A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

නගර සභාව


ලංකාවේ නගර සභා ඡන්දය උදෙසා නිර්මාණය කරන ලද අපූරු ඡන්ද ප්‍රචාරක ඊමේල් දෙකක් පසුගියදා ලැබිණි. 

එකක් ඉහතින් දැක්වෙන පින්තූරයේ (පැහැදිලි ව දැක ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න) ඇත්තේ විමල් රුද්‍රිගූ නමැත්තෙකුගේ ඡන්දය ඉල්ලීමක් සම්බන්දවයි. විමල් රුද්‍රිගූ යනු කවරෙක්දැයි නොදනිමි. ඒත් මහින්ද-ගෝඨා ආණ්ඩුව සමඟ සන්ධාන ගතවී දෙයියන්නාන්සේ ඡන්දෙ ඉල්ලුවත්  අපි දැන ගන්නේ දෙයියන්නාසේගේ කෙරුවාවය. ප්‍රශ්ණය ඒකම නොවේ. මේ පුද්ගලයාව රෙකමන්ඩ් කරල තියෙන කට්ටියෙ වරුණාවය. එතන ජාතිවාදීන්, යුද විරෝධින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, යුද වාදීන්, ධනවාදීන්, හේතු අහේතු වාදීන් සහ කිසිම වැදගැම්මකට නැති එවුන් එක ගොඩේ සිටිති. කාලෝ-කුමාර්-සුමනසිරි-සමිත-ජයමිපති-තිස්ස-චන්දරත්න එක පේලියට පෝලිම් ගැසිලාය .

 “පව් මේ යකා” දේශපාලනයට කුමාර් ඩේවිඩ් වැන්නවුන් අනුමත කරන්නේ මොන පත්තරේ මොන කොළම හරහාදැයි නොදනිමි.

මේ ඉහතින් දැක්වෙන අනෙත් පින්තූරයෙන් (පැහැදිලි ව දැක ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න) දැක්වෙන්නේ අපූරු සත්වයෙකි. 

එක්ස් එකේ කෙරිල්ල මදිවී ඊට වඩා යමක් කොරන්න එක්ස් එක කඩාගෙන එළියට ගිය නිර්මාල් දැං වාසුට කවි ලියයි. විවේක පාළු හිතුනාම වර්ජන කරයි. වචන තිබුනට සෙනඟ නැති සුමිත් චාමින්ද ඔලු හොයන් ජවිපෙ කැඩෙන කට්ටිය පස්සෙන් යයි (දැ මතක් උනේ එක්ස් එකේ පක්ස කැඩීමේ අත් දැකීම පුබුදු ජයගොඩලත් එක්ක බෙදාගත්තද දන්නෙ නැහැ). ප්‍රභා බුද්ධික ලා රටෙත් ඉන්නවාදැයි දන්නේ නැත. ඒ ගොඩේ හිටිය මෙන්න මේ යකා.. කල්‍යා... ඉනිමගෙන් නගර සභාවට ඡන්දෙ ඉල්ලනවා. අඳෝමැයි.

දීප්ති මහත්තයෝ ඔහේ මුන්ට මඩ ගැහුවා..බැන්නා මදිය.

1 comment:

  1. නිර්මාල්October 11, 2011 at 12:15 AM

    මරු මරු...දැන් ප්‍රො​ජෙක්ටර් බදු දීලා ඉවරයි වගේ

    ReplyDelete