ජවිපෙ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ පල් බූරුවෝ යනුවෙනි. එහෙම නැත්තම් ජවිපෙ පල් බූරු කමට අපි බයිට් විය යුත්තෝ වෙමු.
පහුගිය දා අනුර කුමාර දිසානයක් ඔහුගේ අහවල් පැත්තෙන් ද කොහෙද කතාකර තිබුනි. ඔහුගේ වචන වලින් ම පැවසුවහොත්...
“යුද්ධය අවසන් වූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීතිය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරයේ සිටියා. විශේෂයෙන්ම ඉන් පසුව හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැම අවස්ථාවකම ජවිපෙ මන්ත්රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබෙනවා”
යුද්ධය අවසන් වී හෝ නොවී හදිසි නීතියට පක්ෂ වීමට තියෙන සදාචාරත්මක අහේනිය වෙනම ම ඛේදවාචයකි. ඒත් මේ ඇද බා තියෙන්නේ පට්ට කෙබරයකි.
ඔය කියන යුද්ධය අවසන් වූයේ 2009 මැයි මාසයේ දීය. ජවිපෙ 2009 අගෝස්තු මාසයේ දීත් හදිසි නීතියට පක්ෂව චන්දය පාවිච්චි කළේය.
2009 සැප්තැම්බර් මාසයේ පටන් හදිසි නීතියට විරුද්ධ නොවී චන්දය පවත්වන මොහොතේ හෙමිහිට මාරු වූයේය. මෙම නපුංසක මඟහැරීම 2010 පෙබරවාරී මාසය දක්වා නොනවත්වාම සිදු කළේය. ඔන්න ඔහේ ඕකට විරුද්ධ වෙමු කියල හිතාගෙන මාර්තු මාසයේ පටන් හදිසි නීතියට විරුද්ධ වූයේය.
අවස්ථාවාදයේ කාළවකවානු දින - පැය වලට ලඝු වී, ජවිපෙට තියෙන්නේ දැං එදා වේල දේශපාලනයකි.
ප.ලි.
හදිසි නීතිය අවසන් වීමේ චූන් තීව්රකිරීම උදෙසා ආරක්ෂක ඇමති රටේ සෑම දිස්ත්රිකයකම එස්ටීඑෆ් කඳවුරු පිහිටුවන්න ට සති කීපයකට පෙර තීරණය කළ අතර ඊට අමතරව නාවුක හමුදා කඳවුරු පිහිටුවීමට මේ සතියේ තීරණය කර තිබුණි.

ඔය අද ඊයේ එකක් නොවේ, 1977 දී, 1981 දී, 1983 දී සහ 2004 දීත් ඔහොම තමයි වැඩ කොලේ!
ReplyDeleteමෙන්න මගෙනුත් කතාවක්.
http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html