A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කඩේ යන මූන්


ඇමෙරිකාණු ජනාධිපති  රූස්වෙල්ට් සහ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් කැනඩාවේ නිව් ෆවුන්ලන්ඩ් හි අත්ලාන්තික් ප්‍රඥප්තිය පිළිබඳ සමුළුවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කිරීම ට අදාල පළමු පියවර තැබුවේ මින් වසර හැත්තෑවකට උඩ දී  මෙවන් අගෝස්තුවකදී ය. එහෙත් මේ වන විට එම සංවිධානය ලෝක සාමය හා මානුෂික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් දක්වන නොසැළකිල්ල හුවා දක්වමින් ‘එක්සත් ජාතීන්: දුර්වල නායකයින් ඕනෑ කරනු ලැබේ’ යන හෙඩිම යටතේ ගාර්ඩියන් පුවත් පතේ අපූරු ලිපියක් ඊයේ පළ වී තිබුණි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධූරය සඳහා බෑන් කි මූන් ගේ දෙවන වර පත් වීම ඉස්මතු කරවමින් ලිපිය ලියා ඇත්තේ දුර්වල් නායකයින් මුල් පුටුවලට පත් කිරීමේ බටහිර රටවල උවමනාවයි. ව්‍යසනයන් පෙරාතුව නොවලක්වා මහා සංහාරයන් පිලීබඳව ඉන් පසුව විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීමට පමණක් කටයුතු කරන මෙම ආයතනයේ මහ ලේකමු ධූරයේ බෑන් කි මූන් භූමිකාව හියුමන් රයිට් වොච් ආයතනයේ වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් ලේඛකයා මෙසේ පවසයි.

‘මර්ධනයන් යන්තම්න් වත් හෙළා නොදැක බෑන් (කි මූන්) සමහර වෙලාවට ඔහුට උවමනා පරිදි පීඩක හිංසක රජයන් ගේ හොඳ පැති පමණක් පෙන්වා දීමට කටයුතු කර ඇත’ ඔහුගේ එම නොසැළකිල්ලෙන් වාසි ලත් රජයන් ලෙසින් දක්වා ඇති රටවල් අතරට චීනය, බුරුමය හා ලංකාව ද සඳහන් කර ඇත.

මැණික් ෆාම් කඳවුර බැලීමට යැවීමේ දී බෑන් කි මූන් ව මහින්ද රාජපක්ෂ අන්දවපු ආකාරය හැම ලාංකිකයෙකුටම මතකය. ඉන් පසු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා පැවසුවේ ‍එවැනි කතාවන් ය. සංහාරය පෙනි පෙනීත් පසුගිය දෙමළ ජන ඝාතක යුද්ධයේ දී බටහිර බලවතුනගේ උවමනාවන්ට  ගොළුවත රැකි එක්සත් ජාතීන්ගේ සංවිධානය ට චැනල් 4 සහ ඩයස්පෝරාවල බලපෑම නොවන්නට දරුස්මාන් වාර්තාවත් බෑන් කි මූන් ගේ නිද්‍රා හීනයක් වෙන්නට තිබුණි. 

No comments:

Post a Comment