A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පූස් පැටව් සිංහල මුද්‍රිත මාධ්‍යය


මේ තරම් දීන සිංහල පත්තර කලාවක් ඉතිහාසයේ කවරකලෙකවත් නොතිබුන තරමිය.

සියළුම ජාතික පත්තර ආණ්ඩුවට ඕනෑවටත් වඩා හීලෑ වී සිටිති. ආණ්ඩුව තරහවේ යැයි සිතෙන කිසිම පුවතක් පළ  කිරීමෙන් වැළකී සිටිති. උදාහරණ නම් ඇති තරම් පෙන්විය හැකි මුත්, මෑතක දී එය වඩාත් ඉස්මතු වූයේ උදයන් දෙමළ පුවත්‍පතේ ප්‍රවෘත්ති කතෘ පනස් නව වියැති කුගනාදන් මහාතට එල්ල වූ සාහසික ප්‍රහාරය සියළුම සිංහල මාධ්‍යයෝ නොදැක්කා සේ හිදීමයි. තම සහෝදර මාධ්‍යයවේදියාගේ දෙමළකම සහ මෙම ප්‍රහාරය සඳහා ආණ්ඩුවේ/හමුදාවෙ තියෙන සම්බන්ධය මෙම නිහඬ වෘතයට හේතුවයි.

ලැජ්ජාසහගත බව වඩාත් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා මේ ප්‍රහාරය සම්බන්ධව සිය සුපුරුදු වාර්තාව ඉල්ලූවිට එය හැරෙන තැපෑලෙන් පළකිරීමයි. තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුගනාදන් මහාතට එල්ල වූ සාහසික ප්‍රහාරය පාඨකයා දැන ගන්නේ එම පුවතත් සමඟය.

දෙමළ සාහිත්‍යයේ මෙන්ම සිංහල සාහිත්‍යයේ ද මහා විද්වතෙකු වූ ම‍හාචාර්ය සිවතම්බි මහතාගේ ස්වභාවික මරණය ද සිංහල පත්තර නොසලකා සිටීම කැපී පෙනුණකි. වැරදිලාවත් රාජපක්ෂ පවුලේ කිසිවෙක් ම‍හාචාර්ය වරයා ගැන වචනයක් සඳහන් කළේ නමි පත්තර පිටු පුරා සිවතම්බි මහතාව දැක ගන්නට ඉඩ තිබුණි.

අපූරුවට කඩේ යන මෙම පත්තර කඩදාසි වලට තවත් වාරණ කුමකටද?

1 comment:

  1. අපේ රටේ පුවත්පත් මාධ්‍යවල වැඩිහරියක් ඉන්නේ පුවත්පත් කලාවේදියො නෙවේ තුට්ටු දෙකේ පෙත්සම් කාරයොයි, දන්වීම් ලියන්නොයි, ඉස්සරකාලේ හිටියායැයි කියන රජවාසල කේවට්ටයො හා සමාන අයයි. ඉතින් මේ අයගෙන් මැදහත්, විචාරශීලී පුවත් වාර්තාකරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
    Kumara - Mahanuwara

    ReplyDelete