A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

විරු සමරු රේස්


ඉල් මහ විරු සමරුව අදයි. විජේවීරට පොර කකා පෝස්ටර් ඉරා ගුටි ඇන ගෙන ඔලුගෙඩි එකතු කිරීමේ විරු සමරු සෝ-ජවිපෙ හා කු-ජවිපෙ විසින් තරඟයට පවත්වන ලදි. වැඩි ඔලු සහිත ජයග්‍රාහකයෝ කවුරුදැයි තවමත් ආරංචියක් නොමැත.

නොවැම්බර් විරුසමරුව විජේවීරයන් ට පමණක් වීම අභාග්‍යයකි. ජවිපෙ පොළොවේ හිටුවීමට විජේවීර සහෝදරයාගේ නායකත්වය ප්‍රමුඛ වුවද 89 අරගලය දක්වා එය ප්‍රබල වීමට හා සවි ශක්තිය නැංවීමට කැපවුණු දිවි නොතකා සටන් වැදුණු අවංක සහොදරයන් දහස් ගනණක් වූහ. පසුගිය වන්නි යුද්ධයේදී සෝ-ජවිපෙ හා කු-ජවිපෙන්  “රණවිරු”  නමින් අබිසෙස් ලැබූ ම්ලේච්ච හමුදාවක අතින් ගමණායක සහෝදරයාද ඇතුළුව එම අරගලය තුළම මරා දැමූ ලෝකයට ආදරය කළ එම මිනිසුන් විජේවීර වටා ගොණුකරණ රශ්මි කදම්භය නිසා අමතකව ගොස් ඇත. මැකී ගොස් ඇත.

විජේවීර සහෝදරයාගේ නායකත්වය විශේෂ නමුදු ජවිපෙ සැකිල්ල ගමක් ගමක් ගානේ ගොඩ නැංවීමට ගමණායක සහෝදරයාගේ නායකත්වයේ දක්ෂතාවය සුවිශේෂ බව ජවිපෙ කේඩරයෝ හිස නමා අනුමත කරති. රූපවාහිනියේ අවසන් වරට දුටු විජේවීරගේ රූපයට හඬට වඩා අන්තිම මොහෙතේ වචනයක්වත් පිට නොකර ගහලයන් අතින් වධ විඳ මැරුම් කෑ ගමණායක සහෝදරයා මසිතෙහි තැන්පත්ව ඇත්තේ ඉහළිනි. විප්ලවීය පක්ෂයකට අවැසි පන්නරය කැපවීම අවංක බව එකතු කළ යුත්තේ ගමණායක සහෝදරයා තුලිනි. අරගලයක පාවා නොදුන් එවන් උස් මිණිසුන් තුලිනි.

විජේවීර යනු වන්දනාමාන කළයුතු හෝ ඇදහිය යුතු පීලිමයක් නොවන බව කු-ජවිපෙ චමීර කොස්වත්ත සඳහන් කළ බවක් කොහේ හෝ තිබුණා. ඒත් ඔවුන් ද ඇතුළුව ජවිපෙ දෙපාර්ශවය සිදුකරන්නේ එයම බව හොඳින්ම පෙනේ. එහෙම නෙමැතිව විජේවීර අළුතින් කියවීමක්වත් ඔහුගේ වැරදි නිවරැදි කරණ අළුත් දේශපාලනයක් වත් දෙපාර්ශවයෙන් ම පෙනෙන්නට නැත.

එදා කුමාරලා ඕපාතලා ගහලයන්ව“රණවිරු”  නමින් අබිසෙස් කිරීම පාහර කමකි.  මෙදා ඔවුහු දේශපාලයේ අනාථ වෙනකම් සිට අසූනවය නැවත කියවීම අවස්ථාවාදයකි. 

මේ සටහන අසු අට අසූ නවය අරගලයේ දි ආණ්ඩුවේ හමුදාව විසින මරා දැමූ හැට දහසක් සෝයුරු සෝයුරියන් වෙනුවෙනි.


2 comments:

  1. Loopholes, take a look at this blog article. I think it's important.

    http://blogvicharaka.blogspot.com/2011/11/blog-post.html

    ReplyDelete
  2. /* එදා කුමාරලා ඕපාතලා ගහලයන්ව“රණවිරු” නමින් අබිසෙස් කිරීම පාහර කමකි. මෙදා ඔවුහු දේශපාලයේ අනාථ වෙනකම් සිට අසූනවය නැවත කියවීම අවස්ථාවාදයකි.
    */

    Well said!

    ReplyDelete