A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

‍‍‍‍ඩෝල් ‍කෙ‍හෙල්


ඩෝල් ෆුඩ් කම්පැනි නම් වූ ඇමෙරිකානු වෙළඳ සමාගම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හා එම සමාගමේ පැටකිරිය ඇවිස්සීමේ වැදගත් ලිපියක් සජීව චාමිකර නමින් ලංකා ඊ නිවුස් හී පළවී තිබුණි (මෙය පුවත්පතක පළ වූ ලිපියක් දැයි නොදනිමි).


අන්තර්ජාලය ඇසුරෙන් හා තමන් විසින් ‍සොයා ගවේෂණාත්මක ‍තොරතුරු ඇතුලත් එම ලිපිය සිංහ‍ලෙන් ලියා පළකිරීම වැදගත් නමුදු ලිපිය කේන්ද්‍ර වී ඇත්තේ මුරලිදරන් මෙම ව්‍යාපාරයට හවුල්වීම ඛේදවාචයක් ලෙස දැකීමත් ලංකාවේ ස්වභාවික වන සම්පත විනාශ වීමත් කරුණුය. වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ වන ඩෝල් සමාගම වැනි ඇමෙරිකානු බහුජාතික සමාගම් ලංකාවේ භූමිය හා ශ්‍රමය සූරා කෑම ලිපියෙන් ගිලිහී ඇතිවා පමණක් ‍නොව එම මැදිහත් වීම සංවර්ධනය ලෙසින් ලේඛකයා හඳුනාගන්නා බවක් ලිපිය තුළින් පෙනේ.

මුදල් හමිබ කිරී‍මේ පරමාර්ථයෙන් මුරලිදරන් වැන්නෝ මෙවැනි සූරාකෑම් සඳහා අතරමැද්දෝ වන අතර ඔහු නොමැති නම් ඒ සඳහා තවත් ඕනෑ තරම් ‍වෙ‍ළෙන්දෝ සිටිති. එමෙන්ම ‍මෙවැනි සමාගම් පමණක් නොව දේශපාලකයෝ ප්‍රමුඛව ඔවුන්ගේ නෑදෑ‍යෝ, හවුල්කරුවෝ ලංකවේ ස්වභාවික සම්පත් ඇතිතරම් හූරා ගෙන කති. කොටි පාලන ප්‍රදේශවල ‍මෙ‍තෙක් සුරක්ෂිතව තිබූ වන සම්පත ඔවුනට අලුතින් පහල වූ නිධානයකි. ‍මෙවැනි ලිපියකින් මෙලෙස බහුජාතික සමාගම් ලංකාවේ භූමිය හා ශ්‍රමය සූරා කෑම ඉස්මතු වීම වැදගත් වන්නේ එය ලංකාව මුහුණපා සිටින අලුත්ම අර්බුදය බැවිනි. ‍ර‍ටෙන් සැලකිය යුතු ඉඩකඩමි ප්‍රමාණයක් මේ වන විටත් විදේශ සමාගම් සඳහා සින්නකරව හෝ බද්දට රාජපක්ෂ රෙජීමය යටතේ පවරා අවසන්ය.

දැනට වසර ගණනාවක සිට ‍මෙම සමාගම ‍ඩෝල් ලංකා ඉන්ටර්නැෂනල් නමින් බුත්තල පිහිටුවා ඇති කෙසෙල් ගොවිපල ද සීඅයිසී ඇග්‍රි බිස්නස් ආයතනය හා සමිබන්ධව හිඟුරක්ගොඩ හා දඹුල්‍ල ප්‍රදේශයේ  ‍කෙසෙල් ගොවිපලවල් පිළිබඳව සඳහන් නොවීම ද ලිපිය සම්පූර්ණ ‍නොවීමට හේතුවකි.

ලිපියෙහි සඳහන්ව ඇති  පො‍ළොවට හා මිනිස් සිරුරට අහිතකර කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය පිළිබඳව හා ශ්‍රමය සූරාකෑම සම්බන්ධව ඩෝල් සමාග‍මේ නරක ඉතිහාසය ගැන ආසනික් විද්වතුන්ගේ සහ අධිරාජ්‍යවිරෝධීන්‍ ගේ නොදැක්කා වගේ සිටීමේ න්‍යාය නාථ දෙවියන් හා සම්බන්ධ කොමියුනිකේෂන් ගැටළුවක් විය හැක.



1 comment:

  1. ඒය් ලූප්හෝල්, මේ චාමිකරට අනිත් ඒවා නොලියන්න හේතුවක් තියනවා.

    ReplyDelete