A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අනුන්ගේ ආගම නොතකන එකා....


දළදා මාළිගාවට ඇතුල්වෙන එවුන්ගේ හෙළුව මැන රෙද්ද ඇන්දවීමට හා සෙරෙප්පු ගලවා දෙ පතුල් නිරුවත් කිරීමට ආණ්ඩුව සිංහල‍ බෞද්ධ පොලීසිය යොදවා ඇත. නොදන්නා කමට මිසක් උවමනාවෙන් නිගරුවක් කිරීමට සදාචාරයක් ඇති කිසිවෙක් පැමිණෙතැයි සිතිය නොහැකි වුවත් සිංහල ‍බෞද්ධ ආණ්ඩුව සහ එම ආණ්ඩුවේ හමුදා උතුරු හා නැගෙනහිර අනෙක් ආගමික ස්ථානයන් සම්බන්ධව ක්‍රියාකරන්නේ නොදන්නා කමට නම් නොවේ.

සියළුම හින්දු භක්තිකයින් නිරුවත් දෙපයින් ඇතුල් වෙන ඔවුන්ගේ පුද බිමක හමුදා සෙබළුන් පාවහන් පළඳා මුර කටයුතු සිදුකරණ අන්දම පසුගිය දා අල් ජසීරා රූපවාහිනී ප්‍රවෘත්තියක් තිබුණි. පසුගිය දිනෙක කිළිනොච්චියේ කෝවිලක පැවති ආගමික උත්සවයකට කඩා වැදුණ රජයේ හමුදාව ඔවුන්ගේ ආගමික සංකේතය වූ නන්දි කොඩිය ගලවා ගෙන ගොස් තිබීමත් දෙමළ ජනතාවගේ උරුමයක් වූ ඉරණමඩු වැවේ බාරකාර කනකාඅම්බි අම්මන් දෙවියන් වෙනුවට රජයේ හමුදාව එහි බුදු පිළිමයක් ගෙන ගොස් තබා ඇති බවත් සඳහන්ව තිබුනේ බූන්දි වෙබ් අඩවියේ පළවූ අනූපමා ගනේගොඩ ගේ කවියක නිමිත්තකය.



උතුරු නැගනහිර සිදුවන සිංහල බෞද්ධකරණය පිළිබඳව බොහෝ ලියැවිලි පහුගිය කාලයේ අන්තර්ජාලයේ පළවුණි. පහුගිය යුද සමයේ හින්දු පූජනීය ස්ථාන හෝ සංකේත 2500 ක් හා කතෝලික පූජනීය ස්ථාන හෝ සංකේත 400 කට වඩා උතුරු නැගෙනහිර විනාශ වී ඇති අතර ඒවා නැවත ගොඩ නැංවීමට අවසර ලබාදෙනු වෙනුවට රජයේ අනුදැනුම ඇතිව බෞද්ධ පූජනීය ස්ථාන හෝ සංකේත 2500 කට වඩා දෙමළ ජනාවාසයන්ගේ පිහිටුවා ඇත. සිංහල ජනාවාස පිහිටුවමින් ග්‍රාම නාම හා මාර්ග නාම සිංහල බවට හරවමින් උතුරු නැගෙනහිර සිංහලකරණය කිරීම වෙනමම කතා කළ යුතු ඛේදවාචකයකි.

ගෑනුන්ගේ යට ඇඳුමේ හෝ සපත්තු අඩියේ හෝ සටහන්ව තිබෙන බුදුරුව ගැන උඩ පැන පැන නටන සිංහල බෞද්ධයෝ, පත්තර කාරයෝ හා හාමුදුරුවරු මේ සම්බන්ධව ගොළු වී සිටිති.

අනුන්ගේ ආගම නොතකන එකා තමන්ගේ ආගම කොතරම් තැකුවත් වැඩක් නැත. පෙන්නුම් කරන්නේ උන්ගේ නොහැදියාවයි. නොසණ්ඩාලභාවයයි.





3 comments:

  1. /* සිංහල‍ බෞද්ධ පොලීසිය */

    මෙය "සිංහල‍ බෞද්ධ තලිබාන් පොලීසිය" ලෙස සඳහන් කරන්නේ නම් වඩාත් යෝග්‍යවේ!

    ReplyDelete
  2. "අනුන්ගේ ආගම නොතකන එකා තමන්ගේ ආගම කොතරම් තැකුවත් වැඩක් නැත. පෙන්නුම් කරන්නේ උන්ගේ නොහැදියාවයි. නොසණ්ඩාලභාවයයි."

    නෑ අනුන්ගේ ආගම නෙවෙයි මොවුන් නොතකන්නෙ තමන්ගෙම ආගමයි. තමන්ගෙම ශාස්තෘවරයාගේ භාෂිතයයි. ප්‍රතිපදාවයි. මාර්ගයයි.

    ReplyDelete
  3. මාත් ලඟදි සංචාරයක නිරත වෙලා ආවෙ! පොලිසිය හමුදාව කෙසේ වෙතත් සාමන්්‍යය ජනයා හැසිරෙන ආකරයත් අනුමත කරන්න බෑ!

    ReplyDelete