A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඇමෙරිකන් රොබටා සහ ඇමෙරිකන් ගෝඨා



උතුරු හා නැගෙනහිර රාජකාරි කටයුතු සඳහා දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් බඳවාගෙන හමුදා පරිපාලනය ටිකෙන් ටික ඉවත් කිරීමට ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකමි රොබට් බ්ලේක් ඉදිරිපත් කරපු ප්‍රකාශයට ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ කුපිත වී දෙස් දොවොල් තියන්නට පටන් ගත්තේය. හේතුවක් හොයාගන්නට දත කෑවත් බැරි වුනේය. අනුමානයන් මෙසේය.

1. ගෝඨාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගැසීමට වඩා දෙයක් ඇමෙරිකාවේදී නොලැබීම

2. සුදු හමක් දැක්කාම බුරන සන්ධානයේ සිටින වාචාල බල්ලා බිරුවා මදි වීම

3. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල ආධාරයෙන් කොටි සංවිධානය ඉවර කර ඇති බැවින් පාවිච්චි කර ඉවත දැමීමේ කොන්ඩමි තියරිය දැමීම

4. සුද්දට සිංහල නොතේරීම

5. මහින්ද අයියාගේ ඇමෙරිකන් ගමන කල්තියා දැනගෙන සිටීම

6. තුවක්කුවක් තියා දෙමලෙකුට බැටන් පොල්ලක්වත් දෙන්න බය විම

7. උඹත් ඇමෙරිකන් මාත් ඇමෙරිකන් ඇඟිලි නොගහා ඉඳපන්. මළ පැනීම

4 comments:

  1. 4 වෙනි කාරණේ නිසානම් මටත් ඕකුන් එක්ක මල පැනල ඉන්නෙ.

    ReplyDelete
  2. මගේ ඇටකටු තිබිය යුතු තැන්වලම තබා ගැනීමට කැමති බැවින් අදහස් නොදක්වමි.

    ReplyDelete
  3. 8. මෝඩ කමට ඇමෙරිකාවෙත් බෙහෙත් නැති වීම

    ReplyDelete
  4. 9. බහුතරයකට මෝඩ චූන් එකක් ලබාදීම
    10. බ්ලොග් කාරයින්ට නිමිති ලබාදීම

    ReplyDelete