A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

උන්ගෙ ලක්ෂෙ අපේ දෙක




දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීමක් ගැන හදිසියේ අවදී වූ ජන අරගළ පා.ම. අජිත් කුමාර ලක්ෂයක් දෙමළ ජනතාවකගේ ඝාතණයන්ට දස දහස් ගණනකගේ අතුරුදහන් වීමට වග කිවයුතු ආරක්ෂක ලේකම්වරයෙකුගෙන් උදව් ඉල්ලා ලිපියක් යවා තිබේ. පහතින් ඇති ලිපිය බලන්න.

ආරක්ෂක ලේකම්තුමා,
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
කොළඹ

ආදරයෙණි,

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගන්සන් අතුරුදහන්වීම පිළිබඳව 

ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා සහ යාපනයේ අවරන්ගාලි හි පදිංචිව සිටි කුගන් මුරුගන්සන් සහෝදරයා ඊයේ සවස සිට අතුරුදහන්ව ඇත. මේ මොහොතේ අපිට සහයෝගය දක්වන විශේෂයෙන්ම ලංකාවට වමක් හඳුන්වාදෙන්න විළිරුදවෙන් පෙළෙන මේ මොහොතේ එය බරපතළ කාරණාවකි.

දෙමළා සංහාරය කිරීම සඳහා ඔබ වෙත මින් පෙර දී අපගේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදුන් බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු දෙයක් නොවේ. එදා අපි දෙමළා විනාශ කිරීම සඳහා උඩින් යටින් මුහුදෙන් පාසැල් රෝහල් අවතැන් කඳවුරු හැම එකටම අමානුෂික ලෙස කරන සියළු පහරදීම් සඳහා ඔබ සමඟව එකට සිට ගත්තෙමු. පොඩි ළමයින්, ගැබිනි මව් වරුන්, මහල්ලන් ගේ මළ කඳන් නොදැක්කා ගානට සිටියෙමු.  තරුණ තරුණියන් දූෂණය කර මරා දැමූ අයුරු යුද්ධයකදී නොවැළක්විය හැකි දේවල් යැයි සාධාරණිකරණය කළෙමු. යුද අපරාද ගැන කතා කරන උන්ගේ හොම්බට තැළුවෙමු. ඇමෙරිකාව, චීනය, රුසියාව ට ලංකාව උකසට තබා බිලියන් ගණන් වලින් මිලිටරි ආධාර ලබා ගන්නා විට අපි ප්‍රශ්න නොකළෙමු. කොටින්ම පවසතොත් ලක්ෂයකට ආසන්න දෙමළුන් මරා දමා මුල්ලිවයික්කාල්වලින් කෙළවර වුණු මාණුෂික මෙහෙයුමේ මාණුෂික මුහුණ ගමක් ගමක් ගානේ ගෙන යන්නට අපේ නායකතුමා ඇතුළු හැටදහසක් මරාදැමූ රණ විරුවන්ට බෝධි පූජා තියන්නට අපි ඇප කැප වුණෙමු. එවන් සංහාරයක් සඳහා දායක වුණු අපට මේ දෙමළුන් දෙදෙනා අහවල් කජ්ජක්දැයි ඔබට සිතෙනු ඇත. ඒත් මේ මොහෙතේ වමේ විළිරුදාවට දෙමළ නියෝජනයක් අවශ්‍යව ඇති බැවින් මේ ගැන කාරුණිකව සළකා බලන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

තවදුරටත් මතක් කරන්නේ නම් පාර්ලිමේන්තුව තුළදී ඔබට හදිසි නීතිය සම්මත කරගැනීම අවශ්‍ය හැම විටකදීම මගේ අත නොපැකිළව එස වූ බව පාර්ලිමෙන්තුවේ සිටින ඕනෑම මන්ත්‍රී වරයෙකුගෙන් විමසා දැනගත හැක. දේශපාලන උපක්‍රමයක් වශයෙන් දැනට සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා ව බලයට ගෙන ඒමට උත්සහා දැරුවත් මේ මොහොතේ අප ඔහුගේ පැත්ත පළාතවත් නොබැලීම සහ බලන එවුන්ගේ පැත්ත පලාත වත් නොබැලීම ඔබගේ සතුටට කරුණක් වන මේ මොහොතේ අමාරුවෙන් අන්දවා ගත් මේ දෙමළ තරුණයන් දෙදෙනා දෙස සාණුකම්පිතව සළකා බලන මෙන් නැවතත් ඉල්ලා සිටිමි. සරත් ෆොන්සේකාගේ නිවසේ නිළ මාධ්‍ය කාර්යාලය තුළ පැලපදියම් වී සිටි පුබුදු ජයගොඩ වැන්නෙක් පවා සරත් ෆොන්සේකාට උදව් කිරීමේ නව ලිබරල් වාදයෙන් ගලවාගෙන මේ මොහෙතේ සිටින්නේ අප සමඟය. මේ දෙමළ තරුණයන් දෙදෙනාද වැටෙන්නේ සරත් ෆොන්සේකාට එරෙහි ඒ ගොඩට‍ බව වටහා ගැනීමට ඔබට මහා දැණුමක් අවශ්‍ය නොවේ. ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ඒ කාරණාවම ප්‍රමාණවත් බව ඔබට වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.

