මෙය අපූරු නාඩගමකි. සම්මාන උළෙලවල් සාහිත්‍ය උළෙලවල් වර්ජනය කළ ගොන්නට දැං මේදිස් සහෝදරයාද ඇතුල් වී තිබේ. හහ් හා මං දැං පොරකි.
නාඩගමක් වී ඇත්තේ ආරධිත දේශනය උඩ පැන ගෙන භාරගෙන එය වෙනත් සාහිත්‍ය කර්තව්‍යයක් සේ සළකා තොල්ස්තෝයි ගැන පුනර්කතිකාවකට ද ලෑස්ති වෙන්නට පොත් පෙරලමින් සිටින විට හදිසියේම පරල වී මං වර්ජනය කරනවා මං වර්ජනය කරනවා කෑ ගැසීමයි. පියසීලි ලා මිය ගිය කළ ගම්ලත් ලා වයසට ගිය කළ ඇකඩමික් මාක්ස්වාදී මේදිස් ලා දැන් සිටින්නේ දේශන ඇම්මේය. ආරධනාව ලැබුණ ගමන් අවංකව ප්‍රතික්ශේප නොකර නිශ්ශබ්දව සිටින්නේත්, ප්‍රතික්ශේප කර වංකව සද්ද දමන්නේත් එබැවිනි. සියළුම මාරාන්තික උපවාස සඳහා වීරවංශ තිත තිබ්බා සේ උළෙලවල් වර්ජනය කිරීම මේදිස් තුළින් ජොක් වී ඇති සෙයකි.
හේතුව වශයෙන් දක්වා ඇත්තේ රජයේ නිල අනුග්‍රහය ලැබෙතැයි හදිසියේ දැනගත් බවක් සඳහන් කරමින් තවත් පොර ටෝක් ගනනනාවක් දීමයි. ගොඩගේ ද ඇතුළු ලංකාවෙ වෙනත් සියලුම සම්මාන හා සාහිත්‍ය උළෙලවල් වල කැරට්ටුව හඳුනාගන්නට මාක්ස්වාදය කියවන්නට උවමනා නැත. මේ රටේ ඇහැ කන් ඇර ජීවත් වුනා නම් හොඳටම ඇතිය.
ද. මේදිස් සහෝදර බබා නොදැන උන්නාට 2010 ගොඩගේ සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කලා දඩයමක, අදහස් ප්රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප්රජාතන්ත්ර අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිතයේ ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චිය. ආරාධිත දේශනාව කළේ සිංහල ජාතිවාදයේ අංක 1 කැටගරියට අයත් මාලින්ද සෙනෙවිරත්නය. 2009 වසරේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඔහු කියන එම සංස්ථාපිතයේම ඇමති සරත් අමුණුගමය. ආරාධිත දේශනාව කළේ සිංහල ජාතිවාදයේ තවත් අංක 1 කැටගරියට අයත් කේ. එන්. ඕ ධර්මදාස ය.
ධර්මදාස )) මාලින්ද )) ඊ ලඟට මේදිස් .........හරිම අපූරුය.
මේදිස් ට සම්ප්‍රදායික ජාතිවාදී ලේබලය ඇලවීමට නොහැකි වුවත් මේ තුන් දෙනා සතු පොදු ගුණාකාරකයක් වේ. එනම් සන්නද්ධ හා සන්නද්ධ නොවන දෙමළ ජාතික අරගලය කොන්දේසි විරහිතව විනාශ කිරීමට එකඟ වීමයි. කොන්දේසි විරහිත භාවය මේදිස් ට අදාළ වෙන්නේ ලක්ෂයකට අධික පුරවැසියන් සංහාරයේදී ත් ඉන් පසුවත් හැඟවූ සහ හඟවන නිද්‍රාවයි.
බලන් ඉන්න....ගොඩගේ නැතුවාට මේ පොදු ගුණාකාරකය තුළ මේදිස් ලාට සිංහල භුමියේ කරණම් ගසන්නට පහසුවෙන් ඕනෑ තරම් ඉඩ සොයා ගත හැක.

උඹ නියම තැන ස්ථානගත කරනවා මේදිස් බබාව.. මරු
ReplyDeleteමේදිස් ගේ වර්ජනය වෙන ඇහැකින් බැලුවේ උඹ විතරය්. මු මේක බාරගන්නකොට දැනගෙන තිබුනේ නැත්ද? අර කියන්න වගේ කතාව හදා ගන්න පොත් පෙරලනකොට, වැඩේ අමාරුය් කියල තේරුණා!
ReplyDelete