A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ තාක්ෂණවේදයේ මේ සියවසේ මහා ප්‍රාඥයෙකු වූ ස්ටීව් ජොබ්ස් පසගියදා මිය ගියේය. ඔහුගේ දෘශ්ටිය ද නායකත්වය ද නිර්මාණාත්මක භාවයද ඉලෙක්ට්‍රොනික ලෝකය දෙස අලුත් ඇසකින් බලා එය ඇපල් සමාගම යටතට ගන්නට බොහෝ සේ ඉවහල් විය. 
හැමෝගෙම මළ ගෙවල් වලට මල් වඩම් ශෝක පණිවිඩ යවන ලංකාවේ ජනාධිපතිවරයා ස්ටීවි ජොබ්ස් ගේ මරණය වෙනුවෙන් ද හැරෙන තැපෑලෙන් ශෝක පණිවිඩයක් යැව්වේය. එහි මෙසේ සඳහන් විය.

"ඇමෙරිකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මහඟු සේවයක් කළ ස්ටීවි ජොබ්ස් මහතාගේ හදිසි අභාවය මුළු ලෝකයටම දැරිය නොහැකි පාඩුවකි. වසර පහලොවක් වැනි සුළු කාලයක් ඇතුලත ඇපල් ව‍ගාවෙන් පමණක් ඩොලර් බිලියන තුන්සිය පනහක පමණ වත්කමක් ඇති සමාගමක් බිහිකිරීමටහැකිවීම  ස්ටීවි ජොබ්ස් මහතාගේ නායකත්වයේ අද්විතීය භාවය පෙන්නුම් කිරීමට ඇති මනා නිදසුනකි. 
නුවරඑළියේ ඇපල් වගාව දියුණු කිරීම සඳහා ඔබ ව්‍යාපාරයේ සහයෝගය ලබා ගැනීමට බලා පොරොත්තුව සිටි අපට ඔබගේ අභාවය වැඩිවශයෙන් දැනේ. නුවරඑළියට ගුවන්තොටුපලක් ලබාදීමට ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් මම තීරණය කළේ එම ඇපල් ව්‍යාපාරය සඳහා ඔබගේ පැමිනීමේ අපේක්ෂාවෙන් යටිතල පහසුකම් ලබාදීමේ අටියෙනි. අතරමගදී දළදා මාළීගාව බැලීමට අවශ්‍ය බැවින් මහනුවරටද ගුවන් තොටුපලක් ලබා දීමට මම තීරණය කර තිබුණි.
කොටසක් කා ඉතිරි වුණු ඇපල් ගෙඩියක හැඩැති ඔබගේ වෙළඳ සළකුණ ලංකාවේ කුඩා ළමයින්ගේ ඇපල් කෑමේ රුචිය වැඩි කිරීමට ඉවහල් වූ බව අවසාන වශයෙන් සදහන් කරන්නේ ඔබට කරන ගෞරවයක් වශයෙනි.
ඹබට නිවන් සුව අත්වේවා යැයි පැතීම වරදක් නොවන බව සිතන්නේ ඔබ තරුණ කාළයේ දී වරක් බුදු දහම වැළඳත් බව මම මගේ ආණ්ඩුවේ ඇමති විමල් වීරවංශගෙන් මම දැනගත් බැවිණි"
(පරිවර්තනය ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි)

5 comments:

  1. අපේ රටේ ජොබ් ප්‍රශ්නය විසඳන්න එන්න කියල ආරාධනා කරන්න හිටි බව ලියන්න අමතක වෙලා නේද?

    ReplyDelete
  2. Lokka danawada Apple computer gana? Namal nam danawa ethi neda!

    ReplyDelete
  3. ME KATHAWA UDURAWANA .COM EKEN GATH EKAKA NEDA ?

    ReplyDelete