A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ගං බයි ටෝක්ස්


දැං ඉතිං පත්තර වලට තියෙන්නේ ‘ගෝඨා දුන්නා හෙඩ්ලයින් ටුඩේ එකට නිල් වෙන්න - හෙඩ්ලයින් ටුඩේ කුඩුපට්ටමි’ වගේ දේවල් පළකරන්න විතරය. 

ගෝඨාගේ සම්මුඛ සාකච්චාව ශවේන්ද්‍ර සිල්වගේ චැනල් 4 ඇන ගැනීමට නොදෙවෙනි ය. ලංකාව කුලප්පු කරන්නට පුළුවන් උනත් පිස්සුවෙන් කියවාගෙන විදිහට සිද්ධීන් දන්නෝ සියල්ලන්ට ම එය අප්‍රසන්නය. කියැ වූ වාක්‍යයක් පාසා යුද අපරාධ චෝදනා තහවුරු කර ගත්තා මිස කිසිවෙක් දිනා ගන්නට සමත් වූයේ නැත.  චැනල් 4 සඳහා ඉදිරිපත් වූ තමිල්වානි ව දූෂණය නොකිරීම හමුදාවේ විනයගරුක භාවය පෙන්නුම් කරන්නේත් ‘ලිංගික ආතල්’ හිත තුළ නලියවා ගනිමිනි. හාමුදුරුවරුන් ඝාතනය කළා යැයි කර්නල් රමේෂ් ව ඝාතනය සාධාරණීකරනය කරන්නේ අරන්තලා භික්ෂු ඝාතනයට  වග කිවයුතු කරුණා අම්මාන් ව සුරතල් කරන ගමන් බව නොදන්නේ කවරහුද?


‘අපි ස්වෛරී රාජ්‍යයක් ඇයි  - අපි කියන දේවල් පිළිගන්න බැරි - ඇයි අපිට ඕන දෙයක් කරන්න බැරි’ යනුවෙන් පුන පුනා කියන්නේ මෙකේ බිහිව ඇති සියළුම ඒකාධිපතීන්ගේ තේමා පාඨය උච්චාරණය කරමිනි. රට, රටේ දේ‍පල සහ සිංහල හා  දෙමළ ජනයාද රාජපක්ෂ පවුලේ බූදලයක් යැයි ඔහු සිතයි. මරණය ද ජීවත් කිරීම ද තීරණය කරන්නේ රාජපක්ෂවරුන් ය. රාජපක්ෂවරුන්ගේ අත ඇති සිංහලයාගේ සිංහල කම නමැති නාස් ලණුවෙන් ගැලනොවෙන තාක්කල් අද දෙමළාට අත් වූ ඉරණම හෙට දවසේ සිංහලයාට ත් වැඩි ඈතක නොවේ.

No comments:

Post a Comment