A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

යසට හිටිය නාඹර වස්සා

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු (එක පාරට ඒක අතුරුදහන් වෙලා) අධීක්ෂණ මන්ත්‍රී, ස්ත්‍රී දූෂක, කුඩු ව්‍යාපාරික, පාතාල කල්ලි නායක, ආරක්ෂක ලේකම්ගේ රෝස පාටට කැමති එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වා සුදු පුතා හදිසි අනතුරකින් රෝගාතුර වී අසාධ්‍ය තත්වයේ පසුවේ.

මරණාසන්න විපතකදී සතුටුවීමේ කාලකණ්ණි හැඟීමක් ඇතිවාදෝ මන්දා අහන වැඩි දෙනෙක් පැවසුවේ

 “අපරාදෙ ඕක මළේ නැහැනෙ” යනුවෙනි.

ඒත් “ඔය ගානටවත් බේරුන එක ලොකු දෙයක්’ 

පැවසූ කිහිප දෙනෙක්ම සිටිමුත් වැඩිදුරටත් විමසා බැලීමේදී ඔවුන් මෙසේ ද පැවසූහ.

“එක පාරට මැරිල කොහොමද ඕකා විඳවන්න ඕනා”. මළ සේක කිව්වලු.

කතාව ඒක නෙමෙයි. සසිරිබර මෙසිරි ලක හෙට සිදුවියහැකි අධි සම්භාවිතාවක් සහිත අනුමාන කිහිපයක් පහත දැක්වේ.

ධනාත්මක උපකල්පනය (අනේ මන්දා): පියවි සිහිය විත් සිල්වා තරුණ මන්ත්‍රීවරයා සුපුරුදු ගේමට බැසීම

1. භාරත ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩිතබා තමනුත් සියදිවි හානිකරගත් බවට ඇසින් දුටු සාක්ෂි තිබීම

2. භාරත ප්‍රේමචන්ද්‍ර  හා දුමින්ද සිල්වා යන දෙදෙනාටම වෙඩිතැබූවේ තමා විසින්  බව බවසන ඉන්දියාවෙන් ආනයනය කරපු පුද්ගලයෙකු  පොලීසියට බාරවීම

3. සාක්කි කරුවන් සියදිවි හානි කරගැනීම හෝ අතුරුදහන් වීම

4. ප්‍රතිකාර සඳහා විදෙස් ගත කරන දුමින්ද සිල්වා එහිදී අතුරුදහන් වීම

5. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කමට ඊලඟ සුදුසුකම් සහිත එකම පුද්ගලයා තමා බවට කැළණියේ ටෝක් දුන් අනිත් සිල්වා සුපුරුදු ලෙස හරක් සහ එළුවො පස්සෙන් යෑම

6. “අඩෝ රැවුලා තොට ගෑනු සප්ලයි කලෙත් අපේ මහත්තයා යකෝ. තෝ කොහමද යකෝ අපේ මහත්තයට අධීක්සනද මොකද්ද එක නැහැයි කියන්නේ. තෝව බාවනවා” වෙඩි සද්ද දෙකට කෙහළිය ඇඳ යට රිංගීම

7. චන්දන කත්‍රීආරච්චි ඉසතිරික්කය පොළොවෙ ගසා සරම කැහැපට ගැසීම (හිස් වෙන මන්ත්‍රී අසුනට යන්න ජාතික ඇඳුම අයන් කරමින් හිටියෙ)

2 comments:

  1. සසිරිබර මෙසිරිලක සිදු වෙන දේවල හැටියට උපකල්පන වලින් අඩු තරමින් දෙක තුනක් වත් නුදුරු අනාගතේදී නිරීක්ෂණ කල හැකි වනු ඇතැය් මගේ හැඟීමය්

    ReplyDelete
  2. මම නම් හිතන්නෙ සුදු පුතාගෙ නිවාඩුව ඉවර වුන ගමන් මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා ගිහින් සුදු පුතාගෙ බෙල්ලෙන් අල්ලන් ගිහින් කූඩුවට දානවා. ඊට පස්සෙ නඩු දාලා වරද කරු උනාම අවුරුදු බර ගානකට පස්සෙ සුදු පුතා වෙනුවෙන් එල්ලුම් ගහ ක්‍රියත්මක කිරීමට කින්ග්බැක්කින්ග් අත්සන් කරනවා.
    මීට වඩා වෙනස් දේවල් හිතන්නෙ අන්තර්ජාතික කු....... ., ............................. .................. .............. .@##$%*&()
    (ඩික්-සන්)

    ReplyDelete