ජවිපෙ කුමාර පාර්ශවය ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නා බවක් මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පසුගියදා රාවය පුවත් පතට පවසා තිබුණි. පසුගිය ඕපාත-පුබුදු-චමීර කතන්දර ඇසූවිට මේක ආවෙ කොහෙන්දැයි ලූප්හෝල්ස් දිව විකාගෙන හෙව්වේය. ෂුවර් එකකටම මහාචාර්ය වරයාව කුමාර පාර්ශවයේ කිසිවෙක් අන්දවා ඇත. මොකද ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නා බව සඳහන් නොකර මහාචාර්ය වරයා වෙත යා නොහැකි බැවිනි. කොහොම නමුත් මේ සතියේ රාවය පත්තරය තුළින් මහාචාර්ය වරයා සියල්ල නිවරැදි කර ඇත. ඊට අමතරව වම ගැන පීඩිත පංතිය ගැන කතා කරන හැම දෙනාම කියවිය යුතු අපූරු ලිපියකි (ටිකක් දිග ලිපියක්).

ඔබට තුති ලිපිය බලන්න ඉඩ සැලැස්සුවාට
ReplyDeleteකාලෙකට පස්සේ ගම්ලත් මහාචාර්ය තුමා සුභවාදී අපේක්ෂාවකින් ලිපිය අවසන් කරලා තියෙනවා...
ReplyDeleteස්තූතියි ලූප්හෝල්ස්