එම නිසා, මෙම තත්වය පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කොට අතුරුදහන් වී ඇති එම සහෝදරවරුන් සොයා දීමට මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට,
විශ්වාසී,
සදාදාර,
අජිත් කුමාර

1 comment:

  1. "දෙමළා සංහාරය කිරීම සඳහා ඔබ වෙත මින් පෙර දී අපගේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදුන් බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු දෙයක් නොවේ. එදා අපි දෙමළා විනාශ කිරීම සඳහා උඩින් යටින් මුහුදෙන් පාසැල් රෝහල් අවතැන් කඳවුරු හැම එකටම අමානුෂික ලෙස කරන සියළු පහරදීම් සඳහා ඔබ සමඟව එකට සිට ගත්තෙමු. පොඩි ළමයින්, ගැබිනි මව් වරුන්, මහල්ලන් ගේ මළ කඳන් නොදැක්කා ගානට සිටියෙමු. තරුණ තරුණියන් දූෂණය කර මරා දැමූ අයුරු යුද්ධයකදී නොවැළක්විය හැකි දේවල් යැයි සාධාරණිකරණය කළෙමු. යුද අපරාද ගැන කතා කරන උන්ගේ හොම්බට තැළුවෙමු. ඇමෙරිකාව, චීනය, රුසියාව ට ලංකාව උකසට තබා බිලියන් ගණන් වලින් මිලිටරි ආධාර ලබා ගන්නා විට අපි ප්‍රශ්න නොකළෙමු. කොටින්ම පවසතොත් ලක්ෂයකට ආසන්න දෙමළුන් මරා දමා මුල්ලිවයික්කාල්වලින් කෙළවර වුණු මාණුෂික මෙහෙයුමේ මාණුෂික මුහුණ ගමක් ගමක් ගානේ ගෙන යන්නට අපේ නායකතුමා ඇතුළු හැටදහසක් මරාදැමූ රණ විරුවන්ට බෝධි පූජා තියන්නට අපි ඇප කැප වුණෙමු. එවන් සංහාරයක් සඳහා දායක වුණු අපට මේ දෙමළුන් දෙදෙනා අහවල් කජ්ජක්දැයි ඔබට සිතෙනු ඇත. ඒත් මේ මොහෙතේ වමේ විළිරුදාවට දෙමළ නියෝජනයක් අවශ්‍යව ඇති බැවින් මේ ගැන කාරුණිකව සළකා බලන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

    තවදුරටත් මතක් කරන්නේ නම් පාර්ලිමේන්තුව තුළදී ඔබට හදිසි නීතිය සම්මත කරගැනීම අවශ්‍ය හැම විටකදීම මගේ අත නොපැකිළව එස වූ බව පාර්ලිමෙන්තුවේ සිටින ඕනෑම මන්ත්‍රී වරයෙකුගෙන් විමසා දැනගත හැක. දේශපාලන උපක්‍රමයක් වශයෙන් දැනට සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා ව බලයට ගෙන ඒමට උත්සහා දැරුවත් මේ මොහොතේ අප ඔහුගේ පැත්ත පළාතවත් නොබැලීම සහ බලන එවුන්ගේ පැත්ත පලාත වත් නොබැලීම ඔබගේ සතුටට කරුණක් වන මේ මොහොතේ අමාරුවෙන් අන්දවා ගත් මේ දෙමළ තරුණයන් දෙදෙනා දෙස සාණුකම්පිතව සළකා බලන මෙන් නැවතත් ඉල්ලා සිටිමි. සරත් ෆොන්සේකාගේ නිවසේ නිළ මාධ්‍ය කාර්යාලය තුළ පැලපදියම් වී සිටි පුබුදු ජයගොඩ වැන්නෙක් පවා සරත් ෆොන්සේකාට උදව් කිරීමේ නව ලිබරල් වාදයෙන් ගලවාගෙන මේ මොහෙතේ සිටින්නේ අප සමඟය. මේ දෙමළ තරුණයන් දෙදෙනාද වැටෙන්නේ සරත් ෆොන්සේකාට එරෙහි ඒ ගොඩට‍ බව වටහා ගැනීමට ඔබට මහා දැණුමක් අවශ්‍ය නොවේ. ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට ඒ කාරණාවම ප්‍රමාණවත් බව ඔබට වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි."

    ReplyDelete