A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

‍දෙමළ විශ්‍රාම වැටුප


දෙමළා‍ගේ අන්තිම ලේ බිංදුවත් උරා ‍බොන තෙක් සිංහල රාජ්‍යයට නින්ද යන්‍‍නේ නැත. මාස කීපයක් ඇතුළත ලක්ෂයක් මරා දැමී‍මෙන් නොනැවතුනු ඔවුහු ‍‍දෙමළ ජාතිකයන් සතු දේපළ ඉඩකඩම් ඇති පදම් කොල්ල කෑහ. මීනීමැරුම්,  ස්ත්‍රී දූෂණ,  හොර මැරකම් හැම එකකටම ‍නොඅඩුව ඔවුහු ගොදුරු වූහ. පිළිම, ‍සො‍හොන් කොත් වලින් පවා සිංහල මිලිටරි ආණුඩුව පළිගත්හ.  ‍මේ ‍මො‍හොතේ අත තබා ඇත්තේ විදෙස් ගත ‍දෙමළ මිනිසුන්ගේ විශ්‍රාම වැටුපටයි.


තර්කයක් ‍ලෙස ඉදිරිපත් කරන්‍නේ රටට එ‍රෙහිව කටයුතු කරණ, ත්‍රස්තවාදීන් ට උදවි කරණ දෙමළ විශ්‍රාමිකයන්‍ ‍ගේ විශ්‍රාම වැටුප් නවතා දමන බවයි. එවිට ගත් කළ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ ක‍ඩේ යන දෙමළ මිනිසුන් කිහිප ‍දෙනෙකු ගේ හැරුණාම  සියල්ලන්ගේම විශ්‍රාම වැටුප කපා දැමීම ආණඩුවට පහසු‍‍වෙන් සිදු කළ හැක. මක් නිසාද යත් රටට එ‍රෙහිව කටයුතු කිරීම හා ත්‍රස්තවාදීන් ට උදවි කිරීම යන කාරණා සඳහා නිර්ණායකයන් නැති බැවිනි.

දෙමළ මිනිසුන‍්ගේ මේ රාජ්‍ය ‍සේවය ජාති ‍භේදයතින් තොරව ‍බො‍හෝවිට සිංහල දෙමළ දෙපාර්ශවයම ලබා ගෙන ඇත. අප වටා සිටි අපේ අම්මලා තාත්තලා ‍බේරා දුන් දෙමළ දොස්තර මහත් වරුන් ගැන අප අනන්තවත් අසා ඇත. වයස පනස් පහ වන ‍තෙක් රාජ්‍ය සේව‍යේ කැඹුරූ සියල්ලන්ටම ‍දෙමළ සිංහල භාවයකින් තොරව විශ්‍රාම වැටුප සදහා අයිතිය ඇත. සිටින්නේ වි‍දෙස් ගතවද නොමැතිවද යන්න අදාල නො‍වේ.  ඒ මිනිස්සුන්ට එහි වටිනා කමක් ඇතිද නැතිද යන්නවත් අදාළ නොවේ. ‍මේ මුදල් ඒ මිනිසුන්ගේය. එය කොල්ලකෑමට තිසිවෙකුටත් අයිතියක් නැත.

අපි නිශ්ෂබ්දව සිටිමු. මක් නිසාද යත් එයට ද ත්‍රස්තවාදය ගාවා ඇති බැවිනි. තවමත් සිංහලයා ‍‍ගේ විශ්‍රාම වැටුප සුරක්ෂිත බැවිනි.

2 comments:

  1. ඔබේ කතාව සහතික ඇත්ත. මෝඩ සිංහලයිනි අපි බලා ඉඳිමු. අපේ විශ්‍රාම වැටුප කපනා දා මේක අපට තේරේවි.
    sagara

    ReplyDelete
  2. සිරාවට මචන් උබල හරි ඔව්ව ගැන කතා කරන්න ඕන ..... නැත්තන් ඔහෙලට පිටරටින් එන සල්ලි නැති උනොත් ?

    ReplyDelete