A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මේක මරු රට ඕයි!!


එක

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි ප්‍රධාන සැකකරු පී. ජේසුදාසන් තරුණ මහතා අවුරුදු  තිස් හයක් ආයු වළඳා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හතළිස් හතර වාට්ටුවේදී අභාවප්‍රාප්ත විය. ජේසුදාසන් මහතා හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි බව මාධ්‍යවල පළවී තිබුණි.


රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු වූ ලසන්තගේ ඝාතනය ආරක්ෂක ලේකමි වරයා හා හිටපු හමුදාපති එකිනෙකා මත පැටවීමට පොර බදිමින් සිටි බව ප්‍රසිද්ධ කාරණයකි.

මේක මරු රට ඕයි !! සැක කාරයෝ අඩු වයසින් සිය දිවි හානි කර ගනිති. එහෙම නැත්තමි අඩු වයසින් ස්වභාවික මරණ වලට ගොදුරු වෙති.

දෙක

ඇසින් දුටු සාක්ෂි නොඇසුණු ගානට ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ලක්ෂමන් හුළුගල්ල පවසන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ‍ගේ ඝානනයට දුමින්ද සිල්වා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ඒ අහිංසක තරුණයා දැං බරපතළ තුවාල සහිතව රෝහලේ සිටින රෝගියෙකු බවයි.


භාරතගේ රියැදුරා උසාවියට පවසා තිබුණේ භාරතට මුලින් ම වෙඩි තැබුවේ දුමින්ද සිල්වා බව තමන් හොඳින් දුටු බවයි.

මේක මරු රට ඕයි !! මිනී මරා ආණඩුවේ පොන්න නිලධාරීන් ගෙන් සහතික ගැනීමට ආරක්ෂාව සළසාගැනීමට ආණඩුවට සම්බන්ධ ඕනෑම පාතාල නායකයෙකුට පුළුවන.

අනතුරු හැඟවීමයි: සාක්කි කාරයෝ ද අඩු වයසින් සිය දිවි හානි කර ගැනීමට ඉඩ ඇත. එහෙම නැත්තමි අඩු වයසින් ස්වභාවික මරණ වලට ගොදුරු වීමට ඉඩ ඇත. වෙලාව හොඳනම් කෝටි ගානක් අතට ලැබෙන්නටද ඉඩ ඇත.

සුබ අනාගතයක් !!

4 comments:

  1. භාරතගේ රියදුරාත් සියදිවි නසාගන්න කළින් රටින්වත් පිටකලානම්

    ReplyDelete
  2. මුංට මෝල් ඕයි.... භාරතලක්ශ්මන් සියදිවි නසා ගත්තනෙ පුද්ගලික ප්‍රශ්නයක් නිසා..... මේක මරු රට ඕයි.... පුක පොලේ ගහං මැරෙන්න හිතෙනව ඕයි...

    X-Porter

    ReplyDelete
  3. සසර වසනතුරු...!
    නිවන් දකින තුරු....!!
    ...හෙළ....දෙරණේම....යලි යලිත් උපදිමු.....!!!

    ReplyDelete
  4. ලෝකෙන් උතුම් රට ලංකාවයි . . ලංකාවයි සිරි ලංකාවයි . . .

    ReplyDelete