තමන්ගේ ප්‍රතිවාදියාගේ එහෙමත් නැත්තම් පුද්ගලික තරහකාරයාගේ දේශපාලනය අනුව තමන්ගේ දේශපාලනයේ මතවාදය තීරණ තීන්දු කිරීම තරම් මන්ද මානසිකත්වයක් තවත් නැත. ඒත අවාසනාවකට ලංකාව පුරාමත් ලංකාවේ අකුරු ටයිප් කරන වෙබ් සයිට්, බ්ලොග් පුරාත් වැඩි වශයෙන් සිටින්නේ එවැනි වාම යැයි කියාගන්නා වාමාංශිකයින්ය, දේශපාලන ක්‍රියාකාරීන්ය ඒ වගේම මාධ්‍යවේදීන්ය. ලඟ හිටිය එකා හෙට තරහා උනොත් හෙට ඉඳන් උගේ දේශපාලනය අනිත් පිට පෙරලේය. උදාහරණ නම් නම් ඕනෑ තරම්ය.
උණු උණුවේ මේ මොහොතේ එයට ගොදුරු වී තියෙන්නේ දීප්ති කුමාර ගුණරත්නය. මේ මොහොතේ දීප්තිගේ දේශපාලනය තීරණය වී තියෙන්නේ නිර්මාල් හා සුමිත් චාමින්ද සිටින දිශාව අනුවය. නිර්මාල් හා සුමිත් චාමින්ද ජවිපෙ කුමාර පාර්ශවය සමඟ ගනුදෙනු කරන විට දීප්ති කුමාර පාර්ශවයට නෙලන්න පටන් ගනී. මේ මොහාතේ න්‍යාය අඩු ජවිපෙ කුමාර පාර්ශවය ට සුමිත්ලා ඉන්ටනෙට් එකෙන් කියවපු න්‍යාය බෙදන විට එක්ස් එකෙන් කැඩී වේදිකාවක් නැතිව නන්නත්තාරව සිටි සුමිත්ලා කුමාර පාර්ශවයේ වේදිකාවට නගිති. දීප්ති මේ කරුණ කුමාර පාර්ශවයට තේරුම් කරන්න හදපු හැටි ඔහුගේ මුල් ලිපි බැලූ විට පෙනේ. බැරි තැන දැන් නෙලීම ආරම්භකර ඇත. ඔහුගේ අලුත්ම ලිපියට අනුව,
//මේ මොහොතේ කෙතරම් වැරදි ලෙස පෙනී ගියත් (ආලෝක වර්ෂවලින් අප අතර පරතරය පැවතියත්) අප ද ටිල්වින් සහෝදරයා සමඟ එකට සිට ගනිමින් මෙසේ කියමු.
“සහෝදරවරුනි, ඔබලා ලිබරල්වාදීන්”//.
මෙතන කතන්දර දෙකකි. කොපමන හේතු පැහැදිලි කිරීම් තිබුනත් ටිල්වින් (සහෝදරයා--මාරයි) සමඟ එකට සිට ගන්න දීප්තිට පුළුවන් කමක් තිබේනම් කොයි මොහොතක හරි ඇල්ලේ ගුණවංශ සමඟත් එකට හිට ගන්න දවසක් එන බවට සැකයක් ලූප්හෝල්ස්ට නැතිවීමය. ටිල්වින්ලාගේ වැරැද්ද තිබුනේ මේ මොහොතේ නොවේ. ඔවුන්ගේ සදාකාලික අවස්ථාවාදී දේශපාලනයේය. අනෙක් කරුණ ජවිපෙ සෝමවංශ භාගය විජේවීරගේ හැරදමපු හැව අහුලගෙන ඒක මේ මොහොතේ කුමාර පාර්ශවය ඇඳගෙන අපි තමයි විජේවීරගේ කට්ටිය කියන කොට ඔවුන් ලිබරල් වාදීන් නොවන්නේය. අර්බුදය තිබෙන්නේ හැව තුළය. මොවුන් පිරිසුදු ලිබරල් වාදීන් වන්නේ නම් එයත් රටේ වාසනාවකි. එහෙත් මෙතන ඇත්තේ රටේ සිටින අවංකම තරුණ කොට්ඨාශය කොල්ලකෑමේ දේශපාලන සූදුවකි.
දීප්ති මේ සියල්ලම නොදන්නේයැයි සිතිය නොහැක. එහෙත් සිදුවෙන්නේ සුමිත් චාමින්ද අඳුකොලය දීප්ති නයාගේ දෑස මානයට ආ විට දීප්තිගෙන් කැඩුණු කළ්‍යානන්ද පෙරේරාට පසුගිය නගර සභා චන්දයේදී ලැබුනේ චන්ද 44 බව දැනගත් විට එක දිගට ඇද්ද හිනාවත් වාෂ්ප වී පනින මළට උතුර දකුණ නැතිවීමය. මුගෙ අම්මට..... කියා පෑන අතට ගැනීමය.

දීප්ති මැරෙන්නෙ පිස්සෙක් විදියට. මේ පිස්සු ලෙඩෙක් දොස්තර කෙනෙක් වගේ රගපානවා විතරයි. තව ටික කාලෙකින් මෙයා දොඩව දොඩව පාරවල් දිගේ දුවනවා. අපි කාලයට ඉඩදෙමු.
ReplyDeleteමේ වගේ ගොන් කතා ලියනවා ඇරෙන්න තොපිට වෙන වැඩ නැද්ද බොලව්...
ReplyDeletenarumayoth ekka Manushika Samaajayak bihi karanne kesedha?
ReplyDelete