A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මිනිසුන් <<<< සංවේදනා ඉවත් කර ඇත

මේ ලෝකය  තුළින් මිනිස්කම් වඳවී යමින් පවතී. සියල්ලෝම ධනවාදයේ සැහැසි බවට ගොදුරු වී ඇත. තම තමන්ගේ පටු ආත්මාර්තයන් උදෙසා ක්‍රියා කරනවා හැර ඉන් එහා ඇති සියළුම සදාචාරයන් මනුස්සකම් නොසළකා හැර ඇති මිනිස්සු වචනාර්තයෙන්ම තිරිසනුන්ටත් වඩා පිරිහී ඇත. ඊයේ අනතර්ජාලයේ මෙන්ම විදෙස් රූපවාහිනී පුවත් වලද වඩාත් කතා බහට ලක් වූ මෙපුවත වාර්තා වෙන්නේ චීනයෙනි (අප්පට සිරි අපේ ගජ මිත්‍රයා).

පහතින් ඇති වීඩියෝවේ දැක්වෙන්නේ කුඩා දැරිවියක් යට කරගෙන පැන යන වාහනයක් හා අනතුරින් ලේ ගලමින් බිම වැටී සිටින ඇය නොතකා එතනින් එදිනෙදා ගමන් කරන මිනිසුන් හා ගැහැණුන්ගේ හැසිරීමයි. මුල් වාර්තාවේ සඳහන් වන අන්දමට බරපතළ අනතුරකට මුහුණ දී ලේ ගලමින් සිටින ඇයව නොතකා හළ චින ජාතිකයින් සංඛ්‍යාව 18 දෙනෙකි.  තවතු වරක් ඇයව වෙනත් වාහනයකින් යට කර ගෙන අයුරු ද එහි දැක්වේ. මේ වන විට කෝමා තත්වයට පත්ව ඇති ඇය තවමත් රෝහලක දැඩි සත්කාර ඒකකයේ පසුවෙති. මෙම සිදුවීම සිදුවූයේ චීනයේ වුවත් අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ තැන් වල සිදුවේ. මේ වැනිම සිදුවීම් නොවුනත් 2004 සුනාමියේ දී අපේ රටේ දී ද ඇති තරම් කාළකන්නි සිද්ධීන් වාර්තා විය.



පසුගිය අවසාන වුනැයි කියන යුද්ධයේදී ලක්ෂයකට අධික සංබ්‍යාවක් ඝාතනය වෙන්කම් බලං සිටියේ ත් අපේ මිනිස්සුය. කිරි බත් කකා ත්‍රස්තවාදය අවසන් කිරීමේ සංහාරයක් එන්ජෝයි කලේත් අපේ මිනිස්සුය. මේ යුද්ධයේදී ෂෙල් වෙඩි වලින් කෑලි කෑලි වලට කැඩී ගිය ළමුන්ගේ සිරුරු අන්තර්ජාලය තුළ ඕනෑටවත් වඩා දකින්නට තිබුණි. ලේ විල් මැද වේදනාවෙන් බෙරිහන් දෙන ළමුන් ගේ හඬවල් පිරී ගිය වීඩියෝ ඇති තරම් හුවමාරු වුණි.

ඔච්චර ගානක් මරල යුද්දෙ දිනල මට චන්දෙ දිනන්න ඕනෙ නෑ කියා හිටපු හමුදාපති වරයෙකුගේ යුද්දය සඳහා වූ ඉලිලීම  විජේතුංග හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කළ කතාව මම අසා තිබුණි. ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් රටවලින් ලැබුණ අතිවිශාල මිලිටරි සහනය ඇරුණාම රාජපක්ෂලා යුද්ධය දිනුවේ ඔවුන්ගේ දක්ෂතාවයක් නිසා නොවේ. බලයට ඇති කෑදර කම හමුවේ ඔලුව පුරා තිබුණු ම්ලේඡ්චත්වය නිසාවෙනි. මරපල්ලා.......මරපල්ලා..... වියරු වැටී සිටි ලේ පිපාසාව හා වනචාරී බව නිසාවෙනි.

5 comments:

  1. ඇයි එහෙම කියන්නේ?
    අපි කොච්චර හරක් බේර ගන්නවද මරණයට නියමිත වුණු?
    පහුගිය කාලේ එළුවොත් බේර ගත්තේ!

    ReplyDelete
  2. මේක චීන වෙච්ච දෙයක් වෙන්න බෑ. ෂුවර් එකටම ධනවාදී බටහිර රටවල් වල් කුමන්ත්‍රණයක්. සමහර විට චැනල් 4 කාරයාගේ නිර්මාණයක් වෙන්න ඇති.

    ReplyDelete
  3. අනිවා.... චීනෙ ,ලිබියාවෙ වගේ රටවල මෙහෙම දෙයක් වෙන්ඩ විදිහක් නෑත

    ReplyDelete
  4. Boru kiyanna oney naa magey jeewithey sathutuma dawasak uney oya yudde dinapudawasa...

    ReplyDelete
  5. This stoy is not connected with war. If SL army is bad LTTE is 100000*bad.

    ReplyDelete