A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ණය කාරයෝ


ඇමෙරිකාව තුළ ආර්ථික අර්බුදය නැවත වතාවක් තීරණාත්මක ලෙසින් උත්සන්න වී ඇත. ඔබාමා ආශ්වාදය නිමා වී දැන් බොහෝ තැන්වල ඔබාමා වෙත පහර දෙන්න ට පටන් ගෙන තිබේ. ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් වසර දහයක් ඇතුලත ඩොලර් බිලියන සියයක් ඉතුරු කර ගත හැකි අයුරු අන්දම හා ඔබාමාගේ මඟ හැරීම නිව්යෝර්ක් ටයිම්ස් පහුගිය ඉරිදා කතුවැකියෙන් පෙන්වා දී තිබුණි.

අධිරාජ්‍යවාදය නියමාකාරව ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකාණු දේශපාලනය තුළ නොව ලොව පාලනය කරන ධනවතුන් කිහිප දෙනෙකුගේ උවමනාවන්ටය. ඉන් ප්‍රධාන වන්නේ එක්සන් මොබයිල්, බීපී, කොනකො-පිලිප්ස්, චෙව්රොන් හා ෂෙල් යන තෙල් සමාගම්ය. කතුවරයා පවසන්නේ තෙල් සමාගම් වෙත දෙනු ලබන දැවැන්ත බදු සහන නැවතීමෙන් හා එම සමාගම් වෙතම එතනෝල් සඳහා දෙනු ලබන රජයේ සහනාධාර කපා දැමීමෙන් මධ්‍යමපාන්තික හා දුප්පත් ඇමෙරිකාණු වැසියන්ට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් ආර්ථිකය හැඩ ගන්වා ගැනීම පිළිබඳවයි. මෙම බදු සහන නවතා දැමීමට ඇමෙරිකාණු සෙනෙට් සභාව ඡන්ද 48/52 වශයෙන් අනුමත කළද ක්‍රියාත්මක නොවන්නේ මෙම සමාගම් විසින් විශාල මුදල් ගෙවා නඩත්තු කෙරෙන දේශපාලකයන්, නීති විශාරදයින් හා මාධ්‍යය ආයතන නිසාවෙන් ය. එතන දී ඔබාමා ද නිහඬ ය.



ඇමෙරිකාව මේ දවස්වල දඟලන්නේ මොකක් හෝ ආකාරයකින් ආර්ථික අහේනියෙන් ගොඩ එන්නය. ඒත් එකම තැන දඟලනවා ඇරෙන්න වෙනත් වර්ධනයක් පේන මානයකවත් දකින්නට නොමැත. මොකක් හෝ මගඩියක් කර ලංකාවෙන් කීයක් හරි කොටා ගන්න ඇමෙරිකාණු ගුවන් යානා දහයක් හොරෙන් එව්ව එකත් අපේ ගුවන් හමුදාවට මාට්ටු වූයේය.

පසු සටහන

අපේ ලොකු තැන හැරෙන තැපෑලෙන් චීනෙට ගියේය.  ගුවන් හමුදාව මේ කතාව පොළවෙ හැපි හැපි කීවේය. සිවිල් ගුවන් සේවා ඇමතිට යන්නට කලින් වැඩේ කියන්නට අමතක වීමෙන් මිනිහා ආඩම්බරයෙන් කට ඇර තිබුනේය.

“ලංකාවේ ස්වෛරී ගුවන් අවකාශයට කිසිම විදේශීය ගුවන් යානවක් ඇතුළු වී නැහැ”

No comments:

Post a Comment