A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙන්න අත්පොළසන් නාදයක්....


වරෙක ක්‍රිකට් විස්තර විචාරයකදී පාලිත පෙරේරා ‘අම්මට සිරි තවත් හයේ පහරක්’ යනුවෙන් ආතල් එක උපරිමයටම නැග්ග වෙලාවක පැවසූ බව ප්‍රසිද්ධ කතාවකි. ජෝතිපාල වේදිකාව මත මැරී වැටෙන්නට පෙර ප්‍රේමදාස ජනාධිපතිවරයාට ‘අපේ දුටුගැමුණු රජ්ජුරුවො’ යැයි කියැවුනේ භක්තිය වැඩිකමටය. ගැටවර වියේදී ජෝන් ද සිල්වා එකේ රස්තියාදු ගගහා හිටිය ජැක්සන් ඇන්තනිට මේ ආණ්ඩුව යටතේ සල්ලි අතට එන්නේ කොහන්දැයි දන්නෙ නැති තරමට අත මිට සරුවෙලා තියෙන කොට මහින්ද රාජපක්ෂට ගෞතම බුදුන්ගේ නෑකමක් හොයන්න ගියේ දනාගසා වැඳලත් මදි කමට‍ය.

මේ දවස්වල ජවිපෙ කුමාර පාර්ශවයට සපෝට් කරන ලංකා ටෲත් එකටත් එහෙම එකක් ඊයේ සිදු වී තිබුණි. පුළුවන් උපරිම ආකාරයෙන් භක්තිය දී දැන් තමන්ගේ කට්ටියව සමාජයට හඳුන්වා දිය යුතුය. තව පොඩ්ඩෙන් සාකච්චාව දානවා.... තව පොඩ්ඩයි..... තව ජූන්ජයි...... යනුවෙන් දමා ඇති පෙර සටහනේ (පැය 15 පමණ ගත වුනත් තමත් සාකච්චාව නම් නැත) , ඒ අනුව ඕපාත මහත්තයාව හදුන්වා දූ තිබුණේ ‘ජවිපෙ ප්‍රභල භූමිකාවක් රඟපෑ’ චරිතයක් ලෙසිණි.

මූ මෙච්චර කල් රඟපාලනෙ තියෙන්නෙ සෝමවංශ කියනවා ඇසිණි.

1 comment:

  1. වැඩ ඕනෙ වැඩ......

    ReplyDelete