A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ජවිපෙ ලොකු බාගෙ සහ හරි බාගෙ


ජවිපෙ කැඩෙන්න ඔන්න මෙන්න. හැම තැනින්ම ආරංචි එන්නෙ ඒ වගේ. දේශපාලන ප්‍රතිබිම්බ අඩමානයට කියවූ ඉතිහාසය නිමාකරන්න ඕන වගක් ලංකා පත්තරෙත් තිබුණා.

දන්න අතීතයේ ජවිපෙ සෙලවීම් කීපයක්ම තිබුණා. ලයනල් බෝපගේ සහෝදරයාගේ ඉවත්වීම, භාෂණ සහෝදරයා ඇතුළු හිරු කණ්ඩායමේ වෙන් වීම, කළුතර සෙනෙවි (කමල් දේශප්‍රිය) කල්ලියේ ඉවත් වීම (මොවුන් සමඟ විමල් වීරවංශ ද ඉවත් වීමට සැලසුම් කළ බව පෙන්වුව මුත් අවසානයේ දී ජුදාස් සේ පාවා දුන් බව සියල්ල දත් රහසකි) සහ විමල් වීරවංශ ඇතුළු ජාතිවාදී හැතිකරයේ නෙරපීම/වෙන් වීම (ජවිපෙ ජාතිවාදී නොවන බවක් ඉන් නොහැ‍ඟේ).

මින‍් මතවාදීමය ගැටුම් (වාර්ගික අර්බුදය සම්බන්ධව විජේවීර සහොදරයාගේ  ජාතිකවාදය සහ වෙනත් හේතු) හේතුවෙන් ඉවත්වූයේ ලයනල් බෝපගේ සහෝදරයා (නමුත් පසුගිය ජනාධිපතිවරනයේ දි දෙමළ ජන සංහාරය සඳහා වගකිවයුතු සරත් ෆොන්සේකා බලයට ගෙන ඒම සඳහා ඔහු සහාය පළ කලේය) හා දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින හිරු කණ්ඩායම පමණි. සෙනෙවිලා සහ විමල් ලා ඉවත්වූයේ බලය සම්බන්ධ කරුණු වෙනුවෙනි. ඇත්තටම විමල් ඉවත් වීමෙන් ජවිපෙට සිදු වූයේ වාසියකි. සෙනෙවිලාගේ හා විමල්ලාගේ මතවාදීමය පෑහීම එළි බැස්සේ ජවිපෙන් ඉවත් වීමේ පෙර කී පාවාදීමක් කළ විමල් සමඟ සෙනෙවි ජානිපෙ ගොඩනැංවීමයි. එයට හේතු වශයෙන් ඔහු මිතුරන්ට පවසා තිබුණේ ජවිපෙ කියන කළු ගල කුඩු කිරීමට විමල් සමඟ එකතු වන බවයි (මොකට උනත් විමලයා සමඟ එකතු වෙන එකා මොකා).

ජවිපෙ කැඩිම ලංකාවේ සුළු ධනේශ්වර හබන් කුකුලන්ට කවදත් මඟුල්ය. ජවිපෙ ගැන කලකිරී ඉන් ඉවත්ව පසෙකට වී සිටින ප්‍රගතිශිලි කැරලිකරුවන්ට ද ඉන් සියුම් ආස්වාදයක් ගෙන එනු නොඅනුමානයි. කවුරු කෙසේ කිවත් අරගලයකට අවැසි ජවයද අවංක බවද කැපවීම ද අධිශ්ඨානය ද ඇත්තේ ජවිපෙ සාමාජිකයා තුළය (මොකද ඕක විකොසෙ තිහෙනවා කියලැයි).  කුණු වී ඇති ජවිපෙ මතවාදයේ මොන යමි හෝ සෙලවීමක් ප්‍රගතිශිලි කඳවුරට වාසියක් ගෙන එන්නේය.


මෙවර ජවිපෙ බිඳීම සම්බන්ධව විවධ ආකාරයේ අදහස් තිබේ. සෝමවංශගේ විශ්‍රාමික වයස තුළ එය බලය පිළිබඳ ගැටළුවක් බවටත් සැකයක් නැත. එමෙන්ම එය එජාපයත් සමඟ සන්ධාන ගත වීමට ටිල්වින් සෝමවංශ පාර්ශවයේ ඇති උවමනාවට එරෙහිවීමක් බවත් දැන ගන්නට ලැබේ. ඊට අමතරව ආරංචියේ හැටියට කුමාර් පාර්ශවයේ දෙමළාට සානුකම්පිත වීමෙ උවමනාව හා සෝමවංශ ජාතිවාදී කණ්ඩායම අතර ගැටළුවක් ද වේ. මතවාදී සුද්ද වීමක් හැරෙන්න බලය සම්බන්ධ ගැටුමක් මත මෙම කැඩීම සිදුවෙන්නේ නම් මොකෙකුටවත් ඉන් සෙතක් නොමැත. පසුගිය දෙමළ ජනඝාතක යුද්දයේ දී ජවිපෙ පෙන් වූ හිරිකිත ජාතිවාදයට මෙන්ම විජේවීර සහෝදරයාගේ ජාතිකවාදයටත් එරෙහිව නිවරැදිව මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙසින් ස්ථාන ගත වෙන්නේ නමි පමණක් එය ලාංකීය පීඩිතයාට වාසියක් ගෙනදෙනු ඇත. අවශ්‍ය නම් නොකළ ස්වයං විවේචන ලැයිස්තුවට එය ද ඇතුලත් කළ හැක.

