A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ක්ෂනික ප්‍රතිචාර


චැනල් 4 ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ් වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව දැක්වූ ප්‍රතිචාර කිහිපයක් ‍මෙ‍සේ සඳහන් කරමු.

ෆොන්සේකා: එතකොට ගෝඨයි ශවේන්ද්‍රයි විතරයි ඔක්කොම ක‍ලේ. මම පොල් ගාලා

මහින්ද: ............. (සද්දයක් නැත...වැසිකිලියට යයි)........එලියට්.......

ගෝඨා: ‍(තමිල්වානී ව දැකී‍මෙන්) මේක මාර කෑල්ලනේ. ‍‍අපේ උන්ට ‍කොහොම මිස් උනාද මන්ද

චන්ද්‍රිකා: අඬන්න එපා ම‍ගෙ විමුක්‍ති පුතේ. එංගලන්තේ කෙල්ලො උඹගෙ මූණට කෙළ ගහනවද

මර්වින්: අප්පට හුඩු ය‍කෝ මුං මාර ආතල් අරන්නෙ. මට බහින්න බැරි උනානෙ ග්‍රවුන්ඩ් එකට

වීරවංශ: ‍‍ඇමෙරිකාණු අධිරාජ්‍යවාදය කුමන්ත්‍රණයක් කරල උන්නැහැලගෙ ඒජන්තයෝ ලංකාවට එවල අපේ රණවිරුවො අතරට රිංගවලා ඒ අයව මේ වගේ වැඩ වලට යොමුකරවල ඊට පස්සෙ ඒව වීඩියෝ කරල තමයි ඒ අධිරාජ්‍යවාදින්ගෙ ග්‍රහණයට ශ්‍රී ලංකාව නතු කරවන්න හදන්නෙ

උරුම කාරයා: බොරු...බොරු... බොරු...බොරු... බොරු...බොරු... බොරු...බොරු... බොරු...බොරු...

ජේවීපී කාරයා: (නිශ්ශබ්දයි......)...................................................(එක් වරම මහා හඬක් ඇ‍සේ) .........දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරව්!!

විකොස කාරයා: ධනපති පන්ති ජාතික වාදියෙක් වන ප්‍රභාකරන්ගෙ කල්ලියේ බංකොලොත් වැඩපිලිවෙල නිසා එම  පසුගාමී කම්කරු පන්තිය වෙත ලැබුණ ඉරණම ‍ලෙස මෙය විග්‍රහ කරන්න පුළුවන්. අධිරාජ්‍යවාදී බලවේග වලට නතු වූ මෙවැනි ෆැසිස්ට් වාදී ව්‍යාපාර විනාශකරල දැමිය යුතු බව අපි අවධාරනයෙන් කියනවා. ඒ ව‍ගේම එවැනි කල්ලි විනාශ කරන රජයේ හමුදාත් අපි ප්‍රතික්ශේප කරනවා. මෙවැනි කල්ලි අප පතා‍ගෙන ඉන්න අමා මහ ලෝක විප්ලවයට බාධාවක්. ධනපති ‍‍හෝ සුළු ධනපති මාධ්‍ය ව්‍යාපාර ඉදිරිපත් කරන මෙවැනි වීඩියෝත් අපි ප්‍රතික්ශේප කරනවා. වැඩි විස්තර අපි අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්කරල ති‍‍යෙනවා.........උතුරින් හා නැගෙනහිරින් රාජ්‍ය හමුදා ඉවත් කරනු!

සීලවතී උපාකසම්මා: රට ජාතිය ‍වෙනුවෙන් ‍සේවෙ ‍කොල අපේ කොල්ලන්ට රත්නත්තරයේ පිහිටයි

සැම්සන්: ගමේ හිටිය කෙල්ලො ටික අනාථ කෙරුව ජිල්බුවා නිකන් ඉඳියි හමුදාවට ගිහිල්ලා. ඕක‍ගෙ රණවිරුකම......මුගෙ කොයි අ‍තේ ද දන්නෙ නැහැ මානව හිමිකං ප්‍රඥප්තිය තිබුනෙ

ජගත් (ජිල්බුවාට ‍සෙල්ෆෝන් එකෙන්): අඩෝ ජිල්බුවා අන්න බඩු මාට්ටු උඹත් ඉන්නවා එංගලන්තේ ටීවී එකේ. කාගෙ බඩුද මේවා.....‍කෝ බං මං හිටිය ඒවා මිසින්නෙ

චාන්දනී (ජගත්ට): හුම්.........ඔය පෙන්නනනෙ කරපුව. එන්නෑ පැත්ත පළාතක මගෙ ළඟට

නෙවිත් පුතා (සමිත් පුතාට): දැක්කද මූවි එක කොටි මැරිල තැං තැං වල. ‍කෙඳිරිගානවා. ආමි අංකල්ල උන‍්ගෙ ‍බොඩි ට්‍රැක්ටරේට උස්සලා වීසිකරනවා..ඩෝං සද්ද එනවා.......උං බයේ දුවනවා.... ලැජ්ජාවෙ බෑ ගෑනුත් හෙළු කොට්ටෙන්..........හූ.....හූ..... 



7 comments:

  1. විකොස කාරයා kiyane kauda?

    ReplyDelete
  2. විකොස කාරයා යැයි ලිවීමෙන් ලුප්හොල් ගේ වයස හෙලිවී ඇත.
    මං නං ලියන්නේ සසප කාරයා කියලයි.

    ReplyDelete
  3. ලස්සනට ලියල තියෙනව....

    ReplyDelete
  4. අපෙත් වි.කො.ස ක් තිබ්බා.
    වි.කො.ස = විකාර කොරන්නන්ගේ සංගමය

    ReplyDelete
  5. Chanaka Aruna Munasinghe said...

    අපෙත් වි.කො.ස ක් තිබ්බා.
    වි.කො.ස = විකාර කොරන්නන්ගේ සංගමය

    තෝ ඒක තමයි තාම විකාර බම්බු කරන්නේ

    ReplyDelete
  6. wedi wenaska nehe

    ReplyDelete
  7. පචබාහු ගෙයි නිර්මාල් රංජිත් ගෙයි කථා කෝ?

    ReplyDelete