අවසානයේ නේටෝවේ මෙහෙයුම ගඩාෆිව මරා දැම්මේය.
අවුරුදු හතළිස් දෙකක් බල තන්හාවෙන් හා පොළොවේ තෙල් වලින් උනන ධන තන්හාවෙන් වැජඹුනු ගඩාෆි බටහිර දේශපාලන බලවතුන්ගේ ගොදුරක්ව කාණු පල්ලේ මියැදුණි. ධන කුවේර ගඩාෆි (තක්සේරු වත්කම ඇමෙරිකාණු ඩොලර් බිලියන එකසිය විසි අටකට වඩා වැඩිය) සිතුවේ බටහිර බලවතුන් ඔහුගේ අල්ලේ නැටවෙන බවමුත් ඇත්ත වශයෙන් සිදුවූයේ බටහිර බලවතුන්ගේ සියළුම ලණු ගඩාෆි විසින් අනුභව කිරීමයි. අවසාන කාලය ලං වන විට චීනය රුසියාව වෙනිසියුලාව වැනි වඩාත් හිතවත් රටවල් පවා ගඩාෆිගේ පැත්ත පලාතවත් බැලුවේ නැත.
ඉතාලිය, ප්‍රංශය, චීනය හා ජර්මනිය යන රටවල් පිළිවෙලින් ලිබියාවේ තෙල් වලින් වැඩියෙන්ම යැපෙන්නෝ වෙති. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාවද ඒ තෙලෙන් යැපෙති. වරෙක එම රටවල රාජ්‍ය නායකයො ගඩාෆිව උනුසුමි ව වැළදගෙන ලෙන්ගතු පෑවේත් මේ තෙල් වලට ගිජු කමිනි. ඒකාධිපතීන්ට එරෙහිව ආරාබි ජන රැල්ල නැග එන විට ඒ රැල්ල තමන්ගේ අතට ගෙන ගඩාෆිව මරා දැමීමට බටහිර බලවතුන් එක පයින් තීරණය කලේත් මේ තෙල් වලට ගිජු කමිනි.
ගඩාෆිගේ මරණය ආපස්සට කියවීම අත්‍යාවශ්‍ය දෙයකි. ඉතාමත්ව සරලව පහතින් ඇති මේ ඡායාරූප මතුකරන්නනේ එයට පූර්විකාවකි. එදා වැළඳගත් දෑත් වල අද තැවරී ඇත්තේ වද දී මරා දැමූ තමන්ගේ ධනපති පංතියේ මිත්‍රයාගේ රුධිරයයි.
ඇමෙරිකාණු ජනාධිපති ඔබාමා සමඟ
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සමඟ
ප්‍රංශ අගමැති සාකෝසි සමඟ
ඉතාලි අගමැති බර්ලුස්කෝනි සමඟ
වෙනිසියුලාවේ ජනාධිපති චාවේස් සමඟ
රාජ්‍ය නායකයින් සමඟ
ඔවුන්ගේ අනුමැතියෙන් කාණුපල්ලේ මරා දැමූ ඔවුන්ගේම සගයා








තව ෆොටෝ එකක් තියෙනවා නේද අර කරට අත දාං ඉන්නේ? කෝ ඒක?
ReplyDeletehttp://sundaytimes.lk/090906/International/int_01.html
ReplyDeleteහොදම එක ඔය තියෙන්නෙ..........
ඌ වැඩකට ඇති එකෙක් නෙමෙ..අනිත් අයත් එක්ක බලද්දි
ReplyDelete