A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බොරළුගොඩ පච


ආණ්ඩුවේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සදහන් කරන ආකාරයට ඇමෙරිකාව ලංකාව සදහා ආධාර නවත්වා ඇත්තේ ඇමෙරිකාව බංකොලොත් ව ඇති නිසාය. ඇමෙරිකාවේ ආර්ථික අහේනිය හා කඩා වැටීම සත්‍යමුත් එය ලංකාවේ ආධාර නැවැත්වීමේ හේතුව වශයෙන් දැක්වීම අමූලික බොරුවකි. යූඑස්ඒඩ් මෙවර 2012 පිස්කල් වර්ෂය සඳහා සියළුම රටවල් වෙනුවෙන් අනුමත කරගැනීමට ඉල්ලා ඇති මුදල ඩොලර් බිලියන 47 ක් වන අතර එය 2010 වසර සඳහා වූ ආඳාර වලට වඩා 1% වැඩි වීමකි. ආර්ථික අහේනිය කෙතරම් වුවද ඇමෙරිකාව මුදල් යොදවා සිදුකරණ මෙම අන්තර්ජාතික මැදිහත් වීම් නැවැත්වීමට තවමත් සිතා නොමැත.


මානව අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් ඇමෙරිකාවෙන් බලාපොරොත්තු විය හැක්කක් නොමැති වුවත් ඒඑෆ්පී වාර්තා අනුව ‍ලංකාව සදහා වූ මෙම ආධාර / ණය නැවැත්වීමට මූලික හේතු වශයෙන් දක්වා ඇත්තේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා හතරවන ඊළාම් යුද්ධයේ අවසාන කාලයේ සිදුවූවා යැයි පවසන යුද අපරාධයන් ය.


ඇමතිවරයා මෙම අමූලික බොරුව ප්‍රකාශ කර ඇත්තේ කියුබානු මොන්කාඩෝ ප්‍රහාරයේ 58 වන සංවත්සරයට සමගාමීව, කියුබානු ජාත්‍යන්තර සැමරුම් දිනය ශ්‍රී ලංකා - කියුබානු මිත්‍රත්ව සංගමය මගින් පසුගිය ජූලි 27 වනදා පැවැත්වූ උත්සවයක දීය.

මෙම උත්සවය සඳහා ඩිව් ගුණසේකර, මහචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ සහභාගී වූ අතර ඒ සඳහා ඒ පුද්ගලයින් සඳහා වූ එකම සුදුසුකම වශයෙන් සැලකිය හැක්කේ ඉස්සර ඒ අය පුරුද්දට වගේ රතු ෂර්ට් ඇඳීමයි.

4 comments:

  1. ඔය රූපයේ ඉන්නා සහ නොමැති තව අය හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ ඒයාල වගේම අය කියලා. යර්ස් සර් කියන අයට වෙන මොනවා කියන්නද?
    ඔය නඩේ පිදුරු කෑවට ජනතාව කන්නේ බත් ( ආසනික් සමඟ හෝ ) බව මෙයාල තාම දන්නේ නැහැ.
    විපර්‍රිත කාලේන කජ්ජේන පුහුලන් කිව්වළු.

    ReplyDelete
  2. කුණු කූඩෙට විසිවෙච්ච රතු ෂර්ට් සීයල එක්ක වීරවංශයත් ඉන්න එක තමයි හොඳම වැඩේ.

    ReplyDelete
  3. බල්....ලො

    ReplyDelete
  4. බොරළුගොඩ සිංහයගේ පුතෙක් කවදාවත් ආත්මය පාවල දෙයි කියලා මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ . . . !

    ReplyDelete