A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දිට්ඨ ධම්ම වේදනීය කර්මය



අප්‍රිකාවේ අඟ නමින් හැඳින්වෙන නැගෙනහිර අප්‍රිකවට අයත් ඉතියෝපියාව, සෝමාලියාව, එරිත්‍රියාව, ජිබෝටිය හා ඊට යාබදව පිහිටි කෙන්යාවේ මේ වන විට දරුණු දුර්භික්ෂයක් හට ගෙන තිබේ. වසර හැටකට ඇතුලත මෙම කලාපයේ සිදුවූ දරුණුතම නිය‍ඟයට පසුව  මෙම තත්වය උද්ගතවී ඇත. පසුගිය අගෝස්තු මාසයේ මුල දී වාර්තා වූ අන්දමට මාස තුනක් ඇතුලත වයස අවුරුදු පහට වඩා  අඩු වයස් දරුවන් 29,000 ක් සෝමාලියාවේ පමණක් මියගොස් තිබේ. දරුවන් 10,000 ගතහොත් එය දිනකට දරුවන් 13 දෙනෙකුගේ මරණ අනුපාතයකි. මේ වන විටත් මෙම දුර්භික්ෂය මෙම කලාපයේ මිලියන 12.4 ක්වූ ජනගහනයකට අති දරුණු ලෙසින් බලපා ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය බොහෝ දෙනෙකුගේ දෑසින් මඟ හැරී ගොස් ඇත්තේ ස්වභාවික විපතක් වුව සුනාමියක් මෙන් ක්ෂණිකව නෑවිත් සෙමන් සැරේ ජීවිත බිලිගන්නා බැවිනි.

ආරක්ෂක නවකතා ලියන දුර්වර්ණකුලසූරියට අනුව ලෝකයේ විපත් සිදුවන්නේ ලංකාවට හතුරුකමක් කිරීමෙන් ඇතිවන දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් ලෙසය. ඔහු ට නෝර්වේ සිදුවූ සමූල ඝාතනය ද එංගලන්තයේ කඩාකප්පල්කාරී ක්‍රියාද එවැනිය. මං මේ පස්ස දිවයින පත්තරයක් උඩ තියාගෙන් කල්පනා කරන්නේ, අප්‍රිකාවේ අඟට මේ වින්නැහිය උනේ ලංකාවට මොන කෙහුරක් කොළාට ද අම්මපා කියලා ය.

No comments:

Post a Comment