A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ගහලයෝ

ඉහත ඡායාරූප දෙකේ සිටින්නේ ලංකාවේ සිටි නි‍යෝජ්‍ය ආරක්ෂක ඇමති වර‍යෙක් හා දැනට සිටින ආරක්ෂක ලේකමි වරයායි. 1988-1989 කාලයේ එක්සත් ජාතික පක්ෂ ආණඩුවේ නි‍යෝජ්‍ය ආරක්ෂක ඇමති වර‍යෙකුව සිටි රන්ජන් විජේරත්න යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා පොලීසිය විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ද ඇතුළුව හැට දාහකට වැඩි පිරිසක් ඝාකනය කළ අතර 2008-2009 කාලයේ වර්තමාන ආරක්ෂක ලේකම් වරයා වන ගෝඪාභය රාජපක්ෂ යටතේ  ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා පොලීසිය විසින් කොටි සංවිධානයේ නායකත්වය ද ඇතුළුව ලක්ෂයකට ආසන්න පිරිසක් ඝාතනය කරණ ලදි.


රෝහන විජේවීර ඝාතනය සියැසින් දුටු ඉන්ද්‍රානන්ද ද සිල්වා නමැති ජවි (විමතික)පෙ සාමාජිකයා (එවකට යුධ හමුදාවේ ඡායාරුප ශිල්පියා) පසුගිය ඉරිදා දිවයින පත්තරයෙ සිය කතාව අනුවේදනීය අන්දමින් පවසා තිබුණි.


මෙතරම් සාක්ෂි තිබියදීත් ඒදවස්වල ගොළු වත රකිමින් සිටි ඉන්ද්‍රානන්ද මෙන්ම ජවිපෙද මේ දක්වාම එම චූදිතයින්ට එරෙහිව මොනයම් හෝ චෝදනාවක් එල්ල කර නැත. ඒ වෙනුවෙන් ඔවුන් කළේ උතුරේ සමූල ඝාතනයක් සිදුවන විට එම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට රණවිරු නමින් වන්දනාමාන කිරීමයි.

ඉන්ද්‍රානන්ද ලා මේ කරන්නේ තම කණ්ඩායමට ඔලු ගෙඩි එකතු කිරීමට 88-89 ඛේදවාචකයේ ඉතුරු වෙලා තියෙන දුක සෝසුම් හා අනුකම්පාව විකිණිමයි. ඉල් විරු සමරුවේදී චමීර කොස්වත්ත මුදලාලිත් සෑහෙන ටිකක් වික්කේය.

පසුගිය ජවි (විමතික)පෙ ඉල් විරු සමරුවේදී චමීර කොස්වත්ත තමනගේ පක්ෂ සාමාජිකයින්ව 1988-1989 කාලයේ එම කෲර වධ දී ඝාතනය කළ අන්දම ඇසින් දුටුවා සේ විස්තර කරන විට ”ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලීසිය” යන වචන භාවිතා නොකර “ගහලයා” යන පොදු වචනය පමණක් භාවිතා කිරීමට පරිස්සම් වීම හාස්‍යයට කරුණකි.

“අපිට චෝදනා කරණ අය එදා එදා ඒවාට අත ඉස්සුවා” යනුවෙන් ජවිපෙ බිමල් රත්නායක පවසා ඇත්තේ (මේ බලහල්ලකෝ ....දැං අපිට විතරක බනිනවා) සංධාන ආණඩු හැදීමට හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට රණවිරු නමින් අබිසෙස් කිරීමට ඊයේ පටන් වාමාංශික වෙන්න හදන ජවි (විමතික)පෙ කුමාරලාගේ ඕපාතලාගේ දක්ෂිණාංශික බව හා දේශපාලනයේ අවස්ථාවාදයයි.

5 comments:

  1. රන්ජන් ගැන කියපු කතා හරි.

    එතකොට කොටි සංවිධානයෙන් කරපු ඝාතන? දකුණේ මැරිච්ච මිනිස්සු.... හා! ඒවා ගැන මොකෝ කතා නැත්තේ.

    ලූප් හෝල්.. ඔයා ඔය ලියන්නේ අමාරුවකට නෙවෙයි. කොහෙන් හරි සල්ලි හම්බු වෙන නිසා. උඹ NGO කාරයෙක්.

    කොච්චර දැඟලුවත් ඔහේට මේ සමාජ මතය වෙනස් කරන්න බෑ. පුළුවන් නම් ඇවිත් ඔය කොටින්ට පක්ෂ කතා කැම්පස් එකක හරි, කාර්යාලයක හරි, වෙනත් ඕනම පොදු ජනතාව ඉන්න තැනක කියන්න බලන්න. එතකොට තේරේවි!

