ලෝක ජනගහනය හෙට අනිද්දා වන විට බිලියන හතක සීමාවට සේන්දුවේ. 1968 දී බිලියන තුනහමාරක් වූ ජනගහනය දෙගුනයක් වන්නට ගත වී තිබෙන්නේ අවුරුදු 43 වැනි කාලයකි. මේ වන විට තනි රටවල් වශයෙන් සැලකූ විට වීනයේ මෙන්ම ඉන්දියාවේ ද බිලියනයක් ඉක්ම වූ ජනගහනයක් සිටී.
ලෝක ජනගහනය අනුව ඔබගේ ස්ථානය බැලීමට බීබිසී වෙබ් සයිට් එකෙන් අපූරු ගැජට් එකක් ඉදිරිපත් කර තිබුණි.
ජනගහන ඝනත්වය සළකා බැලීමේදී ලංකාව සිටින්නේ විසිපස් වන ස්ථානයේය. වතිකාණුව වැනි කුඩාම රටවල් නොසලකා හැරියොත් ලංකාව දහවන ස්ථානයට වගේ පත්වේ. පැහැදිලි කළහොත්; වර්ග කිලෝමීටරයක සීමාවකට ලංකාවේ 311 දෙනෙක් හිඳී. තවදුරටත් කිවහොත් එක් පුද්ගලයෙකුට (එක් පවුලකට නොවේ) ඇත්තේ අක්කර තුන් කාලක් පමණි. වගා බිම්, ජලාශ, වගුරු බිම් හා වනාන්තර (%65) නොසලකා හැරියොත් එය එක් පුද්ගලයෙකුට අක්කර කාලකට සීමා වේ. මේ ටික කිව්වේ නිකමට.
යුද්දයෙන් පසුව සිංහලයන් හා සිංහල හමුදාව විසින් කොල්ලකන ඉඩකඩම් ද ඉහත ඉලක්කම් වලට අයත්ය. උතුරු නැගෙනහිර මේ සිංහලකරණය හා මිලිටරිකරණය ගැන සවිසිතර වාර්තාවක් පාර්ලිමේන්තුවට පසුගිය ජූලි මාසයේ දී ඉදිරිපත් කර තිබූ එම් ඒ සුමන්දිරන් මන්ත්රීවරයා එහි තව දිගුවක් පසුගියදා සභාගත කළේය.

No comments:
Post a Comment