A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

වචන කෙරුවාව - 1



කිසිවෙක් යම් මතවාදයක් දරණ බව හෝ නොදරණ බව කෙතරම් උදේ සවස මතුර මතුරා කීවත් වැඩක් වෙන්නේ නැත. පුද්ගලයින්ගේ ගුණයන් විමසා බැලෙන්නේ වචන වලින් නොව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙනි. භාවිතාවෙනි. 
එහෙම නොවුනොත් ලංකාවේ සිටින ඇකඩමික් මාක්ස්වාදීන් සියල්ලෝම මාක්ස්වාදීන්ය.

සෝමවංශ ප්‍රමුඛ ජවිපෙ මෑතක සිට ‘අපි ජාතිවාදී නෑ.........නෑ... නෑ...නෑමයි’ මන්තරය මතුරන්නට පටන්ගෙන තිබේ. ජවිපෙට අදාල වෙන්නේත් ඉහතින් සඳහන් කළ දේමය. 


කොච්චර මැතිරුවත් ගොඩ ඒමක් නැත. දෙමළ සංහාරක ආණ්ඩුවේ යුද්ධයේ දී අන්ත ජාතිවාදී පක්ෂ සමඟ ජවිපෙ හරි හරියට පෝලිමි ගැසුනේය. කොච්චර ද යත් උනන්දුව වැඩිකමට පෝලිම් පවා පැන්නේය. රණවිරුවන්ව යුද්ධාධිකරණයට ගෙනියන්න වෙන්නේ තමන්ගේ මළකඳ උඩින් බැව් සෝමවංශ පැවසුවේ එවැනි පෝලිම් පැන්න දවසකය.

1 comment:

  1. "රණවිරුවන්ව යුද්ධාධිකරණයට ගෙනියන්න වෙන්නේ තමන්ගේ මළකඳ උඩින් බැව් සෝමවංශ පැවසුවේ එවැනි පෝලිම් පැන්න දවසකය."

    හික්ස් දවසේ කතාව.. (දවස ටිකක් පහු උනත් :D)

    ReplyDelete