A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Desperate Housewives


Desperate Housewives යනු ඒබීසී නම් වූ ඇමෙරිකාණු රූපවහානි චැනලයේ කොටස් වශයෙන් විකාශය වන ටෙලියකි.  තමන්ගේ දුක ද, පීඩාව ද, කළකිරීම ද, වැරැද් ද ටෙලි චරිත හා සංසන්දනය කිරීමෙන් ගෙදර සාලයේ දී ම සමනය හා සාධාරණිකරණය  කිරීමට හැකි නිසා එය බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය ටෙලි චිත්‍රපටයකි. ලංකාවේ ද මෙවැනි ටෙලි නාට්‍යයක් “භාර්යාවෝ” නමින් රූ ගත කිරීමි මෙ දිනවල සිදුවේ. මෙහි තිර කතාව හා තේමා ගීතය ශෂි වීරවංශ මහත්මියගේය (ලබන වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී හොඳම ටෙලි නාට්‍යය තිර රචනය හා ගීත රචනය සඳහා ඇයට සම්මාන හිමි වීමට නියමිතය).

මේ ඈ සමඟ ලූප්හෝල්ස් දුරකනය මඟින් කළ සාකච්චාවකි.

ලූප්හෝල්ස්: ඇයි ඔබට මෙහෙම නිර්මාණයක් කරන්න හිතුනේ.

ශෂි: දැං මෙහෙමනේ. උදාහරණයක් වශයෙන් අපේ ෆැමිලි එක අරගත්තොත් අපි තරමි ආදරයෙන් සමගියෙන් කිසිම ආරවුලක් නැතිව ඉන්න ෆැමිලි එකක් තවත් නැතිව ඇති. ඒත් අපිට ඉන්න දෙන්නෙ නැත්තෙ වෙබ් සයිට් කාරයෝ.... පත්තර කාරයෝ තමයි ...මම මේ ලූප්හෝල්ස් ගැන නෙමේ කියන්නේ... මේ ලඟදිත් අපේ ගරු වීරවංශ ඇමති තුමා තරුණ කාන්තාවන් දෙදෙනෙක් සමඟ හෝටල් කාමරයක සිටිය බවත් ලක්ෂ ගානක මුදලක් පගාවක් වශයෙන් ගත්ත බවකුත් සඳහන් වුනා. භාර්යාවන් වශයෙන් අපිට එතකොට හරියට හිත රිදෙනවා. අපි දන්නවනේ අපේ ස්වාමිපුරුෂයන් කොච්චර ගුණගරුකද අහිංසකද කියලා. මේ ඛේදවාචකය අපේ ගරු ජනාධිපතිතුමාගේ ඉඳලා කෙහෙලිය ඇමති තුමා, රෝහිත බෝගොල්ලාගම ඇමති තුමා, ජොන්ස්ටන් ඇමති තුමා, නිමල් සිරිපාල ඇමති තුමා , මර්වින් සිල්වා ඇමති තුමා ඔය හැමෝටම තියෙනවා. බලන්න කොච්චර හොඳ මිනිස්සුද? ඉතිං මට හිතුණා භාර්යාවන් වශයෙන් අපිට සිදුවෙලා තියෙන මේ කනගාටු තත්වය හෙළි දරව් කරන්න ටෙලි නාට්‍යයක් කරන්න.

ලූප්හෝල්ස්: කලාවට ඔබගේ ඇති සම්බන්ධය කොහොම එකක් ද?

ශෂි: මමත් මගේ මහත්තයත් පරම්පරාවෙන්ම කලා කරුවන්. ගරු වීරවංශඇමති තුමා හොඳ නළුවෙක් මාරන්තික උපවාසයකරුවෙක් විදිහට රඟපාල එයා සම්මානත් ගත්තා. මගේ මහත්තයා මේ කාල වකවාණුවෙ නම් රූකඩ කලාවට සම්බන්ධවෙලා ඉන්නේ. මහින්ද රාජපක්ෂ රූකඩ කණ්ඩායමේ ගරු වීරවංශ ඇමති තුමා තමයි හොඳම රූකඩය. මර්වින් සිල්වා ඇමතිතුමා සමඟ කරට කර...චම්..

ලූප්හෝල්ස්: මට පොඩ්ඩක් ඇහෙනවා මදි ශෂි මහත්මිය. මොකක්ද ඔය පිටිපස්සනේ ඇහෙන ගෝරනාඩුව.. මම පස්සෙ කතා කරන්නද?

ශෂි: ආ ඒ අපේ ගරු වීරවංශ ඇමති තුමා පාර්ලිමේන්තුවට පිටත් වෙන්න කලියෙන් නාථ දෙයියන්ට යාඥා කරනවා. පොඩ්ඩක් ස‍ද්දෙට තමයි එයා කරන්නේ..කමක් නෑ කියන්න... කියන්න..

ලූප්හෝල්ස්: ඹබ මේ මගින් මේ රටේ ජනප්‍රිය චරිත ඒ ලෙසින්ම ටෙලි නාට්‍යයට යොදාගෙන තියෙනවද?

ශෂි: අපෝ නැහැ... නැහැ...මම මේ මඟින් කතා කර....

ලූප්හෝල්ස්: මට ආයෙත් ඇහෙන්නෙ නෑ පොඩ්ඩක් හයියෙන් කි....

ශෂි: පොඩ්ඩක් ඉන්න මහත්තයා.... (ඈතින් ඇසේ) ඕයි.... ඕක පොඩ්ඩක් හෙමින් යාඥා කරනවකො ඕයි තව්තිසා දිව්‍ය ලෝකයටම ඇහෙන්න කෑ ගහන්නෙ.. දෙයියන්ගෙ හාල් කැවිලද? මං මේ ලූප්හෝල්ස් එකත් එක්ක ඉන්ටවීව් එකක් කියල පේන්නෙ නැද්ද? බූරුවා......

මම දුරකථනය විසංදි කළෙමි.




4 comments:

  1. කාටද බූරුවා කිව්වෙ?

    ReplyDelete
  2. මං හිතන්නෙ බූරුවා කියන්න ඇත්තෙ ලූප්හෝල්ස් ට. නැතුව ගරු වීරවංශ ඇමැටිතුමාට ‍එහෙම නෙවෙයි ඕං .....

    ReplyDelete
  3. අපි නොදන්න ශෂි..මාර පති භක්තිය....කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ...

    ReplyDelete
  4. desperate loopholes . . . . .

    ReplyDelete