ජවිපෙ දෙදරීම පිළිබඳව සංවේදී අය කිහිප දෙනෙක් සිටී. විමල් වීරවංශ ඉන් ප්‍රධානය. ඔහු තුළ “මට ‍කෙලවපු එවුන්ට කෙලවේවා !” යන කාළකණ්ණි සතුටකි. ඉන් ඇතිවන හිඩැසට රිංගීමේ මෝඩ බලාපොරොත්තුවක් ඔහුට ඇත. අර්බුදයේ වැඩි විස්තර ඔහුගේ වෙබ් අඩවියේ පළවේ.


අනෙක් තැනැත්තා දීප්ති කුමාරය. ඔහුගේ ත්‍රිමාණ වෙබ් අඩවියත් සැලකිය යුතු තොරතරු ප්‍රමාණයක් සන්ඩේ ටයිම්ස් එකෙන් පරිවර්තනය කොට හෝ ඔහුගේ ඔත්තුනරැවන් මාර්ගයෙන් සොයාගත් දෑ පළ කරයි. ඔහුට ජවිපෙ කැඩීමටත් වඩා ගැටළුවක්ව ඇත්තේ ඔහුගෙන් කැඩීගිය සුමිත් චාමින්ද, කුමාර් පාර්ශවයේ බලය සහිත ලංකා පත්තරයේ ලිපි ලිවීමය (දීප්ති මහත්තයෝ නිර්මාල්ලව, සුමිත්ලව, කල්‍යාලව දැං ඔය කබායෙන් ගලෝල දාන්න).


අනෙක් අපූරු තැනැත්තා අනගාරික ධර්මපාල වන් තනි-වාදී සිංහල තරු ලකුණ හොයන ඒ. පී. ජයසිංහය. ඔහුට අනුව ජවිපෙ කැඩීම ඒවයේ හැටිය. මාතවාදයක් සහිතව කැඩීම නිකං නවතිනවාට වඩා හොඳය. සැබෑය. කවදාවත් මතවාදයක් නොතිබුනු එකාට නොහොමත් මතවාද මංඤ්ඤංය. අද පළ කරණ දෑ ඊයේ පළ කල දෑ සමඟවත් සමපාත නොවන කළ ඌට මොන මතවාදද. ජයසිංහත් ජවිපෙ රස්තියාදුවට අසුවූ විශ්‍රාමිකයෙකි.


ජවිපෙ ලොකු බාගය නොව සොයා ගත යුත්තේ හරි බාගයයි. කඩාගත යුත්තේ නිවරැදි දැක්මක් සඳහායි.  මං බලං ඉන්නේ අන්න ඒ කෑල්ලටයි.

4 comments:

  1. බොහෝ තැන් වලට එකඟයි.
    කවුරුහරි තැනක ලියල තිබුනා පශ්චාත් නූතනවාදීන් ජාගොඩගෙ රෙද්ද අස්සට රිංගයිද කියලා... දැනුයි මීටර් වුනේ.

    ReplyDelete
  2. නිර්මාල්September 22, 2011 at 2:05 AM

    සහෝදරයාට තවත් එකක් එකතු කරමි. ඒ 71 දී සිදුවූ ජවිපේ කණ්ඩනයයි. ජවිපය තවමත් ගඳ ගසක තරමට කුණු වුවද අරගලය කල හැක්තේ ඒ අධිෂ්ඨානශීලි එහි පහළ සමාජිකයා සමග පමණි. ගැටුලුය පුබුද ඇතුළ කණ්ඩායමේ ඊළග ජවිපෙන් එලියට යන්නේ නැවත ජවිපයට කෙලවීමට ද නැත්නම් ලාංකීය ​සමාජ මඩගොහොරුව ගොඩ දැමීමට යන්නයි. එතැන දෙස අපි දෑස් දල්වා විමසිල්ලෙන් බලාසිටිමු. මන්ද කුමාර්ට ද දෙමළ ජනතාව සම්බන්ධයෙන් අවංක හැගීමක් ඇතැයි විශ්වාස කිරීමට කල් වැඩි හෙයිනි. කියූ ලෙසම දීප්ති දැන් කොට් එකෙන් උන් හැලිය යුතුය.

    ReplyDelete
  3. මේක ලියපු එකා මොකා? මම සුළු ධනේශ්වර හබන් කුකුළෙකි.හක හක හක.ලියපු එකා එක්ක සංවාදයකට කැමති ය.මන්ද බංකොලොත් හාල්පාරුවන් එක්ක සංවාදයට මම කැමතිය......ලියපු එකා එක්කෝ පිස්සෙකි නැත්නම් ඩොලර් කාක්කෙකි.(දෙමළ ජන ගාතක යුද්ධය-ලබ්බ තමයී).....................

    ReplyDelete
  4. හිනා යනවා නේ ඔයාගේ කතාවලට

    1. "කවුරු කෙසේ කිවත් අරගලයකට අවැසි ජවයද අවංක බවද කැපවීම ද අධිශ්ඨානය ද ඇත්තේ ජවිපෙ සාමාජිකයා තුළය"
    කුණු වී ගිය ජ. වි. පෙ. ඇතුලේ කොහොමද මෙහෙම ජවයක් තියෙන්නේ

    2. "නිවරැදිව මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙසින් ස්ථාන ගත වෙන්නේ නමි"
    මොකටද? තවත් කොල්ලෝ ටිකක් වලට යවල ඉවර කොරල දාන්නද නැතිනම් බලය සඳහා තවත් කෂ්ටියකට පොඩි කෙමනක් හදා ගන්නද?

    ලූප් හොල්ස්ම තමා... ප්හු!

    ReplyDelete