    ඔහෙලා වගේ ආත්මය විකුණන් කන මිනිස්සු ගැන දුකයි.. පව්!

    මහ ලොකු බ්ලොග් විප්ලවකාරයෝ

    ReplyDelete
  2. අනේ ඒ 1989 කාලේ ඩිජිටල් කැමරා, වීඩියෝ, ඉන්ටර්නෙට් තියා මොබයිල් ෆෝන්වත් තිබුනේ නෑනේ.

    තිබුණා නං අපිට චැනල් ෆෝ වාර්තා චිත්‍රපටි බලන්න තිබුණා ඔය ඉන්ද්‍රානන්දලා රණවිරුවන්ට මඩ ගහන්න කියන බොරු කතා ගැන.

    ReplyDelete
  3. රන්ජන් විජේරත්න ආරක්ෂක ලේකම් වරයෙක් ය (ඔහු නියෝජ්‍ය ඇමති) කීමේ පටන් මේ ලිපියේ තියෙන්නේ කතුවරයා ගේ ප්‍රලාප.ඇනෝ කිවිව වගේ කොටි කළ ඝාතන ගැන රචකයා නිහඩයි!

    ReplyDelete
  4. ජය ශ්‍රී මහත්ත‍යෝ ඕං හැදුවා..

    මාර සීන් එක කියන්න‍නේ ම‍‍ගෙ ඔලු‍වෙ තිබු‍නේ ‍මේ ව‍ගේ වැඩ කරන්‍‍නේ ආරක්ෂක ‍ලේකම් ල විතරයි කියල‍නේ...

    අ‍නේ අපි ‍මොකටද ‍කොටි කරපු ‍දේවල් කතා කරන්‍‍නේ අපි කතා කරමු‍කෝ අ‍පේ සාඩම්බර ජාතිය කරපු මිනීමැරුම් ගැන සංහාර ගැන. ‍මොකද ‍දෙමළ සිංහල ‍‍‍භේදයක් නැතුව ඒක කළා‍නේ. ‍දෙමළ ජාතිය කතා කරයි ‍කොටි සංවිධානය කරපු ‍දේවල් ගැන. අනික හත් ‍දෙයිය‍නේ ‍කොටින්ව දැං ඉවර කරල ඉවර‍නේ. ජිවත්වෙලා ඉන්න ගහලයින‍්ගෙන්‍ නෙ ඉතුරු‍වෙලා ඉන්න පරම්පරාව ‍බේර ගන්න ඕන. නැද්ද මං අහන්‍‍නෙ.

    ReplyDelete
  5. අනේ එහෙම කියන්න එපා loophole, අපි කරපුව කතා කරන්න ඕන තරම් අය ඉන්නවනෙ. එක පැත්තකින් කොටි අපි කරපුව කතා කරනව. බටහිර රටවල් ඔක්කොම වගේ අපි කරපුව ගැන කතා කරනව. එහෙ මාධ්ය අපි කරපුවය කියල වාර්තා වැඩසටහන් හදනව. එකසත් ජාතීන්ගෙ සන්විධානෙ ඇතුළෙ, යුරෝපා පාර්ලිමේන්තුවෙ, බ්‍රිතාන්ය පාර්ලිමේන්තුවෙ, එතකොට පොදු රාජ්ය මණ්ඩලේ අපි කරපුව කතා කරනව. ඒ මදිවට අපි කරපුවට විරුද්ධව කට්ටිය පෙළපාලි යනව, නඩු දානව. ඔය ඔක්කොම අස්සෙ බාහුල සම්බන්ධන්ල, මෙහෙ ඉන්න සිවිල් ගැන්සිය අපි කරපුව ගැන කතාකරනව. ඇයි එතකොට ඔය හඳගමල වගේ කට්ටිය අපි කරපුව ගැන චිත්‍රපටි හදනව, ඊට පස්සෙ ඒවට ජාත්යන්තර සම්මාන හම්බ වෙන කොට අපි කරපුව ගැන ආපහු කතා කෙරෙනව. හැබැයි ඔය කවුරුවත් කොටි කරපුව ගැන කතා කරන බවක් නම් පේන්නෙ නැහැ.

    ඉතින් ඒක හින්ද වෙනසකටත් එක්ක ඔයා කොටි කරපුව ගැනත් කතා කරන්නකො. අපිත් ආසයි ඒව ඔය ගොල්ලන්ගෙ කටින් කියවෙනව අහං ඉන්න.

    ඒක ඔයාටත් හොඳයි, ඔයාගෙ දෙකේ පංතියෙ තර්ක දැකල ඕනෙවට වඩා excite වෙලා ඒව මූණුපොතේ පළකරන සිඟිත්තන්ටත් හොඳයි.

    ගුඩ් ලක් හොඳේ!!!!

    ReplyDelete