A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළ ජනාධිපති


පොඩි එවුන් මරු. උන් සුපර් මූන් ගෙ වික්‍රම දැක්කහම උන් කියන්නෙ ලොකු උනාම මම සුපර් මෑන් වෙනවා කියල. ස්පයිඩර් මෑන් ගෙ වැඩ කිඩ කන්දරාව දැක්කාම කියන්නෙ ‘මම නං අම්මෙ ලොකු උනාම ස්පයිඩර් මෑන් කෙනක් වෙනවාං කියලයි. ලංකාවෙ විධායක ජනාධිපතිගෙ අනුහස් දැක්කහම ජනාධිපති කෙනෙක් වෙන්න හිතෙනවානම්, එහෙම හිතෙන එකත් පුදුමයක් නෙමේ. ලොකු උනාම මාත් ජනාධිපති කෙනෙක් වෙනවා කියා ලඟදී පොඩි එකෙක් කිය තිබුනේය. විශේෂත්වය තියෙන්නේ පොඩි එකා දෙමළ වීමය. හරියටම කිව්වොත් පොඩ්ඩා පවසා තිබුනේ ලංකාවේ ප්‍රථම දෙමළ ජනාධිපති වෙන්නට උවමනා බවය.

ප්‍රවෘත්තිය තිබුනේ අගෝස්තු 14 වෙනිදා ලක්බිම නිවුස් ඉංග්‍රිසි පුවත්පතේ හැංගිලාය. මතක් හැටියට ඩලස් අලහප්පෙරුම ආරාධිතයෙක් වශයෙන් සහභාගී වුණු  බිෂොප් විද්‍යාලයේ තිබුණු උත්සවයක දී වේදීකාව මතදී පොඩි එකා මේ බව නොපැකිලව පවසා තිබුණු අතර ප්‍රකාශයෙන් අනතුරුව සියල්ලෝම නැගී සිටිය බවත් සඳහන් විය. ලිපිය අවසන්ව තිබුනේ ඩලස් ද පොඩි එකාගේ කනට කර සුභ පැතූ බව ද සඳහන් කරමිනි.

ප්‍රශ්නය තියෙන්නේ පොඩ්ඩාගේ නොදැනුවත්කම මත් නොවේමය. පුටුවෙන් නැගිට්ටුන එවුන් ගැනය. නැගිට්ටේ මොන එහෙකටදැයි කවුරුවත් දන්නේ නැතුව ඇතිය.

සිංහල දේශපාලනයේ දෙමළා ට යාහැකි වැඩිම දුර කොස් ඇට බාන්න බළලාට බාර දුන්නාට වඩා ඈතක් නොවන බව දෙමළා මෙන්ම සිංහලයාද හොඳින් දනී. එය තම සනුහරේට ම කෙළවීමට කදිරගාමර් ට දුන් විදේශ ඇමතිකමට හා තමාරා කුනනායගම් ට මේ ලඟදී ලබා දුන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කමට වඩා එහායින් දෙයක් නොමැත. ඒත් ඒ සල්ලි දේපල යහමට තියෙන ධනපති දෙමළ පැලන්තියටය. ඒ පන්තියෙ දී නම් කෙරෙන ගනුදෙනු වලදී දෙමළ සිංහල වෙනසක් නැත. ඒත් ජනාධිපති කම කෙසේ වෙතත් බුද්ධ සාසන ඇමති කම දෙන්න විදියක් නොමැති කමින් පඹ අගමැති කමවත් දෙමළෙකුට නම් දෙන්නට විදියක් නැත.

මේ සිංහල ආණ්ඩුව දෙමළ සමාජයට මේ මොහොතේ සිදු කරණ දේවල් සලකා බැලීමේ දී නැවත නැගිටීමක් නොමැති වුවහොත් දෙමළුන්ට ඉතිරිවන්නට දෙයක් ඇත්දැයි සැක සහිතයි. ඝාතන, ඉඩම් කොල්ලකෑම්, දේපල හා ස්ත්‍රී ශරීර පැහැර ගැනීම්, සංකෘතික විනාශ කිරීම්, මානසිකව කුඩුපට්ටම් කිරීම් අධ්‍යාපනික සීමා කීරීම් දැං ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දේවල්. යහමින් ඇති පන්තියේ කොළඹ දෙමළාට පමණක් ජනාධිපති කෙනෙක් වීමේ සිහිනයක් විතරක් දැකීමට පුංචි ඉඩක් ඉතිරි කර අනෙක් සියල්ලම විනාශ කිරීමට සූදානම්ය.

ඩලස් පොඩි එකාගේ කණට කර කියා තිබුණ දේ ගැන පසුව ආරංචි වුනේය.

‘අඩේ මටත් කොල්ලො ම දෙන්නෙක් ඉන්නවා අමතක කරන්න එපා හරි ද පුතා. ඔයාගෙ ආණුඩුවේ උන් දෙන්නට ඇමති කමක් හරි දෙන්ටෝන’

වට දෙකේ කපටි ඩලස් ට එකපාරට හිතී තිබුනේ මූ කතා කරන්නේ ලංකාව අල්ලගෙන ඊට පස්සෙ ඒ රටේ දෙමළ ජනාධිපති වෙන ගැන ද දන්නේ නෑ යැයි මතක් උන නිසාය.

3 comments:

  1. අඩුමගානේ දෙමළාට ක්‍රිකට් කැප්ටන් කමක් ගන්නට බැහැ. දඟ පන්දු දැමීම විතරයි යන්න පුළුවන් දුර ලෝක පූජිත උනත්.

    ReplyDelete
  2. කවුරුත් එකම ශ්‍රී ලංකිකයො කියන එක සීමාව කොතනද කියන එක දෙමඵ හොඳට දන්නව අද වෙද්දි. ඒක බොරු වචනයක්.

    ReplyDelete
  3. @ සමන්ත - හැබැයි ෆුට් බෝල් නම් පුළුවන්. අනික දෙමළා දැනටම වයිස් කැප්ටන් වෙනකම් ඇවිත් තියෙනව. මැතිව්ස් කැප්ටන් වෙච්ච දවසට ඒකත් හරි.

    ReplyDelete