath naha.. only from one and only DIVA-INA!
ReplyDeleteයකෝ!! පත්තරේ විකුනගන්න ලියපුවට තොපි වයින්වෙලා තියෙන තරමක්!!
ReplyDelete