A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පන්සල් අවකෙළි

ලංකාව තුළ ළමා ලිංගික  අපයෝජනයන් හා බලහත්කාරකම් පිළිබඳව පූර්ණ හා නිවරැදි සමීක්ෂණයක් සිදුකළහොත් එවැනි අපරාධයන් වඩාත් සිදුවන්නේ පන්සල හා පල්ලිය ආශ්‍රිතව බව පහසුවෙන් ඔප්පුකර ගත හැක. එහෙත් ආගම සඳහා ලංකාව තුළ ඇති බලය නිසාවෙන් හා ලබ්දිකයින්ගේ ලැජ්ජාවේ දුබලතාවය හේතුකොට ගෙන ඒ ‍බොහෝ දේවල් සමාජය තුළ මතු නොවී පවතී.  පැවිද්දන් සඳහා ආගම තුළින් පනවන ලද ලිංගික සීමා නිසාවෙන්  මේ මොහොත වන විටත් පන්සල් හා පල්ලි තුළ නිරන්තරයෙන් ඒ සඳහා අහිංසක දරුවන් ගොදුරු වේ.

සති කිහිපයක් ඇතුළත එවන් අපචාරයක් සිදුකළ ප්‍රසිද්ධ හාමුදුරුවරු කිහිපනමක් සම්බන්ධව මාධ්‍ය තුළින් වාර්තා වුණ අතර ඒ සඳහා නීති මඟින් කටයුතු සිදුවන බවත් සඳහන් විය. අළුත්ම ප්‍රවෘතිය වූයේ මීට වසර ගණනාවකට (තිහකට පමණ) ‍පෙර සිදුකරණ ලද ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන  හාමුදුරුවන් ය. මේ වන විට මේ කාරනාව උසාවිය තුළ දී ඹප්පු කර නැතත් මෙවැන්නක් සිදුනොවී ඇතැයි සිතනවාට වඩා එසේ වන්නට ඇතැයි සිතන්නට පොළඹවන හේතුව වන්නේ පන්සල් ඇතුලත මේ අපයෝජනයන් සඳහාඉහත දැක්වූ ඇති වැඩි ඉඩකඩයි. ඔය කියන කාළයේ දී සෝමරතන හාමුදුරුවෝත් හොඳ ඉලන්දාරී වයසේය.

ආරංචියේ හැටියට ලන්ඩන් පන්සලේ හාමුදුරුවන් එලවීම සම්බන්ධවත් ආධාර මුදල් ගසා කෑම සමිබන්ධවත් දේශපාලකයන් සමඟ දැඩි සම්බන්ධාවක් ඇති මේ  බුද්ධ පුත්‍රයාට ඇති බරපතළ චෝදනා ගැන දායකයෝ ම තැන තැන කතා කරති. ආධාර මුදල් වලින් ගම්පහ තනවා ඇති ගෙස්ට් හවුස් ගැන ද මාධ්‍ය වාර්තා පළ විය.

මෙම ආධාර මුදල් ගසා කන ‘පහලගම ශ්‍රී සෝමරතන නායක හිමි පදනම’ පෞද්ගලික පනතක් මඟින් සංස්ථාගත‍ කිරීමට පාර්ලිමේනතුවට ඉදිරිපත් කරණු ලැබුවේ ජවිපෙ මන්ත්‍රී විජීත හේරත් මඟිනි (මරු හොරු).


(ඉහත ඡායාරූපය සංස්කරණය කර ඇත්තේ අවට සිටි දායකයින් ඉවත් කිරීම සඳහා යි)

4 comments:

  1. ජවිපේ කුම්බලා මාළු කෑවේ අද ඊයේ නොවේ!

    ReplyDelete
  2. මේවා බටහිර කුමණ්ත්‍රණ, ජවිපෙ ට මඩ ගැහීමක්. මොකෝ ජවිපේ තියෙන්න සංවාදයක්, ඔය ජරා වැඩ කොරන්නේ හිමි නමවල් නෙමේ. චීවරදාරියෝ. මරු කන්ට්‍රි එක නේ. වල් අලි නෑ. වන අලි. හිර ගෙවල් නෑ. පුනරුත්තාපන මධ්‍යස්ථාන. අළුගෝසුවෝ නෑ. ඉන්නේ "එල්ලන මහතා"...

    ReplyDelete
  3. මේ වැඩිය ප්‍රසිද්ධ කොරන්න එපා. වැඩේ වර්චස් වුණොත් සිවුරක් දාගෙන ගොඩ යන්න තියෙන චාන්ස් එක මිනිස්සුන්ට නැතිවෙයි.

    ReplyDelete
  4. අද ඊයේ නෙමෙයි පන්සල් ඇතුලේ ඔව්වා බුදුන් දවසත් තිබිලා තියෙනවා කියලා මම අහලා තියෙනවා.

    දවසක් කෙනෙක් කිව්වා රාහුල සාමනේර හාමුදුරුවන්ට සිදුවුනු ඒ වගේ කරදරයක් නිසා තමයි සමහර නීති රීති පනවලා තියෙන්නේ කියලා . . .

    ඒ කාලේ ඒවට ධර්ම දන්ඩණය වගේ දඬුවම් තියෙන්නේ ඇතිනේ . .

    ඒත් අද කාලේ කිසිම දඬුවමක් නැති නිසා වෙන්න ඇති සිවුරට හෝ ලෝගුවට වහන් වෙලා මේ දේවල් කරන්නේ . .

    ReplyDelete